The Leader News
BREAKING
Top Ad
Opinion

ගෑස්ලයිටින් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 27, 2024 • 9:31 AM

ගෑස්ලයිටින් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී සිදු කරන්නේ අනෙකාගේ යථාර්ථය, මතකය, දෘෂ්ටිකෝණය පිළිබඳව උන් තුළම සැක මතු කර මානසිකව අන්දමන්ද කර දැමීමයි.
  • උදාහරණයක් ලෙස “පාර්ලිමේන්තු වරප්‍රසාද නොගන්නවා කියා දැන් ගන්නේ ඇයි?” කියා මාධ්‍යවේදියෙකු හෝ ප්‍රතිවාදියෙකු හෝ ඇසුව හොත් මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙන්නේ එකම නිශ්චිත පිළිතුරකි.
  • ජනතා නියෝජිතයෙක් හට නොමිලේ කෑම, පොලිස් ආරක්ෂාව, ගිනි අවි, වාහන, ඉන්ධන, කාර්යාල, වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය අනවශ්‍ය බව ඔවුන් නිරන්තරයෙන් ප්‍රකාශ කළා.
  • ඒවා ගන්නවා කියා හිටපු මන්ත්‍රීන් කෙරෙහි ජනතාව තුළ දැඩි වෛරයක් ඇති කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී සිදු කරන්නේ අනෙකාගේ යථාර්ථය, මතකය, දෘෂ්ටිකෝණය පිළිබඳව උන් තුළම සැක මතු කර මානසිකව අන්දමන්ද කර දැමීමයි. අනුර කුමාරගේ ආණ්ඩුව මේ දිනවල කරන දෙයකින් එය පැහැදිලි කළ හැකිය. උදාහරණයක් ලෙස “පාර්ලිමේන්තු වරප්‍රසාද නොගන්නවා කියා දැන් ගන්නේ ඇයි?” කියා මාධ්‍යවේදියෙකු හෝ ප්‍රතිවාදියෙකු හෝ ඇසුව හොත් මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙන්නේ එකම නිශ්චිත පිළිතුරකි. එනම් “අපි එහෙම කොහේවත් කියලා තියෙනවද?” යන්නයි. ගෑස්ලයිටින් යනු එයයි.

මෙහිදී සිදු වන්නේ කුමක්ද? මෙතෙක් කල් ඔවුන් මන්ත්‍රී වරප්‍රසාද විවේචනය කළා. ජනතා නියෝජිතයෙක් හට නොමිලේ කෑම, පොලිස් ආරක්ෂාව, ගිනි අවි, වාහන, ඉන්ධන, කාර්යාල, වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය අනවශ්‍ය බව ඔවුන් නිරන්තරයෙන් ප්‍රකාශ කළා. ඒවා ගන්නවා කියා හිටපු මන්ත්‍රීන් කෙරෙහි ජනතාව තුළ දැඩි වෛරයක් ඇති කළා. බයිසිකලේ නැගලා වැඩට එන පිටරට දේශපාලකයන්ගේ පින්තූර පෙන්නුවා. 

 

මාලිමාව' දිනුවොත් මම කැමතියි: ඒ ඇයි? - (ගාමිණී වියන්ගොඩ)
මෝහ අන්ධකාරයේ ගිලුණු පෘතග්ජනයා හෙවත් මෝඩ ජනතාව තමන්ගේ මනසේ ඒ අනුව හදා ගත්තා චිත්‍රයක්. ඔවුන් විශ්වාස කළා මාලිමාව බලයට පත් වුණාම ඒ වරප්‍රසාද අහෝසි කරලා බයිසිකලේ හරි බස් එකේ හරි උන් එක්කම වැඩට ගිහිල්ලා, උන් වගේම ගෙදරින් බැඳලා දෙන බත් මුල කාලා, උන් වගේම වැස්සේ තෙමිලා, අව්වේ කරවෙලා, දුක් විඳගෙන උන්ට සේවය කරයි කියලා. එහෙම හිතලා මාලිමාවේ පොල් ලෙල්ලටත් ඡන්දය දුන්නා.

දැන් ඔවුන් අර මෝඩ ජනතාවගෙන් පෙරළා අහනවා “වරප්‍රසාද ගන්නේ නැහැ කියලා අපි කොහේවත් කියලා තියෙනවද?” කියලා. එය ඉදිරිපත් කරන්නේ “ප්‍රකාශයක්” ලෙස නොව, “ප්‍රශ්නයක්” ලෙසින් බව ඔබට වැටහුණාද? එය ඉතාම සූක්ෂම උපක්‍රමයකි. එයින් කරන්නේ ඔබේ මතකය, ඔබේ යථාර්ථය, ඔබේ දෘෂ්ටිකෝණය පිළිබඳව ඔබ තුළම ප්‍රශ්න කරවීමය. එය අසන මෝඩ වැසියා එක් වරම අන්දුන් කුන්දුන් වේ. “එහෙම කිව්වේ නැද්ද?” කියා ඔහු/ඇය සිතන්නට පටන් ගනී. තමන්ගේ මනසේ හදා ගත් අර මතකය ව්‍යාකුල වී අසරණ වේ. අනතුරුව ඔවුන් සැබැවින්ම එසේ කීවේ නැත කියා විශ්වාස කරන්නටත් පටන් ගනී.

මේ Gaslighting කියන වචනය මේ මානසික උපක්‍රමයට යෙදෙන්නේ Gas light නමින් හදපු වේදිකා නාට්‍යයක් සහ ඇමරිකානු චිත්‍රපටයක් ඇසුරෙන්. කපටි ස්වාමියෙක් ඔහුගේ ධනවත් බිරිඳ මේ ආකාරයට මානසිකව ව්‍යාකුල කර ඇයගේ දේපළ කඩා වඩා ගන්නා ආකාරය එහි පිළිබිඹු වෙනවා.

ඒ උපක්‍රමය ඉතාම විශිෂ්ට ආකාරයට අනුර කුමාර ප්‍රධාන මාලිමාවේ උදවිය ලංකාවේ මෝඩ ජනතාව කෙරෙහි ක්‍රියාත්මක කරනවා. 

 

IMF අනුමත වූ පසු කැබිනට් සංශෝධනයක් !
“IMF ගිවිසුම වෙනස් නොකරන්නේ ඇයි?” - “අපි එහෙම කිව්වද?”

“උගන්ඩාවේ සල්ලි ගේන්න නැත්තේ ඇයි?” - “අපි එහෙම කිව්වද?”

“විදුලි බිල අඩු කරන්නේ නැත්තේ ඇයි?” - “අපි එහෙම කිව්වද?”

“අලුතෙන් ණය ගන්නේ ඇයි?” - “ණය ගන්නේ නැහැ කියලා අපි කිව්වද?”

අපි එහෙම කිව්වද? එහෙම වුණාද? අපි දන්නේ නැහැ… අපිට මතක නැහැ… වගේ කතාවලින් පුළුවන් ඔබව දැඩිව විශ්වාස කර ගෙන ඉන්න මෝඩ ගැහැණිය හෝ මිනිහාව ඉතා ලෙහෙසියෙන් රවට්ටන්න. ඒ අතින් අනුර කුමාර සහ මාලිමාවේ අය දේශපාලනයේ ඉතාම කපටි දක්ෂයන්. ඔවුන් දන්නවා මේ මානසික අවි හරියටම පාවිච්චි කරන විදිහ. ඇත්තටම ලංකාවේ ඉන්න මෝඩ මිනිසුන්ව එහෙම නොකර පාලනය කරන්නත් බැහැ. එහෙත් දැන් මේක ඉගෙන ගත් ඔබ නම් එහෙම කරන්න එපා. ඒක පාපයක්. ධර්මය ඔබට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 නොවැම්බර් 26

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...