The Leader News
BREAKING
Top Ad
Opinion

සටන් නළුවන් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 7, 2024 • 12:18 PM

සටන් නළුවන් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සටන මා බලන්නේ නැති වුවත් සුරංගව පමණක් ඉලක්ක කර දොස් කීම විහිළු සහගතය.
  • සුරංග ඇතුළු අනෙකුත් ඊනියා මාධ්‍යවේදීන් එම නාට්‍යයේ චරිත පමණී.
  • කථිකයන්ද සුරංග සමග ගැටෙන්නේ ඒ බව දැනගෙනය.
  • ඇතැමුන් සටනට යන්නේ මේ බව නොදැනය.
අකුරු ප්‍රමාණය (Font Size):

සටන මා බලන්නේ නැති වුවත් සුරංගව පමණක් ඉලක්ක කර දොස් කීම විහිළු සහගතය. සිරස සටන යනු තනිකරම ජනතාවට විනෝදය සපයන ටෙලි නාට්‍යයකි.

මා හිතවත් සුරංගගේ වට්ස්ඇප් ගිණුමේ ඔහු භාවිතා කරන පුද්ගලික විස්තර පාඨය වන්නේ “ගැටුමක් නැත්නම් නාට්‍යයක් නොමැත” යන්නයි. එය සත්‍යයකි. ඔහු ගැටෙන්නේ ඒ නාට්‍යය පිණිසය. සුරංග ඇතුළු අනෙකුත් ඊනියා මාධ්‍යවේදීන් එම නාට්‍යයේ චරිත පමණී. ඔවුන් පමණක් නොව එයට පැමිණෙන බොහෝ දේශපාලකයන් පවා කරන්නේ තනිකරම විනෝදජනක රංගනයකි.

සිරස සටන යනු තනිකරම ටෙලියකි. එයට යන විට අර තමන් වෙනුවෙන් අප්පුඩි ගැසීමට සහ බෙරිහන් දීමට දහ දෙනෙකු ගෙන යා යුතුය. සිරස මැදිරියට පැමිණි පසු ඔවුන්ට එම රංගනය කරන ආකාරය සිරසේ අධ්‍යක්ෂවරුන් විසින් උගන්වයි. ඇවිදගෙන ආ යුතු ආකාරය, කෑ කොස්සන් ගැසිය යුතු ආකාරය, වාඩි විය යුතු ආකාරය ආදිය කියා දෙයි. සියලු දෙනා තම තමන්ගේ චරිත රඟ දක්වයි.

 



සුරංග යනු දක්ෂ නළුවෙකි. මට අනුව රේඩියෝවේ හඩ්සන්ට සමාන රූපවාහිනී චරිතය සුරංග මිස චමුදිත නොවේ. ඔහු ඔතන ඔය මූලග්ගාය හැදුනා වගේ මේසය මත දිගා වෙමින්, උඩ පනිමින්, අරහෙට මෙහෙට හැරෙමින් කථිකයන් සමග ගැටෙන්නේ බොරුවටය. කථිකයන්ද සුරංග සමග ගැටෙන්නේ ඒ බව දැනගෙනය. එයින් ඔවුන්ට වැඩිපුර කාලයක් සහ ප්‍රසිද්ධියක් ලැබේ. There is no such thing called bad publicity කියා ප්‍රසිද්ධ කියමනක් තිබේ. නාට්‍යයක වුවත් අපට වැඩිපුර මතක හිටින්නෙ හොඳටම රඟ පෑ නළුවා පමණී. හොඳටම මතක හිටින්න නම් බොරුවට වලියක් දාගෙන නැගිට යා යුතුය. එය වැඩි කාලයක් මතකයේ රැඳේ.

ඇතැමුන් සටනට යන්නේ මේ බව නොදැනය. සිරස සටන පමණක් නොව, අනෙකුත් සියලු චැනල්වල දේශපාලන වැඩසටහන් වනාහි නාට්‍යයන් පමණී. ඒවා තිරගත කර අවසන් වූ පසු සියලු නළුවන් එකිනෙකාට සුබ පතා විහිළු තහළු කර විසිර යයි. ඔවුන් කරන්නේ ලංකාවේ නූගත් මෝඩ ජනතාවට අවශ්‍ය විනෝදය සැපයීම පමණී. ප්‍රබුද්ධ දේශපාලන සංවාද තුළ විනෝදයක් නැත. ඒවායේ තිබෙන්නේ බුද්ධිමය රසයකි. ලංකාවේ ටෙලිවිෂන් බලන්නේ එවැනි උසස් රසයක් නැති ප්‍රාථමික ගොඩයන්ය. රන් දෙපැය නරඹන මෝඩයා ඊළඟ පැය දෙකත් තිරය ඉදිරියේ තබා ගැනීමට නම් පෙන්විය යුත්තේ එවැනිම විනෝදජනක නාට්‍යයන්ය.

කොච්චර දරුණු ගැටුමක් ගියත් ඔය කිසිදු වැඩසටහනක “වෙලාව බලන්න” විරාමය නොගෙන ඉන්නේ නැහැ නේද? ඒක තමයි ඒ රංගනය වෙනුවෙන් ඔවුන්ට මුදල් ලැබෙන ක්‍රමය. ඒ කරන්නේ රංගනයක් බව එයින්ම වැටහිය යුතුය. “කට්” කියපු ගමන් රඟපෑම නවත්වන්නාක් මෙන් හැමෝම නවතියි. විරාමය අතරතුර මේකප් ටච්අප් කර, තේ වතුර බී සුහදව කතා කරයි. ඇක්ෂන් කියපු ගමන් නැවතත් අර නැවැත්වූ තැනින් පටන් ගනියි. තිරය දෙස බලා සිටින ගොබ්බ ප්‍රේක්ෂකයා හිතන්නේ අර ගැටුම් ඇත්තටම වෙනවා කියාය. සිරස සටනේ දුර්වලම නිළිය ඔමායාය. නිව්ස් කියන්නත් බැරි ඇයට හරියට රඟපාන්නත් බැරිය. නමුත් ඕනෑම ටෙලියක අධ්‍යක්ෂවරයා විසින් ගන්නේ දක්ෂ නිළියන්ම පමණක් නොවේ. (ගැටුමක් නැත්නම් නාට්‍යයක් නොමැත.) ධර්මය ඔබට මග වේවා!

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 නොවැම්බර් 7

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...