උන් මහන්සි වෙලා වස විස නොගහා වවන කොටහක එළවළු මල්ලක් තමන්ගේ රටේ ජනාධිපතිට එවනවා තකහනියේ. ඒක උන්ගේ අහිංසක ආසාව. අනුර උන්ගේ මූණටම කිව්වා අනේ බොලාගේ කාබනික එළවළු මට එපා කියලා. හොඳ වැඩේ නූගත් මෝඩ ගොවියන්ට. ආවා මෙතන ජනාධිපතිට උන්ගේ දුප්පත් එළෝළු කවන්න.
උන් දැනගන්න ඕනා ලංකාවේ ජනාධිපතිට කන්න එළවළු ගන්න කොළඹ සුපර්මාර්කට් තියෙනවා කියලා. ඒවායේ තියෙනවා ජාත්‍යන්තර ප්‍රමිතියට වවපු ආනයනික කාබනික එළවළු පළතුරු ඕන තරම්. උඹලගේ ඔය අපිරිසිදු නුවරඑළියේ රෙද්දේ කාබනික එළවළු ඕන නැහැ රටේ ජනාධිපති උතුමාණන්ට.
ජයශාන්ත අයියගෙන් ඇඳුම් ඉල්ලා ගත්ත මිනිහා, තෝමස් අයියගෙන් සපත්තු මහගත්ත මිනිහා දැන් රටේ විධායක ජනාධිපති. දැන් ඔය එක එක හාල්පාරුවෝ දෙන දේවල් කන්න බොන්න අඳින්න පළඳින්න ඕන නැහැ. මේක තේරුම් ගන්න ඕනා මාලිමාවේ කවුරු කවුරුත්. නිකන් හිටපල්ලා ඔය කාබයික එළවළු මලු රාජ මන්දීරෙට යවන්නේ නැතුව.
අනික අර ගෝඨාභය කරන්න හදපු වස විස නැති කෘෂි කර්මාන්තය සදහටම විනාශ කළ පාප කර්මයට දායක වීම ගැන ඒ ඇත්ත මිනිසාගේ හෘද සාක්ෂිය අඳෝනා දෙනවා ඇති. එහෙව් එකාට උඹලා කාබනික එළවළු මල්ලක් යැව්වම මිනිහට ලැජ්ජා හිතෙන්න ඇති. මට නම් පෙනුනේ ටිකක් මළත් පැනලා වගේ කතා කරපු විදිහෙන්.
ලංකාවේ ගොවියන්ට ඔහොම කුණු කතා අහගන්න වෙන එක ගැන මම සතුටුයි. රටේ අනෙක් මිනිස්සුන්ට වස කවලා ජනාධිපතිට විතරක් කාබනික කවන්න ගිය ඔය කාලකන්නි ගොවියන්ට ඔහොම වෙලා මදි. ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 නොවැම්බර් 4
නුවරඑළියේ මෝඩ ගොවියා - (එරන්ද ගිනිගේ)
T
The Leader Desk
November 4, 2024 • 10:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උන් මහන්සි වෙලා වස විස නොගහා වවන කොටහක එළවළු මල්ලක් තමන්ගේ රටේ ජනාධිපතිට එවනවා තකහනියේ.
- නිකන් හිටපල්ලා ඔය කාබයික එළවළු මලු රාජ මන්දීරෙට යවන්නේ නැතුව.
- අනික අර ගෝඨාභය කරන්න හදපු වස විස නැති කෘෂි කර්මාන්තය සදහටම විනාශ කළ පාප කර්මයට දායක වීම ගැන ඒ ඇත්ත මිනිසාගේ හෘද සාක්ෂිය අඳෝනා දෙනවා ඇති.
- එහෙව් එකාට උඹලා කාබනික එළවළු මල්ලක් යැව්වම මිනිහට ලැජ්ජා හිතෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


