The Leader News
BREAKING
Top Ad
Opinion

මෙච්චර විප්ලවයක් වෙලා තියෙද්දිත් තවමත් රනිල්ට කඩේ යන ඔබ....

T

The Leader Desk

November 17, 2024 • 9:36 AM

මෙච්චර විප්ලවයක් වෙලා තියෙද්දිත් තවමත් රනිල්ට කඩේ යන ඔබ....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත.
  • අර ප්‍රකාශයේ අර්ධයක් විතරයි ඇත්ත.
  • හැබැයි...හැබැයි මිනිස්සු ඇත්තටම විප්ලවයක් සිද්දකරලා තියනවා.
  • මිනිස්සු 2/3ක් එපා කියද්දීත් 2/3ටත් වඩා බලයක් දීලා කියල තියෙන්නේ මෙහෙම දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්ත. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප සහ සංයුක්ත වැඩපිළිවෙලක් ඉදිරියට ආවොත් මමත් ඉන්න තැනින් ඉදිරියට එනවා. ඒ එක.

දෙක. අර ප්‍රකාශයේ අර්ධයක් විතරයි ඇත්ත. ඒ කියන්නේ විප්ලවයක් තවම සිද්දවෙලා නැහැ.

 

The Leader | We Lead the Nation - Results from #9152

හැබැයි...හැබැයි මිනිස්සු ඇත්තටම විප්ලවයක් සිද්දකරලා තියනවා. එහෙම සිද්දකරලා තියෙන්නේ NPP එක එහෙම දේකට සුදානමක් නැති වෙලාවක. එහෙම දෙයක් කිව්වේවත් නැති වෙලාවක. විප්ලවයක් ගැන වචනයක්වත් කිව්වේ නැති වෙලාවක.

මිනිස්සු 2/3ක් එපා කියද්දීත් 2/3ටත් වඩා බලයක් දීලා කියල තියෙන්නේ මෙහෙම දෙයක්.

ජනතා පීඩනය ලිහිල් කළ යුතුයි - ජනපති IMF නියෝජිතයින්ට පැහැදිලි කරයි

 

''පඩි වැඩිකිරීම් වගේ කතා අපි පැත්තකින් තියල ඔයාල විශ්වාස කරනවා. මේක අපේ පැත්තෙන් අවදානම් අත්හදා බැලීමක්. ඒත් අපි ඒ අත්හදා බැලීම කරනවා. ඕනිනම් IMF එකෙනුත් ඉවත්වෙන්න තරම් ජනමතයක් අපි දෙනවා. මේක හිස් චෙක් එකක් අත්සන් කිරීමක් වගේ ලොකු අවදානමක්. හැබැයි අපි ඒ අවදානම ගොථා වෙනුවෙනුත් ගත්ත. දැන් ඔයාල වෙනුවෙනුත් ගන්නවා. දැන් ඒ විප්ලවය කරන්න''.

''අපි සාමාන්‍ය මිනිස්සු. අපි දන්නේ නැහැ විප්ලවයක් කියල මොකක්ද කරන්න ඕනි කියල. හැබැයි ඔයාල එක දැනගන්න ඕනි. ඔයාල ඒක කරන්න''.

විචාරක අපි සහ දේශපාලඥයෝ යන හැමෝටම ඉස්සරහින් මිනිස්සු ඉඳල තියනවා. මිනිස්සු අවදානම පට්ට විදියට අරන් තියනවා. ඉතාම විවෘත අවකාශයක් නිර්මාණය වෙලා තියනවා - නිර්මාණය කරලා තියනවා - ඕනෑම දෙයක් කරන්න. ආයෙත් කියනවා ''ඕනෑම දෙයක් කරන්න''. අම්මට සිරි වෙන්න ආසනම 159ක්. එයාලගේ පැත්තේ වැඩේ එයාල කරලා තියනවා. දැන් තියෙන්නේ ඔයාලගේ වැඩේ.

වැඩේ කරන්න බැරි වුණොත් ප්‍රථිපලත් ගොඩක් භයානකවෙයි. මම එහෙම කියන්නේ විප්ලවය නෙවෙයි මේ දුන්න පණිවිඩයවත් අපිට තේරෙන්නේ නැති නිසා. හෝ තේරුම්ගන්න උත්සාහ කරන්නේ නැති නිසා. 

මම හිටපු තැනින් ගොඩක් ඉස්සරහට ඇවිත් මේක ලිව්වේ....

@ අද කාලෙට ගැළපෙන්නේ නැති ඉමේජ් එකක් දානවා. මේ හිමෙන් වැසෙන ලෙනින්. 



රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...