The Leader News
BREAKING
Top Ad
Opinion

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 30, 2024 • 7:09 AM

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'නැපෝලියන්' (2023) ලස්සන චිත්‍රපටියක් නොවුනට ඒකෙ ලස්සන දෙබසක් තියනවා මතකහිටින.
  • පස්සේ ඔහුව ලෝකයටම හිසරදයක් වෙනවා. ඔය අව්අස්සේ තමයි නැපෝලියන්ට ජොසපින් හම්බවෙන්නේ.
  • කොහොම උනත් නැපෝලියන් තෑගි බෝග දීල ජොසපින්ගේ දරුවන්ගේ හිත දිනාගෙන එයා ජොසපින් කසාද බඳිනවා. ඇත්තටම පහල මධ්‍යම පංතියෙන් ආපු නැපෝලියන් ඇත්ත ආශාව උනේ ගොඩක් වංශවත් පසුබිමකින් ආපු ජොසපින්.
  • රදළ පවුලකින් ආපු නිසාදෝ ජොසපින් තුල තිබ්බ අමුතු පෞරුෂය සහ ඒ එක්ක එයා නැපෝලියන්ට දීපු ආදරය සහ ලිංගිකත්වය වෙනත් ගෑනියෙක්ගෙන් නැපෝලියන්ට ගන්න බැරිවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

'නැපෝලියන්' (2023) ලස්සන චිත්‍රපටියක් නොවුනට ඒකෙ ලස්සන දෙබසක් තියනවා මතකහිටින. එහෙම මතකහිටින දෙබස් සාමාන්‍යයෙන් චිත්‍රපටියක තියෙන්නේ කලාතුරකින්. ඉනුත් ජීවිත කාලයක් පුරා මතකහිටින්න පුළුවන් දෙබස් තියනවා නම් තියෙන්නේ ඊටත් වඩා කලාතුරකින්. 

සිවිල් අරගලය ඉවර වෙලා අර වංශාධිපති සංකේතය වෙච්ච මාරි ඇන්ටොනටිගේ බෙල්ල ගිලටීනයේ දමල කපල අන්තිමට නැපෝලියන්ල බලය අත්පත් කරගන්නවා. ඒ වගේම ඊට පස්සේ ආපු ප්‍රංශ රාජ්‍යත්වයට පක්ෂපාත කැරැල්ල (royalist insurrection) මැඩ පැවැත්වීම එක්ක නිකම්ම ප්‍රංශයේ පාලකයා නැපෝලියන් වෙනවා. පස්සේ පොර අධිරාජ්‍යයක් හදන්නත් උත්සාහ කරනවා. ඒ එක්ක නැපෝලියන් යුරෝපයේ චන්ඩියෙක් වගේ වෙනවා. පස්සේ ඔහුව ලෝකයටම හිසරදයක් වෙනවා. 

 

nap
ඔය අව්අස්සේ තමයි නැපෝලියන්ට ජොසපින් හම්බවෙන්නේ. ජොසපින් කියන්නේ වංශවත් පවුලකින් ආපු කෙනෙක්. එයා එක වෙලාවක කියනවා නැපෝලියන් ආපු ''පහල පංතියේ ගඳ'' එයාට දැනෙනවා කියල. කොහොම උනත් නැපෝලියන් තෑගි බෝග දීල ජොසපින්ගේ දරුවන්ගේ හිත දිනාගෙන එයා ජොසපින් කසාද බඳිනවා. 

ඇත්තටම පහල මධ්‍යම පංතියෙන් ආපු නැපෝලියන් ඇත්ත ආශාව උනේ ගොඩක් වංශවත් පසුබිමකින් ආපු ජොසපින්. වෙනත් සම්බන්දතා නැපෝලියන්ට තිබ්බ උනත්, දරුවෝ නැති නිසා වෙනත් විවාහයක් කරගත්ත උනත්, ජොසපින්ට වෙනත් සම්බන්දතා තිබ්බ උනත් නැපෝලියන්ට කවදාවත් ජොසපින්ගෙන් මානසිකව ඈත්වෙන්න බැරිවුණා.

රදළ පවුලකින් ආපු නිසාදෝ ජොසපින් තුල තිබ්බ අමුතු පෞරුෂය සහ ඒ එක්ක එයා නැපෝලියන්ට දීපු ආදරය සහ ලිංගිකත්වය වෙනත් ගෑනියෙක්ගෙන් නැපෝලියන්ට ගන්න බැරිවුණා. ලෝකේ කොයි අස්සක් මුල්ලක හිටිය උනත් මොන ලෝක යුද්දෙක හිටිය උනත් හැමදාම නැපෝලියන් තමන්ගේ ආත්මය, ආත්මයේ ආතතිය, ආත්මයේ බිඳවැටීම, ආත්මයේ ජයග්‍රහණය යන හැම දෙයක්ම නොපැකිලව මේ රදළ ගැහැණිය වෙතට ප්‍රක්ෂේපනය කළා. ඒ නිසා මේ දෙන්නගේ ආදරය ලෝකයේ ප්‍රධාන ආදර කතාවක් උනා.

නැපෝලියන් ජොසපින් හම්බු වෙච්ච මුල්ම දවස්වල ජොසපින් අමුතු ප්‍රශ්නයක් නැපෝලියන්ගෙන් අහනවා. ඒක තමයි මට මේ චිත්‍රපටියේ මතක හිටින වාක්‍යය බවට පත්වුණේ.

 nap1
ඒ වාක්‍යය තමයි, ''ඔබ මා දෙස බලන විට මා තුල සිටින වංශාධිපතියෙක් ඔබට පෙනෙයිද?'' (When you look at me do you see an aristrocrat?) වෙනත් විදියකින් ඇහුවොත් ඔබට මා තුලින් පෙනෙන්නේ කුමක්ද යන්න.

ප්‍රංශ විප්ලවය නිසා හිරේ විලංගුවේ වැටිලා ණයතුරුස් වෙලා පජාත වෙලා දැන් අර වංශාධිපති රදළ කමක් දැන් ජොසපින්ගේ නැහැ. හැබැයි නැපෝලියන් ආශක්ත වෙන්නේ අර නැපෝලියන් තුල නොතිබ්බ එහෙත් ජොසපින් තුල තියන මොකක්දෝ දෙයකට කියල ජොසපින් දන්නවා. ඒ දෙය තමයි වංශවත්කම. ඒ පංතියේ රුචිකත්වය. ස්ටයිල් එක. ටේස්ට් එක. භාෂාව. ලිංගිකත්වය. පෞරුෂය. සහ තව ගොඩක් දේවල්.

ඒ අමුතු ගුප්ත ආශා ගොඩනැගීම එක්ක තමයි මැරෙනකම් නැපෝලියන්ට ජොසපින් අමතක කරන්න බැරි වුණේ. ගැළවෙන්න බැරිඋණේ. ජොසපින් මැරිල පොළොවට පස්උනාට පස්සෙත් නැපෝලියන් ජොසපින්ට ලියුම් ලිව්වේ. ආයෙත් ලිව්වේ. ආයේ ආයෙත් ලිව්වේ. ඒ ආදරය සදාකාලික උණේ. 

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....

මේ චිත්‍රපටය සහ තවත් දේවල් ගැන මගේ කතාව මේ වීඩියෝවෙන්: 




මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...