The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තුවට අවශ්‍ය දේශපාලනය දන්නා අයයි - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

November 1, 2024 • 7:54 AM

පාර්ලිමේන්තුවට අවශ්‍ය දේශපාලනය දන්නා අයයි - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් විධායක ජනාධිපති ධූරයක් ඇති කරල රාජ්‍ය පාලනය තනි පුද්ගලයකුගෙ අතට ගත්තට පස්සෙ ව්‍යවස්ථාදයකය සතුවූ බලය විශාල වශයෙන් හීන වුනා.
  • ඇත්තටම ව්‍යස්ථාදායකය බල රහිත කළා.
  • ඒ අනුව ගමේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය ප්‍රාදේශීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන විට මහජන මුදල් දේශපාලකයන්ට බෙදාහරින යාන්ත්‍රණය සැකසුනෙත් එමඟින්මයි.
  • ඒ අනුව පාදඩ ධනය ඇති දේශපාලකයන් පිරිසක් නිර්මාණය වූ අතර රාජ්‍ය පාලනය සමාජය තුළ තහවුරු කර ගත්තේ ඒ යාන්ත්‍රණය හරහායි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් විධායක ජනාධිපති ධූරයක් ඇති කරල රාජ්‍ය පාලනය තනි පුද්ගලයකුගෙ අතට ගත්තට පස්සෙ ව්‍යවස්ථාදයකය සතුවූ බලය විශාල වශයෙන් හීන වුනා. ඇත්තටම ව්‍යස්ථාදායකය බල රහිත කළා. දැන් ව්‍යවස්ථාදායකය නිත්‍යානුකූලව තියෙන්නෙ ප්‍රතිපාදන අනුමත කර ගැනීම වගේ පොඩි පොඩි වැඩවලට විතරයි.

 

විධායක ජනාධිපති ධූරයෙන් රට සහ ජනතාව බේරා ගනිමු. -ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

විධායක ජනාධිපති හා සමාජය අතර සම්බන්ධීකරණයක් කිරීමේ වගකීම තියෙන්නෙ ව්‍යවස්ථාදායකයට තේරී පත්වන මහජන මන්ත්‍රීවරුන්ට. ඒ අනුව මහජන මතය නියෝජනය කරන්නෙ ඔවුන්. හැබැයි ඔවුන් මොන ආකාරයෙන් මහජන මතය නියෝජනය කළත් නව ලිබරල්වාදය තුළ රාජ්‍ය පාලනයට ඒ මත අදාළ නැහැ. රාජ්‍ය පාලනය කරගෙන යන්නෙ විධායක ජනාධිපතිවරයා වටා ඉන්න කිහිපදෙනෙක්ගේ අභිලාශයන් මතයි. ඒ වගේම රාජ්‍ය පාලනය සාධාරණීකරණය කරන්න අවශ්‍ය ජනමතය කළමනාකරණය කිරීම කළ යුත්තෙ මහජන මන්ත්‍රීවරුන් විසින්. ඒ වගකීම නම් අදටත් වලංගුයි. රාජ්‍යයේ අර්බූදයන් කළමනාකරණය හා දේශපාලන මතය සමාජය තුළ ශක්තිමත් කිරීම ඔවුන්ගෙ වගකීමක්.

පුවත් - Results from #5016

 

නව ලිබරල්වාදය තුළ ව්‍යවස්ථාදයකයට පැවැරෙන වගකීම යථාවත් කරන්න පසුගිය ජනාධිපතිවරුන් විවිධ පියවර ගත්ත. ඒ අතරින් ප්‍රධාන වුනේ ඔවුන්ට මුදල් උපයා ගැනීමට අවස්ථාව සකස් කරදීම. ඒ අනුව ගමේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය ප්‍රාදේශීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන විට මහජන මුදල් දේශපාලකයන්ට බෙදාහරින යාන්ත්‍රණය සැකසුනෙත් එමඟින්මයි. ඒ අනුව පාදඩ ධනය ඇති දේශපාලකයන් පිරිසක් නිර්මාණය වූ අතර රාජ්‍ය පාලනය සමාජය තුළ තහවුරු කර ගත්තේ ඒ යාන්ත්‍රණය හරහායි.

ජාතික ජන බලවේගය තබා කවුරු මේ දේශපාලන අවකාශය තුළ රාජ්‍ය බලය ගත්තත් මේ මූලික බල ආකෘතියෙන් මිදෙන්න බැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාදයකයට බලය ලැබෙන පැරණි ආකෘතියට යන්නට බැහැ. නව ලිබරල්වාදය නිර්මාණය වී ඇත්තේ විධායක ජනාධිවරයා මගින් රට පාලනය කරන ආකෘතියට ගැලපෙන ලෙසයි. ව්‍යවස්ථාදයකය ශක්තිමත් කිරීමත් එක්ක නව ලිබරල්වාදයට පෑහීමක් නැහැ. ඒ නිසා ව්‍යස්ථාදායකයට තේරී පත්වන මහජන මන්ත්‍රීවරුන්ගේ භූමිකාවට අලුත් අර්ථකථනයක් අවශ්‍යයි.

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට

 

පහසුම ක්‍රමය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කේන්ද්‍ර කර ගත් මහජන මුදල් මංකොල්ලකෑමේ යාන්ත්‍රනයට අනුගතවීම වුවත් ඊට ජාතික ජන බලවේගයට ලබාදුන් ජනවරම එකඟ නැහැ. ඒ නිසා බල ආකෘතිය පවත්වාගෙන යෑම සදහා අලුත් යාන්ත්‍රණයක් හා ඊට ගැලපෙන මිනිසුන් අවශ්‍යයි. මේ මහ මැතිවරණයේ දී බලාපොරොත්තු වන්නේ එයයි.

ඊට ගැලපෙන මිනිස්සු සමාජයෙන් සොයා දී අනුර කුමාර දිසානායකගේ ගමන ශක්තිමත් කිරීම මහජන වගකීමයි. එහිදී දේශපාලනය දන්නා මිනිස්සු හැර වෘත්තිකයන් පාර්ලිමේන්තු යැවීම නම් කිසිම අර්ථයක් නැති ක්‍රියාවක්.

(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...