The Leader News
BREAKING
Top Ad
Opinion

පන්ති භේදය දෙදරා යාම සහ දේශපාලනය ජනතාකරණය වීම! - (ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)

T

The Leader Desk

November 14, 2024 • 10:55 AM

පන්ති භේදය දෙදරා යාම සහ දේශපාලනය ජනතාකරණය වීම! - (ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ සමයේදීය.
  • එහෙත්, තමන් වැටී සිටි අපායෙන් ගොඩ එන්නට ලබා දුන් නිදහසට ඇතැම් වහල් ශ්‍රමිකයින් කැමති වූයේ නැත.
  • බොහෝදෙනෙක් එතුමගේ කකුලෙන් ඇද්ද අතර රටේ සිටින් හැමෝම ඉගෙන ගත්තොත් ප්‍රභූන්ගේ ගෙවත්තක පොල් ගෙඩියක් කඩන්නවත් කොල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියා ඇතැම් ප්‍රභූවරු පැවසූහ.
  • ඒ එවකට කොළඹ ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එච්.එම්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ සමයේදීය.

එහෙත්, තමන් වැටී සිටි අපායෙන් ගොඩ එන්නට ලබා දුන් නිදහසට ඇතැම් වහල් ශ්‍රමිකයින් කැමති වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ තවදුරටත් වහල් සේවයේම යෙදීමටය.

1945 ජූලියේදී නිදහස් අධ්‍යාපන පනත සම්මත ඉදිරිපත් කළේ සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාය. එතුමාට ඒ වෙනුවෙන් පැය ගණන් මන්ත්‍රණ සභාවේ කතා කරන්නට විය. බොහෝදෙනෙක් එතුමගේ කකුලෙන් ඇද්ද අතර රටේ සිටින් හැමෝම ඉගෙන ගත්තොත් ප්‍රභූන්ගේ ගෙවත්තක පොල් ගෙඩියක් කඩන්නවත් කොල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියා ඇතැම් ප්‍රභූවරු පැවසූහ. එදා එම පනත සම්මත කර ගැනීමෙන් පසු සභා ගැබෙන් පිටතට පැමිණෙද්දී ඔහු අසලට අමුත්තෙක් කිට්ටු විය. ඒ එවකට කොළඹ ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එච්.එම්. ආනේ මහතාය.

රටට අවශ්‍ය ගුරු බලයක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහසී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර

 

“ඔබ අපේ රටේ ඉපදිලා මේ වගේ පනතක් ඉදිරිපත් කළා නම් දෙවියන්ට වගේ සලකනවා.” ඔහු කන්නන්ගර මහතාට අත දෙමින් එසේ පැවසුවේය. 


1947 මහ මැතිවරණය පැවැත්විණි. රටේ ජනතාව ඔහුට ඉහළම සැලකිල්ල දැක්වූයේ ඔහුව පරාජයට පත් කරමිනි. නිදහස් අධ්‍යාපනයේ පියා ගෙදර යවමින් රබර් ව්‍යාපාරිකයෙකු වූ විල්මට් ඒ. පෙරේරා මහතාව රටේ ව්‍යවස්ථාදායකයට පත් කිරීමට ජනතාව කටයුතු කළහ. හෙතෙම ප්‍රකට වූයේ රබර් රජ්ජුරුවෝ නමිනි.

රටක අභිවෘද්ධිය උදෙසා හෘද සාක්ෂියට එකඟව අධිෂ්ඨානශීලීව පෙනී සිටින බොහෝ දෙනාට ඇතැම් විට එහි ගෞරවය හිමිවන්නේ බොහෝ කලක් ඉක්මගිය පසුව ය. ඔවුන් කළ මෙහෙවරෙහි වටිනාකම බොහෝවිට සමාජයට ඒත්තු යන්නේ ද බොහෝ කලකට පසුව ය. වර්තමානයේ අපේ රට මුහුණ දී සිටින තත්ත්වය සහ අපේ රටේ දේශපාලනයේ තත්වය පිළිබඳව සුපරික්ෂාකාරීව බලන විට ඒ බව මනාව පසක් වෙයි.

මේ රටේ වසර ගණනාවක් තිස්සේ පැවති සම්ප්‍රදායික දේශපාලනය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කොට නව දේශපාලන ව්‍යාපාරයකට රට භාර දෙන්නට තීන්දු කළේ මේ රටේ ජනතාවම ය. 

 

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
අප කැමති වේවා අකමැති වේවා මේ වනවිට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ බලවේග ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට අවසන්ය. ජනතාව කල්පනා කොට ඇත්තේ හැත්තෑ වසරකට අධික කාලයක් මුළුල්ලේ මාරුවෙන් මාරුවට කරනු ලැබූ දේශපාලන ක්‍රියාවලිය වෙනස් විය යුතු බවය.

පසුගිය මැතිවරණයෙන් පිළිඹිබු වූයේ එයයි. සාමාන්‍යයෙන් මෙරට තෙවන බලවේගය ලෙස ක්‍රියාත්මකව තිබූ ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණේ සියයට තුනකට ආසන්න සහ සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය ඉක්මවන බලයකි. පසුගිය ජනාධිපතිවරණයට පෙර ඔවුන් නැවතී සිටියේ සියයට තුනක් තරම් වූ අගයක ය. එය විශ්වාස කළ නොහැකි තරම් බරපතල පරිවර්තනයකට ලක් වෙමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දක්වා ඉතිහාස ගත ලෙස ඉහළට ගියේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට බොහෝ පාර්ශව සෘජුවම ඔහුගෙන් ඇසුවේත්, තවත් පාර්ශව ස්වකීය මැතිවරණ සමීක්ෂණ සඳහා තර්කානුකූලව යොදාගත්තේත් ඔවුන් සතුව තිබූ සියයට තුනක ප්‍රමාණය මැතිවරණ ජයග්‍රහණයක් දක්වා පරිවර්තනය කර ගැනීම යනු මින් පෙර ලෝකයේ කිසිදාක සිදු නොවුනත් බවය.

අනුර කුමාර දිසානායකගේ 'පුනරුදය' හමුවේ වෙඩිවර්ධනගේ 'කුමාරොදය' වරනැගීම -  (ජිමුත් ඉඳුසර)

 

එහෙත් අනුර දිසානායක මහතා අපේක්ෂකයාව කටයුතු කරමින් සිටියදී ඒ ප්‍රශ්නයට ඉතා කෙටි උත්තරයක් ලබා දුන්නේය.

"ලෝකෙ කොහෙවත් නොවිච්ච දේ ලංකාවේ වෙන්න පුළුවන්"

ඒ කෙටි පිළිතුර ප්‍රායෝගිකව මැතිවරණයේදී යථාර්ථයක් බවට පත්විය.

අනුර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ තේමා ගීතයේ එක් තැනක මෙහෙම තිබුණි.


"සියවස් ගණනක අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙක්"

සම්ප්‍රදායිකව පක්ෂ වලට පාට වලට සහ කණ්ඩායම් වලට බෙදීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් නැති බව මේ රටේ ජනතාව නිශ්චිතව අවබෝධ කර ගත්තේ වසර හැත්තෑ ගණනකට පසුවය. එය කොයි කාටත් අදාලය.

ආණ්ඩුව බිහි කරන්නට චන්ද ලැබුණේ වෙනත් ග්‍රහලෝකයකින් හෝ වෙනත් රටකින් නොව ලංකාවේම පුරවැසියන්ගෙනි. ඔවුන් මෙතුවක් කල් නියෝජනය කළේ විවිධ දේශපාලන කඳවුරුය.අනුර දිසානායක මහතා ජයග්‍රහණය කරන තුරු ඇතැමුන් තුළ ඔහු සහ ඔහුගේ ව්‍යාපාරය පිළිබඳව කිසියම් සැක සංඛ්‍යාවක් තිබුණි. අද වන විට ඔහුට ඡන්දය දුන් සහ නොදුන් සියලු දෙනාම ඔහු පිළිබඳව බලවත් විශ්වාසයක් තබා තිබේ. එමෙන්ම අද ඔවුන් තුළ අධිෂ්ඨානයක් හට ගෙන තිබේ. ඒ වෙන කවදාටත් වඩා පරිවර්තනීය අධිෂ්ඨානයකි.විප්ලවීය බලාපොරොත්තුවකි.

මේ ආණ්ඩුව බිහිවීම සම්බන්ධව නොසතුටින් සහ තිගැස්මෙන් සිටින කණ්ඩායම් දෙකක් වෙයි.එක් කණ්ඩායමක් දූෂිත මර්ධනකාරී සහ අසාධාරණ ලෙස පසුගිය යුගයේ කටයුතු කළ සහ මහජන දේපළ කොල්ලකෑ කණ්ඩායමය.අනෙක් කණ්ඩායම වන්නේ කාලාන්තරයක් තිස්සේ හුවමාරු ක්‍රමයට බලය තමන් ළඟ තබාගෙන සිටි ප්‍රභූ පැලැන්තිය ය.


ජනාධිපතිවරයා තමන්ගේ අභිමතයට සහ තමන්ගේ වුවමනාවන්ට අවනත කරගත නොහැකි බව මේ රටේ දූෂිත, කොල්ලකාරී කණ්ඩායම් දනී. නමුත් ඔහුට මේ මොහොතේ ක්ෂණිකව සෘජුව ප්‍රහාර එල්ල කිරීම අපහසු බවත් ඔවුන් දනී. ඒ නිසා ඒ දූෂිත කල්ලි විසින් සිදු කරන්නේ ඔහු විසින් පත් කරන ලද සුවිශේෂීම චරිත දෙකක් ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමය. ඒ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන දෙදෙනා ය. ශානි සහ රවි යන නිලධාරීන් දෙදෙනාගේ ඉතිහාසය අතිශය කීර්තිමත්ය.

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් සේවාවක් ඉටු කළ නිලධාරීන් දෙදෙනෙකු ලෙස ඔවුන් දෙදෙනාම ප්‍රකටය. ඔවුන් දෙදෙනා නීතියට පමණක් හිස නමන, දේශපාලනඥයින්ට ගැති නොවන නිලධාරීන් දෙදෙනෙක් බව ඕනෑම කෙනෙක් දනී.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම හිටපු බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු වන රවි සෙනෙවිරත්න, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් තිදෙනා යටතේ අඛණ්ඩව සේවය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) එකම ප්‍රධානියා විය. රාජපක්ෂවරුන් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී දුමින්ද සිල්වා හෝ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන වැනි රෙජීම හිතවාදීන්ට එරෙහිව පරීක්ෂණ මෙහෙයවූ තම නිලධාරීන් හෙතෙම ආරක්ෂා කළේය.

 

448061715 779694697668293 141480366897558244 n
ඔහු යටතේ සේවය කළ ශානි අබේසේකර ශ්‍රී ලංකා ඉතිහාසයේ නිර්භීතම සහ දක්ෂම රහස් පරීක්ෂකයා ලෙස ප්‍රකටය. පසුගිය වසර 20 තුළ ඔබට කිසියම් සංකේතාත්මක මිනීමැරුම් වරදක් මතක තබා ගත හැකි නම්, එය බොහෝ දුරට ශානි විසින් පෞද්ගලිකව විමර්ශනය කර ඇති සහ ඔවුන්ගේ සාක්‍ෂි මගින් වරදකරුවන් වූ ඝාතන 35 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් තබා ඇත.

කිසි විටෙක බලයට නිලයට සහ දේශපාලනයට යටත් නොවී ස්වාධීනව, අපක්ෂපාති ව, නීතිගරුකව තම මෙහෙවර ඉටු කිරීම පිළිබඳව ඔවුන් දෙදෙනා කෙරෙහි විවිධ පාර්ශ්ව ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් පසුවන බව නොරහසකි. විශේෂයෙන්ම පෙර සඳහන් කළ දූෂිත කොල්ලකාරී කල්ලිය දන්නා එක දෙයක් තිබේ. ඔවුන්ට අනුර දිසානායක ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට නොහැකි බව දනී. ඒ වගේම ශානි රවී දෙදෙනාද තමන්ට අවශ්‍ය පරිදි රූකඩ බවට පත්කර ගැනීමට නොහැකි බව ඔවුන් දනී.

නීතියට අනුව කටයුතු කළ සහ කිසිම හේතුවකට දේශපාලනඥයින්ට හෝ වෙනත් බලවේග වලට යටත් වුණේ නැති නිසාම ඔවුන් දෙදෙනාට එරෙහි කණ්ඩායම් උත්සාහ කරන්නේ දිගින් දිගටම මේ චරිත දෙක ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කොට ඒ දෙදෙනා පිළිබඳ විශ්වාසනීයත්වයට හානි කිරීමටය.

 
 

මහජන චන්දයෙන් පැමිණි අනුරට එකවරම දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම අපහසු බව දන්නා ඔවුන් රජ තන්ත්‍රයේ කීර්තිමත් නිලධාරීන් දෙදෙනා ඉලක්ක කරගෙන දරුණු ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටි.

ශානි සහ රවී කරන ලද විමර්ශනවලදී බලගතු කණ්ඩායම් වෙතින් ඔවුන්ට මොන තරම් අභියෝග සහ බලපෑම් පැමිණියද ඒ කිසිවක් ඉදිරියේ ඔවුන් පසුබා ගියේ නැත. පසුගිය රාජපක්ෂ සමය තුළ මොවුන් දෙදෙනාටම බරපතල පළිගැනීම් වලට මුහුණ දෙන්නට සිදුවූයේ ඒ නිසාය. එය යහපාලන සමයේදී පවා ලොකු වෙනසකට ලක් වුණේ නැත. අදාළ පළිගැනීම් ගෝඨාභය රාජපක්ෂ සමයේදී ඉතාම උග්‍ර තත්ත්වයට පත්විය.

තමන් විසින් කරනු ලැබූ විමර්ශනවල ඇත්ත රටට හෙළිදරව් කිරීමත්,වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමත් වෙනුවෙන් මේ දෙදෙනා පෙනී සිටින විට ඊට නිරන්තරයෙන් බාධා පැමිණි අතර ඒ දෙදෙනාම සාධාරණත්වය අපේක්ෂා කරමින් පසුගිය ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩ විය.

වර්තමාන ආණ්ඩුව ඔවුන්ව සුදුසු තනතුරු වලට පත්කොට තිබීම, කොල්ලකාරී දූෂිත කණ්ඩායම් වලට භීතිය ගෙන දෙන්නකි. වෛරය උස්සන්න වන්නකි. ප්‍රමුඛ කොට ජනාධිපතිවරයාට එල්ල කළ නොහැකි විවේචනය, විවිධ පාර්ශ්ව යොදා ගනිමින් රවී සහ ශානි දෙදෙනාට එල්ල කරමින් සිටින්නේ එම භීතිය, ඊර්ෂ්‍යාව සහ වෛරය නිසාය.

ඒ ප්‍රහාර එල්ල කිරීමට සෘජුව මැදිහත්වීමට නොහැකි කණ්ඩායම් තමන්ගේ ඉත්තන් ඒ සඳහා යොදා ගනිමින් සිටි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද, නීති ක්ෂේත්‍රයේද, ආගමික ක්ෂේත්‍රයේද, මාධ්‍ය ක්ෂේත්‍රයේ ද මෙකී නොකී විවිධ ක්ෂේත්‍රවල සිටින ඉත්තන් යොදා ගනිමින් ඔවුන් සිය අභිමතය ඉටුකර ගැනීමට වෙහෙසෙමින් සිටි.

 

රට අනුරට: රෝගී සමාජවලට ප්‍රජාතන්ත්‍රවාදය සිදුකරන අපහරණය - (ලක්ෂ්මන් අරවින්ද)

ජනතාව විමසිල්ලෙන් සහ අවදියෙන් සිටිය යුත්තේ මේ පිළිබඳවය. වඩාත් යහපත් ශිෂ්ඨසම්පන්න රටක් බිහි කර දීමටත්, නීතියට ගරු කරන, සමාජයක් නිර්මාණය කිරීමටත් ඇප කැප කැපවී සිටින නිලධාරින් ඉලක්ක කරගෙන පහත් කොන්ත්‍රාත් ඉටුකරන අවස්ථාවාදී ඉත්තන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුම ය.

එක් පැත්තකින් අනුර ශානි සහ රවී ඇතුළු කණ්ඩායම ඉලක්ක කර ගනිමින් දූෂිත කොල්ලකාරී පිරිස විසින් විවේචන සහ ප්‍රහාර එල්ල කරද්දී, තවත් පැත්තකින් පන්ති ප්‍රශ්නය මුල් කරගෙනද අනුර දිසානායක මහතාට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ.

සම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තියෙන් පරිබාහිරව මේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි වර්තමාන ජනාධිපතිවරයාගේ සාමාන්‍ය හැසිරීම, ඇවතුම් පැවතුම් පිරිසකට ඔරොත්තු දෙන්නේ හෝ දරාගෙන සිටීමට හැකි වන්නේ නැත.

 

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)
රණසිංහ ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වූ සාමාන්‍ය පැලැන්තියේ පුද්ගලයෙක් බව ඇත්ත ය. එහෙත් ඔහු පැමිණියේ මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයේ නායකයා ලෙසය. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වන්නේ සීයට තුනක්ව පැවති සහ ප්‍රධාන පක්ෂ දෙකට සාපේක්ෂව එතරම් ජනතාව සමඟ නොතිබුණු දේශපාලන ප්‍රවාහයක පරිවර්තනීය නායකයා ලෙසය. ඔහු විසින් තැබූ ඓතිහාසික වාර්තාව පිලිබදව තවමත් කිසිවෙකු නිසි බරක් තබා ඇගැයීමකට ලක් කොට නැත.

3%ක්ව පැවති දේශපාලන ව්‍යාපාරයක්  බලය ලබා ගැනීම දක්වා මෙහෙයවීම බොහෝ දෙනා දැක්කේ කරන්නට අමාරු දෙයක් ලෙස නොව,කරන්නට බැරි දෙයක් ලෙසය. ඒ කරන්නට බැරි දෙය,ඈත දුෂ්කර ගමකින් පැමිණි මේ මිනිසා සිදුකොට තිබේ. පවුල් සහ ප්‍රභූ දේශපාලනය ආසියානු රටවල ප්‍රවේණිගත රටාවක් වූ අතර එහෙම වූ සියලු ම රටවල් පාහේ 'අසමත්' රටවල් බවට පත්ව තිබේ.

ගාන්ධිලාගේ කොංග්‍රසය දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව පාලනය කළේය.එක පිට එක කොංග්‍රසය මැතිවරණ ජයග්‍රහණය කරද්දී භාරතීය ජනතා පක්ෂය අසරණව බලා සිටියේය. ඒ තත්ත්වය වෙනස් කරන්නට පැමිණියේ ගාන්ධිලාම කීව විදිහට "දුම්රියේ තේ විකුණපු කොලුවෙකි"! අවුරුදු හතළිස් දෙකකට පසු ඉන්දියානු ජනතාව පවුල් පාලනය පෙරළා දමා දුම්රියේ තේ වික්ක කොල්ලාට භාරතය බාර දුන්නේය.

එහෙත් ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු දශක පහක් පමණ වරින්වර රට පාලනය කළ කොංග්‍රසයේ සෝනියා, ප්‍රියංකා, රාහුල් ඇතුළු ගාන්ධි පවුල ම මෝඩිට පහර දුන්හ. ප්‍රියංකා වරක් මෝඩිට කීවේ "නීචී රාජ්නිති" කියලා ය.

 

මෝඩි දිනුවේ ජාතිවාදය උසුගන්වලා, ලංකාවේත් එහෙම වෙන්න දෙන්න බැහැ'' - වාසු
"මම තේ වික්ක බව ඇත්ත. හැබැයි මම රට වික්කේ නෑ"

අප්‍රමාණ ගර්හාවලට මෝඩි දුන්නේ වචන පහ හයක උත්තර ය.

උත්තර් ප්‍රදේශයේ බහුජන සමාජ පක්‍ෂයේ ප්‍රධානී හිටපු මහඇමැතිනී මායාවතී මෝඩිට නිග්‍රහ කළා ය. බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි කීවේ මෝඩි වඳුරෙක් කියා ය. අන්තිමට සියල්ල සිදු වුණේ මෝඩි අගමැති කරමින් ය. අද ඉන්දියාව පරිවර්තනීය රටක් බවට පත්වෙමින් තිබේ. ඕනෑම රටක සම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තිය සහ එකී ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පිරිස් සාමාන්‍ය පැලැන්තියෙන් මතු වන නායකයින්ට පවතින්නට ඉඩ දෙන්නේ නැත.


එය අපේ රටේද සැබෑ ස්වරූපයයි!
 
පුවත් - Results from #20
සාමාන්‍යයෙන් ආණ්ඩු වෙනසක් සිදුවීමෙන් පසුව ඕනෑම විපක්ෂයක් එකී ආණ්ඩුවට සිය ජන වරමට අනුව නිදහසේ කටයුතු කරගෙන යාමට ටික කාලයක් හෝ ඉඩකඩ ලබාදෙයි.එය සාමාන්‍යයෙන් එදා මෙදා තුර අප දැක ඇති සත්‍ය ස්වභාවයයි. එහෙත් මෙවර එය එසේ වී නැත.

බෙහෙවින්ම දුෂ්ට ලෙසත්, අසීලාචාර ලෙසත්,ආණ්ඩුව බිහිවී මාස දෙකක්වත් ගත නොවුනු මේ මොහොතෙත් කකුල් මාට්ටු දමන්නට දූෂිත කණ්ඩායම් කටයුතු කරමින් සිටි.
 
මේ ආණ්ඩුවට සිටින්නේ ජනාධිපතිවරයා ඇතුලුව තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් පමණි.. කැබිනට් මණ්ඩලයම තිදෙනෙකි.ගරා වැටුණු සහ ජරාජීර්ණ වූ පැවති රටක් සහමුලින්ම මේ තිදෙනාට ක්ෂණයකින් වෙනස් කළ හැකිද?. එළැඹෙන්නට නියමිත අභියෝගාත්මක වසර 5 ක්‍රමානුකූලව, විධිමත්ව සහ උපක්‍රමශීලීව ගොඩනැගිය යුත්තේ මොවුන්ය.
 
එහෙත් විපක්ෂය සහ ප්‍රභූ දේශපාලන පැලැන්තිය ඔවුන්ට ඒ ඉඩ හසරවත් ලබා දෙන බවක් පෙනෙන්නට නැත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ සැණින් මුල සිටම මේ සම්ප්‍රදායික කඳවුරු විසින් සිදු කරමින් සිටින්නේ දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමය. තමන් තුළ ඇති කුහක ඊර්ෂ්‍යාකාර සහ දුෂ්ට උවමනාවේ තරම මේ ප්‍රභූ පැලැන්තිය පෙන්නුම් කරමින් සිටි.

ඔවුන් එසේ කරන්නේ ඇයි?
 
The Leader | We Lead the Nation
මේ අන්දමින් ආණ්ඩුව ස්ථාවරත්වයට පත්වුණොත්, තමන්ට ඉන් එහාට ගමනක් නැති බව ඔවුන් දනී.එවිට මේ රටේ පොදු ජනතාව තව දුරටත් ආණ්ඩුව සමග සමීප වන බව ඔවුන් හොඳාකාරවම දනී.

පත් වූ සැණින් ආණ්ඩුවකට වැඩක් කරනවා තබා වැඩක් ආරම්භ කරන්නටවත් කාලයක් නැත. එහෙත්, ඉහල සුපිරි ප්‍රභූ පැලැන්තියට ආණ්ඩුවට පහර දෙන්නට ඕනෑ තරම් කාලය තිබේ. 

මේ තරගය අනුර ඇතුළු කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි ඒ පැලැන්තියද නොදන්නවා නොවේ. ඒ නිසා ඔවුන් ලකුණු රැස් කරනවාටත්, තරඟය ජයග්‍රහණය කරනවාටත් ප්‍රභූ පැලැන්තිය කිසි ලෙසකින්වත් කැමති වන්නේ නැත. එබැවින් පක්ෂ බේද අමතක කොට විවිධ කඳවුරුවල සිටියත්, තමන්ට සහ තමන්ගේ පැවැත්මට එරෙහිව නැගෙන මේ බලවේගයට විරුද්ධ වන්නට ඒ විවිධ ප්‍රභූ කණ්ඩායම් එකට එක්වී ඇත.
 
වර්තමානයේදී ජනාධිපතිවරයා සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය පරිවර්තනයකට ලක් කලා පමණක් නොව, රටේ කීර්තිමත් ව්‍යවසායකයින්, වෘත්තියවේදින්, ව්‍යාපාරිකයින්, සිය රට නිසි මඟකට යොමු කිරීමේ ගමනට ශක්තියක් බවට පත් කරගනිමින් සිටි. තමන් සමග සිටිය යුතුයැයි ඒ ප්‍රභූ පැලැන්තිය කල්පනා කළ නිලධාරීන්, ව්‍යවසායකයින්, වෘත්තිකයින්, සාමාන්‍ය පන්තියෙන් පැමිණි අනුර දිසානායක ජනාධිපතිවරයා සමග සමීප වීම සහ ඔහු හා එක්ව වැඩ කිරීම ඔවුන්ට උහුලා ගත්ත නොහැක.
අනුර ෆේස්බුක් එකේ ජනපති විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
 
ඒ නිසා ඔවුන් සිදු කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට තමන්ට හැකි පමණින් කකුල් මාට්ටු දැමීම ය. ප්‍රහාර එල්ල කිරීමය. ලංකාව අලුත් දේශපාලන පරිවර්තනයක් ලබාගන්නට දශක හතකට වැඩි කලක් බලා සිටියේය. ඇතැම් අවස්ථාවල යම් යම් පරිවර්තනයන් උදෙසා මේ රට තුළ බල පෙරළි සිදු වුණත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඊට හේතුව ඒ සෑම පරිවර්තනයක් තුළම මෙරට ප්‍රභූ පැලැන්තිය අරක් ගෙන සිටීමය.

පසුගිය යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීම උදෙසා මේ රටේ ප්‍රගතිශීලී බලවේග සහ සිවිල් ව්‍යාපාර සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය. "යහපාලනය" නැමැති උදාර සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ විය. එය කිසියම් ප්‍රමාණයකට ජයග්‍රහණය කරවා ගැනීමට නොහැකි වූවා නොවේ. එහෙත් ක්‍රමානුකූලව අවසානයේදී සිදු වුනේ "යහපාලනය"නැමති සංකල්පය පවා දූෂණයට ලක්වීමය. සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ කුප්‍රකට ගණුදෙනු ඊට ඉවහල් විය.

එහි ප්‍රතිඵලය වූයේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කල්ලියක් අදහා ගත නොහැකි තරම් වේගයකින් නැවත රටේ බලය අල්ලා ගැනීමය. එය කෙළවර වුනේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පරිවර්තනය වෙමිනි. අනුර දිසානායක ඇතුළු නව ආණ්ඩුවට පැවරී ඇති සුවිශාලම අභියෝගය වන්නේ ඒ තත්වයෙන් රට මුදවා ගැනීමය.
 
මතවාද - Results from #135
 
ඔවුන් ක්‍රමානුකූලව මේ රට කිසියම් ස්ථාවර තැනකට ගෙන ආවොත් එයින් ජනතාවට සුවිශාල සෙතක් අත්වෙන බව නොරහසකි. එහෙත් සම්ප්‍රදායික පවුල් සහ ප්‍රභූ දේශපාලන පැලැන්තියට එය නපුරු සිහිනයකි. ඔවුන් එවැනි ස්ථාවර රටක් හෝ මේ ආණ්ඩුවේ ස්ථාවර පැවැත්මක් කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත. එය එසේ සිදු වුණහොත් තමන්ගේ පැවැත්ම අභියෝගයකට ලක්වන බව ඔවුන් හොඳාකාරවම දනී. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව අස්ථාවර කිරීමය. හැබැයි එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මුළු මහත් රටම අස්ථාවර වීමය.
 
එහෙත් කළ යුත්තේ කුමක් ද?

මුළු මහත් රටම තිබෙන්නේ බරපතල අභියෝගයක් අබියස ය. එවැනි විටක කළ යුතු වන්නේ පන්ති භේදය, ආගම් භේදය, පක්ෂ භේදය වැනි පටු භේද පැත්තකට දමා රට වෙනුවෙන් එකාවන්ව සිටගැනීමය.

එය එසේ නොවන්නේ නම්, ඔවුන් සියලු දෙනා ඉතිහාසය නැමැති කුණුබක්කියට වැටෙනවාට සැක නැත. 

ඒ කුණු බක්කිය සකස් කරන්නේ මේ රටේ හෘද සාක්ෂියක් ඇති ජනතාව විසින්ම ය.

WhatsApp Image 2021 06 01 at 8.11.47 AM(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික 
kpcooray@hotmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පන්ති භේදය දෙදරා යාම සහ දේශපාලනය ජනතාකරණය වීම! - (ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) | The Leader