The Leader News
BREAKING
Top Ad
Opinion

හිනා නොවිය යුතුයි.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

T

The Leader Desk

November 23, 2024 • 10:40 AM

 හිනා නොවිය යුතුයි.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙනුවෙන් අවුරුදු තිස්පහක් කැපවුණු පක්ෂයක් ජනතා පරමාධිපත්‍යයෙන් බලය ලබාගත් පසු1931 සිට දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට ක්‍රමවේදයට උරුමකම් කියන වටිනාකම් රැකගත් රටක රාජ්‍යයක ඒ ව්‍යුහයන්ට අනුගත වෙන්න ඉගෙන ගන්න පුහුණු වෙන්න කාලයක් යනවා.
  • දැඩි විනයානුකූල මධ්‍යගත පක්ෂයක් තුළ හැදිලා වැඩිලා පුහුණු වෙච්ච පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යුහයට ඇතුල්වෙලා රාජ්‍යකරණයට ආණ්ඩුකරණයට යනකොට එල් බෝඩ් වෙන්න පුළුවන්.
  • තවමත් රාජ්‍ය නායකයාගේ භූමිකාවට ජාතික ජන බලවේගයේ නායකයා හැඩ ගැසී නැති බවක් නිරීක්ෂණය කළ හැක.
  • උදේ දහයත් රාත්‍රී දහයක් අතර පමණක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන බවක් පෙනෙන අතර ඉන්පසු රාජ්‍යයේ පාලනයෙන් ව්‍යුහයෙන් මිදී පක්ෂ ව්‍යුහයට අනුගතව කටයුතු කරන බව දැකගත හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් අවුරුදු තිස්පහක් කැපවුණු පක්ෂයක් ජනතා පරමාධිපත්‍යයෙන් බලය ලබාගත් පසු1931 සිට දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට ක්‍රමවේදයට උරුමකම් කියන වටිනාකම් රැකගත් රටක රාජ්‍යයක ඒ ව්‍යුහයන්ට අනුගත වෙන්න ඉගෙන ගන්න පුහුණු වෙන්න කාලයක් යනවා.

දැඩි විනයානුකූල මධ්‍යගත පක්ෂයක් තුළ හැදිලා වැඩිලා පුහුණු වෙච්ච පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යුහයට ඇතුල්වෙලා රාජ්‍යකරණයට ආණ්ඩුකරණයට යනකොට එල් බෝඩ් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ පුහුණු කාලය තුළ හිනාවෙන්න හොඳ නෑ. ඒවා හදාගන්න ඉඩ දෙන්න ඕන. ඔවුන්ගේ මධ්‍යගත පක්ෂ ව්‍යුහයට ඔවුන්ගේ සම්ප්‍රදායට සංස්කෘතියට ඔවුන්ගේ අන්තවාදී විනයන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී විසම්මුතිය පිලි නොගන්නා ක්‍රමවේදයන්ට හැබැයි රාජ්‍යයෙ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් යට කරන්න ඉඩදීය යුතු නැත.

 

465818928 960001949492759 7680761548113519664 n



තවමත් රාජ්‍ය නායකයාගේ භූමිකාවට ජාතික ජන බලවේගයේ නායකයා හැඩ ගැසී නැති බවක් නිරීක්ෂණය කළ හැක. උදේ දහයත් රාත්‍රී දහයක් අතර පමණක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන බවක් පෙනෙන අතර ඉන්පසු රාජ්‍යයේ පාලනයෙන් ව්‍යුහයෙන් මිදී පක්ෂ ව්‍යුහයට අනුගතව කටයුතු කරන බව දැකගත හැක. මෙම ක්‍රමවේදයෙන් ජනාධිපති වරයාගේ ආරක්ෂාව භාරව සිටින PSD ද රාජ්‍ය නායකයා භාරව සිටින ව්‍යුහයන්ද වගකීම් දරන්නන් confused වෙමින් තිබෙන බවද වාර්තාවේ.

රාජ්‍යකරණයට හා ආණ්ඩුකරණයට අදාළ වගකීම් දරන ඇතැම් මැති ඇමතිවරුන්ගේ පැවැතුම් පැවතුම් ඇඳුම් පැළඳුම් හැසිරීම් කතා ක්‍රමවේදයන්ද රාජ්‍ය confused කරමින් ඇත. එහෙත් ක්‍රමයෙන් ඔවුන් සිස්ටම් එකට අනුගත වනු ඇත. ඒ සඳහා කාලයක් අවශ්‍යය. ඒ සඳහා ඔවුන්ට රූපාන්තරණය වීමට ඉඩ දිය යුතුය. ඒ සඳහා ඔවුන් ද්විත්ව රංගනයක රූපණයක නිරත නොවී අව්‍යාජ වග වීමෙන් වගකීමෙන් සූදානම් විය යුතුය. කැප විය යුතුය. ඒ සඳහා ඔවුන්ගේ සූදානම් වීම සිනාවට  විහිළුවට ලක් නොකර මේ සිස්ටම් එකට ඇතුල්වීමට අනුගත වීමට අනුකරණය කිරීමට ඉඩ දිය යුතුය.


parliment 24.11.21

එය දීර්ඝ කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට දේශපාලන ශිෂ්ඨත්වයෙ ව්‍යාපෘතියට දේශපාලන ව්‍යාපාරයක් අවශෝෂණය කර ගැනීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවකි. එබැවින් ඔවුන්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් හාස්‍යයට ලක් කරනවා වෙනුවට වඩා ප්‍රශස්ත විචාරාත්මක හැඩගස්වා ගන්නා තම විවේචනයකට ප්‍රවේශ විය යුතුය. ව්‍යවස්ථානුකූල රාජ්‍යකරණය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය වටිනාකම් සම්ප්‍රදායන් පිළිවෙත් ශක්තිමත් කරමින් ඒවාට එරෙහි ජාතික ජන බලවේගයේ අනුගාමිකයින්ගේ සැදැහැවතුන්ගේ facebook දායක සභාවල ළදරු වලිප්පුවලට ඉවසීමෙන් පිළිතුරු බඳිමින් ජාතික ජන බලවේගය රාජ්‍යය තුළටත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් ව්‍යවස්ථාව හා ක්‍රමවේදය තුළට ඇතුළත් කරගත යුතුව ඇත.


 එය හරියට නළපාන ජාතකයේ වඳුරන් දිය බීමට පොකුණට යන්නා සේ  ඔවුන් අවස්ථානුකූල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය  නැමැති පොකුණ තුළටම ඇද ගත යුතුය.!

images 60
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com

Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
 2024.11.23

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිනා නොවිය යුතුයි.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ) | The Leader