The Leader News
BREAKING
Top Ad
Opinion

කෲර විහිළුව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 22, 2024 • 6:46 AM

කෲර විහිළුව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතිගරු ජනාධිපතිතුමාට රට හදන එකටත් වැඩිය අමාරු වනු ඇත්තේ පාර්ලිමේන්තුවට එවා ඇති මොන්ටිසෝරි බබාලා ටික බලා ගැනීමය.
  • ජයග්‍රහණ ලෙස පෙනෙන ඇතැම් දේ සැබැවින්ම කෲර විහිළුය.
  • අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි නවකයන්ගේ හැසිරීමෙන් නම් පෙනුණේ එය ඔවුන්ට ආතල් එකක් බවය.
  • තමන්ගේ කාර්යයේ බරපතළකම ගැන අවබෝධයක් ඇතැයි පෙනුණේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අතිගරු ජනාධිපතිතුමාට රට හදන එකටත් වැඩිය අමාරු වනු ඇත්තේ පාර්ලිමේන්තුවට එවා ඇති මොන්ටිසෝරි බබාලා ටික බලා ගැනීමය. ජයග්‍රහණ ලෙස පෙනෙන ඇතැම් දේ සැබැවින්ම කෲර විහිළුය.

රාජ්‍යයක ව්‍යවස්ථා සම්පාදනය යනු තිබිය හැකි වඩාත්ම භාරදූර කාර්යයි. තීරණ වැරදුනොත් වැරදුනාමය. එය ළදරුවන්ගේ සෙල්ලමක් නොවේ. එය පුරුදු වෙන්න කරන දෙයක්ද නොවේ. අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි නවකයන්ගේ හැසිරීමෙන් නම් පෙනුණේ එය ඔවුන්ට ආතල් එකක් බවය. ඔවුන් පැමිණ සිටියේ පවුල් පිටින් කොළඹ බලන්න ට්‍රිප් එකක් එනවා වගේය. තමන්ගේ කාර්යයේ බරපතළකම ගැන අවබෝධයක් ඇතැයි පෙනුණේ නැත. සෙල්ලමේ කෲරත්වය ඇත්තේ එහිමය.

 

මෙය දෙයාකාරයකින් ගත හැකිය. එක්කෝ ජනතාව මේ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව යනු මේ වැන්නවුන්ගේ තැනක් විය යුතුය කියාය. එය එක්තරා ආකාරයකට ව්‍යවස්ථාදායකය නමැති ව්‍යුහයම ජෝක් එකට ගැනීමකි. හිටපු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ට වඩා බාලයන් එහි යැවීමෙනි. එය හරියට “උඹලට වඩා මෙන්න මේ ගොන් බානත් හොඳයි” වැනි ප්‍රකාශයක් ලෙස පෙනේ. එය අතිශය කෲර විහිළුවකි. 

අනෙක් අතට මේ කර තිබෙන්නේ කරදරයෙන් මිදීමක් විය හැකිය. සමාකාරයකින් කිවහොත් තමන්ගේ වගාවට දිගින් දිගටම හානි කරන රිලව් රංචුව එකවර අල්ලා වතුර මැද්දේ තැනූ කූඩුවකට දැම්මා වැනි වැඩකි. දැන් රිලවුන් ටික දෙන දෙයක් කා කූඩුවේ සිටිය යුතුය. ජනතාවගේ බොළඳ අපේක්ෂාව විය හැක්කේ රිලවුන් ටික කූඩු කළ පසු සිය වගාවට හානියක් නොවනු ඇතැයි යන්නයි.

නමුත් එහි වඩාත් වියහැකියව වෙනත් එකක් බව පෙනේ. බොහෝ පවුල්වල අතිපණ්ඩිත මුරණ්ඩු කොල්ලෙකු සිටී. බූදලය තමන්ට ලියා දෙන මෙන් නිතරම දෙමව්පියන්ට වද දෙන නිසා ඒ මළ කරදරෙන් බේරීමට “එහෙනම් උඹ ඕන කුදයක් ගහගනින්” කියා වත්ත ලියා දී පැත්තකට වෙන දෙමව්පියන් සිටී. කොහොම හරි මෝටර් සයිකලයක් ඉල්ලා කරදර කරන විසේකාර කොල්ලාට “කී දේ නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ” කියා එය අරගෙන දී කරදරයෙන් මිදෙන දෙමව්පියන් සිටී. 

 



කරගන්න බැරි බව දැන දැනත්, කරදරෙන් මිදීමට ඉල්ලීම ඉෂ්ට කිරීම අපේ වැසියන්ගේ හැටියකි. වසර ගණනාවක් තිස්සේ රටේ බලයම ඉල්ලමින්, කොයි වෙලාවේ බැලුවත් නාහෙන් අඬමින්, අඩදබර කරමින්, කිසිම වගතුවක් නැති කරවන අනුර කුමාර සහ ඔහුගේ කල්ලියට “ඔන්න එහෙනම් උඹ කරගනින්” කියා රට බාර දුන්නා විය හැකිය. ඉඟුරු දී මිරිස් ගත් ලකේ ජනතාව මෙවැනි අඳබාල කෲර සෙල්ලම් කිරීමට එදා සිටම හපනුන්ය. ධර්මය ඔබට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)

BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 නොවැම්බර් 21

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෲර විහිළුව - (එරන්ද ගිනිගේ) | The Leader