The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතික ජන බලවේගයට මාක්ස්වාදීන් ඡන්දය දිය යුත්තේ ඇයි? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

November 10, 2024 • 12:07 PM

ජාතික ජන බලවේගයට මාක්ස්වාදීන් ඡන්දය දිය යුත්තේ ඇයි? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාදඩ ධනය ඇති ප්‍රභූ පන්තිය අත තිබූ රාජ්‍යය බලය එදා ඔවුන්ගෙන් ගිලිහුණා.
  • සමාජවාදී සමාජයකට සමාජය විතැන්වෙන්න නම් තව කාලය අවශ්‍යයි.
  • ලබන 16 වන දා හිමිදිරිය උදාවනවිට පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරය ජාතික ජනබලවේගය සතුවේවි.
  • (පිලිප් ශාන්ත) සමාජ හා දේශපාලන ක්‍රියාකාරික shan.info1978@gmail.com (උපුටා ගැනීම - Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්..).
අකුරු ප්‍රමාණය (Font Size):

පාදඩ ධනය ඇති ප්‍රභූ පන්තිය අත තිබූ රාජ්‍යය බලය එදා ඔවුන්ගෙන් ගිලිහුණා. රනිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රීපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස එදා ඉතිහාසයේ කුණුකූඩයට වැටුණා.

එදා රාජ්‍ය බලය නිර්ප්‍රභූ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අතට තල්ලු වුණා. ගල්ගමුවෙ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති වුනා. අපිට සතුටු වෙන්න ඒකම ඇති. මොකද අපේ පන්තියෙ එකෙක් ජනාධිපති වුනේ එදා. දැන් ඒ අනුර කුමාරට පාර්ලිමේන්තුවෙ වැඩි බලයක් ඕන. මෙවර අපි කරන්න ඕන අනුර කුමාර දිසානායක ශක්තිමත් කරන පාර්ලිමේන්තු බලයක් ජාතික ජනබලවේගයට ලබාදෙන එකයි.

බලය අහිමිවීමෙන් කුලප්පු වුන ප්‍රභූ පන්තිය විවිධ අන්දමෙන් නහයෙන් අඬමින් ජාතික ජන බලවේගයට ඔච්චම් කරනව. ඒ අස්සෙ තමන් විප්ලවාදීන් කියල තමන්ම හදුන්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් විවිධ කතා කියනව. මම හිතන්නෙ මේ කන්කෙඳිරිලි දේශපාලන වශයෙන් අදාළම නැහැ. අප කළ යුත්තේ ජාතික ජනබලවේගය ශක්තිමත් කරන එක පමණයි. 

 

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
ජාතික ජනබලවේගය කියන්නෙ සිතූ පැතූ දේ ලබාදෙන කප් රුකක් නෙවෙයි. නොවරදින ප්‍රවීනයන් ඉන්න බුද්ධිමය ගඟුලක් නෙවෙයි. හැබැයි මේ රටේ ප්‍රභූ පන්තියට අභියෝග කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් තමයි ඒක. අද ලෝකය පුරා නව ලිබරල්වාදය අතාර්කික වෙමින් පවතිනවා. සමාජවාදී සමාජයකට සමාජය විතැන්වෙන්න නම් තව කාලය අවශ්‍යයි. මේ යුගය තුළ වලංගු වෙන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයයි. ලංකාවෙ ඒ කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.

ජාතික ජන බලවේගය තුළත් දේශපාලන පරස්පරතා එමටයි. නමුත් එනිසා යළි ප්‍රභූ දේශපාලනයකට ඉඩ දිය යුතු නැහැ. ජාතික ජනබලවේගයේ අපෝහකවාදී ඊලග පියවර කොමියුනිස්ට් ක්‍රමයක් මිසක් ගර්හිත අර්බූද ධනවාදය නොවිය යුතුයි. එනිසා දකුණේ වික්‍රමසිංහ, රාජපක්ෂ, බණ්ඩාරනායක, සිරිසේන හා ප්‍රේමදාසවාදීන් දැන් විශ්‍රාම යා යුතුයි. මේ දේශපාලනය පෙරටුගාමීන් තේරුම් නොගන්නට ඔවුන් අභාවයාගේ අභාවය නම් න්‍යායට අනුව දේශපාලනයෙන් තුරන් වේවි. පුබුදු ජාගොඩලා උත්සාහ කරන්නේ එය ඉක්මන් කිරීමටයි.

ලබන 16 වන දා හිමිදිරිය උදාවනවිට පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරය ජාතික ජනබලවේගය සතුවේවි. එදා අපේ රටට අලුත් ඉරක් උදාවේවි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ජය ගනීවි. එය මාක්ස්වාදීන් බලාපොරොත්තු වන කොමියුනිස්ට් යුගයේ පළමු පියවර වේවි.

අර්බූද ධනවාදය බංග වේවා.

pilip shantha(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com

(උපුටා ගැනීම - Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...