ඔය වේයන්ගොඩ නිධන් හෑරිල්ල කියන්නෙ මේ ආන්ඩුව ගැන මෙටාෆර් එකක්. ඒ කියන්නෙ මේ ආන්ඩුව යනු කුමක්ද කියන එක පැහැදිලි කරන රූපකයක්.
මිනිස්සු විශ්වාස කරනවා වළලපු මහා නිධානයක් තියෙනවා කියල. ඒක උඩ අපි ඉඳගෙන ඉන්නවා කියල. ආණ්ඩුවත් මිනිස්සු එක්කම ඒ ග්‍රාම්‍ය විශ්වාසයට එකතු වෙනවා.
ලංකාවෙ ඉතිහාසය ගැන තරමක් හෝ දන්න කෙනෙකුට වැටහීමක් තියෙනවා එහෙම මහා ධන නිධාන කියලා ජාතියක් තියෙන්න විදිහක් නෑ කියල.

අපේ රට එහෙම රන් ආකර තිබුනු, මහා ධනස්කන්ධයක් තිබුනු රටක් නෙමෙයි. ඔය පොඩි කාසි ටිකක්, සන්නසක්, මැණික් කීපයක් වගේ කෙනෙක් වළදාලා තියෙන්න පුළුවන්. හැබැයි අපිට මැවෙන්නෙ සිටුවර මොන්ට ක්‍රිස්ටෝ වර්ගයේ නිධානයක්.
අන්තිමට හාරලා බැලුවම තියෙන්නෙ කලුගලක් විතරයි. නිකටෙ අතගහගෙන බලන් ඉන්නවා ගොඩදාපු තඩි කලුගල දිහා.
ඔය කතාවෙන් උකහාගන්න තියෙන තේරුම මේකයි. පොලොව යට වළදාපු අතීත ධනයක් ගැන හීන දකින අය වගේම, තව කවුරු හරි හොරාකාපු මහා ධනයක් රටට ගෙනල්ලා අපිව ගොඩදායි කියල බලන් ඉන්න හැමෝටම ලැබෙන්නෙ ඔච්චරයි.

තමන් මහන්සි වෙලා, අමාරුවෙන් උපයන්න සිද්ද වෙනවා කියන ඇත්ත බාරගන්න බැරි ගැමි කම්මැලිකම තමයි හොරා කාපු සල්ලි සහ පොලොව යට නිධන් කියන කතා ඇතුලෙ තියෙන්නෙ. වර්තමානයේ මහන්සියක් නොවී අතීතයෙන් ගොඩයාමේ ආසාව.
ඒ කම්මැලියන්ට ලැබෙන දේ තමයි වේයන්ගොඩ ගොඩදාලා තියෙන්නෙ.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



