The Leader News
BREAKING
Top Ad
Opinion

සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට! -(සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

November 22, 2024 • 8:47 AM

සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට! -(සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සමීක්ෂණය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයන් හා ඒවායේ බලපෑම පිළිබඳ විමසා බලා ඇත.
  • මේ අනුව ඉතාම පැහැදිළිව මහා මැතිවරණය සඳහා තරඟ වැදුණූ පක්ෂ සඳහා ජනමාධ්‍ය සමබිමක් නිරිමානය නොකළ බවත්, ජනාධිපතිවරණයෙන් ඒ වන විටත් ජය ලබා තිබූ ජාතික ජන බලවේගයට අති විශාල ඉඩක් වෙන් කර දී ඇති බවත් පෙනේ.
  • ඊට ප්‍රතිවිරුද්ධව ජනාධිපතිවරණයෙහි දී ජනමාධ්‍ය ආවරණය වඩාම ලැබී ඇත්තේ එවකට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාසටය.
  • එහෙත් මහා මැතිවරණය වාර්තාකරණයේ මෙම වාසිදායක ආවරණය ජාතික ජන බලවේගයේ රජය අනිසි ලෙස බලය යොදා ලබා ගත් එකක් ලෙස දැක්විය නොහැක.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සමීක්ෂණය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයන් හා ඒවායේ බලපෑම පිළිබඳ විමසා බලා ඇත.

මේ අනුව ඉතාම පැහැදිළිව මහා මැතිවරණය සඳහා තරඟ වැදුණූ පක්ෂ සඳහා ජනමාධ්‍ය සමබිමක් නිරිමානය නොකළ බවත්, ජනාධිපතිවරණයෙන් ඒ වන විටත් ජය ලබා තිබූ ජාතික ජන බලවේගයට අති විශාල ඉඩක් වෙන් කර දී ඇති බවත්  පෙනේ.

ඊට ප්‍රතිවිරුද්ධව ජනාධිපතිවරණයෙහි දී ජනමාධ්‍ය ආවරණය වඩාම ලැබී ඇත්තේ එවකට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාසටය.

 

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග

එහෙත් මහා මැතිවරණය වාර්තාකරණයේ මෙම වාසිදායක ආවරණය ජාතික ජන බලවේගයේ රජය අනිසි ලෙස බලය යොදා ලබා ගත් එකක් ලෙස දැක්විය නොහැක. මෙම වාර්තාකරණ පෙන්වන්නේ ජාජබයේ අගතිගාමීත්වයක් නොව ජනමාධ්‍ය අගතිගාමීත්වයයි.

එසේ නමුත් රාජ්‍ය මාධ්‍ය ජනපති අනුර කුමාර යටතේ ජාතික ජන බලවේගයට වාසිදායක අයුරින් ක්‍රියා කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර ඇති මැතිවරණ ජනමාධ්‍ය ආචාර ධර්ම අතර මෙසේ ද දැක්වේ.

“02 ඡන්ද විමසීමක් වෙනුවෙන් ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ට මැතිවරණ ක්‍රියාවලියේ දී හිමිවන සම අයිතිවාසිකම් සෑම පියවරක දීම ආරක්ෂා කිරීම.

03. සියලුම දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයින්ට හිමිවන අයිතිවාසිකම් හා ඡන්දදායකයින් දැනුවත් කිරීමට ඇති අයිතියට ගරු කරමින් විරුද්ධ මතධාරීන්ට ඔවුන්ගේ මතය දැරීමට හා ඒ වෙනුවෙන් නීත්‍යානුකූලව ප්‍රචාරක කටයුතු/ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට ඇති අයිතියට බාධා නොකිරීම.”

 

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලූත් මාධ්‍ය සංස්කෘතියක  ඉඟියක්? - (ගාමිණී වියන්ගොඩ)
කිසිම ජනමාධ්‍ය ආයතනයක් හෝ යූ ටියුබ්කරුවකු මෙම මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ජනමාධ්‍යට නීති පැනවිම දුෂ්කරය.

ජනප්‍රිය යූ ටියුබ්කරුවන් අතර කිහිප දෙනෙක් තනිකරම වාගේ ජාජබ වෙනුවෙන් පෙනී සිටියේ, සමහර විට වැඩිපුර පාඨක සමූහයක් දිනා ගැනීම මගින් සිය අදායම ඉහළ නංවා ගැනීමට විය හැකිය.

රුපවාහිනී සහ පුවත් පත් සම්බන්ධයෙන් සළකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ වෙන වෙනම ඒ ඒ නාලිකා සහ පුවත්පත් ලබා දුන් ආවරණයයි. උදාහරණයක් ලෙස හිරු නාලිකාව සජබට වැඩි ඉඩක් දුන් අතර සියත සහ සිරස නාලිකා ජාජබට වැඩි ඉඩක් දුන්නේය.

තවද හුදෙක් ප්‍රමාණාත්මක නිරීක්ෂනයන් නියම චිත්‍රය ලබා නොදෙයි. මන්ද යත් ඒ ඒ නාලිකා කොපමණ ප්‍රේක්ෂකයින් කරා යන්නේ ද යන්නත්, වාර්තාකරණය නිශේධාත්මක ද සාධනීයද යන්නත් සළකා බැලිය යුතු නිසාය. පුවත් පත් සම්බන්ධයෙන්ද එම සාධක සළකා බැලිය යුතුය.

තවත් විශේෂ නිරීක්ෂනයක් විය යුත්තේ රාජ්‍ය පාලිත ජනමධ්‍ය මැතිවරණ සමයෙහි හැසිරුණූ ආකරයයි.

ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානයක ජය දිනා ගැනීමෙන් පසු රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති ආවරණය, රනිල් වික්‍රමසිංහගේ සිට ජාජබට පක්ෂව වෙනස් වූ ආකාරය පහත රෑප සටහනින් දැක්වේ. ජනාධිපතිවරණයේ දී සියයට 14ක් වූ එය මහා මැතිවණයේ දී සියයට 49ක් ක්වා වර්ධනය වී තිබේ. මෙය පැහැදිළි අගතියකි.

media eletions Gc1Vy98bUAAM9A4 1536x1536
පුද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා ද එම ප්‍රවණතාවයම පෙන්වන නමුත් එතරම්ම අගතිගාමී නැත. එහි කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට සියයට 21ක කාලයක් ලැබීමයි. එය සජබට මෙන්ම ගෑස් සිලින්ඩරයට වඩා වැඩිය.

Private TV elections Gc1UitVaMAADxzP
පහත පළවන ප්‍රස්තාර මෙරට මැතිවරණ සමයෙහි ජනමාධ්‍ය සමබිමක් වෙනුවට ගැතිබිමක් තිබූ බව තව දුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලි ප්‍රවෘත්ති ජාජබයට සියයට 52ක් විය.


Elections and media GczSYx8agAAl5c0 1536x1536
ප්‍රවෘත්ති වෙබ් අඩවි ජාජබයට 39% ද දෙවැනි පක්ෂය වූ සජබට 17% ලබා දුන් අතර තෙවැනි පක්ෂය වූ ගෑස් සිලින්ඩරයට සියයට 18ක් ලබා දුන්නේය.

Elections and media GczSYx0bIAAKQDK 1536x1536
පුවත්පත් මුල් පිටු මගින් ජාජබයට 52% ලබා දී සජබට ලබා දුන්නේ 07%කි.

12Elections and media GczSYx3bcAICp8P scaled
රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති සමස්තයක් ලෙස ජාජබට 41% ද සජබට 17ක් ද ලබා දුන්නේය.
32Elections and media GczSYxrbcAAur2a 1536x1536

sunanda deshapriya(සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...