The Leader News
BREAKING
Top Ad
Opinion

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

November 25, 2024 • 5:00 PM

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලු විශ්වසනීයත්වය නැති කර ගනු ඇතැයි ගෞරවනීය සහ පළපුරුදු සගයකු පැවසූ රැස්වීමක මම සිටියෙමි.
  • දූෂණ ආඛ්‍යානය සාර්ථකව සමාජගත කිරීම තුලින් ඔවුන් බලයට පත් වූ බැවින් ඔවුන්ට එය අනිවාර්ය බව ඔහු පැවසීය.
  • ඔහු නිවැරදි නම් ආණ්ඩුව සිටින්නේ අමාරු තත්ත්වයක බව මම සිතුවෙමි.
  • දි නියෝජ්‍ය ඇමතිවරයෙක් (තෝරෙක්) රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000 ක අල්ලසක් ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලු විශ්වසනීයත්වය නැති කර ගනු ඇතැයි ගෞරවනීය සහ පළපුරුදු සගයකු පැවසූ රැස්වීමක මම සිටියෙමි.

දූෂණ ආඛ්‍යානය සාර්ථකව සමාජගත කිරීම තුලින් ඔවුන් බලයට පත් වූ බැවින් ඔවුන්ට එය අනිවාර්ය බව ඔහු පැවසීය.

ඔහු නිවැරදි නම් ආණ්ඩුව සිටින්නේ අමාරු තත්ත්වයක බව මම සිතුවෙමි. මගේ සගයා මෙන් නොව මා මහා පරිමාන දුෂණ නඩු සඳහා යන කාලය ගණනය කොට තිබිණි.

zderw354232
2007 දි නියෝජ්‍ය ඇමතිවරයෙක් (තෝරෙක්) රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000 ක අල්ලසක් ගත්තේය. 2017 දී මහාධිකරණය ඔහු වැරදිකරු බවට තීන්දු කළේය. එම තීන්දුවට එරෙහිව ප්‍රේමරත්න මහතාගේ අභියාචනය මේ මස මුල දී ප්‍රතික්ෂේප කරනු ලැබීය. නඩුවේ තීරණයට වසර දහයක් සහ අභියාචනය සඳහා තවත් වසර හතක් ගතවිය. මාස වලින් කිව්වොත් මාස 204ක්.

2018 මැයි 03 වැනි දින හෝටලයක රථ ගාලක දී රුපියල් මිලියන දෙකක ලකුණු කළ නෝට්ටු ගණන් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනක් (මෝරු) අත්අඩංගුවට ගනු ලැබුහ. මහානාම එදිරිව CIABOC නඩුවේ තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 2019 දෙසැම්බර් 19 වන දින ලබා දෙන ලදී. අභියාචනාධිකරණය මග හරිමින්, අභියාචනය කෙළින් ම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතට ය. 2023 ජනවාරි 11 වැනි දින වරද තහවුරු කිරීමේ තීරණය පැමිණියේය. සමස්තයක් වශයෙන් ගත වූ කාලය වසර හතරහමාරකි. මාස 54කි.

විසඳුම්

dfrwe5423

අපරාධකරුවන් අතේ බඩු සහිතව හසුවන අවස්ථාවල දී පවා සාක්ෂි සකස් කර ගැනීමට කාලය අවශ්‍ය වෙයි. මහානාම නඩුවේදී මෙයට මාස 12කට මදක් වැඩි කාලයක් ගත විය. රජයේ රස පරීක්ෂක සහ අනෙකුත් විශේෂඥයින් ප්‍රමාද නොකරන්නේ නම්, ඇතැම් විට මෙම අදියරෙන් මාස කිහිපයක් ඉතිරි කර ගත හැකි ය.

මහාධිකරණයට මාස තුනක් ගත විය. ලංකාවේ හැටියට එය ඊට වඩා වේගවත් කළ නොහැකි ය. වැඩි ම වෙලාවක් නාස්ති වුයේ අභියාචනය සඳහා ය.

විසඳුමක මූලිකාංග හඳුනාගත හැකි ය: මහානාම නඩුවේදී භාවිතා කරන ලද ආකාරයට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නඩු විභාගය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජු අභියාචන ක්‍රියා පටිපාටිය භාවිතා කරන්න. අභියාචනය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය නම් අදාළ නීති සංශෝධනයක් අනුමත කරව ගන්න.

නමුත් මෙමගින් වුවද තෝරෙකු හෝ මෝරෙකු සිරගත කිරීම මාස 12 ක් ඇතුළත කල නොහැක. එනමුත්, 2010 දී අවසන් වූ 6 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය දැරූ ප්‍රේමරත්න මහතා සම්බන්ධ නඩුවේදී මෙන් නොව, එක ආණ්ඩුවක ආයුකාලය ඇතුළත එම කාර්යය අවසන් කල හැකි වනු ඇත. ප්‍රේමරත්න නඩුව 7, 8 සහ 9 පාර්ලිමේන්තු කාලවලින් ඔබ්බට ඇදී ගියේය.

sertw332

1970-77 බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව විසින් සිදු කරන ලද ආකාරයට සාමාන්‍ය අධිකරණවලින් සහ ක්‍රියා පටිපාටිවලින් පරිබාහිරව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා ඇති කිරීමට කිසිවෙකු යෝජනා නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. දූෂණ නඩුවලට අදාළ අභියාචනා අහෝසි කිරීමට ද කිසිවකු යෝජනා නොකරනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි.

අධිකරණය සම්බන්ධ කාරණා පිළිබඳව ඉතාමත් පරිස්සමින් කටයුතු කළ යුතු ය. විධායකයේ විෂය පථයට අයත් කරුණු සඳහා වඩාත් සෘජු ක්‍රම යොදාගත හැකි ය.

එබැවින්, යුක්තිය ප්‍රමාද වීමට ප්‍රධාන වශයෙන් හේතුවන, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවල වැඩ කඩිනම් කිරීමට ක්‍රියා කිරීමේ හැකියාව ආණ්ඩුව සතුව ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගෙන එම මුදල් ඔස්ට්‍රේලියාවේ ගිණුමකට (මුදල් විශුද්ධිකරණ) මාරු කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනු කර ඇති නඩුව මගින් ප්‍රශ්නය විද්‍යාමාන වේ.

එංගලන්ත අධිකරණයකදී එයාර් බස් සමගම වරද පිළිගෙන පවුම් බිලියන ගණනක දඩයක් ගෙවා ඇති නඩුවක දී ලැබුණු "එයාර් බස් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීගේ කොමිස් ගෙවීමක් මගින් අල්ලස් ගැනීම වැළක්වීමට අපොහොසත් වීම යන චෝදනාව මත කල් දැමූ නඩු පැවරීමේ ගිවිසුමකට අදාළව එකඟ වූ කරුණු ප්‍රකාශය" කින් සමන්විත චන්ද්‍රසේන නඩුවේ සාක්ෂි ඉතා බලවත් ය.

මෙම යුවළ 2020 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඇප මත නිදහස්ව සිටිති.

නොවැම්බර් 13 වැනිදා නඩුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් විභාගයට ගැනීමට නියමිතව තිබූ අවස්ථාවේ දී නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති නිසා එය කල් දමන ලෙස රජය ඉල්ලා සිටියේය. වසර හතරහමාරක් තිස්සේ ඇදී ගිය නඩුව 2025 අප්‍රේල් 02 වැනිදාට කල් තබනු ලැබීය. වසර පහක් (මාස 60ක්) ගතවන අවස්ථාව ද පසුවන තුරු එය ආරම්භ වන්නේ නැත.

අවුරුදු ගාණක් තිස්සෙ බලා සිටි ආකාරයට තෝරු මෝරු හිරේ විලංගුවේ දැමීමේ අවශ්‍යතාවය ඉටු කිරීමට ඉහල විභවයක් සහිත පහසු නඩුවක දී නීතිපතිගේ කාර්යය ඉටුවී නැත. මොවුහු රජයට සේවය කරන ඉහළ ම වැටුප් ලබන වෘත්තිකයන් වෙනමුත්, ඉහළ ම මට්ටමේ දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය  හරි හැටි කළ නොහැකි ය! මේවා විනය පරීක්ෂණයකට පාදක කරුණු නොවන්නේද?

ඉහළ වැටුප් ලබන මෙම නිලධාරීන්ට ඔවුන්ගේ කාර්යය කිරීමට බල කිරීමට නව රජයට සම්පූර්ණ අයිතිය ඇත. විධායකය ඒ පිළිබඳව ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් පාර්ලිමේන්තුවේ සුදුසු අධීක්ෂණ කාරක සභාව ක්‍රියාත්මක විය යුතු ය.

අධිචෝදනා ගොනු කිරීම කරන ලද්දේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ වීම ප්‍රශ්නයක් කර ගත යුත්තේ නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ වල්ගය කරකැවීමෙන් වසරක් ඇතුළත තීන්දුවක් ලබාගත හැකි වනු ඇත. එයට සමාන්තරව, අභියාචනා පටිපාටිය විධිමත් කිරීම කළ හැකි ය. එවිට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තුළ අපට අවසානයක් දැකගත හැකි වනු ඇත.

මාස 12 කින් නොවුනත්, සාධාරණ කාලයක් තුළ සහ නීතියේ සීමාවන් තුළ ය.

Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net


සබැඳි පුවතක් :
රාජ්‍ය ආයතන විගණන පොකුරක් - 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ සිද්ධියට අදාල විශේෂ විමර්ශනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...