The Leader News
BREAKING
Top Ad
Opinion

ඇබා ප්‍රසංගය ඒ තරම් වටින්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 26, 2024 • 4:35 PM

ඇබා ප්‍රසංගය ඒ තරම් වටින්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම ඒ ප්‍රසංගයට සහභාගි වුනු ටිල්වින්, විජිත දිහා මං බලන් හිටියෙ ඇස්වල කඳුළු පිරෙන තරම් සතුටකින්.
  • අවුරුදු 76ට ඒක කිසි කෙනෙකුට කරන්න බැරි වුනු දෙයක්.
  • ටිල්වින් ගල්කිස්සෙ හෝටලේ ඇබා අහද්දි ඒ ඇස්වල දිලිසෙන සතුට දැකලා මට ඇඩුනෙ ඒකයි.
  • අවුරුදු තිස් හතලිස් ගානක් විශ්ව විද්‍යාල ඇතුලෙ පැලපදියම් කරපු බොරු ප්‍රබුද්ධ සංස්කෘතිය දැන් වෙනස් කරන්න පුළුවන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම ඒ ප්‍රසංගයට සහභාගි වුනු ටිල්වින්, විජිත දිහා මං බලන් හිටියෙ ඇස්වල කඳුළු පිරෙන තරම් සතුටකින්.

මේ ජීවිතේ කිසිම දවසක මං ටිල්වින්ලා විජිතලා එහෙම සතුටෙන් කන බොන නටන පාර්ටියක ඉන්නවා දැකලා නෑ. ඒ වෙනුවට හැමදාම මං දැකලා තියෙන්නෙ යටිගිරියෙන් කුසගින්න ගැන, යට ඇඳුම්වල හිල් ගැන ඒ අය කතා කරනවා විතරයි.

ඉතින් ටිල්වින් ඇබා ප්‍රසංගයෙ තමන්ගෙ පුරුදු රතු ෂර්ට් එකත් නැතුව අත්පුඩි ගහමින් හිනාවෙවී ඉන්නවා දැක්කම මට ඉතිහාසයක එක පීඩිත පරපුරක් විනෝදාස්වාදයේ සංස්කෘතිය දක්වා ගෙන ඒමෙ සන්තෝසය දැනුනා.

 අවුරුදු 76ට ඒක කිසි කෙනෙකුට කරන්න බැරි වුනු දෙයක්.

මගේ සටහනට චන්දන සිරිමල්වත්ත සහෝදරයා කියලා තිබුනා ටිල්වින් ආසම ගායකයා දන්නවා නං මං එහෙම ලියන්නෙ නෑ කියල. තව කෙනෙක් ලියලා තිබුන ටිල්වින්ගෙ ආසම ගායකයා ජෝතිපාල කියල. ඒ කියන්නෙ ප්‍රේමදාසගෙ ගම්උදාවෙ ප්‍රධාන ගායකයාට තමයි ටිල්වින් ආදරේම කරලා තියෙන්නෙ. ඒත් තමන්ගෙ වේදිකාවෙ දැම්මෙ නන්දා මාලිනී, ගුනදාස කපුගේ.

මේක තමයි මං කියන්නෙ අසරණකම කියල. තමන් ආසා කරන දේ එළිපිට වැළඳගන්න බැරි වීම. ආසා කරන ජීවිතය ප්‍රසිද්දියෙ ජීවත් වෙන්න බැරි වීම. ඒ වෙනුවට තමන් කැමති නැති වෙන වෙන දේවල් වෙනුවෙන් ජීවිත කාලයක් පෙනී ඉන්න සිද්ද වීම. මේක තමයි මිනිහෙකුට සිද්ද වෙන්න පුළුවන් ලොකුම අසරණකම.

ටිල්වින් ගල්කිස්සෙ හෝටලේ ඇබා අහද්දි ඒ ඇස්වල දිලිසෙන සතුට දැකලා මට ඇඩුනෙ ඒකයි. ඒ මනුස්සයාට තමන් ආසා කරන ජීවිතය අත්පත් කරගන්න අවුරුදු හැත්තෑවක් පහුවෙනකල් ඉන්න වුනා.

හැබැයි අද ටිල්වින් ඒ සතුට ලබනවා. මාලිමාවෙ ජයග්‍රහණය නිසා මේ රටේ සිද්ද වුනු වැදගත්ම වෙනස්කම ඒක කියලයි මං හිතන්නෙ.

හොරෙන් හංගගෙන බීපු අයට එලිපිට බොන්න පුළුවන් වෙනවා. හොරෙන් අහපු සිංදු එලිපිට අහන්න පුළුවන් වෙනවා. වෙනදා බැන බැන හිටපු කෑම බය නැතුව කන්න පුළුවන් වෙනවා. නටන්න බයේ හිටපු අයට නටන්න පුළුවන් වෙනවා. අවුරුදු තිස් හතලිස් ගානක් විශ්ව විද්‍යාල ඇතුලෙ පැලපදියම් කරපු බොරු ප්‍රබුද්ධ සංස්කෘතිය දැන් වෙනස් කරන්න පුළුවන් වෙනවා.

ඇබා නිසා අපි දැනගත්තා ටිල්වින් ආස ජෝතිපාලට කියල. තමන් ආසා කරන දේ ආදරෙන් වැළඳගන්න. ඒ වෙනුවට බොරු සංස්කෘතික මවාපෑම් නොකර ඉන්න. ජීවිතේ සතුට තියෙන්නෙ මහා ලොකු පෙරලිවල නෙමෙයි. මාස දෙකක වෙනසකින් ටිල්වින්ට පුළුවන් වුනා නම් තමන් මෙච්චර කාලයක් යටපත් කළ ජීවිතේ තමන් ආසා කරන විදිහට ගත කරන්න, ‍මේ රටේ ඕනම කෙනෙකුට පුළුවන්.
 
ඒකයි ඇබා ප්‍රසංගය ඒ තරම් වටින්නෙ.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

මීට පෙර  නිලන්ති කොට්ටහච්චි ගේ නර්ථනය පිළිබඳ සමාජ කතාබහක් ඇතිවූ අවස්ථාවේ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දැක්වූ අදහස් පහතින්.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇබා ප්‍රසංගය ඒ තරම් වටින්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස) | The Leader