The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ දේශපාලනයයෙහි අනාගතය හා පුරවැසියන් වන අපගේ අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

November 27, 2024 • 7:24 AM

ජවිපෙ දේශපාලනයයෙහි අනාගතය හා පුරවැසියන් වන අපගේ අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය.
  • ඒ අනුව කියන්නට වන්නේ අනුර හා මෙරට උගත් තාක්ෂනික පංතිය නොවන්නට ජවිපෙ ජයග්‍රහනයක් සිදු නොවන බවය.
  • එසේ නොදැනීම අපට අපගේ අනාගතය පිලිබදව කාංසාවක් ඇති කොට තිබේ.
  • කෙසේ නමුත් මේවන විටත් මතුවෙමින් පවතින ඇතැම් රෝග ලක්ෂන මගින් පෙන්නුම් කරන්නේ ජවිපෙ දෘෂ්ඨියක් කියා යම් දෙයක් පවතින්නේ නම් එය Anurism සමග අභිමුඛ වන්නට නියමිතව තිබෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය.

ජවිපෙ දෟෂ්ඨිය අපට බලපාන්නේ ආන්ඩුවේ ක්‍රියාවන් අපගේ ජීවිතයට හා අනාගත බලාපොරොත්තු වලටද බලපාන නිසාය.

 

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක

නමුත් මෙවර ජනතාව චන්දය ලබා දුන්නේ අනුරවාදයට මිස ජවිපයට නොවේ. මාගේ තේරුම් ගැනීමට අනුව Anurasim කියන්නේ ප්‍රායෝගිකත්වය (pragmatism) මත පිහිටුවනු ලැබු දේශපාලනයයි. Anurism විසින් මේවන විට අනුගමනය කරමින් සිටින IMF වැඩපිලිවල එහිලා දැක්විය හැකි හොදම උදාහරනය වන්නේය. Anurism සමග සමපාත වන්නේද Anurism හි පැවැත්ම හෝ නොපැවැත්ම රදා පවතින්නේද ජාජබය සමග අත්වැල් බැදගත් මෙරට උගත් තාක්ෂනික පංතිය(technocratic class) මිස ජවිපය නොවේ.එසේම ලංකාවේ අනාගතය රැදෙන්නේද Anurism සහ මෙම තාක්ෂනික පංතියේ දේශපාලනික ඒකාබද්ධතාවය මිස Anurism සහ ජවිපෙ දේශපාලන දෟෂ්ඨියේ ඒකාබද්ධවීම මත නොවේ.

අනුර ජනාධිපතිවරයා ජයග්‍රහනය කරවන්නේ මෙම තාක්ෂනික පංතියේ ආභාෂය තුලිනි. අනුරගේ එම ජයග්‍රහනය පෙරලා මාලිමාවට පාර්ලිමේන්තු ජයග්‍රහනය ගෙනවිත් දුන්නේය. ඒ අනුව කියන්නට වන්නේ අනුර හා මෙරට උගත් තාක්ෂනික පංතිය නොවන්නට ජවිපෙ ජයග්‍රහනයක් සිදු නොවන බවය.

සීනුවෙන් මාලිමාවට මාරු වූ ජවිපෙ දේශපාලනය -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජවිපෙ වර්තමාන දේශපාලන දෟෂ්ඨිය තවමත් රටට පැහැදිලි කරදී නොමැත්තේය. පුරවැසි අපට ඒ පිලිබදව දැනීමක් අවශ්‍යවී තිබෙන්නේය. එසේ නොදැනීම අපට අපගේ අනාගතය පිලිබදව කාංසාවක් ඇති කොට තිබේ. ජවිපෙ දෟෂ්ඨිය Anurism සමග අනුගතවී ක්‍රියා කරන්නේද එසේ නොමැති නම් Anurism සමග අභිමුඛ වන්නේද යන්න පිලිබදව අදහසක් අපට අවශ්‍යව තිබෙන්නේය. මක් නිසාද යත් අනුරගේ සහ තාක්ෂනික පංතියේ දේශපාලනයට ජවිපෙ දෘෂ්ඨියේ අනාගත ගමන් මග අතිෂයින් තීරනාත්මක වන නිසාය.

කෙසේ නමුත් මේවන විටත් මතුවෙමින් පවතින ඇතැම් රෝග ලක්ෂන මගින් පෙන්නුම් කරන්නේ ජවිපෙ දෘෂ්ඨියක් කියා යම් දෙයක් පවතින්නේ නම් එය Anurism සමග අභිමුඛ වන්නට නියමිතව තිබෙන බවය. ලංවිම වෟත්තීය සමිති නායක ජයලාල් සහෝදරයාගෙන් මුවින් පිටවෙන වචන නියෝජනය කරන්නේ එවන් අදහසකි.

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8

 

පසුගිය මහමැතිවරනයේදී දිස්ත්‍රික්ක ගනනාවක තාක්ෂනික පංතිය නියෝජනය කරමින් තරග වැදුන අපේකෂකයන් ගනනාවකට පාර්ලිමේන්තුව මගහැරීමට හේතුවු කරුනු නිරීක්ෂනය කරන කල්හි ද පැමිනිය හැකි එක් අනුමිතයක් වන්නේද එවැනි අභිමුඛ වීමකි.

එසේම මෙවර පාර්ලිමේන්තුවට තෙරීපත්වු ජාතික ජනබලවේගයේ මන්ත්‍රි සංයුතිය තුල සිටින ජවිපෙ නියෝජනය කරනු ලබන මන්ත්‍රී වරුන්ට අමතරව සිටින තාක්ෂනික පංතිය නියෝජනය කරන්නාවු මනත්‍්ත්‍රි වරුන් යම් හෙයකින් ජවිපෙ දේශපාලනික දෘෂ්ඨිය වැළද ගැනීම තුල සිදුවිය හැක්කේද ජවිපෙ දේශපාලනය Anurism සමග අභිමුඛවීමේ අවධානමයි.

ඉහත කී ප්‍රවනතා කීපය තුලින්ම දිස්වන මුලික දේශපාලනික සිද්ධාන්තය වන්නේ ජවිපෙ දේශපාලනය විසින් ජාජබ තුල නියෝජනය කරන මෙම තාක්ෂනික පංතිය දිය කොට හැරීමේ අවධානමක් පවතින බවය.

 

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)

නමුත් අපට අනුව අනුර ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියේ පැවැත්මට මෙම තාක්ෂනික පංතියේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරනාත්මක වන්නේය. එසේම අනුර ජනාධිපතිවරයා සමග සිටගත් මෙම තාක්ෂනික පංතියේ පැවැත්ම රටේ අනාගතයට අතිශය තීරනාත්මක වන්නේය.

නමුත් ජවිපෙ විසින් දේශපාලනිකව මෙම තාක්ෂනික පංතිය දෙස බලන්නේ බල දේශපාලනික අර්ථයෙන් බව පැහැදිලිය. ඔවුනට අනුව එම පංතිය වැදගත් වුයේ සංක්‍රමනික දේශපාලන සාධකයක් ලෙසට පමනක් බව පෙනේ.

වෙනත් වචන වලින් කියනවා නම් ජවිපෙ විසින් රට තුල නැගී එන තාක්ෂනික පංතිය කියවා ගන්නේ තාවකාලික මිතුරු බලවේගයක් ලෙසටය.
ලෙනින්ගේ සමයේදී ලෙනින්ගේ කොමියුනිස්ට් පක්ෂය එවකට සමාජයේ ජීවත්වු සුළු ධනේෂ්වර පංතිය පිලිබදව දරනු ලැබුවේද මීට සමාන ආකල්පයකි. ( ලෙනින්-ප්ලැකනව් සාකච්ඡා)

 

ලංකාවෙ අවලස්සන ලෙනින් - (අජිත් පැරකුම් ජයසිංහ)
එවකට ලෙනින් පවසා තිබුනේ සුළු ධනේෂ්වර පංතිය සමාජ පංතියක් ලෙස මුලිනුපුටා දැමිය යුතු බවය. ලෙනින් එදා සිතා සිටි අයුරින් ක්‍රියා කිරීමට ලෙනින්ටද නොහැකිවුයේය. නමුත් එසේ සිතමින් ක්‍රියා කරන්නට ගොස් අවසානයේදී මර්ධක නිලධාරී තන්ත්‍රයක් සෝවියට් දේශය තුල ගොඩනැගුනේය.

ජවිපෙ අද චින්තනය එදා ලෙනින් සිතු දෙයට වඩා හාත්පසින්ම වෙනස් වන්නට පිලිවන. නමුත් ලෙනින් සිතු ලෙසටම තමන්ට බලය ලබා දුන් සමාජ ධාරාවක් දේශපාලනිකව නිශ්ක්‍රිය කිරීමට යෑම එතරම් මනෝඤ ක්‍රියාවක් නොවන්නේය.

සැබෑ ලෙස ගත් කල 3% ජන අනුමැතියකට සීමා වී තිබුන ජවිපෙය අද පෙන්වමින් සිටින දැවැන්ත ජන අනුමැතිය ලබන්නේ මෙරට වෙසෙන තාක්ෂනින මැද පංතියට පින් සිදු වන්නටය.

එය අකා මකා දැමීමට යාම තමන්ට ජයග්‍රහනය අත්කර දුන් අනුරවාදයට (Anurism) පිටු පෑමක් වන්නා සේම රටේ අනාගතයෙද එල්ලවිය හැකි බරපතල අභියෝගයක් බව අපගේ විශ්වාසය වන්නේය.

(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...