The Leader News
BREAKING
Top Ad
Opinion

ජ’පුර අම්මා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 18, 2024 • 8:33 AM

ජ’පුර අම්මා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උගත් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ජ’පුර සරසවියේ වීම ගැන ආඩම්බර වනු දැක කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරි එයට කෝචෝක් කර තිබේ.
  • ඒක තනිකරම බෞද්ධ ව්‍යාපෘතියක්. ඒ විතරක් නොවෙයි විද්‍යෝදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් ලෙස නම් කරන්නේ එස්.
  • ඒ 1956 සිංහල භාෂා පනත ගෙනල්ලා රටේ සිංහල අධ්‍යාපනය ස්ථාපිත කිරීමේ අරමුණින්.
  • පසුකාලීනව නලින් ද සිල්වාට පවා බලපාන ඒ සංකල්ප විසින් තමයි ජ’පුර සරසවියෙන් මන්ත්‍රීවරු බහුතරයක් සහිත ව්‍යවස්ථාදායකයක් අද හැදෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

උගත් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ජ’පුර සරසවියේ වීම ගැන ආඩම්බර වනු දැක කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරි එයට කෝචෝක් කර තිබේ. එයට හේතුව ජයවර්ධනපුර සරසවියේ ඉතිහාසයයි. ජ’පුර සරසවියේ නිර්“මාතෘ” වන්නේ බෞද්ධ සිංහල ලක් ඉතිහාසයේ අමරණීය චරිතයක් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝය. 1873 වසරේ උන්වහන්සේ විසින් අරඹන ලද විද්‍යෝදය පිරිවෙන තමයි දැන් ජ’පුර සරසවිය නමින් හඳුන්වන්නේ. ඒක තනිකරම බෞද්ධ ව්‍යාපෘතියක්. 


ඒ විතරක් නොවෙයි විද්‍යෝදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් ලෙස නම් කරන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින්. ඒ 1956 සිංහල භාෂා පනත ගෙනල්ලා රටේ සිංහල අධ්‍යාපනය ස්ථාපිත කිරීමේ අරමුණින්. සුමංගල හාමුදුරුවෝ සහ බණ්ඩාරනායක මහත්තයා නොහිටින්න අද ජ’පුර සරසවියක් නැහැ. ඒක බෞද්ධ පමණක් නොවෙයි. සිංහල බෞද්ධ ව්‍යාපෘතියක්.
 
දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය  දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
ක්‍රිස්තියානි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය බිඳ දමන්න හික්කඩුවේ සුමංගල හිමිපාණන් ඉටු කළ මෙහෙවර තමයි ඔය අදටත් මල්ඵල ගැන්වෙන්නේ. එදා බෞද්ධයන් අවදි කරවන්න ලිපි ලියලා, පොත් ලියලා, පන්සල්, පිරිවෙන් හදලා, බෞද්ධ පාසල් හදලා, ප්‍රසිද්ධ වාද හරහා ක්‍රිස්තියානි ආගම තාර්කිකව බිඳ දැමූ, සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා දැනුම ඇතුළු මහා දැනුම් සාගරයක් වූ සුමංගල හිමිපාණන් ගැන ජ’පුර දරුවන් ආඩම්බර වීම නිර්මාල් දේවසිරි වැනි ඉතිහාස භක්ෂක පරගැතියෙකුට ඉවසන්න අමාරු වීම පුදුමයක් නොවෙයි. කොටින්ම අද භාවිතා කරන බෞද්ධ කොඩිය පවා නිර්මාණය කළේ සුමංගල හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්. ඒ විතරක් නොවෙයි, “සිංහල බෞද්ධයා” නමින් පුවත්පතක් මුද්‍රණය කළේත් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්. පසුකාලීනව නලින් ද සිල්වාට පවා බලපාන ඒ සංකල්ප විසින් තමයි ජ’පුර සරසවියෙන් මන්ත්‍රීවරු බහුතරයක් සහිත ව්‍යවස්ථාදායකයක් අද හැදෙන්නේ.
 
japura
ඒ වගේම අද සිය උපන් දිනය සමරන අතිගරු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් දේශපාලනයට පිවිසෙන්නෙත් හැටේ දශකයේ ජ’පුර සරසවියේ සේවය කරමින් වෘත්තීය සමිති නායකයෙක් ලෙස කටයුතු කිරීමෙන්. ලංකාවේ සිංහල බෞද්ධ පුනරුදයට ජ’පුර සරසවිය විසින් කර ඇති මෙහෙවර අති විශාලයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල්ට කාලා ඉන්න බැරි ඒකයි.

ඉතින් ජ’පුර “අම්මා” වෙන කවුරුවත් නොවෙයි. එහි නිර්“මාතෘ” හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝය. අද රටේ නීති සම්පාදනයට එන උගත් බහුතරය උන්වහන්සේට කෘතගුණ සැලකීම උතුම් මංගල කාරණයක්. මොන පක්ෂයෙන් ආවත් එන්නේ බෞද්ධ සිංහල බලවේගයම තමයි. ධර්මය ඔබට මග වේවා!

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 නොවැම්බර් 18
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...