The Leader News
BREAKING
Top Ad
Opinion

'පිරිමි අපි එක මිටට' !

T

The Leader Desk

November 22, 2024 • 7:40 AM

'පිරිමි අපි එක මිටට' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තෙන්ම අතිවිශාල කාන්තාවන් පිරිසක් ඒකට සහභාගී වුණා, ඡන්දෙත් දුන්නා, අනුර කුමාර සහෝදරයා ජනාධිපතිත් වුණා, මාලිමාවට තුනෙන් දෙකේ බලයටත් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගාණකුත් හිමිවුණා.
  • ඒක නිසා පිරිමි අපි ගැන වෙන වෙනම කිය කියා නොහිටියාට මොකද, නොවැම්බර් 19 වෙනිදාට යෙදිලා තිබුණු ජාත්‍යන්තර පිරිමි දිනයත් සමරමින් තනි පිරිමි නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් නොවැම්බර් 21 වෙනිදා පත් කළා.
  • නියෝජ්‍ය ඇමතිවරු 29 දෙනායි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තෙන්ම අතිවිශාල කාන්තාවන් පිරිසක් ඒකට සහභාගී වුණා, ඡන්දෙත් දුන්නා, අනුර කුමාර සහෝදරයා ජනාධිපතිත් වුණා, මාලිමාවට තුනෙන් දෙකේ බලයටත් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගාණකුත් හිමිවුණා. ඒකෙදිත් වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව හැටියට වාර්තාවකුත් තිබ්බා.

ඉතින් ඔය “ගැහැණු අපි එක මිටට” කැම්පේන් එක යන කාලේ සමහරු පිරිමින්ට මොකුත් නැද්ද කියලා චරුචුරු ගගාත් හිටියා මතකයි.

මාලිමාවේ සහෝදරවරු ආණ්ඩුවක් හැදුවේ කියකියා ඉන්න නෙවෙයි වැඩ කරන්න නෙ. ඒක නිසා පිරිමි අපි ගැන වෙන වෙනම කිය කියා නොහිටියාට මොකද, නොවැම්බර් 19 වෙනිදාට යෙදිලා තිබුණු ජාත්‍යන්තර පිරිමි දිනයත් සමරමින් තනි පිරිමි නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් නොවැම්බර් 21 වෙනිදා පත් කළා.

නියෝජ්‍ය ඇමතිවරු 29 දෙනායි. එක කාන්තාවක්වත් නෑ.

දැන් ඉතින් “පිරිමි අපි එක මිටට නියෝජ්‍ය ඇමති මණ්ඩලයට” කියලා කියන්නත් පුළුවන් ….

කයිවාරු නැතිව පිරිමින්ට සැලකූ මාලිමා ආණ්ඩුවට ජයවේවා ! පිරිමි අපිට ජයෙන් ජයම වේවා !!

(lankanewsweb.net -දර්ශන වීරසිංහ)

uvindu1Screenshot 2024 11 22 at 12.54.51 copy
uvindu 2Screenshot 2024 11 22 at 12.55.13 copyvidarshana Screenshot 2024 11 22 at 12.58.58 copy
lanka Screenshot 2024 11 22 at 13.01.12 copy

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පිරිමි අපි එක මිටට' ! | The Leader