The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 10, 2024 • 11:42 AM

මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ටික තීරු බදු සහන මත ආනයනය කරන්නට දුන්නොත්, රටේ ඩොලර් ටික පිටරට යනවා.
  • එය අවසන් කරන එක අත්‍යවශ්‍යයි.
  • මේ මජර සංස්කෘතිය නැවත ඇති නොවන ආකාරයට නීති පනවන්නට ඕනැ. වරප්‍රසාදිත රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් පිරිසක් අවුරුදු පහෙන් පහට තීරු බදු සහනවලින් වාසි ලබාගන්නවා.
  • සමහර රාජ්‍ය නිලධාරීන්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යන විටත් තවත් වාහන බලපත්‍රයක් ලැබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ටික තීරු බදු සහන මත ආනයනය කරන්නට දුන්නොත්, රටේ ඩොලර් ටික පිටරට යනවා. රජයට ආදායමක් ලැබෙන්නෙත් නැහැ. රජයට ආදායමක් නැති නිසා රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නට වෙන්නෙත් නැහැ.

මේ බලපත්‍ර හිමියන් වැඩිදෙනෙකු ඒවා විකුණනවා. අවසානයේදී මෙයින් සිදුවෙන්නෙ වාහන ආනයනකරුවන් අධික ලාභයක් ලබන එක. ආනයනය කරන සැපපහසු වාහන මිල දී ගන්නෙ රාජ්‍ය නිලධාරීන් නෙමෙයි. ධනවත් ව්‍යාපාරිකයන්. සහන මිලට ඉන්ධන දුන්නොත්, ඒ සහනාධාරයත් වැඩිපුර භාවිතා කරන්නෙ ඔවුන්. ඉන්ධන ආනයනයත් ඉහළ ගිහින් රටේ ඩොලර් තව තවත් අහිමි වෙනවා.

 

ගාලුමුවදොර වාහනවල 'අයිතිකාරයෝ' ගැන නම් ලැයිස්තුවක් එළියට

මේ බලපත්‍ර වසංගතේ අවසන් කරන්නට ඕනැ. ඒකට බාධාවක් වෙන ප්‍රධානම වසංගතේ වෙන දොස්තර මාෆියාවෙත් දැන් හුළං බැහැලා තියෙන්නෙ. වාහන අවශ්‍ය සියලු රාජ්‍ය නිලධාරීන්ට රජයේ වාහන සංචිතයේ වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නට පුළුවන්. පහුගිය කාලෙ ප්‍රදර්ශනය කරපු වාහන එහෙම ඒ වෙනුවෙන් යොදාගන්නට පුළුවන්.

පසුගිය කාලයේ දේශපාලන සංස්කෘතිය ජරාජීර්ණ කරන්නට හේතු වුණ ප්‍රධාන කාරණයක් තමයි මේ වාහන පර්මිට් සංස්කෘතිය. එය අවසන් කරන එක අත්‍යවශ්‍යයි. මාලිමාවට ලංකාවෙ සමාජ සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් එක් ප්‍රධාන ආකාරයක් ඒක. මේ මජර සංස්කෘතිය නැවත ඇති නොවන ආකාරයට නීති පනවන්නට ඕනැ. 

වරප්‍රසාදිත රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් පිරිසක් අවුරුදු පහෙන් පහට තීරු බදු සහනවලින් වාසි ලබාගන්නවා. සමහර රාජ්‍ය නිලධාරීන්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යන විටත් තවත් වාහන බලපත්‍රයක් ලැබෙනවා. ඇතැම් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට පාවිච්චි කළ වාහනය ගෙදර ගෙන යන්නට පුළුවන්. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර වාහන පර්මිට් හිමිවූ රාජ්‍ය නිලධාරින් කවුද ?

මේ මජර සංස්කෘතිය නිසා පර්මිට් හිමියන් නොවන අයට මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, පුංචි කාර් එකක් මිල දී ගන්නත් අති විශාල බද්දක් ගෙවන්නට සිදු වෙනවා.

මාලිමා ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට රාජ්‍ය නිලධාරීන්ට පර්මිට් ලබාදීමට විරුද්ධ වෙන්නටත් පුළුවන්. මේ මජර සංස්කෘතිය පටන් ගත්තෙ දේශපාලනඥයන්ගෙන්. ඒක දේශපාලනඥයන්ගෙන්ම අවසන් කළ යුතුයි. දේශපාලකයන්ට දුන්න වරප්‍රසාද තමයි ඔය ඉන් පස්සෙ රාජ්‍ය නිලධාරීනුත් තමන්ට ලියාගත්තෙ. 

මාලිමාවට තුනෙන් දෙකේ බලයක් වුණත් දිය යුතු එක හේතුවක් මේක. හැබැයි, දේශපාලනඥයන්ට මේක අහිමි කරලා රාජ්‍ය නිලධාරීන්ට දෙන්න බැහැ. මේ මජර වරප්‍රසාදය අයින් කරලා කාටත් සාධාරණ තීරු බද්දක් වාහනවලට පනවන්න.

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...