The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ ඇතුලේ මෙහෙම කරානම් බත් කන්න වෙන්නේ දත් නැතුව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 20, 2024 • 4:34 PM

ජවිපෙ ඇතුලේ මෙහෙම කරානම් බත් කන්න වෙන්නේ දත් නැතුව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රවිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න ඕනි කියල.
  • ඒත් ..ඇත්තම දේශපාලනයේ ඉන්න කෙනෙක් හැටියට තමන්ගේ දේශපාලන කඳවුරෙන්, අදහසෙන්, සහ පාර්ශවයෙන් මේ ආපු ඉතාම සීමිත අවස්ථාව දෙන්න ඕනි යන්න ඕනි සුදුසුම කෙනාට නේද?
  • තමන්ට කිසිම දෙයක් දැන්වත් අනාගතේවත් නොලැබුණත් තමන්ගේ අදහස ජයග්‍රහණය කරන හෝ කරවන එක නේද ඇත්ත දේශපාලනය වෙන්න ඕනි?
  • අපි දන්නවා මන්ත්‍රීල වෙලා ඇමතිලා වෙලා නැති ඒ වගේම මේ රටේ කවුරුවත් නමක්වත් දන්නේ නැති සිය දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ වැඩේ ඇතුලේ ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

රවිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න ඕනි කියල.

එකම එකක් ආවත් ඒක රවිට යන්න ඕනි කියල තිබ්බ කියල හිතමු. ඒත්...

ඒත් ..ඇත්තම දේශපාලනයේ ඉන්න කෙනෙක් හැටියට තමන්ගේ දේශපාලන කඳවුරෙන්, අදහසෙන්, සහ පාර්ශවයෙන් මේ ආපු ඉතාම සීමිත අවස්ථාව දෙන්න ඕනි යන්න ඕනි සුදුසුම කෙනාට නේද? තමන්ට ගන්න තිබ්බ උනත් මේ වෙලාවේ ඒක කැපකරලා තමන්ගේ දේශපාලන කඳවුර දින්න දවසක තමනුත් ජයගන්නවා කියන අදහසින් නේද වැඩ කරන්න ඕනි? තමන්ට කිසිම දෙයක් දැන්වත් අනාගතේවත් නොලැබුණත් තමන්ගේ අදහස ජයග්‍රහණය කරන හෝ කරවන එක නේද ඇත්ත දේශපාලනය  වෙන්න ඕනි?

මෙන්න මේ වර්ගයේ කැපකිරීම් එක්ක නේද මාලිමාව කියන දේශපාලන වැඩේ මේ පොළොවේ ජයග්‍රහණය කළේ?

අපි දන්නවා මන්ත්‍රීල වෙලා ඇමතිලා වෙලා නැති ඒ වගේම මේ රටේ කවුරුවත් නමක්වත් දන්නේ නැති සිය දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ වැඩේ ඇතුලේ ඉන්නවා. එයාල මන්ත්‍රීල නෙවෙයි දිස්ත්‍රික් කමිටුවකවත් නැහැ. පෝස්ටර්වල නැහැ. කටවුට්වල නැහැ. මොකකවත් නැහැ හැබැයි වැඩේ ඇතුලේ ඉන්නවා.

දැන් ඔය මන්ත්‍රී මැති ඇමතිලා වෙලා ඉන්නෙත් ඒ වගේම විශාල කැපකිරීම් කරපු අය. විශේෂයෙන් විශ්ව විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්ට හම්බ වෙන සෑහෙන ලොකු වැටුපක් සහ නිදහස් ජීවිතයක් කැපකරලා තමයි ඔය දේශපාලනය ඇතුලේ එහෙම කෙනෙක්ට යමක් ලැබිලා තියනවා නම් ලැබිල තියෙන්නේ.

ඒ නිසා සිලින්ඩර කට්ටියට වගේම තව ගොඩක් අයටත් මාලිමාවෙන් වගේම ජවිපෙනුත් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා.

රවී ඔහොම වැඩක් ජවිපෙ ඇතුලේ එහෙම කරානම් බත් කන්න වෙන්නේ දත් නැතුව....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...