The Leader News
BREAKING
Top Ad
Opinion

කොටි නැගිටල මාර වැඩේ.. - (වරුණ රාජපක්ෂ)

T

The Leader Desk

November 28, 2024 • 9:50 AM

කොටි නැගිටල මාර වැඩේ.. - (වරුණ රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල සමාජ මාධ්‍ය වල ඇසෙන මේ ප්‍රශ්නයට ආන්ඩුව වෙනුවෙන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා, එහෙටත් නැති මෙහෙටත් පිලිතුරක් දී ඇඟ බේරාගැනීමට කටයුතු කලා.
  • ඇත්තටම මේ ප්‍රශ්නයට තමන්ගෙ ස්ථාවරය කියන්න කාටවත් කොන්දක් නැද්ද?
  • වම "ජාතීන්ගේ ස්‍වයං නිර්ණය සදහා ඇති අයිතිය" තමන්ගෙ දේශපාලන පන්සිල් පද පහෙන් එකක් වගේ සැලකුව.
  • ඒකට මේ වෙනකොට පිටින් කියල මැදිහත් වීමක් වෙන්නෙ ඉන්දියාව සහ චීනය පමණයි. ජාතික ප්‍රශ්නයට සම්බන්ධ අරගලයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය දස දහස් ගානක් උතුරෙ ඉන්නව.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල සමාජ මාධ්‍ය වල ඇසෙන මේ ප්‍රශ්නයට ආන්ඩුව වෙනුවෙන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා, එහෙටත් නැති මෙහෙටත් පිලිතුරක් දී ඇඟ බේරාගැනීමට කටයුතු කලා.

 
ප්‍රධාන ධාරාවේ සියළු පක්ෂ මේ ප්‍රශ්නය නොඇසූකන්ව ඉන්න උත්සාහ කරනව.

ඇත්තටම මේ ප්‍රශ්නයට තමන්ගෙ ස්ථාවරය කියන්න කාටවත් කොන්දක් නැද්ද?
 
දෙමළ පක්ෂවල පෙඩරල් ඉල්ලීම ලෝක බලවතුන්ට දෙන සැලසුම්
එදා ලංකාවෙ වමට ජාතික ප්‍රශ්නය ගැන තමන්ගෙම වූ ස්ථාවරයක් තිබුන. ඒ වගේම දකුණටත් ස්ථාවරයක් තිබුන. වම "ජාතීන්ගේ ස්‍වයං නිර්ණය සදහා ඇති අයිතිය" තමන්ගෙ දේශපාලන පන්සිල් පද පහෙන් එකක් වගේ සැලකුව. එජාපය ගොඩනගමින් ඩී එස් කල කතාවෙ, "අපිට ජාති භේදවාදීන් විය නොහැකියි, අපි රටේ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සියලු ජාතීන් එක්කරනව " යැයි පැවසුව. වමේ තුබුනු ස්ථාවරය වෙනස් කලේ විජේවීර. ඒ දෙමල ඊලාම් අරගලයට අපේ විසදුම කෘතිය ලියමින්. ඊට පෙර ලියපු ලයනල් බෝපගේගෙ කෘතියෙන් ස්වයං නිර්ණය පිලි අරන් තිබුන.
දකුණේ ස්ථාවරය වෙනස් කලේ බන්ඩාරනායක. එ ජා ප යෙන් වෙන්වෙලා දකුණට ජාතිකවාදී පක්ෂයක් ගොඩ නගමින්.
 
දැන් මේ කාගෙවත් ස්ථාවර පැහැදිලි නෑ , මොකද එයාල කවුරුත් මේ ප්‍රශ්නෙ කතා කරන්නෙ නැති නිසා.
 
කතා කිරීම කෙසේවෙතත් උතුරත් එක්ක දේශපාලනය කරන එක පවා ඔවුන් අතහැරල.

දේශපාලනය කියන්නෙ චන්දෙ ඉල්ලන එක නෙමේ, ඔවුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් හඩක් දකුණේන්ද නියෝජනය කිරීම.
 

ජ වි පෙ ජාතිකවාදය වැලද ගත්තට පස්සෙත් ඒකට අභියෝග කරමින් උතුර එක්ක වැඩ කරපු වික්‍රමභාහුල, සිරිතුංගල දැන් නෑ. ඒ වගේම එ ජා ප යෙ හිටපු ජයලත් ජයවර්ධනල දැන් නෑ. ඒ නිසා උතුරේ දේශපාලනය උතුරේ වැඩක්, ජාතික මැතිවරණයකදි ඉන්දියාවත් එක්ක ඩීල් එකක් දාල තමන්ගෙ ගොඩ හදා ගන්න එක හැරෙන්න මේ කාටවත් දැන් උතුර පිලිබද තමන්ගෙම වුන න්‍යාය පත්‍රයක් නෑ.
 
ඒ නිසා වැටුන උතුර නැගිටින්නෙ තමන්ගෙම දේශපාලනයක් එක්ක. ඒකට මේ වෙනකොට පිටින් කියල මැදිහත් වීමක් වෙන්නෙ ඉන්දියාව සහ චීනය පමණයි. 

ජාතික ප්‍රශ්නයට සම්බන්ධ අරගලයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය දස දහස් ගානක් උතුරෙ ඉන්නව. ඒ අයගේ පවුල් වලට, ඔවුන්ගේ මියගිය සහෝදරයා, මිතුරා වෙනුවෙන් සමරුවක් කරන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිරායාස කැමැත්ත දේශපාලන වැඩක් බවට, උතුරේ දේශපාලනය කරන කෙනෙක් පත් කරගන්න එක නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනෙ.
 
ඇත්තටම ඔවුන්ට එහෙම කරන්න අයිතියක් නැද්ද ?
 
71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)
71 කැරැල්ල කියන්නෙ රාජ්‍ය බලය ලබාගැනීමට ආයුධ සන්නද්ධව කරපු අරගලයක්. 88/89 කියන්නෙත් එහෙමයි, උතුරේ බෙදුම්වාදී අරගලය නීතිවිරෝධී වන්නේ කුමන පදනමකින්ද ඒ පදනමින්ම 71 සහ 88/89 නීති විරෝධීයි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඒ වැරදි තුනම එකයි.
ඉතින් අප්‍රේල් සමරුව සහ ඉල් සමරුව උතුරේ විරු සමරුවෙන් වෙනස් වෙන්නෙ කොහොමද ?

ඒ වෙනස එන්නෙ තාම LTEE  එක තහනම් සංවිධානයක් වීමෙන් පමණයි. 

ඒත් උතුරේ විරු සමරු සංවිධානය කරල තිබුනෙ LTTE එක නෙමේ, ශිෂ්‍ය සංවිධාන සහ වෙනත් සිවිල් සංවිධාන.

දැන් කියන්න පුලුවන් ඒත් එයාල සමරන මිය ගිය අය තහනම් සංවිධානයක් නියෝජනය කල අය කියල. එහෙනම් 71 සහ 88/89 යත් එහෙමයි.
 
සංහිඳියාව පිළිබඳ කයිවාරු මැද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල වර්ධනයවන කළකිරීම -  ජෙහාන් පෙරේරා
 
දකුණට එක ක්‍රමයක් සහ උතුරට තව ක්‍රමයක් තියෙන්නෙ බෑ. 
මේකට උත්තරයක් විදිහට කාට හරි කියන්න පුලුවන් ඒ සමරු වලින් බෙදුම්වාදය ප්‍රවර්ධනය වෙනව කියල. එහෙම නම් අප්‍රේල් සමරුවෙන් සහ ඉල් සමරුවෙන් ඔවුන් එදා නියෝජනය කල මතය ප්‍රවර්ධනය වෙනව, මොකද ඒ සමරුවෙදි ටිල්වින් සිල්වා කියන්නෙ නෑනෙ, ඔවුන් එදා කල අරගලය වැරදියි කියල.
 
ඔහු එතනදි කියන්නෙ, ''ඔබ මිය ගොස් නැත , ඔබ පැතූ ලොව අප ගොඩනගන්නෙමු'' කියල.
 
ටිල්වින්ලා ගොඩනගන සමාජවාදයක් නැතිබව රටම දැන ගත්තේ ඔවුන්ට කතා කරන්නට සහ ක්‍රියා කරන්නට ඉඩ දීමෙන් මිස එය වලකා ලීමෙන් නොවේ. එනිසා දකුණට තිබෙන සියලු නිදහස උතුරටත් එලෙසම පැවතිය යුතුයි.
 
අප කල යුත්තේ අපේ මතය වෙනුවෙන් උතුරේ දේශපාලනය කිරීමය, ඒ සදහා ඉඩ විවර වන්නේ උතුර වෙනුවෙන් දකුණේ දේශපාලනය කිරීමෙනි.
ජාතික ප්‍රශ්නයට විසදුම් හොයන්න රනිල්ට බැහැ - (පිලිප් ශාන්ත) 
ලංකාවේ වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් එක්ව කල එකම දේශපාලන සටන වූ ජාතික ප්‍රශ්නය ඔවුන් දෙපාර්ශවයම අතහැර ඇත.

ඔබේ නිහඩ බව මට බෑ වටහා ගන්න..

භගත් සිං කිව්වෙ "බිහිරන්ට ඇසීමට විශාල ශබ්දයක් අවශ්‍යය" කියල. 

උතුරට එසේ සිතෙන තුරු නොසිට ..

මේ නිහඩ බව බිදින්න 
ඔබ මොනව හරි කියන්න

(වරුණ රාජපක්ෂ)
දේශපාලනික ක්‍රියාකාරික 
warunasl@yahoo.com

(උපුටා ගැනීම - වරුණ රාජපක්ෂ ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
468520304 9508402879189401 2088652329839757978 n
“පුත්‍ර ප්‍රේමය වනාහී හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුළු තෙක් කිඳා බැස එහි රැඳී සිටී” මහා වග්ගපාලිය සිය පුතුගේ ඡායාරුව දෙස බලමින් සහ විරු ස්මාරක ලග හඬන අම්මලාත්, තවමත් තම පුතු එතැයි හැඬූ කඳුලින් සිටින අම්මලාත් දැක ඇත්තෙමි.
 
දෙපිරිසෙහිම කඳුලේ බර සමානයැයි සිතමි. 

මියගිය සියලුදෙනා අවසාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් ය.
(Harshanath Kanchana)

උපුටා ගැනීම : Harshanath Kanchana ගේ ෆේස්බුක් පිටුවෙන් 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...