The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාව ලඟකදී වැටෙන්නේ නැහැ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 28, 2024 • 3:03 PM

මාලිමාව ලඟකදී වැටෙන්නේ නැහැ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් මෙහෙම ලියපු ගමන් කට්ටිය කියන්නේ මම මෙච්චර කල් රනිල්ට කඩේ ගිහින් දැන් මාලිමාවට කඩේ යනවා කියල.
  • දේශපාලන අදහසක් ප්‍රකාශ කරන්න බැරි රටක් මේක.
  • යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 14ක්.
  • මිනිස්සු තුවක්කු අරන් නැහැනේ (ඇත්තටම තුවක්කු ගන්නේ එහෙම නිදහසක්වත් නැති කොට).
අකුරු ප්‍රමාණය (Font Size):

එක මම පිළිගන්නේ නැහැ.

දැන් මෙහෙම ලියපු ගමන් කට්ටිය කියන්නේ මම මෙච්චර කල් රනිල්ට කඩේ ගිහින් දැන් මාලිමාවට කඩේ යනවා කියල. දේශපාලන අදහසක් ප්‍රකාශ කරන්න බැරි රටක් මේක.

මම කියන්නේ මාලිමාවේ කට්ටිය හිටපු කට්ටියට වඩා ස්මාර්ට් කියල පෙන්නුම් කරමින් ඉන්නවා කියල. එහෙම කියන්නේ මිනිස්සුන්ට දැනෙන එදිනෙදා දේවල් මෙයාල කරමින් ඉන්න නිසා. ඒවා මහා ලොකු දේවල් නොවුනට රනිල් වගේ කෙනෙක්ට දැනුණේ නැති අතිශයින් දේශපාලනික දේවල්.

දැන් නිකම් බලන්න ඕමන්ත මුරපොළ ඇරීම. යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 14ක්. තවත් යාපනේ මිනිස්සු මේ මුරපොළ නිසා ඔවුන්ට මේ රට වෙනස් විදියට සලකනවා වගේ තේරුම් ගන්නවා.

ඒ වගේම යාපනේ පාරවල් කිහිපයක් අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කළා. ඒවා එයාලට දැනෙන දේවල්. විරු සමරුව වුනත් එයාලගේ පාඩුවේ සමරන්න දීපු එකට මම නම් එක පයින් කැමතියි.

ඒවා අනන්‍යතා ප්‍රශ්න. ඒවා ගැන එතරම් ආණ්ඩු වදවෙන්න ඕනි නැහැ. මිනිස්සු තුවක්කු අරන් නැහැනේ (ඇත්තටම තුවක්කු ගන්නේ එහෙම නිදහසක්වත් නැති කොට).

ඒ තීරණවල පොඩි ලිබරල් ගතියක් තියනවා ඒ සමාජ පැත්තෙන්. ඒකයි ඒ සමාජයේ මිනිස්සු අනුරට කැමති උනේ. දේශපාලනය කියන්නේ ස්මාර්ට් සෙල්ලමක්. ඒ ස්මාර්ට් ගතිය රනිල්ගේ තිබ්බෙම නැහැ.

රුහුණේ උපකුලපති ප්‍රශ්නේ වගේම කොළඹ කුලපති ප්‍රශ්නේ උනත් ඒ ඒ ආයතන වල මිනිස්සු යම් ප්‍රමාණයකට පීඩාවින්ද ප්‍රශ්න. කාලයක් තිස්සේ ඒවා තිබ්බ. රනිල් ඒවාට අත තිබ්බේ නැහැ. ඔහේ තියෙන්නට හැරිය. මිනිස්සුන්ගේ ඒ පීඩාව දැකල පරපීඩා සතුටක් වින්ද.

ඒක නිසා තමයි මිනිස්සුන්ට අවස්ථාවක් ආපු හැම වෙලාවෙම මිනිස්සු විසින් රනිල් මේ පොළොවෙන් අතුගාල දැම්මේ. වරක් දෙවරක් නෙවෙයි. කිහිප වතාවක්.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට මන්ත්‍රී කෙනෙක් යවාගන්න තරම් ස්මාර්ට් නැති ගොබ්බ ගර්හිත පංතියක් ඉතාම ස්මාර්ට් පංතියක් විසින් විතැන්කරලා තියනවා.

මේක විතැන් කරන්න නම් අනුරට වඩා දේශපාලනික වශයෙන් ස්මාර්ට් කට්ටියක් එන්න ඕනි. එහෙම පාටක්වත් නැහැ. ඒ නිසා මෙයාල දැන්ම වැටෙන්නේ නැහැ.

වැටෙනවා කියල ආතල් ගන්න අය එහෙම ගැනීමේ වරදකුත් නැහැ.

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

dtw452

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...