The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් පාර්ලිමේන්තුව අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයට ය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

November 17, 2024 • 6:13 AM

අලුත් පාර්ලිමේන්තුව අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයට ය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති, සභානායක හරිනි හා විජිත හේරත් අත බෙදෙනු ඇත.
  • ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවනු ඇත්තේ වසන්ත සමරසිංහ හෝ ගාමිණී රත්නායක නොව ලාල් කාන්ත විය හැකිය.
  • සජිත්, 2019 ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද ලක්ෂ 55 මහා මැතිවරණයේ දී ලක්ෂ 27 ට අඩු කර ගත්තේය.
  • පසුගියදා ලැබූ ලක්ෂ 44 මෙවර, ලක්ෂ 19ට අඩු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අගමැති, සභානායක හරිනි හා විජිත හේරත් අත බෙදෙනු ඇත. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවනු ඇත්තේ වසන්ත සමරසිංහ හෝ ගාමිණී රත්නායක නොව ලාල් කාන්ත විය හැකිය.

 

මහාචාර්ය චන්දන අබේරත්න
තුනෙන් දෙකකට බහුතර බලයක් සහිත ආණ්ඩුවක කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පිරවීම පහසුය. සරළය. පුත්තලම මන්ත්‍රී මහාචාර්ය චන්දන අබේරත්න නව ආණ්ඩුවේ කතානායක ධූරයට පත් විය හැකිය. නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයට අනුර කුමාර ජනාධිපතිතුමාගේ සමීප මිතුරෙකු වන ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ ශ්‍රීධරන් පත් විය හැක. 

විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු දෙක පාර්ලිමේන්තුවේ පමණක් නොව රටේ ඉරණම තීරණය කරන්නේය. සජිත්, 2019 ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද ලක්ෂ 55 මහා මැතිවරණයේ දී ලක්ෂ 27 ට අඩු කර ගත්තේය. පසුගියදා ලැබූ ලක්ෂ 44 මෙවර, ලක්ෂ 19ට අඩු විය. ගිය වර ලැබුණු මනාප ලක්ෂ තුන, මෙවර හරි අඩකටත් වඩා, 145,000 දක්වා වැටී ඇත.

 

නව විපක්ෂයට මන්ත්‍රීවරුන් 66 කි. එයින් 40 සජබ නාම යෝජනාවෙනි. තවත් 26 ක් වෙනත් පක්ෂවලිනි. සජබ ලැයිස්තුවෙන් එන, සජබ හවුල්කාර පක්ෂ සාමාජිකයින් 6 කි. මේ ගොඩවල් දෙක දෙකට බෙදුනොත් 33 හෝ 34 බැගිනි. මේ සියළු දෙනා එක් කර ගත හැකි සැබෑ විපක්ෂ නායකවරයා කවුද? 

 

1970 එජාප පරාජයෙන් පසුව, ඩඩ්ලි සේනානායක පක්ෂ නායකත්වය රැකගෙන, ජේ.ආර්.ජයවර්ධනට විපක්ෂ නායක ධූරය බාර දුන්නේය. 1977 ඔහු එයට සමුදුන්නේ හයෙන් පහක බලයකින් අගමැති ධූරයට පත් වෙමිනි. 

කුණු හරුප කියන, තර්ජන ගර්ජන දැමූ පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ භුමිකාව තරමටම, විපක්ෂයේ භුමිකාව ද මිනිස්සුන්ට තිත්ත වී ඇත. කිසිදු හරයක් නැති, රූපවාහිනී ප්‍රවෘත්ති විනාශනයේ ගුවන් කාලය පිරවීමට සඳහා කෑ මොර දීම වෙනස් විය යුතුය. 

විපක්ෂයේ නායකයින් හා මන්ත්‍රීවරුන් බඳින රැහැණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයයි. සජබ - ජවිපෙ හා ගැටෙද්දී කිරිඇල්ල ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය සමඟ ගෞරවණීය සම්බන්ධයක් පවත්වාගෙන ගියා පමණක් නොව ඔවුන්ට ඇති තරම් කාලය ලබා දුන්නේය. ඔහු වචනයකින් හෝ විපක්ෂයේ අනෙකුත් පක්ෂ හා ගැටුනේ නැත. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක ධූර දැරූ ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නම, අත්සන් කළ නාමයෝජනා පත්‍රයෙන් ටිපෙක්ස් කරනු ලැබීය. විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඇති බලවත්ම අභියෝගය කිරිඇල්ලගේ අඩුව පුරවන්නේ කවුරුන්ද යන්න ය. 

 

කිරිඇල්ලගෙන් ආණ්ඩුවට තල්ලුවක්!ලක්ෂ්මන් කිරිඇල්ල
පාර්ලිමේන්තු සම්ප්‍රදාය, වාග් චාතුර්ය, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පමණක් නොව අලුත් දේ වේගයෙන් ඉගෙන ගැනීමට ඇති නිසඟ හැකියාව තුලින් සාර්ථක ප්‍රධාන සංවිධායකවරයෙකු බිහිවන්නේය. කටේ හයියට  නොව ප්‍රඥාවේ සවියෙන් සභාව ජයගන්නා නායකයෙකු විපක්ෂයට අවශ්‍යය.  

සභානායකවරයෙකු ලෙස දිනේෂ් ගුණවර්ධනට තිබූ හැකියාවෙන්, දහයෙන් පංගුවක් සුසිල් ප්‍රේමජන්තට නොතිබූ බව විවෘත රහසකි. දිනේෂ් සමඟ කිරිඇල්ල සභාවේ නොව, කමිටු සහ නිල රැස්වීම්වල දී ‘තකට - තක’ සිටියේය. කිරිඇල්ල විසින් සුසිල් දරුවෙකු ලෙස ආණ්ඩු මට්ටු කළ බවත්, ඒවා බේරාගන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිටි හැටියේ පාර්ලිමේන්තුවට පැමිණ කතා පැවැත්විමට සිදු වූ බවත් ප්‍රසිද්ධ රහස්ය. දෙපැත්තේ තනතුරු සියල්ලට මෙය අදාලය. 

පාර්ලිමේන්තු තනතුරු සඳහා නිවැරදි පුද්ගලයින් පත් කර ගැනීමේ වැදගත්කම, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග ඇසුරේ සරළව අවබෝධ කර ගත හැකිය.

 bib765

ඒ සියල්ලට වඩා විපක්ෂය තනි ඒකකයක් ලෙස පවත්වාගෙන යා හැකි, පුද්ගල පෞර්ශයක් පාර්ලිමේන්තුවට අවශ්‍යය. එය වර්ධනය ජන්මයෙන් එන ගුණයකට වඩා, පාර්ලිමේන්තු කටයුතු සඳහා මැදිහත්වීමෙන් ලැබිය යුතු ශික්ෂණයකි. විපක්ෂය සාම්ප්‍රදායික නොවී නූතන විය යුතුය.  එයට ලොකුම බාධාව සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු භුමිකාවේ ‘වට්ටෝරුව’ යි. සජිත්ගේ පාර්ලිමේන්තු වට්ටෝරුවට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් සමඟ කළ හැක්කක්  නැත.

 පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂය දිය වී ගියේ දවස ගානේ එන එන බෝලයට 27/2 සහ කෙටි ප්‍රශ්නවලින් දමා ගැනීමේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය විකෘතියක් කර ගත් නිසාය. 

විපක්ෂය තනි පුද්ගලයෙකු අත මෙහෙයවෙන්නේ ද, නැතිනම් සාමුහික විද්‍යාත්මක තීරණ මත කටයුතු කරන්නේ ද යන්න අතිශයින් වැදගත්ය. 

 

මානීගේ තීරුව : දම්සභා මණ්ඩපය - (සුන්දර නිහතමානි ද මැල්)
නවක පාර්ලිමේන්තුවේ කතානායකවරයා කවුරුන් වුව ද, ඔහු ආණ්ඩු පක්ෂ කාර්යාලය විසින් මුළුමනින්ම මෙහෙයවනු ලබනවා ඇත. එයට මුහුණ දීමට ලංකා ඉතිහාසයේ දුර්වලම විපක්ෂයට, සවිමත් කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුය.  

අනුර කුමාර ජනාධිපති වූවේ පාර්ලිමේන්තුවේ වැඩ කර නොව එළියේ වැඩ කිරීමෙනි. රාජ්‍ය බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ පුටුවකට වඩා, එළියේ වැඩ කිරීම වැදගත්ය. නමුත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකගෙන විපක්ෂයේ භුමිකාව සිදු කරන්නට පාර්ලිමේන්තුවේ කටයුතු ආශ්වාදයෙන් දායකවන මන්ත්‍රීවරුන් අවශ්‍යය. 

අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්) 
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...