The Leader News
BREAKING
Top Ad
Opinion

මේ පාර ඒ ආතල් එක ඒ අයට ගන්න දීපල්ලා - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 21, 2024 • 3:33 PM

මේ පාර ඒ ආතල් එක ඒ අයට ගන්න දීපල්ලා - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදිශිෂ්‍ය පොරවල් එක එක පෝස්ට් දානවා.
  • ඇත්තටම ගත්තම ඒ දෙකෙන් තමයි සෑහෙන පිරිසක් මේ පාර බිහිවෙලා ඉන්නෙත්.
  • මම හිතන්නේ පහුගිය දශක හතරක් පහක් ඇතුලේ ජවිපෙ ගොඩක් අය අර කැම්පස් දෙක ආශ්‍රිතව බිහිවෙලා තියනවා.
  • හැබැයි නීති විද්‍යාලය එහෙම ගොඩක් දැඟලුවේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආදිශිෂ්‍ය පොරවල් එක එක පෝස්ට් දානවා. පෝස්ටර් කැම්පේන් කරනවා.

ඒක දැකපු සමහරු ඒකට එගේන්ස්ට් එකට වල්ල පොළොවේ ගහගන්නවා.

මම කියන්නේ ඒක එච්චර ගණන්ගන්න දෙයක් නැහැ කියල. ඇත්තටම ගත්තම ඒ දෙකෙන් තමයි සෑහෙන පිරිසක් මේ පාර බිහිවෙලා ඉන්නෙත්.

මම හිතන්නේ පහුගිය දශක හතරක් පහක් ඇතුලේ ජවිපෙ ගොඩක් අය අර කැම්පස් දෙක ආශ්‍රිතව බිහිවෙලා තියනවා. දැන් පාර්ලිමේන්තු ඉන්න ගොඩක් මැති ඇමති මන්ත්‍රී අය ඒ කැම්පස් දෙකේ අය වෙලා තියෙන්නේ ඒ වගේ යම් ඉතිහාසයක් එක්ක.

එහෙම ගත්තම ලංකාවේ පාර්ලිමේන්තු ගිය අය ගොඩක් ලෝයර්ස් ල. හැබැයි නීති විද්‍යාලය එහෙම ගොඩක් දැඟලුවේ නැහැ. ඒක වෙනමයි.

කොහොම උනත් ඉතිං අනික් කැම්පස් වලින් හරි කැම්පස් නොවන තැන් වලින් හරි එහෙම පාර්ලිමේන්තු ගියේ නැති එකට වැළලිලා වැඩක් නැහැ. අනික් ඒවගෙනුත් ජනාධිපති කෙනෙක් බිහිකර ගන්න බලපල්ලා. මේ පාර ඒ ආතල් එක ඒ අයට ගන්න දීපල්ලා.

අනික සාමාන්‍යයෙන් මේ වගේ කැම්පස් අනන්‍යතා පසුබිමක් එක්ක දේශපාලන ආතල් එකක් ගන්න කාලෙකින් අවස්ථාවක් එන්නේ නැහැ. ජනාධිපතිතුමා එක්ක සෙල්ෆි එකක් ගන්න, එයාට කැම්පස් එකට එන්න කියන්න, 'ආපහු ඉස්කෝලෙට' වගේ ආපහු කැම්පස් එක ගැන පොඩි කික් එකකින් කතා කරන්න, පොඩි පෙරහැරක් යන්න වගේ දෙයක්වත් නැත්නම් මේ කරපු වැඩේ ඇති ආතල් එක මොකක්ද?

ඒ නිසා දේශපාලන නිරවද්‍ය බව ගැන හිතන්නේ නැතුව මේ වගේ ආතල් දිගටම ගන්න!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...