The Leader News
BREAKING
Top Ad
Opinion

වන්නිනායකලා නැවත සොයා යාම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 28, 2024 • 5:34 AM

වන්නිනායකලා නැවත සොයා යාම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ තනතුරු හා රාජ්‍ය බලය නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ.
  • ටිල්වින් සිල්වාට රාජ්‍ය තනතුරක් නැති බව ද ඔහුට අමතක වී ඇති නිසා මතක් කර දිය යුතුය.
  • එවැනි තැන්වලදී පවා ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරීමට සිදු වේ.
  • ඔවුන්ගෙන් බොහෝ අය ද කලින් සිටි බොහෝ අය ජාතියේම පුද්ගලයන් බව මෙසේ පෙන්වා දීම ද ඉතා වැදගත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ තනතුරු හා රාජ්‍ය බලය නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. ටිල්වින් සිල්වාට රාජ්‍ය තනතුරක් නැති බව ද ඔහුට අමතක වී ඇති නිසා මතක් කර දිය යුතුය.

එවැනි තැන්වලදී පවා ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරීමට සිදු වේ. අපි මෙහෙමයි ආතල් ගන්නෙ යන්න රටට පෙන්නීම සඳහා ඒ අන්දමින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම බොළඳකමකි.

 

abba

ජවිපෙ දේශපාලන සංස්කෘතිය තුළ යම් වෙනසක් කරමින් සිටියි. එහි සාධනීය පැතිකඩක් ද තිබේ. ඔවුන්ගෙන් බොහෝ අය ද කලින් සිටි බොහෝ අය ජාතියේම පුද්ගලයන් බව මෙසේ පෙන්වා දීම ද ඉතා වැදගත්ය.

මේවායින් වැඩිපුර පාඩම් ඉගෙන ගත යුත්තේ ජවිපෙ/මාලිමා බොරු හා වෛරී ප්‍රකාශ නිසා වින්දිතයන් බවට පත් වූ විපක්ෂ ධනේශ්වර දේශපාලනඥයන්ය. වර්තමානය මෙන්ම අනාගතය ද ධනේශ්වර දේශපාලනයේ යුගයක් බැවින්, බාගෙට තැම්බුණු මෙවැනි සමාජවාදීන් විසින් විශේෂයෙන්ම ආර්ථිකයට සිදු කර යන විනාශය හානිපූර්ණය කිරීම සඳහා දියුණු ධනේශ්වර දේශපාලනයක් අවශ්‍යය. ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් විය යුතුය.

 

නව ප්‍රභූ දේශපාලනයක්! - චින්තන ධර්මදාස

පුරවැසියන් ලෙස අප කරමින් ඉන්නේ 2024ට පෙර යුගයේ කුණු වෙමින් තිබුණු ධනේශ්වර දේශපාලනය සුද්ද කරගැනීමේ කාර්යයයි. ජවිපෙ/මාලිමා ආණ්ඩුව ඒ සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කළ යුතු අතර, ඒ ඔස්සේ ඔවුන්ට අහෝසි වී යාමට ද පහසුකම් සැපයිය යුතුය.

මෙම යුගයේ සමාජ සංවර්ධනය සඳහා වූ පුරවැසි දේශපාලනය මැනවින් විග්‍රහ කරගත යුතුය. ඒ සඳහා නිදර්ශන සපයන හරිනි අමරසූරිය, ටිල්වින් සිල්වා වැනි අය තව තවත් දිරිගැන්විය යුතුව තිබේ. ඔවුන් වනාහි අපේ පාර්ශ්වයේ නායකත්වය ගොඩනගා ගැනීම සඳහා නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීම්ය.

අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...