සම්ප්‍රදායික පක්ෂ අසාර්ථක උනේ ඒ නිසා…
2015 මහින්දව ගෙදර යැවීමේ ඉඳන්ම රජුන් තනන බලවේගය ගොඩනැගිලා තිබ්බා.
හැබැයි ඒ බලවේගයේ හැඩය අවස්ථානුකූලව වෙනස් උනා.
ඒත් ඒ ජනතාව බලාපොරොත්තු උනේ මොකක්ද කියන එක තේරුම් අරන් ඒකට cater කළේ ජවිපෙ විතරයි.

මිනිස්සු 2015 ඉඳන්ම ඉල්ලන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්.
යහපාලනයක්
සිස්ටම් චේන්ජ් එකක්…
මොන නමකින් ආවත් දේශපාලන සංස්කෘතිය වෙනස් වීම තමයි ඒ අයගේ අවශ්‍යතාවය..
2015 දී 2019 දී සහ දැන් 2024 දිත් ඔවුන් රජුන් තැනුවා..
එහෙම වෙද්දිත් ජනතා ඉල්ලීම මොකක්ද කියන එක රනිල්ලා සජිත්ලා තේරුම් ගත්තෙ මේ මහමැතිවරණය ඉවර උනාම.
කොටින්ම ජනාධිපතිවරණය පැරදිලාවත් එයාලට ඒක තේරුනේ නෑ.

2024 වෙද්දි ඒ රජුන් තනන්නෝ තමන්ට නිසි හැඩයක් හදාගෙන තිබ්බා. ඒ තමයි රීබ්‍රෑන්ඩ් වෙච්ච ජවිපෙ වටේ මාලිමාවේ නමින් හැදුනු ඝන පොත්ත..
මේ මාලිමාවෝ තමයි මේ වෙද්දි ලංකාවේ දේශපාලන සංස්කෘතියේ standards සෙට් කරමින් ඉන්නේ…
දැන් බලය තියෙන්නෙ ජවිපෙට.
බලය පවත්වාගෙන යන්න නම් ඔවුන්ට සිද්ධ වෙනවා මාලිමාව නිර්මාණය කරපු ස්ටෑන්ඩර්ඩ්ස් මේන්ටේන් කරගෙන ඉදිරියට යන්න..
ඒ වගේමයි විපක්ෂය..

මේ වෙද්දි දැනෙන විපක්ෂයක් නෑ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ හෝ එලියේ ගොඩනැගෙන විපක්ෂයක් උනත් පවතින්නේ මාලිමාවේ ස්ටෑන්ඩර්ඩ්ස් පිලිගත්තොත් විතරයි.
පවුල්වාදය එපා
සහචරවාදය එපා
හොරු, දූෂිතයෝ එපා
පගා, කප්පම්කාරයෝ එපා
මැරයෝ, චණ්ඩි එපා
ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙලා තිබ්බේ තාත්තලා පුතාලා යාලුවෝ එකතු වෙලා තමන්ගෙ බලය හරහා දූෂණ වංචා කරපු කප්පම් ගත්තු මැරවර භාවිතාවක්.. දේශපාලනයට එන්න නම් හතර අතට විසි කරන්න සල්ලි තියෙන්න ඕන කියන අදහසක් මිනිස්සු අතර තිබ්බා.
මාලිමාව හරහා කුඩු පට්ටම් උනේ ඔන්න ඔය පරණ ස්ටෑන්ඩර්ඩ්ස් ටික..
මාලිමාව තනි අතෙන් ජවිපෙ උස්සගෙන අත්පුඩියක් ගැහුවා..
දැන් විපක්ෂයක් ඕන මාලිමාවේ අත්පුඩියේ අනෙක් අත වෙන්න පුලුවන් විදියේ..
එහෙම නොවුනොත් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නෙ නෑ..
එහෙම නොවුනොත් තව අවුරුදු 20 කින් අපට පේන්නේ මේ 2024 ඇති උනේ තාවකාලික විකෘතියක් විදියට.

ඒ අපරාධය සිද්ධ නොවෙන්න නම් ජවිපෙට එරෙහි මතවාදී විපක්ෂය මාලිමාවේ ස්ටෑන්ඩර්ඩ්ස් උඩ නිර්මාණය වෙන්න ඕන..
රජුන් තනන්නන් සතුටු නොකර රාජ්‍යය ලබාගන්න බැරි බව විපක්ෂය තේරුම් ගන්න ඕන..
ඒ වගේම ජවිපෙට වරදින්න ඉඩ තියෙන එක තැනක් තියෙනවා.
ඒ තමයි රජුන් තනන්නන්ට සමාජවාදී සමාජ විප්ලවය අවශ්‍ය උනේ නැති බව හිතා මතාම අමතක කිරීම…
රජුන් තැනූ ඔය කියන ජනතාව ඉන්නෙ ජවිපෙ එක්ක බන්ධනයක නෙවෙයි..
ඔවුන් නිදහස් මිනිස්සු..
උන් ජවිපෙ කාඩරය නෙවෙයි.
ඔවුන් මේ මොහොතේ විශ්වාස කරනවා ජවිපෙ මුලික ආණ්ඩුවට තමන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කරන්න හැකි බව..
ජවිපෙට ඔවුන් අත ඇරෙන්නෙ ඉල්ලපු දේට වඩා වේගෙන් නොඉල්ලපු දේවල් දෙන්න යද්දි…
කොහොම උනත් ජවිපෙ සහ අලුතෙන් හැදෙන විපක්ෂ බලවේගය වටහා ගන්න ඕන කරන්නේ මාලිමාවේ ස්ටෑන්ඩර්ඩ්ස් උඩ ඉඳගෙන දේශපාලනය කල යුතු බවත් රාජ්‍යය බලයේ උරුමය ලැබෙන්නේ කෙතරම් සාර්ථක විදියට ඒ ස්ටෑන්ඩර්ඩ්ස් රකිනවාද යන්න මත බවත්..
(නදීශ ද සිල්වා)
(උපුටා ගැනීම - Nadeesha De Silva ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2024.11.23



