The Leader News
BREAKING
Top Ad
Opinion

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 11, 2024 • 6:35 AM

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අනුරගේ ජයග්‍රහණයට වෙනස් දෙයක් ලෙස ඊනියා ජාතිකවාදීන් මෙන්ම නූගත් මාලිමාකාරයන්ද කල්පනා කරයි.
  • ජනප්‍රියවාදය සහ ජනකාන්තවාදය වැනි වචනවලින්ද ඇතැමුන් හඳුන්වන “ජනතාවාදය” යනු රටක ජනතාව සාමාන්‍ය (ordinary) සහ ප්‍රභූන් (elite) ලෙස පන්තිමය වර්ගීකරණයකට ලක් කර ඒ හරහා සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමයි.
  • සාමාන්‍ය ජනතාව දුක් විඳින බවත්, එම දුක්ඛයට හේතුව සැප විඳින ප්‍රභූන් බවත් කියමින් දේශපාලනය කිරීම ජනතාවාදයයි.
  • සාමාන්‍ය ඇමරිකානුවන් දුක් විඳින්නේ ඇමරිකානු එලීට් එක නිසා බව ඔහු කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
එය අනුරගේ ජයග්‍රහණයට වෙනස් දෙයක් ලෙස ඊනියා ජාතිකවාදීන් මෙන්ම නූගත් මාලිමාකාරයන්ද කල්පනා කරයි. එය හුදෙක් මතුපිට කියවීමකි. මා කියන්නේ අනුර සහ ට්‍රම්ප් දෙදෙනාම දින්නේ එකම ආකාරයට කියාය. එනම් ජනතාවාදය (populism) හරහාය.
 
අනුර කුමාර දිසානායකගේ 'පුනරුදය' හමුවේ වෙඩිවර්ධනගේ 'කුමාරොදය' වරනැගීම -  (ජිමුත් ඉඳුසර)

ජනප්‍රියවාදය සහ ජනකාන්තවාදය වැනි වචනවලින්ද ඇතැමුන් හඳුන්වන “ජනතාවාදය” යනු රටක ජනතාව සාමාන්‍ය (ordinary) සහ ප්‍රභූන් (elite) ලෙස පන්තිමය වර්ගීකරණයකට ලක් කර ඒ හරහා සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමයි. අනුර කුමාරගේ සමස්ත දේශපාලන ආඛ්‍යානයම එම ජනතාවාදයයි. සාමාන්‍ය ජනතාව දුක් විඳින බවත්, එම දුක්ඛයට හේතුව සැප විඳින ප්‍රභූන් බවත් කියමින් දේශපාලනය කිරීම ජනතාවාදයයි. ට්‍රම්ප්ගේ දේශපාලනයත් එයයි. සාමාන්‍ය ඇමරිකානුවන් දුක් විඳින්නේ ඇමරිකානු එලීට් එක නිසා බව ඔහු කීවේය. ට්‍රම්ප් කීවේ “වගුර හිස් කරනවා” කියාය (drain the swamp). අනුර කියන්නේ “දියවන්නා වගුර පිරිසිදු කරනවා” කියාය. අනුර යනු ලංකාවේ ට්‍රම්ප්ය.

ලංකාවේ ඊනියා ප්‍රභූ පන්තිය සංකේතවත් කිරීමට ජවිපෙ විසින් නිර්මාණය කළ සන්නාමය “රාජපක්ෂ” යන්නයි. රාජපක්ෂලා සැබැවින්ම ප්‍රභූන් නොවේ. ඒ නිසාම ඔවුන්ද එම ප්‍රභූකරණයට කැමති විය. එය දීර්ඝකාලීන කුමන්ත්‍රණයක් බව ඔවුන්ට වැටහුණේ නැත. එයම ඔවුන්ට විනාශය ගෙන ආවේය. ලංකාවේ සැබෑ එලීට් එක රනිල් ආදීන් අයත් පන්තියයි. නමුත් නිර්මාල් දේවසිරි විසින් “වික්‍රමසිංහවාදය”ක් ලීවේ නැත. දේවසිරි විසින් සැබෑ ප්‍රභූන් බේරා, “ප්‍රභූ පඹයෙක්” හැදුවේය. රදල-ගොවිගම වික්‍රමසිංහලාගේ රෙදි නෛසර්ගිකව සේදූ අඩු කුලේ උදවිය ගහන්නේ තමන් හදා ගත් පඹයන්ටය.
 
මහින්ද අගමැතිවන ප්‍රචාර ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්
 
මා දැන් ගැඹුරු දේශපාලන විචාර ලියන්නේ නැත. ඒවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ලංකාවේ මහා ජනතාවට නොමැත. මා මෙහි කියන දෙය තේරුම් ගැනීමට බොහෝ වැසියන්ට නොහැකිය. මහින්ද රාජපක්ෂට හොරා කීම හුදෙක් දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස සිතන්නෝ බොළඳයෝය. නාමල් හිතන්නේ අනුරගේ කටින් “මහින්ද හොරෙක් නොවේ” කියා කියා ගත් විට ජනතාව එය පිළිගන්නා බවය. එය විහිළුවකි. උගන්ඩා කතාව කියූ අයම එය බොරුවක් කියා කීවත් ජනතාව එය පිළිගන්නේ නැත. කවදා හෝ දවසක “මහාමොළකරුවෙක් නැහැ” කියා කාඩිනල් පූප කඩා කමින් කීවත් ජනතාව එය පිළිගන්නේ නැත. “ජනතාවාදය” යනු එයයි. එය ප්‍රාථමික මානව ලක්ෂණයක් මත නිර්මාණය කළ ප්‍රබල දේශපාලන මතවාදයකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි
 
ඇතැමෙකු කියනු ඇත්තේ ට්‍රම්ප්ද ප්‍රභූ ධනපතියෙකු බවය. එසේය. නමුත් ට්‍රම්ප්ගේ මතවාදය ඔහුද ඇතුළු ප්‍රභූ පන්තියට එරෙහිවය. එය කමලා හැරිස්ට වැනි හැඳි මිටකට තේරුණේ නැත. ඇය වටා සිටියේ හොලිවුඩ් තරුය. ඇමරිකානු සාමාන්‍ය ජනතාවට හොලිවුඩ් තරු පේන්න බැරිය. ඊලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම මිනිසාය. නමුත් ඔහු ජීවත් වෙන්නේ කුඩා නිවසකය. ඔහු කතා කරන්නේ, අඳින්නේ, කන්නේ බොන්නේ සාමාන්‍ය ඇමරිකානුවෙකු ලෙසය. ජනතාවාදය තම වාසියට යොදා ගැනීමට නම් එසේ හැසිරිය යුතුය.
 
අනුර කුමාර තවමත් වේදිකාවේ කියන්නේ මහින්දගේ නිල නිවාස, වාහන, ආරක්ෂාව, විශ්‍රාම වැටුප් ආදිය ගැනය. ඔහුට වෙන කියන්නට දෙයක් නැත. වෙනත් කියන්නට දෙයක් අවශ්‍යත් නැත. ජනතාවාදය සඳහා කළ යුත්තේ සැප විඳින ප්‍රභූ පන්තියක් සිටින බව පෙන්වීම පමණී. ඉතිරිය මෝඩ ජනතාව විසින් කර ගනී. මෙවැනි මතවාදයක් ප්‍රචාරණය ඔස්සේ වෙනස් කළ නොහැකිය. කළ හැක්කේ වෙනත් පඹයෙක් හැදීම පමණී.
මේ වන විට NPP ආණ්ඩුව ඔවුන්ගේ ජනතාවාදයේම ගොදුරු බවට පත් වෙමින් තිබේ. අනුර කුමාර දැන් වාහන පිරිවරාගෙන හෙලිකොප්ටර්වලින් යයි. හරිනි අමරසූරිය ඩයනා කුමරියට සමාන කර ගනියි. විජිත කුමාර බෝ ටයි පළඳියි. වෙන එකක් තබා ලාල් කාන්ත රේන්ජ් රෝවර් ඩිස්කවරියකින් ගමේ රැස්වීමට බහියි. මේ දවස්වල නිර්මාල් දේවසිරි ගලේ පැහැරූ බළලා සේ ඉන්නේ ඒ නිසාය. විදර්ශන කන්නන්ගරට කියන්නට ඇත්තේ ජනතාවාදයේ මධුසමය විඳවපන් මචෝ කියාය. මේසය කැරකීමට තව වැඩි කල් යන්නේ නැත. නමුත් මේ දේශපාලන මතවාදය තේරුම් ගැනීමට හැකි විරුද්ධ පක්ෂයක් තවම නොමැත. තේරෙනවා නම් තේරෙන්නේ සමබිම පක්ෂයේ දීප්ති කුමාරට පමණී. ධර්මය ඔබට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 නොවැම්බර් 10


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...