The Leader News
BREAKING
Top Ad
Opinion

සාමූහික සිය දිවිනසා ගැනීමක පූර්වාදර්ශයක් ද?- (දීප්ති කුමාර ගුණරත්න ගේ කෙටි විශ්ලේෂණයක්)

T

The Leader Desk

October 29, 2024 • 10:41 AM

සාමූහික සිය දිවිනසා ගැනීමක පූර්වාදර්ශයක් ද?- (දීප්ති කුමාර ගුණරත්න ගේ කෙටි විශ්ලේෂණයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුලසිරි සමරකෝන් - ජයදේව උයන්ගොඩ ගම්වලින් කොළඹට පැමිණ පසුව විශ්වවිදයාලවලට ඇතුළු වී විශ්වවිද්‍යාලවල ගුරුවරුන් බවට රූපාන්තරණය වූ ඉහත මහත්වරුන්ට ගම/ නගරය භේදය ‘‘කොළඹ” දී කියවීම පිළිබඳ අනුභූතිවාදීවාදයට වඩා උසස් ඥාණ විභාගයක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී තිබේ.
  • සමාජ මාධ්‍ය තුළ බිහි වන්නේ, PUBLIC INTELLECTUAL ලා නොව මෘදුකාංගවලට අවශ්‍ය පරාමිතීන්ට අනුව චලනය වන සහ ලාභය මුල්කරගත් ඇකඩමික් ව්‍යාපාරයක් බව අතුල සමරකෝන්ට පහදා දීමට ඉතා දුෂ්කර වන්නේ, ප්‍රමිතිගත දැනුමෙන් විශ්වවිද්‍යාල බුද්ධිමතා කෙතරම් දුරස් වී ඇත්ද යන්න විද්‍යමාන කරවමිනි.
  • ආචාර්ය නිව්ටන් ගුණසිංහ කිසියම් සමාජ ප්‍රපංචයක් විශ්ලේෂණය කිරීම අරභයා පූර්වාදර්ශයක් ලෙස ‘සමාජ විද්‍යාඥයකු’ [1987] ලෙස ලංකාවට දැනුමක් නිෂ්පාදනය කළ ආචාර්ය නිව්ටන් ගුණසිංහ ‘56 විපර්යාසය’ අරභයා රචනා කළ ලිපියේ න්‍යායික සන්දර්භය සලකුණු කරයි.
  • මීට හාත්පසින් ම වෙනස්ව, නිව්ටන් ගුණසිංහ විසින් සමාජ සහ දේශපාලන ප්‍රපංච නිරීක්ෂණයේ දී යෝජනා කරන න්‍යායික සංකල්ප පහත සඳහන් කරනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ‘දේශපාලන විද්‍යාව’ පිළිබඳ (රාජ්‍යය සහ සිවිල් සමාජය අතර ගැටුම ක්‍රමවත්ව අධ්‍යයනය කරන විද්‍යාව) මහාචාර්යවරයෙක් වන ජයදේව උයන්ගොඩ සහ විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන අතුලසිරි සමරකෝන් විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි දේශපාලන ස්වභාවය පිළිබදව පළ කරන අදහස් විද්‍යාත්මක ද?

 

අතුලසිරි සමරකෝන් - ජයදේව උයන්ගොඩ
ගම්වලින් කොළඹට පැමිණ පසුව විශ්වවිදයාලවලට ඇතුළු වී විශ්වවිද්‍යාලවල ගුරුවරුන් බවට රූපාන්තරණය වූ ඉහත මහත්වරුන්ට ගම/ නගරය භේදය ‘‘කොළඹ” දී කියවීම පිළිබඳ අනුභූතිවාදීවාදයට වඩා උසස් ඥාණ විභාගයක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී තිබේ. සමාජ මාධ්‍ය තුළ බිහි වන්නේ, PUBLIC INTELLECTUAL ලා නොව මෘදුකාංගවලට අවශ්‍ය පරාමිතීන්ට අනුව චලනය වන සහ ලාභය මුල්කරගත් ඇකඩමික් ව්‍යාපාරයක් බව අතුල සමරකෝන්ට පහදා දීමට ඉතා දුෂ්කර වන්නේ, ප්‍රමිතිගත දැනුමෙන් විශ්වවිද්‍යාල බුද්ධිමතා කෙතරම් දුරස් වී ඇත්ද යන්න විද්‍යමාන කරවමිනි.

newtonආචාර්ය නිව්ටන් ගුණසිංහකිසියම් සමාජ ප්‍රපංචයක් විශ්ලේෂණය කිරීම අරභයා පූර්වාදර්ශයක් ලෙස ‘සමාජ විද්‍යාඥයකු’ [1987] ලෙස ලංකාවට දැනුමක් නිෂ්පාදනය කළ ආචාර්ය නිව්ටන් ගුණසිංහ ‘56 විපර්යාසය’ අරභයා රචනා කළ ලිපියේ න්‍යායික සන්දර්භය සලකුණු කරයි. ගුණසිංහ උත්සාහ කරන්නේ, ‘‘බණ්ඩාරනායකවාදය” පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටියක් නිපදවීමට ය.

කිසියම් දේශපාලන ප්‍රපංචයක් විශ්ලේෂණය කිරීමේ දී, උයන්ගොඩ සහ සමරකෝන් යන විශ්වවිද්‍යාල ගුරුවරුන් සරණ යන්නේ අනුභූතිවාදය යි. ජහමනයාට වැටහෙන විදිහට කිවහොත්, මේ දෙදෙනාගේ ඥාණ විභාගය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට [APPEARANCE] එහා නොය යි. මේ දෙදෙනා ම පුවත්පත් මගින් සහ සමාජ මාධ්‍ය මගින් ‘ජනතා විමුක්ති පෙරමුණේ’ දේශපාලනය පිළිබඳව ගොඩනගන වර්තමාන සහ අනාගත ප්‍රවාද අයත් වන්නේ මනස්ගාත තලයට ය.

මීට හාත්පසින් ම වෙනස්ව, නිව්ටන් ගුණසිංහ විසින් සමාජ සහ දේශපාලන ප්‍රපංච නිරීක්ෂණයේ දී යෝජනා කරන න්‍යායික සංකල්ප පහත සඳහන් කරනු ලැබේ.

 

සෙවන් සමුරායි සමඟ ගැටලුවේ හරය - (දීප්ති කුමාර ගුණරත්න)

A. ජනතා විඥාණය සෑම විට ම ව්‍යාකූල තත්ත්වයක පවතී. එම නිසා, න්‍යායික විග්‍රහයක් කරන පුද්ගලයකු තමන් එදිනෙදා සමාජයෙන් ඈත් වී බැරෑරුම් ලෙස ම අධ්‍යයන පරිසරයක් නිර්මාණය කරගත යුතු ය. කාල් මාක්ස් ඔහුගේ ‘ප්‍රාග්ධනය’ නම් ප්‍රසිද්ධ සහ උසස් රචනාවේ දී භාවිතා කළේ මෙම ක්‍රමය යි.

ලංකාවේ ද සමාජ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු විඥාණයකට යෑමට කෙනකුට අවශ්‍ය නම්, ඉහත ක්‍රමවේදය ම අනුගමනය කළ යුතු ය. අවාසනාවකට ලංකාවේ දී සිදු වන්නේ, ජහමන මත සහ විශ්වවිද්‍යාල ගුරාගේ මතය සම්පාත වීම ය. එම නිසා අලුත් දැනුමක් නිෂ්පාදනය නොවන අතර ඩොක්සාව න්‍යාය වෙනුවට ආදේශ වෙයි.

B. දේශපාලන සහ සමාජ න්‍යායේ දී ඉතාම දුෂ්කර කාර්යයක් වන්නේ, නිවැරැදිව ‘‘ගැටලුව” සූත්‍රගත කිරීම ය. ගැටලුව සූත්‍රගත වූ විට, එමගින් කතිකාවේ මං පෙත සකස් වෙයි. එවිට, අර්ථාන්විතව ප්‍රශ්න නැගීමට සහ ඒවාට නිවැරදිව පිළිතුරු සැපයීමට හැකි වෙයි. උකුණන් ලවා ගල් ඇද්දවිය නොහැකි බව විශ්වවිද්‍යාල ගුරුවරයාට වටහා ගැනීමට අවශ්‍ය නම්, හැරිය යුත්තේ දේශපාලන රැස්වීම් දෙසට නොව න්‍යාය දෙසට ය.

 

අරගලයට හිමි විද්‍යාත්මක ආකෘතිය - දීප්ති කුමාර ගුණරත්න
(C) ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂ හෝ මාලිමාවේ හඬ නගන අභිලාෂ සමාජයේ පොදු අභිලාෂ සමඟ පැටලවීමට විශේෂයෙන් උයන්ගොඩත්, සුවිශේෂව සමගි ජන බලවේගය හරහාත් සමරකෝන් උත්සාහ කරයි. නමුත්, අවාසනාවකට මෙම අන්ත දෙක සමපාත නොවේ. මාලිමාවේ අයගේ සුවිශේෂ වුවමනා පොදු සමාජයේ සාර්වත්‍රික ඉල්ලීම් සමග (සුළු ධනේෂ්වරයට ආවේණික පුද්ගලික දේපළවලට එරෙහි අනුරාගික විරෝධය) සම්පාත නොවේ. පොදු වුවමනා සහ රැවටිලි සහගත පොදු වුවමනා අතර තීරණාත්මක වෙනසක් ඇත. උදා:- වැටුප් වර්ධක අදාළ වන්නේ, රජයේ සේවකයන්ට පමණි. එය, ශ්‍රමික ජනගහනයෙන් බහුතරයට අදාළ නැත.

(D) දේශපාලන න්‍යායේ අතිශයින් ව්‍යුක්ත මට්ටමින් හේගල් විසින් ඉදිරියට ගෙන එන ලද රාජ්‍යය සහ සිවිල් සමාජය අතර තිබෙන වෙනස දක්වන න්‍යාය- උදාහරණ වශයෙන්, රජය සහ සිවිල් සමාජය අතර තිබෙන හඳුනාගත හැකි ගැළපීම් සහ නො ගැළපීම් මොනවාද? ඉන් අදහස් වන්නේ, ආර්ථික සහ දේශපාලන මට්ටම්වල ගැටුම සිවිල් සමාජය සහ රජය අතර පවතින ඝට්ටනය ඇසුරෙන් පහදන්නේ කෙසේ ද යන ගැටලුව විධාරණය කරන්නේ කෙසේ ද යන්න ය.

 

මාධ්‍ය නිදහසේ අරුණලු - (එම්.ජේ.ආර්. ඩේවිඩ්)

උදා:-  90 දශකයේ දී, විකල්ප මාධ්‍යවේදියෙකු වූ සුනන්ද දේශප්‍රිය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය විශ්ලේෂණය කරන විට ඔහු එය කරන්නේ, සිවිල් දේශපාලනය සහ රාජ්‍යය අතර ගැටුම ඔස්සේ ය. නමුත්, ඒ සඳහා පාදක වන ආර්ථික දුගීභාවය සහ දේශපාලන මට්ටම්වල ගැටුම අතහැර දමයි. එය, ඔහු පාර-රාජ්‍යයට ඌනනය කරයි. සහරාන්ගේ දුගීභාවය සහ ඊබ්‍රහීම්ලාගේ පොහොසත්භාවය අතර දයලෙක්තික එකමුතුව සහ ප්‍රතිපක්ෂය කුමක් ද? අනෙක් අතට, සුනන්ද කල්පනා කළ යුතු වන්නේ වඩා ව්‍යුහාත්මක ලෙසින් මාධ්‍ය කලාවට සිදු වී ඇති වෙනස ය. අද සිටින සමාජ මාධ්‍යවේදියාට, 90 දශකයේ විකල්ප මාධ්‍යවේදියාට වෙනස්ව අමතර දෙයක් අහිමි වී ඇත. එනම්, අනන්‍යතාව යි.

පශ්චාත්-නූතන මාධ්‍ය යනු, සත්‍යය වසඟකාරීව වෙනස් කරන ප්‍රපංචයකි. මෙම නව-මාධ්‍ය තුළ මාධ්‍යවේදියා යනුවෙන් කෙනෙක් නො පවතින අතර පවතින්නේ, වේෂ- නිරූපණ යන්ත්‍ර[SIMULATION MACHINES]  ය. එවිට, සිවිල් සමාජය සහ රාජ්‍යය අතරමැද පිහිටන්නේ, US AID  බඳු සංක්‍රාන්ති රාජ්‍ය සංස්ථා ය.

 

පුවත් - Results from #4770
තරිදු උඩුවරගෙදර බඳු අය මාධ්‍යවේදීන් නොව වේෂ- නිරූපණ ශිල්පීන් ය. එම නිසා, ‘පාස්කු ප්‍රහාරය’ බඳු සැබෑ සිදුවීම් පශ්චාත්- සත්‍යය [POST-TRUTH] කරා වේගයෙන් ගමන් කරයි. එවිට, කරුණු සහ යථාර්ථය අතර ඇති ප්‍රබන්ධ මානය හෙළි වෙයි.

(E) ‘පාලන තන්ත්‍රය’ ගතික ව්‍යවසායකි යන අදහස බොළඳ ය. සමාජ ආර්ථික න්‍යාය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම අයකු ‘ව්‍යවසායකයා’ යන්නෙන් න්‍යායාත්මකව අදහස් කරන්නේ, ‘තනි පුද්ගලයකු’ මිස සමාගමක් හෝ රජයක් හෝ නොවන බව දනී. පුද්ගලික ව්‍යවසායකයා තම සුඛ විහරණය අතහරිමින් ‘බර වැඩ’ කරන නිසා ප්‍රාග්ධනය සමුච්චනය වේ. මෙම අදහස පාවිච්චි කර, මාක්ස් වේබර් ධනවාදී සදාචාරයේ ප්‍රොතෙස්තන්ත ලෝක දෘෂ්ටිය පහදයි. මේ අර්ථයෙන් ගත් විට, දිලිත් ජයවීර යනු පශ්චාත්-නූතන මිථ්‍යා දෘෂ්ටිකයෙකි. ඔහු, තම මාධ්‍යය ගණිකා වෘත්තියේ යොදවමින් රාජ්‍යයට ගැළපිය නොහැකි අදහසක් බලහත්කාරය යොදා සමාජයට යෝජනා කරයි. දිලිත් ජයවීරට එරෙහිව බුද්ධිමතුන්ගෙන් විචාරයක් නොපැමිණීම පුදුමයට කාරණයක් නොවන්නේ, ඔවුන් බහුතරය වැඩසටහන් ඉල්ලන හිඟන්නන් වීම නිසා ය. රාජ්‍යය තනි ව්‍යවසායකයාට වඩා බෙහෙවින් වෙනස් ය. රජයක පවතින දේශපාලන අවශ්‍යතා සහ පුද්ගලයකුගේ පවතින ආර්ථික අවශ්‍යතා අතර වෙනස්කම් පැහැදිලිව අවශෝෂණය කරගත යුතු ය.

(F) පොදුවේ ගත් කල, ‘අතරමැදි සමාජ පන්තීන්ගෙන් යුක්ත’ පාලන තන්ත්‍රයක් අධිරාජ්‍ය විරෝධී/ ධනේශ්වර විරෝධී/ වැඩවසම් විරෝධී වීම අහම්බයක් නොවේ. ඉන් සිදුවිය හැකි එකම විපාකය වන්නේ, නාගරික ප්‍රදේශවල රාජ්‍යයේ කාර්යභාරය පුළුල් වීම පමණි. නමුත්, අවාසනාවන්ත ලෙස මෙවැනි පාලන තන්ත්‍ර ධනපති ක්‍රමය ගතික ආකාරයකට ගොඩනැගීමට අපොහොසත් වෙයි. එහි අතුරු ඵලයක් වන්නේ, සමස්තය ධනපතිකරණයට ලක්වීම වෙනුවට රාජ්‍ය ධනවාදය ආදේශ වී ඊට ‘සංවර්ධනය සඳහා CAPITALIST නොවන මාවතක්’ නම් බෝඩ් ලෑල්ලක් සවි වීම පමණි.

මාලිමාවේ ක්‍ෂමාපකයන් බහුතර දෙනකු උත්සාහ කරන්නේ, එම තන්ත්‍රයේ සදාචාරාත්මක ගුණය වර්ණනා කිරීමට ය. එහි ආර්ථික දර්ශනය පිළිබඳව කතා නොකිරීමට ඔවුහු පරිස්සම් වෙති. 

 

මැණික් ගඟට ඉවුරේ චූ ගියේ ඇයි...? - මු. දූ. රංජිත් පැහැදිලි කරයි
(G) මාලිමාව විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන වැඩසටහන තුළ ඔවුන්ට සහ ඔවුන්ගේ පාක්ෂිකයන්ට ආර්ථික වුවමනා නොමැති පිරිසක් ලෙසින් ඉදිරිපත් කෙරෙයි. උදාහරණයක් ලෙස, කොට්ටහච්චි නිල් බළකායේ සාමාජිකාවක් වන විට ඇගේ ආර්ථික අවශ්‍යතාවක් ලෙස ‘ගල් කොරියක්’ මතු විය හැකි මුත්, ඇය මාලිමාවේ සාමාජිකාවක් වන විට දී ඇගේ ආර්ථික වුවමනාව සිවිල් කටයුත්තකට ඌනනය වෙයි. එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමයි. ‘ගල් කොරිය’ සන්දර්භය මාරු වී මන්ත්‍රීවරියක් බවට රූපාන්තරණය වීම ද ආර්ථික වුවමනාවකි. එනම්, ‘ධනවාදී නොවන ආර්ථික සංවර්ධන මාදිලිය’ යනු ඊනියා අතරමැදි පන්තිවල ආර්ථික අවශ්‍යතාවකි.

1999 වර්ෂයේ සිට 2004 දක්වා X කණ්ඩායමේ ප්‍රධාන කාර්යාලයේ නොමිලේ නවාතැන් දුන් පිරිස ඉන් ඉවත් වූ විගස කීවේ, ඔවුන් නතර වී සිටියේ බෝඩිමක බවයි. ලංකාවේ පහළ මැදපන්තිකයා දෙයක වටිනාකම ලකුණු කරන්නේ, පසුආවර්තිතව බව මතක තබා ගැනීම සෞඛ්‍යයට සුවදායක ය. මාලිමාවට දරදිය අදින සහචරයන්ගේ ආර්ථික අවශ්‍යතා දැනට ගුප්ත ය. එය, නිසි මොහොතට ගුහාවෙන් එළියට එනු ඇත. පොහොට්ටුව කරගත් ඓතිහාසික වරද ඇත්තේ, මෙතැන ය. ඔවුන් තමන්ගේ ආර්ථික අභිලාෂ සමාජයට සැඟවුයේ නැත. ඊට පරස්පරව, ජවිපෙ දේශපාලනය කපටි ය. ඔවුන්ට ඇත්තේ, විවෘත අභිලාෂ නොව සඟවා ගත් න්‍යාය පත්‍රයක් සහිත අභිලාෂ ය. එය ඔවුන්ට එන්නේ, නෛසර්ගිකව මෙන් ග්‍රාමීය දරිද්‍රතාවෙනි.

(H) 1956 දී සිදු වූ දේශපාලන විපර්යාසය, ප්‍රාදේශීය දෘෂ්ටිකෝණයකින් ප්‍රකාශ කරනවා නම්, ග්‍රාමීය/ නාගරික බෙදීම නම් ස්ථාවරය ගැනීමෙන් බුද්ධිමය විශ්ලේෂණයකට යෑමට වඩා ඉඩකඩ ලැබෙන බව මගේ අදහසයි – නිව්ටන් ගුණසිංහ.

ධනේශ්වර සංවර්ධනය සහ පූර්ව ධනවාදී සබඳතා පිළිබඳ නිව්ටන් ගුණසිංහ විසින් ලබා දෙන රූපක දෙක මෙසේ ය: 

1. ධනවාදී සංවර්ධනය නම් ක්ෂේම භූමිය

2. පූර්ව-ධනවාදී සබඳතා නම් කාන්තාරය 


ධනවාදියෙකුට වුවද විප්ලවවාදියෙකු විය හැක - (මහිම සුජීව ගමගේ)

 

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික දේහය සිර වී ඇත්තේ, ඉහත ප්‍රතිවිරුද්ධ අන්ත දෙක අතර ය. එය, ඛේදවාචකයක් වී ඇත්තේ එම නිසා ය.  

නිව්ටන් ගුණසිංහ ලංකාවේ අති බහුතර ගැමි වහරේ සිරවන විශ්වවිද්‍යාල බුද්ධිමතුන්ට වෙනස්ව ගම/ නගරය භේදය අතරින් නාගරික අන්තය තෝරා ගනියි. අනෙකුත් විශ්වවිද්‍යාල බුද්ධිමතුන්ට පරස්පරව අදීන ලෙස සුවිශේෂ (ගම, ලිංගය, කුලය, වර්ගය) වෙනුවට සාර්වත්‍රිකයන් (ඉතිහාසය, න්‍යාය, මාක්ස්වාදය) වෙනුවෙන් පෙනී සිටියේ ය.

ඉහත කෙටි න්‍යායික සාහිත්‍යය හරහා මා ඉදිරිපත් කරන චිත්‍රය වන්නේ, සමකාලීන යුගය තුළ මාලිමාව වෙනුවෙන් පෙනී සිටින ඊනියා විශ්වවිද්‍යාල ගුරුවරුන් එසේ පෙනී සිටින්නේ, කිසිදු න්‍යායික පදනමක සිට නොවේය යන්න ය. ඒ සඳහා, ඔවුන්ට ආධාර වන්නේ, ජහමනයාගේ ජනශ්‍රැතිය සහ ඩොක්සාව ය. එම නිසා, ඔවුන් අපට යෝජනා කරන්නේ දැවැන්ත ආර්ථික ගැටලුවක සිරවී සිටින රටක දී සාමූහිකව සිය දිවිනසා ගැනීමට අවශ්‍ය ආඛ්‍යානයකි.

 

Jehan


CASE STUDY (සිද්ධි අධ්‍යයයනයක්) එකක් පිළිබඳ පර්යාය සටහනක්

සුධර්මන් රදළියගොඩ ITN ආයතනයේ මාධ්‍යවේදියෙකි. ඊට අමතරව, ඔහු එහි උසස් නිලධාරියෙකි. දේශපාලන වැඩසටහන් මෙහෙයවීමට හැකි දක්‍ෂයෙකි. සරලව කිවහොත්, ITN නාලිකාවට ඔහු නැතිවම බැරි පුද්ගලයෙකි.

පොහොට්ටුව යුගයේ දී ඔහු, රාජපක්ෂලාට හිතවත් මතවාදය දක්‍ෂ ලෙස සංවිධානය කළ පුද්ගලයෙකි. එම නිසා ම, රාජපක්ෂවාදය අවසන් වන යුගයේ දී ඔහුට බරපතළ චෝදනා එල්ල විය. [1]

ඉන්පසු, වික්‍රමසිංහ-සිරිසේන ආණ්ඩුව පැමිණි අතර ටික කලකට සිරගෙදරට ද යෑමට සිදු වූ අතර පසුව, යළි ආයතනයට එක් විය. ඉන්පසුව, යහපාලන ආණ්ඩුවට නැතිවම බැරි මාධ්‍යවේදියෙක් විය. [2]

ඉන්පසුව, යළිත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්විය. එවිට, යළිත් ඔහු රාජපක්ෂවාදය ප්‍රචාරණය සඳහා සුදුසු ම පුද්ගලයා විය. ඔහු, ඔහුගේ වෘත්තිය හොඳින් කරගෙන ගියේය. [3]

ඉන්පසුව, කොවිඩ් වසංගතය සහ ආර්ථිකය අර්බුදයට ගමන් කළ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය. සුදර්ශන ගුණවර්ධන ITN  සභාපති විය. රනිල්ගේ ආර්ථික දෘෂ්ටිය මහජනයා අතරට ගෙන යෑමට වඩාත්ම සුදුසු මාධ්‍යවේදියා බවට පත් වූයේ ඔහු ය. [4]

ඉන්පසුව, අනුර කුමාර දිසානායක ජනාධිපති විය. මාලිමාවේ මතය මහජනයා අතරට ගෙන යෑමට රාජ්‍ය මාධ්‍ය අතර ඔහු තරම් හපනෙක් නැති නිසා ඔහුව රඳවා ගැනීමට නව සභාපති වෙදමුල්ලට සිදු විය. [5]
 
එකිනෙකට හාත්පසින් පරස්පර දෘෂ්ටිවාද විසින් දේශපාලන ආධිපත්‍යය (වම/ දකුණ/ ලිබරල්/ ජාතිකවාදය/ හොරු එළවීම) ලබා ගත්ත ද සුධර්මන් නම් චරිතය ඒ සියලු දෙනාට රඳවා ගැනීමට සිදු විය. එක් පැත්තකින්, ඒ සඳහා හේතු වන්නේ ඔහුගේ වෘත්තීයභාවය යි. කොටින් ම, අන්තර්ගතයට වඩා ආකෘතිය- FORM – බලවත් වීම සුධර්මන් ඉවෙන් දැන සිටියේ ය.
අනෙක් පසින් ITN යනු, පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. පත්වන සභාපතිවරයා මසකට මිලියන 189 ක් සෙවිය යුතු අතර වෙන වැඩක් කිරීමට කාලය ඉතුරු වන්නේ නැත. සුධර්මන්ගේ වඩා උනන්දුකාරක පැත්ත ඇත්තේ, ඉහත වාස්තවික යථාර්ථය (OBJECTIVE REALITY) තුළ නොවේ. ඒ සඳහා අප හැරිය යුත්තේ, වෙනත් පැත්තකට ය.
 
ITN යළි සුදර්මන්ට
සුධර්මන් යනු, ඉතා සිත්ගන්නාසුලු චරිතයකි. ඉතාම සැහැල්ලුවෙන් ජීවත්වන, කන, බොන, රමණයේ යෙදෙන මිනිසෙකි. ද්‍රව්‍යමය සංස්කෘතිය සහ ජීවන විලාසිතාව හොඳින් සංකලනය කළ ඔහු සල්ලාපයකට ඉතා සමීප චරිතයකි. දේශපාලන වැඩ සහ වෙනත් වගකීම්වලින් හෙම්බත් වී සිටි මට ඔහු ෆැන්ටසි වස්තුවකි. මගේ ආශාව කුළු ගන්වනසුලු පැවැත්මක් ඔහුට තිබුණි. කවදා හෝ සුධර්මන් මෙන් මැරෙන්න කලින් ටික කලක් හෝ ජීවත් විය යුතු යැයි හැඟිණි. මගේ පැවැත්මේ ඇති දැඩි අසංගත බව ඒකාග්‍ර කරන ඒකාත්මික පැවැත්මක් ඔහු තුළ තිබුණි. කොටින්ම, මගේ අවිනිශ්චිත පැවැත්ම තුළ ඔහුට තිබූ ස්ථීරසාර පැවැත්ම මට මහත් කුතුහලයක් විය. ඒ අනුව, මේ යුගයේ අප ‘වීරයන්ට’ වඩා අනන්‍යවන්නේ, අපගේ අසාර ජීවිතයේ ආපතිකතාවලට පිළිතුරු ලැබෙන මිනිසුන්ට ය. එම නිසා ඔහු, කිසිදු දෘෂ්ටිවාදයකට ප්‍රශ්නයක් නොව පිළිතුරක් ය. අප මේ යුගයේ අනන්‍ය වන්නේ, අර්ථයට නොව විනෝදයට ය. මා සුධර්මන්ගේ විනෝදයට – ENJOYMENT - අනන්‍ය වීම ඒ අනුව අහම්බයක් නොව අනිවාර්යයකි. දේශපාලනිකව මහින්ද රාජපක්ෂගේ සිට මා දක්වා වූ සියලු ම දේශපාලකයන් ඉදිරිපිට ඔහු ඉතිරි විය. අප ගෙදර ගිය අතර ඔහු සැමදා ITN එකේ වැඩට ගියේ ය.

සුධර්මන්ට අභියෝගයක් එන්නේ කවදා ද? 

යම්කිසි දිනෙක ITN ආයතනය පුද්ගලික අංශයට පැවරුවහොත්, එදිනට සුධර්මන්ට අභියෝගයක් එනු ඇත. ඔහුට ද වෙනස් වීමට බල කෙරෙනු ඇත. දෘෂ්ටිවාද වෙනස් වූවාට යථාර්ථය වෙනස් වන්නේ නැත. රාජ්‍යයෙන් ප්‍රාග්ධනය විතැන් කළ විට දී ලංකාව වෙනස් වනු ඇත. අපගේ විනෝද විචාරය වන්නේ, එවිට ය. 

(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...