The Leader News
BREAKING
Top Ad
Opinion

'මේ හැම දෙයක් ම සුන්දර වෙන්නේ කොන්දේසි දෙකක් සැපිරෙන තාක්කල් විතරයි' - (රසික ජයකොඩි)

T

The Leader Desk

November 25, 2024 • 3:47 PM

'මේ හැම දෙයක් ම සුන්දර වෙන්නේ කොන්දේසි දෙකක් සැපිරෙන තාක්කල් විතරයි' - (රසික ජයකොඩි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්න බොන්න, අඳින්න පළඳින්න ඕනෙ විදියක් තියෙනවා.
  • ඇත්තට ම පාර අයිනට වෙලා අඹ ගහට ගල් ගහමින් හිටපු කාලේ තමන්ටත් කවදාහරි විශාල අඹ වත්තක් පාලනය කරන්න ලැබෙයි කියලා කොල්ලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති.
  • කොහොම වුණත් අඹ ගහට පොලු ගහමින් හිටපු කාලේ වගේ "කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්.." කිය කිය දැන් ඉන්න ලැබෙන්නේ නැහැ.
  • ඒ වගේ ම කලින් අඹ වත්තෙ වෙච්ච මහා පරිමාණ හොරකම් අල්ලලා ඒවාට වගකිවයුතු වරදකාරයෝ දඬු කඳේ ගහන්න ඕනෙ. The clock is ticking.. rasikajayakody2@gmail.com (Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..) 25 - 11 - 2024 සබැඳි පුවත් : මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නය ?
අකුරු ප්‍රමාණය (Font Size):

"මේ වෙලාවේ ටිල්වින්ලා, විජිතලා වගේ පරණ ජේවීපී නායකයෝ මුහුණ දෙන්නේ කොට කලිසමක් ඇඳන් වත්ත අයිනට වෙලා අඹ ගහට පොලු ගහමින් හිටපු කොල්ලෙක් පස්සෙ කාලෙක දියුණු වෙලා විශාල අඹ වත්තක අයිතිකාරයා වුණාට පස්සේ මුහුණ දෙන්න වෙන සංස්කෘතික ප්‍රශ්නයටයි.."

 

npp098

වත්තේ අයිතිකාරයා වුණාට පස්සේ ගෙවන්න වෙන සමාජ-සංස්කෘතික ජීවිතයක් තියෙනවා. කන්න බොන්න, අඳින්න පළඳින්න ඕනෙ විදියක් තියෙනවා. ඉටු කරන්න ඕනෙ වගකීම්, යුතුකම් තියෙනවා. ඒක අඹ වත්තට පොලු ගහන කොලු ගැටයා කාලේ ගෙවන ජීවිතය තරම් සරල එකක් නෙවෙයි. අඹ වත්තේ අයිතිකාරයා වුණාට පස්සේ එතැන ඉන්නේ අර ඉරිච්ච කොට කලිසමක් ඇඳන් අඹ ගෙඩිවලට පොලු ගහමින් හිටපු කොලු ගැටයාත් නෙවෙයි. ඒ පරිවර්තනය විශාලයි. ඒ වගේ ම එය අනිවාර්‍යයෙන් ම සිදුවිය යුතුයි. වත්තේ අයිතිකාරයා වුණාට පස්සෙත් අර කොලු ගැටයා කාලේ වගේ හවසට ගහක් යට වාඩි වෙලා ඩොලැක්කි ගහමින් "පවන" සිංදු කියයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩයි.

කාලයක් අඹ වතු අයිතිකරගෙන හිටපු, වතු අයිති කරගැනීම තමන්ට උත්පත්තියෙන් එන උරුමයක් විදියට හිටපු පරණ වලව්කාරයන්ට මේ කොලු ගැටයාගේ පරිවර්තනය රුස්සන්නේ නැහැ. ඔවුන් ඒ දිහා උපහාසාත්මකව බලනවා. ඒ කොලු ගැටයා අර පරණ ජීවිතයටම, පරණ ඇවතුම් පැවතුම්වලට ම බැඳලා තියාගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කෝචොක් දාන පරණ ගරාවැටෙන වලව්කාරයන්ට වඩා මේ කොල්ලාගේ ශක්තිය දැන් හුඟක් වැඩියි. ඕනෙ නම් ඒ හැම පරණ වලව්කාරයෙක්ම පාරට ඇදලා දාන්න මේ කොල්ලාට දැන් පුළුවන්. ඇත්තට ම පාර අයිනට වෙලා අඹ ගහට ගල් ගහමින් හිටපු කාලේ තමන්ටත් කවදාහරි විශාල අඹ වත්තක් පාලනය කරන්න ලැබෙයි කියලා කොල්ලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. එහෙම හිතුවා නම් ඒ කාලෙ ඊට වඩා වගකීම් සහගතව, මැදහත්ව හැසිරෙන්න ඉඩ තිබුණා.

 

කොහොම වුණත් අඹ ගහට පොලු ගහමින් හිටපු කාලේ වගේ "කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්.." කිය කිය දැන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඉස්සර වගේ "IMF - ලෝක බැංකුව - ඇමෙරිකන් අධිරාජ්‍යවාදය භංග වේවා" වගේ ලාභ සටන් පාඨ දැන් කියන්න පුළුවන්කමක් නැහැ. දැන් විශාල අඹ වත්තක් පාලනය කරන්න තියෙනවා. වැඩ කරන මිනිස්සුන්ගේ පඩිනඩි වෙලාවට බේරන්න තියෙනවා. යන්ත්‍ර සූත්‍ර, පොහොර මිලදී ගන්න තියෙනවා. බැංකු ණය වාරික වෙලාවට බේරන්න තියෙනවා. විශාල වගකීම් සහ අවදානම් දරන්න වෙනවා. මේ හැම දෙයක් ම කරද්දි විශාල වෙහෙසක්, ආතතියක් සහ පීඩනයකුත් දැනෙනවා. මේ වෙහෙසෙන්, ආතතියෙන් මිදෙන්න කලාව, විනෝදාස්වාදය සහ හොඳ සංස්කෘතික ජීවිතයකුත් අවශ්‍ය වෙනවා. 

මම පුද්ගලිකව කැමතියි ඒ කොලු ගැටයා ඉරිච්ච කලිසම ගලවලා හොඳට කාලා, බීලා, ඇඳලා, සිංදුවක් අහලා, නටලා, විනෝද වෙලා ඉන්න එකට.. 

මේ පරිවර්තනය මම සතුටු සිතින් වින්දනය කරනවා. ඒ වගේ ම මේවාට කෝචොක් කරන අර ගරා වැටිච්ච පරණ වලව්කාරයෝ පාරටම ඇදලා දැම්මත් මට කමක් නැහැ. 

හැබැයි මේ හැම දෙයක් ම " සුන්දර" වෙන්නේ කොන්දේසි දෙකක් සැපිරෙන තාක්කල් විතරයි. වත්ත හරියට පාලනය වෙලා වෙලාවට ගෙඩි කැඩිලා, පඩි නඩි බේරලා, හොරකම් නාස්තිය නැවතිලා සල්ලි අතට එන්න ඕනෙ. ඒ වගේ ම කලින් අඹ වත්තෙ වෙච්ච මහා පරිමාණ හොරකම් අල්ලලා ඒවාට වගකිවයුතු වරදකාරයෝ දඬු කඳේ ගහන්න ඕනෙ. 

The clock is ticking.. 

2025 නාමල් සමග සටනට එජාපයෙන් රුවන්! - රසික ජයකොඩි කියන 'අප්ෂට්' කතාවක්
rasikajayakody2@gmail.com
(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)
25 - 11 - 2024

සබැඳි පුවත් :
මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නය ? - (උපුල් ශාන්ත සන්නස්ගල)

කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක්

මේ වීඩියෝවත් බලන්න 

 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...