The Leader News
BREAKING
Top Ad
Opinion

කුඩ දාසයේ කතාව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 6, 2024 • 11:08 AM

කුඩ දාසයේ කතාව - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා.
  • ආරක්ෂක භටයන්ට කුඩ විතරක් නෙමෙයි වාහන ඇතුළු තව බොහෝ දේ අවශ්‍යයි.
  • ජනාධිපතිවරයාට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධ විශ්ලේෂණය සපයන්නෙ ආරක්ෂාව භාර නිලධාරීන්.
  • මහින්දලා හිතනවා ඇත්තෙ එහෙම රස්සාවක් දුන්නාම මොකද කියලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ත්‍රස්තවාදයට ඊට වඩා දිගු ඉතිහාසයක් තියෙනවා. ජනාධිපතිවරු කියන්නෙ හැමදාමත් රට වෙනුවෙන් අවදානම් ගත් පිරිසක්. උදාහරණයක් විදියට මහින්ද කියන්නෙ යුද්දෙ දිනන්න දැඩිව අවදානම් තීන්දු ගත්ත කෙනෙක්. මම නම් දිගටම යුද්දෙදි දෙමළ පාර්ශ්වය ගැන සානුකම්පිතව හිටපු කෙනෙක්. ඒ වුණාට යුද්දෙ දිනුවෙ මහින්ද. ඔහු කළේ මේ රටේ සිංහල හෝ සිංහල බෞද්ධ හෝ අධිපති ප්‍රජාව වෙනුවෙන් යුද්ධයට නායකත්වය දීම. ඒ නිසා ඒ ප්‍රජාව අනිවාර්යයෙන් මහින්දව ආරක්ෂා කරන්නට ඕනැ. යුද්දෙන් පැරදුණු ප්‍රභාකරන්ව දෙමළ ඊලාම්වාදීන් අනිවාර්යයෙන් අනුස්මරණය කරන්න ඕනැ. නායකයන් සම්බන්ධයෙන් තියෙන වගකීම ඒකයි.

හිටපු ජනාධිපතිවරයකුට ආරක්ෂාව දෙනවා නම් ඒ ආරක්ෂක භට පිරිසට තුන්වේල කන්න දෙන්න ඕනැ. රජයේ සේවයේ කෝකි කියන්නෙ සුළු සේවක පිරිසක්. ආරක්ෂක භටයන්ට කුඩ විතරක් නෙමෙයි වාහන ඇතුළු තව බොහෝ දේ අවශ්‍යයි. ඒ කුඩ ඔක්කොම එක මිනිහෙකුට ඉහලන්න බැහැ.

 

ජනාධිපතිවරයාට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධ විශ්ලේෂණය සපයන්නෙ ආරක්ෂාව භාර නිලධාරීන්. අවශ්‍යතා ඉල්ලන්නෙ සපයන ආරක්ෂාව අනුව. ඒවා රාජකාරි ඉල්ලීම්. යාලුකමට කරන දේ නෙමෙයි. ආරක්ෂාව සම්බන්ධ නිල ලියුමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අවලාද කියන එකෙන්ම ජනාධිපතිවරයා පෙන්නන්නෙ අපරිණතකම. ග්රාමසේවක කෙනෙකුවත් තමන්ට ලැබුණ රාජකාරි ලියුමක් සම්බන්ධයෙන් ඔච්චර බාල විදියට හැසිරෙන්නෙ නැහැ. මේවා බේසික් එතික්ස්. කල්පනා කරල බලන්න. ඔයා අස්වැසුම ඉල්ලලා ලියුමක් දෙනවා ග්‍රාමසේවකට. ග්‍රාමසේවක අරූ අස්වැසුම ඉල්ලුවාය කියලා ගම වටේ කියෝනවා. මොන බාල වැඩක්ද.

මහින්දගෙන් ඉගෙන ගන්න. අනුරගෙ පුතාට මිහින් ලංකා එකේ රස්සාව දුන්නට මහින්ද තමන්ගෙ එවුන්ටවත් කවදාවත්ම ඒක කියල අනුරට ගහන්න දුන්නෙ නැහැ. අදවත් නැහැ. මහින්දලා හිතනවා ඇත්තෙ එහෙම රස්සාවක් දුන්නාම මොකද කියලයි. ඒක ඉස්කෝලෙට ළමයකු දාගන්න ප්‍රින්සිපල් ගුරුවරියකට උදව් කරනවා වගේ පොඩි දෙයක්. ඒවා එහෙම වෙනවා. එදත් වුණා. අදත් වෙනවා.

සරලවම මෙච්චරයි. මේ අය රාජ්‍ය පාලනයට පොඩි වැඩියි. ඉක්මනට ලොකු වෙන්න උත්සාහ කරන්න.

අතන මෙතන කයි කතන්දර කියනවට වඩා හොඳ නැද්ද පුළුවන් නම් හිටපු ජනාධිපතිවරුන්ගෙ ආරක්ෂාව ඉවත් කරලා පෙන්නන එක.

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...