The Leader News
BREAKING
Top Ad
Opinion

දැන් කළ යුත්තේ විපක්ෂය සුද්ද කිරීමයි - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

November 15, 2024 • 4:07 AM

දැන් කළ යුත්තේ විපක්ෂය සුද්ද කිරීමයි - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්!
  • මෙවර මැතිවරනයේදී භාවිතා වුනු වලංගු චන්දය සංඛ්‍යාව දල වශයෙන් 65% බව පෙන්.
  • ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී චන්දය භාවිතා කල චන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15 පමන චන්ද දායකයනි තම චන්දය දැමීමෙන් වැලකී ඇති බව පෙනේ.
  • එමගින් පෙන්වන්නේ ලක්ෂ 15 සිට ලක්ෂ 20 පමනවු මෙරට පුරවැසියන් පවතින තත්වය හා ක්‍රමය විශ්වාස නොකරන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්!

ප්‍රතිපලය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්ද?

මෙවර මැතිවරනයේදී භාවිතා වුනු වලංගු චන්දය සංඛ්‍යාව දල වශයෙන් 65% බව පෙන්. ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී චන්දය භාවිතා කල චන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15 පමන චන්ද දායකයනි තම චන්දය දැමීමෙන් වැලකී ඇති බව පෙනේ.

එමගින් පෙන්වන්නේ ලක්ෂ 15 සිට ලක්ෂ 20 පමනවු මෙරට පුරවැසියන් පවතින තත්වය හා ක්‍රමය විශ්වාස නොකරන බවය.

 

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?

ලක්ෂ 15 -20 ක අඩුවක් අනුපාත චන්ද ක්‍රමයට ඉහල බලපෑමක් සිදු කරනු ලබන්නේය. ඒ අනුව බලන කල සැම දිස්ත්‍රික්කයකින්ම දල වශයෙන් චන්ද 68,000 ක් පමන චන්දය අඩුවෙන බව අනුමාන කල හැකිව තිබේ. එහි ප්‍රතිපලය විය හැක්කේ එම අඩුවීම තුලින් කුමන හෝ පක්ෂයකට ලැබෙන්න නියමිතව තිබු එක ආසනයක් සෑම දිස්ත්‍රික්කයකින්ම ඒ ඒ පක්ෂ වලට අඩු වන්නට නියමිත බවය.

එවැනි තත්වයකදී වැඩි වාසිය මාලිමාව දෙසට යොමුවීම නොවැලැක්විය හැකි තත්වයකි.

මාලිමාව පසුගිය චන්දයෙදී ලබාගත් චන්ද සංඛ්‍යාවම මෙවරත් එම චන්ද දායකයන් භාවිතා කර ඇත් නම් (එනම් 42%) සහ එම ප්‍රතිශතයට අනුව ලැබෙන්නට තිබු ආසන සංඛ්‍යාව 105 මෙවර මැතිවරනයේදී ඉතා ඉහලට ගමන් කරනු නිසැකය.

 

npp seats

එනම් එම අගයට ඉහත කී අඩුවන ආසන 22 එකතු කලහොත් මෙවර මැතිවරනයෙදී මාලිමාවට ආසන 127 ක පමන ආසන්න වීමේ සම්භාවිතාවක් තිබෙන බව කිව හැක. එවැනි තත්වයක් විපක්ෂය අත්කරගන්නා දරුනු පරාජයකි. විපක්ෂයට මෙහෙම අනාථ භාවයක් ලැබෙන්නේ ඒ පක්ෂ මෙවර චන්දයෙදි මනාපයට පමනක් වැඩ කිරීමේ ප්‍රතිපලයක් ලෙසටයි.

සතුරු සටන් පාඨයක් නැතිව අනාථ වී තිබුනු මාලිමා දේශපාලන සටන් පාඨ වලට විකල්ප පනිවුඩයක් ජනතාවට ලබා දෙන්න සියළු විපක්ෂ කන්ඩායම් සමත් වුනේ නැහැ.

ජනාධිපතිවරනයේදී විපක්ෂය සමග හිටගත් 58% වු මෙරට චන්ද දායකයාගේ අපේක්ෂා සියළු විපක්ෂ කන්ඩායම් විසින් අනාථ කරනු ලැබු බව පමනක් කිව යුතුව තිබේ.

 

විශ්වාසය භංග කරලා ! - කතානායකට එරෙහිව විපක්ෂය අවි අමෝරයි
අපට ශක්තිමත්, දුරදක්නා නුවනක් සහිත දේශපාලනික විපක්ෂයක් තිබුනා නම් මෙවැනි ප්‍රතිපලයක් අත්නොවන්නට ඉඩ තිබුන බව කිව යුතුව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙරටට අතිශය වැදගත් වටිනාකමක් සහිත සංකල්පයක් බව අවිවාදිතය. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්ක නම් ප්‍රභල විපක්ෂයක් රටකට අවශ්‍ය වන්නේය. නමුත් මෙවර මැතිවරනයෙදී අපේ විපක්ෂය ස්ව කැමැත්තෙන් සිරිසගබෝ චරිතයට රගපෑ බව කිව යුතු අතර ලක්ෂ 15 ක චන්ද දායකයාගේ විශ්වාසය බිදෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටය.

විපාක්ෂික චන්දදායකයාට ශක්තිමක් ප්‍රතිපත්තිමය විකල්පයක් නොමැතිබව ඒ ඒ පක්ෂ විසින්ම තමන්ගෙ පනිවුඩය හා ක්‍රියාකාරීත්වයෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. එහි ප්‍රතිපලය වනේ චන්ද දායකයා චන්දපොලෙන් ඉවත්වීමයි.

දැන් මේ විපක්ෂය පාර්ලිමේන්තුවට යාවි. ගිහිල්ලා බොරු සද්දමමින් තම තමන්ගෙ රැකියාව හා වරප්‍රසාද භුක්තිවිදින්නට කටයුතු කරාවි.

 


අපිව අන්දන්න කටයුතු කරාවි. 

අපේ ගැලවුම් කරුවන් ඔවුන් යයි අපට ඒත්තු ගන්වන්න හදාවි.

ඒ සියල්ල තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂාවන් සපුරා ගනීමට පමනක් බව නම් කිව යුතුව තිබේ.

නමුත් ඇත්ත කතාව නම් විපක්ෂයේ මෙම බොරුව සමාජය තුල විවෘතව කතා කල යුතු මට්ටමකට පැමිනීමයි. එම නිසා විපක්ෂ මතධාරී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රරවැසියන් පලමුව සිදු කල යුත්තේ අපේ රටේ විපක්ෂය සුද්ද කිරීමයි කියලයි මම හිතන්නෙ.

 

Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...
නොවැම්බර් 14


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...