The Leader News
BREAKING
Top Ad
Opinion

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු මැතිවරණය - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 4, 2024 • 9:47 AM

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු මැතිවරණය - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රිය මිතුරනි, සහෝදර සහෝදරියනි සහ සගයිනි, අදහස් කිහිපයක් පල කරන්නට මට කරන ලද ආරාධනාවට ස්තුතියි.
  • මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනයා ගේ, කූලන් ජාතියට අයත් වුරන්ජරි ජනයා ගේ, මෙම භූමියේ සම්ප්‍රදායික භාර කරුවන් ගේ පාරම්පරික භූමියේ බව මම කෘතඥ පූර්වකව පිළි ගන්නවා.
  • පවතින දණ්ඩ මුක්ති සංස්කෘතිය නිසා ඒ එකදු සිද්ධියක් වත් නිසි ලෙස විමර්ශනයට භාජනය කර නැත.
  • මේ 14 වෙනි දා තේරී පත් වන්නට නියමිත නව ව්‍යවස්ථාදායකය වසර 76ක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති දණ්ඩ මුක්තියේ සංස්කෘතිය සාර්ථක අන්දමින් අවසන් කරන්නට අවශ්‍ය පරිසරය බිහි කරනවා ඇතැයි සිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රිය මිතුරනි, සහෝදර සහෝදරියනි සහ සගයිනි,
අදහස් කිහිපයක් පල කරන්නට මට කරන ලද ආරාධනාවට ස්තුතියි.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනයා ගේ, කූලන් ජාතියට අයත් වුරන්ජරි ජනයා ගේ, මෙම භූමියේ සම්ප්‍රදායික භාර කරුවන් ගේ පාරම්පරික භූමියේ බව මම කෘතඥ පූර්වකව පිළි ගන්නවා. අපි ඔවුන්ගේ අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ නැඟී එන වැඩිහිටියන් වෙතත් අනෙකුත් ප්‍රජාවන්ගේ වැඩිහිටියන් වෙතත් අපේ ගෞරවය පුද කරනවා.

 

අද මාධ්‍යවේදීන්ට එරෙහිව කරන අපරාධ සම්බන්ධයෙන් පවතින දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය යි. ශ්‍රී ලංකාවේ සිටියදී ජීවිත පරිත්‍යාග කිරීමට සිදු වූ මාධ්‍යවේදීන් හෝ මරණ තර්ජන නිසා පිටුවහල් ව ජීවත් වන මාධ්‍යවේදීන් පිළිබඳ මතකය අවදි කරන්නට මොහොතක් ගත කරමු. පවතින දණ්ඩ මුක්ති සංස්කෘතිය නිසා ඒ එකදු සිද්ධියක් වත් නිසි ලෙස විමර්ශනයට භාජනය කර නැත.

NPP යේ මෑත කාලීන ජයග්‍රහණය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ අධිකාරවාදී, ඥාති සංග්‍රහ වාදී සහ යුදවාදී ප්‍රවේශයන් ප්‍රතික්ෂේප කිරීමක්. නව ජනාධිපතිවරයා ජාතික සමගිය සඳහා ආයාචනය කල අතර වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කටයුතු කරන අතරම වඩා පිරිසිදු දේශපාලනයක යෙදෙන්නට ත් පොරොන්දු වුනා. 

 

පුවත් - Results from #8580
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ නව NPP ආණ්ඩුවක් ගැන අපි විශාල බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. මේ 14 වෙනි දා තේරී පත් වන්නට නියමිත නව ව්‍යවස්ථාදායකය වසර 76ක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති දණ්ඩ මුක්තියේ සංස්කෘතිය සාර්ථක අන්දමින් අවසන් කරන්නට අවශ්‍ය පරිසරය බිහි කරනවා ඇතැයි සිතනවා.

ආමන්ත්‍රණය කළ යුතුව තිබෙන වැදගත් ප්‍රශ්ණ බොහොමයක් ජාතික ප්‍රශ්නය සමඟ බද්ධ වී තිබෙන බව පිළි ගැනීම වැදගත් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ජනාධිපතිවරයාට සැලකිය යුතු බලයක් හිමි වුනත්, විධායක ජනාධිපති ක්‍රමය විසුරුවා හැරීම සඳහා ව්‍යවස්ථාදායකය තුළ පුළුල් සහයෝගයක් අවශ්‍ය වෙනවා. මේ අනුව, ඉදිරි මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ බහුතර නොවන ප්‍රජාවන් ඇතුළු සියළුම ජන කොටස් වලට ම තීරණාත්මක එකක්.

NPP යට පොර බදන්නට වන්නේ වාර්ගික වශයෙන්, භාෂාමය වශයෙන් සහ ඇදහිල්ල අනුව බෙදී වෙන්වී ගොස් තිබෙන බහුත්වවාදී ජනගහනයක් සමඟ යි. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ - රොහාන් සමරජීව
ඓතිහාසික වශයෙන් ගත් විට, ජාතික සමගිය කරා ඇති වෙන ඕනෑම ඉදිරි ගමනක් අඩාල කරන්නට සැඟවුණු සහ විවෘත බලවේග රාශියක් වෙහෙස නොබලා කටයුතු කර තිබෙනවා. ජාතික ප්‍රශ්නය විසඳීම යන්නෙන් අදහස් වන්නේ සියළු පුරවැසියන් අන්තර්ගත කර ගැනීම, සමාන අවස්ථා සපයා දීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීමයි.

ඒ නිසා අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා NPP ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් හෝ එසේ කිරීමට සිය හස්තය දිගු කරන විපක්ෂයක් අවශ්‍ය වෙනවා. බොහෝ දුරට සිදු වෙන්නට නොහැකි වුනත්, NPP යට පිටින් අගමැතිවරයෙක් තේරී පත් වුනොත් සහජීවන ආණ්ඩු සැකැස්මක් අවශ්‍ය වෙනවා. එහෙම වුනොත් රට දේශපාලන අර්බුදයකට මුහුණ දේවි.

දෙමළ කතා කරන ජනතාවගෙන් අතීතයේ ලබා ගත්තාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් NPP ය පසුගිය ජනාධිපතිවරණයේ දී ලබා ගත්තා. ඒ වුනත්, සමගි ජන බලවේගය (SJB) ත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත් ඊට වඩා හොඳ සහයෝගයක් ඔවුන්ගෙන් ලබා ගත්තා.

ජනපති සටනින් රනිල් ජයගනී

 

අපට මග හැරී ගිය මහඟු අවස්ථාවක් සිහිපත් කරන්නට මම කැමතියි. ඒ "ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත - අගෝස්තු 2000" ප්‍රතික්ෂේප කිරීම. ගැටුම සමථයකට පත් කිරීම සඳහා මෙතෙක් යෝජනා කරපු හොඳම බලය පැවරීමේ පැකේජය වූයේ එය යි. එල්ටීටීඊය එය ප්‍රතික්ෂේප කළා. විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත් පුළුස්සා දැම්මා. ඒ සමඟම ඊට එරෙහි දකුණේ විරෝධය ශක්තිමත් වුනා. එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබුණත් විරෝධය පෑමට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. අවස්ථාවාදී දේශපාලනයේ ඉතිහාසය මොන වගේ එකක් ද; අපි කොපමණ වාරයක් අපගේ මතකයන් ගිලිහී යාමට ඉඩ හැර තිබෙනවා ද?

යුද්ධය අතරතුරේ දී, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දෙමළ සටන්කාමිත්වය මැඩ පවත්වන්නට රජයට සහ එහි හමුදාවන්ට සහයෝගය දුන්නා. කවර ආකාරයක හෝ බලය පැවරීමකට ත් එය විරුද්ධ වුනා. මෙම තත්වයෙන් ඔවුන් මේ වන විට ඉවත්ව ඇති බව පෙනෙනවා. දෙමළ සටන්කාමිත්වය යුදමය වශයෙන් පොඩි පට්ටම් කර දැමූ නමුත් ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් තවමත් නො විසඳා පවතින බව මතකයේ තබා ගැනීම වැදගත්.

ජාතික ජනබලවේගය(NPP) හි ඉදිරි අභියෝග..! - (රන්ජන සේනානායක)

 

ජවිපෙ දැන් සිය නිම් වළලු පුළුල් කර තිබෙනවා. එය පුළුල් පෙරමුණක් වන NPP ය සමඟ සම්බන්ධ වෙලා. ඔවුන් ජාතික ප්‍රශ්නය දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි සහ ස්ථිර ස්ථාවරයක් ප්‍රකාශ කර නැහැ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් අවුල් සහගත ප්‍රකාශ නිකුත් කෙරුණා. 

කෙසේ වෙතත්, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සියළු දෙනා ඇතුළත් කර ගැනීම, උපදේශනය සහ සහභාගීත්වය යොදා ගන්නා බව NPP නායකත්වය පැහැදිලි කර තිබෙනවා. අපි මතක තබා ගත යුතුයි, සියළු දෙනා අන්තර්ගත කර ගන්නා, සහභාගීත්ව වාදී සහ උපදේශනාත්මක ප්‍රවේශයකින් කරන ඕනෑම අන්දමේ ඉවත්ව යෑමක් ඉදිරි ගමනට ‍යලිත් වරක් අහිතකර වෙනවා වගේම මෙම බහු වාර්ගික රටේ ජනතාව එකිනෙකාට එරෙහිව සතුරු තත්වයන් වෙත ගෙන යන්නටත් මඟ පාදනවා ඇති.

 

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: යෝජකයින්ට සහ විරුද්ධවාදීන්ට නොවැටහෙන 'ත්‍රස්ත  නීති' -(දිනේෂ් දොඩම්ගොඩ)

අර්ථවත් වෙනසක් සඳහා, ජාතික ප්‍රශ්නයට අදාළ ගැඹුරු මුල් බැස ගත් ගැටලු ආර්ථික සංවර්ධනයෙන් පමණක් විසඳිය නොහැකි බව NPP ය පිළිගත යුතු වෙනවා. ගත යුතු බොහෝ පළමු පියවරවලින් එකක් වශයෙන්, NPP ආණ්ඩුවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර, මෙම කුරිරු නීතිය යටතේ රඳවා සිටින එහෙත් උසාවිය ඉදිරියේ චෝදනා නගා නැති එසේ කරන්නට නොහැකි සිරකරුවන් නිදහස් කල යුතුයි.

ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යි. මෙම මැතිවරණය පාලන තන්ත්‍රය ය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, සමාජ සාධාරණත්වය සහ සියළු දෙනා ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙනු ත් රටේ අනාගතය යලි හැඩ ගස්වන්නට අවස්ථාවක් ලබා දෙනවා. සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් අතර සමානාත්මතාවය, සාධාරණත්වය සහ එකමුතු කම ප්‍රවර්ධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉතා වැදගත් වෙනවා. සියළු දෙනාටම කල් පවත්නා ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාදායකය සංවාදයට විවෘත විය යුතුයි. රටේ පාලන ව්‍යුහයේ දැඩි වෙනස්කම් ඇති කරන්නට කැමති විය යුතුයි.

ජාතික ප්‍රශ්නයේ ද ඇතුළුව ඕනෑම පරිණාමණීය පරිශ්‍රමයක සාර්ථක භාවය බොහෝ දුරට රඳා පවතින්නේ සමාජයේ සියළුම කණ්ඩායම් ක්‍රියාකාරී ලෙස සහභාගි වීම මත යි. ඕනෑම ආණ්ඩුවක් ඔවුන් විසින් දැනටමත් දී තිබෙන පොරොන්දු සම්බන්ධයෙන් වග වෙන බව රැක ගැනීම සඳහා ගතික මෙන්ම සහයෝගයෙන් යුතුව කටයුතු කරන සිවිල් සමාජයක් අත්‍යවශ්‍ය වෙනවා.

ස්තුතියි.

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 නොවැම්බර් 2 වන දා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...