The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්ගේ කරුමය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 31, 2024 • 4:10 PM

නාමල්ගේ කරුමය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊනියා ගොවි සමිතිකාරයාට මදි නොකියන්න බැට දුන්නේය.
  • ඔහුටත් කරුමය පටිසන් දීම ඇරඹී ඇත.
  • උන් දුගී දුප්පතුන් ලෙස හැමදාම ජීවත් වේ.
  • වවන්නත් කලින් “අස්වැන්න අඩු වෙනවෝ… සාගතයක් එනෝ…” කිය කියා ගොවියන්ව කුපිත කළේ NPP ගොවි සමිතිකාරයන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊනියා ගොවි සමිතිකාරයාට මදි නොකියන්න බැට දුන්නේය. ඔහුට අවසානයේ තොල කට වේලී, කන් නෑසී, ඇසුත් නොපෙනී ගියේය. ඔහුටත් කරුමය පටිසන් දීම ඇරඹී ඇත. ඔහුට පටිසන් දෙන්නේ ලංකාවේ ගොවියාට වස විස නැති පොහොර දෙන්නට ගෝඨාභය ගත් ඓතිහාසික ප්‍රයත්නය බිඳ දැමීමේ සාහසික අකුසල කර්මයයි.

ලංකාවේ ජීවත් වෙන නූගත් මෝඩ මිනිස්සු කන්නේ තනිකර වසය. ගොවියාට වුණත් කවදාවත් හරි යන්නේ නැත්තේ ඔවුන් දැන දැනම මිනිස්සුන්ට වස කවන නිසාය. එයට විපාක වශයෙන් ඔවුන්ගේ දරුපවුල් පිටින් වකුගඩු රෝගයෙන් මුළු සර්වාංගයේම ලේ විස වී අපා දුක් විඳ මිය යයි. උන්ට අප අනුකම්පා නොකළ යුතුය. මන්ද චේතනාන්විතව මිනිසුන්ට වස කැවීම ප්‍රාණඝාතයක් නිසාය. එබැවින් එම ගොවියන්ට කිසි දවසක යා දෙන්නේ නැත. උන් දුගී දුප්පතුන් ලෙස හැමදාම ජීවත් වේ. දැන් ඉන්නේ ගොවි රජුන් නොව, ගොවි මරුන්ය. නාමල් කරුණාරත්න යනු ඒ මරුන්ගේත් මරුවෙකි.

පොහොර යනු ගෝලීය කෘෂි මාෆියා චක්‍රයේ එක කොටසකි. වල් නාශක, දෙමුහුම් බීජ, පොහොර සහ කෘමි නාශක ආදිය එකම චක්‍රයක කොටස්ය. බහුජාතික සමාගම් දෙක තුනක් විසින් එම මාෆියාව පාලනය කරයි. වස විස නැති පොහොර ව්‍යාපෘතියට ඔවුන් එරෙහි වන්නේ එයින් ඔවුන්ගේ මාෆියා චක්‍රය එක තැනකින් කැඩෙන නිසාය. ගෝඨාභයගේ සැලසුම වුණේ පොහොර ටික හදා ගත් පසු දේශීය බීජ ප්‍රවර්ධනය කර ගොවියා එම පාපයෙන් සම්පූර්ණයෙන්ම මුදවා ගෙන රටේ අනාගතයේ උපදින දරුවාට හෝ වස විස නැති බත් කටක් කවන්නටය. සැබැවින්ම මුල් අවස්ථාවේ ගොවියන් එයට කැමති විය. ඔවුන් උනන්දුවෙන් වැඩ පටන් ගත්තේය. නමුත් අර මාෆියාවේ ඉඳුල් කන නාමල් කරුණාරත්න වැනි සාහසිකයන් එම ගොවියන්ගේ මොළේ කෑවේය.

xfrte4543d

වවන්නත් කලින් “අස්වැන්න අඩු වෙනවෝ… සාගතයක් එනෝ…” කිය කියා ගොවියන්ව කුපිත කළේ NPP ගොවි සමිතිකාරයන්ය. ලංකාවේ ගොවියා යනු නූගත් මෝඩයෙකි. නූතන විද්‍යාත්මක දැනුම නැති අමනයෙකි. ඔවුන්ට මේ කියන දෙය තේරුම් ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නැත. එය හොඳින් දන්නා අනුර කුමාර ඇතුළු ගොයිගමයන් ආණ්ඩු බලය අල්ලා ගැනීම වෙනුවෙන් තමන්ගේම එකාව ගොනාට අන්දවා ගෝඨාභයට එරෙහිව පාරට බැස්සුවේය. වවන් කන කුඹුරට ගිනි තැබ්බුවේය. වස විස නැති කෘෂි කර්මාන්තයක් හදන්න ගත් ඓතිහාසික ප්‍රයත්නය සාහසික ලෙස කඩාකප්පල් කළේය.

එහෙම කරපු අනුර, ඔයා හිතනවද ඔයාට කවදාවත් මේ රටේ සාර්ථක පාලකයෙක් වෙන්න පුළුවන් කියලා? බැහැ සහෝදරයා. ඔයා වැපිරූ බොරුවේ, වෛරයේ, ඊර්ෂ්‍යාවේ අස්වැන්න ඔයාට නෙළන්නම වෙනවා. ඒක තමයි දැන් ඔයාට වෙන්න පටන් අර ගෙන තියෙන්නේ. තිරසාර පැවැත්ම ගැන කතා කළ, ඒ ගැන පොත් ලියූ, ඒ ගැන ටෙලිවිෂන් ෂෝ කළ මා දැන් ඒවා කරන්නේ නැත. මන්ද එවැනි ප්‍රබුද්ධ සමාජයක් හැදීමට අවශ්‍ය මානව විභවයෙන් දශමයක් හෝ ලාංකිකයාට නැති බව ප්‍රත්‍යක්ෂයෙන් මා හට අවබෝධ වී ඇති නිසාය. නමුත් කර්මය සහ විපාකය තාර්කිකය. ගෝඨාභයගේ උත්තම ප්‍රයත්නයට අකුල් හෙලූ පොහොට්ටුවේ ගොබ්බ-සේනලාට පවා සිදු වූයේ ඒ කර්මය පටිසන් දීමයි. අද ඔවුන්ට යන එන මං නැති වී තිබේ.

තමන්ගේ මෝඩකමට තමන්ම වස කා මිය යෑම එකකි. නමුත් එයින් තමන් උපන් මාතෘ භූමිය, මේ මහ පොළොව, මේ පස, මේ ජලය වස කර විස කර අනාගතයේ උපදින මිනිස් පැටවුන්ගේ මෙන්ම අනෙකුත් සත්ත්ව වර්ගයායේද ජීවත් වීමේ අයිතිය උදුරා ගත් නාමල් කරුණාරත්නලා ඉදිරියේදී තව තවත් නිරුත්තර වෙනු ඇත. ඔවුන්ගේ දරුවන්ගේත් දරුවන් පවා එම මහා අකුසලයට වන්දි ගෙවීම වැළැක්විය නොහැකිය. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ඔක්තෝබර් 31

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල්ගේ කරුමය - (එරන්ද ගිනිගේ) | The Leader