The Leader News
BREAKING
Top Ad
Opinion

පැතළි ද‌ යථාර්තය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

T

The Leader Desk

November 23, 2024 • 10:26 AM

පැතළි ද‌ යථාර්තය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියල්ල එක පිළිතුරක් නැති ප්‍රශ්නය.
  • නමුත් දේශපාලන බලයේ සදාකාලික සිහිනය 'අප බලයට ආපසු ඔබට පීඩාවක්‌ නැති ලස්සන ක්ෂේම භූමියක්‌ හදනවා' යන සංඤාව සමග අපතුළ‌ වන අරාජිකත්වය/තනි තනිව ආරක්ෂාවීමට හා සැකකරමින් හෝ ආදරය කරමින් ජීවත්වීමට ඇති සහජතාව/අසීමාන්තික නිදහස පිළිබද සිහිනය පසෙකට දැමීමට සිදුවෙනව.
  • නමුත්, බලය/පාලනය/රාජ්‍ය/පංතිය/ලස්සන සම්බන්ධ අප සතු‌ හැගවුම් මොනවාද?
අකුරු ප්‍රමාණය (Font Size):

සියල්ල එක පිළිතුරක් නැති ප්‍රශ්නය...

දේශපාලනයේ පරම නිෂ්ටාව බලය ද? යුක්තියද? පොදු යහපතද? පොදු යහපත/යුක්තිය හිරිකිතයක් නැතිව සමාජිය දහවල දී අපට තෝරාගත හැකිය.‌ නමුත් බලය පිළිබදව මාළිමා දේශපාලන නියෝජිතයා වෙතම‌ පවතින්නේ ද අපුලක්... එම අපුල aversion සත්‍යයම පැවැත්මක්ද?

නමුත් දේශපාලන බලයේ සදාකාලික සිහිනය 'අප බලයට ආපසු ඔබට පීඩාවක්‌ නැති ලස්සන ක්ෂේම භූමියක්‌ හදනවා' යන සංඤාව සමග අපතුළ‌ වන අරාජිකත්වය/තනි තනිව ආරක්ෂාවීමට හා සැකකරමින් හෝ ආදරය කරමින් ජීවත්වීමට ඇති සහජතාව/අසීමාන්තික නිදහස පිළිබද සිහිනය පසෙකට දැමීමට සිදුවෙනව.

අපගේ යටත්වැසිගත ආත්මයමත් බලය දෙසට දෝලනය වෙනව. නමුත්, බලය/පාලනය/රාජ්‍ය/පංතිය/ලස්සන සම්බන්ධ අප සතු‌ හැගවුම් මොනවාද?  

බලය නිර්වචන කළ හැක්කේ අප විසින් එම ' නිර්වචනයක් නැති ක්ෂේම භූමිය, පරමත්වයේ පොරොන්දුව' වෙත දක්වන  කැමැත්ත හා බලය‌ ලබා ගැනීමට තරග කරන පාර්ශවයන් වෙත දක්වන ලැදියාව අතර වන‌ ආත්මීයත්වය අතර පවතින දුර සහ අවකාශයේ වන සධර්මික විකර්ෂණයක් වශයෙන් විය හැක...


hariniජවිපෙ නොවන හරිනි පාර්ලිමේන්තු රතු පලසට ජගුවරයෙන් එන ගමනට රතුම රතු සාරියක් ඇන්දේ සහ මැතිවරණ සටනේදී සරල රතුමය නොවන බහු වර්ණ ඇන්දේ ඇයි‌?
ජවිපෙ නොවන හරිනි පාර්ලිමේන්තු රතු පලසට ජගුවරයෙන් එන ගමනට රතුම රතු සාරියක් ඇන්දේ සහ මැතිවරණ සටනේදී සරල රතුමය නොවන බහු වර්ණ ඇන්දේ ඇයි‌?

 බලය නිෂ්ටාවක් නිසාද නැතිනම් අප තුළ වන ආත්මීය ආශාව එනම් අපගේ නියෝජිතයා සතු අනෙකාට නැති යමක්, ...ප්‍රදර්ශනයටද?

සම්ප්‍රදායන් සමග 1970 සිරිමාවෝ ලැබූ බලය සහ, හරිනි සහ මාවෝ කණ්ඩායම අතර බලය සදහා‌ (වන මුවාකළ කඩතිරය/රතු සලුව සමග එන කැමැත්ත) ඇයගේ එම සම්ප්‍රදාය විරෝධී (එය ප්‍රාග්ධනය සමග ගැටගැසුණු අදහසක්) සංඤාව සමග සමපාතනය කළවිට ලැබෙන අදහස සමාන වන්නේ ඔබගේ නිදහසට ද නැතිනම් පුද්ගලිකව ලස්සනට ජීවත්වීමට හරිනි දක්වන ආත්මීය ප්‍රහර්ෂයටද?

 

sirimavo bandaranaike 1970 සිරිමාවෝ ලැබූ බලය 

මෙහිදී ජවිපෙට ඇති බැතිමත්ව බව සමග සමාජ මාධ්‍යය අනෙකා වෙත පතුරන ආදරය සමග කතා කරමු....ලෝකය පැතළි නොවන බව කියා පල්ලියෙන් මැරුම් කෑවා සේම, යථාර්තය ද පැතළි නොවන බව, එය විශ්වාස කරන faith විට ආත්මය එකග නොවෙයි...නමුත් එය වස්තුක ලෝකයට ගෙන එන භාෂාමය පාරභෞතික පාර යනු සැබෑම නිදහසේ මාවත ද? BYOB ...

 

images 59

(ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Lecturer at Open University of Sri Lanka

 


(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...