The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජනය හා ජාතික ජන බලවේගයේ මුස්ලිම් නියෝජනය - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

T

The Leader Desk

November 30, 2024 • 8:42 AM

පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජනය හා ජාතික ජන බලවේගයේ මුස්ලිම් නියෝජනය - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනය පිළිබඳ ප්‍රශ්නයද සංවාදයට ලක්විය.
  • එහෙත් ඔවුන් අපේක්ෂා කළ පරිදි එය සිදු නොවී බැහැර කිරීමත් මුස්ලිම්වරුන්ගේ හැඟීම් විසඳීමට ජාතික ජන බලවේගය රජය සංවේදී ද යන්න පිළිබඳවත් එය විසඳීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් වුන්ට ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ.
  • ඒ සඳහා දොරක් ඇරේවි යැයි ඔවුන් තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින බවක් පෙනේ.
  • කෙසේ වෙතත් පසුගියදා දළදා වහන්සේ වැඳ පුදාගෙන මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසු අකුරණ නගරයේ මුස්ලිම් ආගමික ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන විජිත හෙරත් ඇමතිතුමා මුස්ලිම් සිවිල් නියෝජිතයන් සමග ඇතිවූ සංවාදය කාගේත් අවධානයට ලක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී  කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනය පිළිබඳ ප්‍රශ්නයද සංවාදයට ලක්විය.

දේශපාලන සමාජය තුළත් සමාජ මාධ්‍ය තුළත් මේ පිළිබඳව සාකච්ඡාව ඇති වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායකත්වය රටට දිගින් දිගටම පවසා සිටියේ බස්නාහිර පළාත සඳහා මුස්ලිම් ආණ්ඩුකාරවරයෙකු පත් කළ බවත් මුස්ලිම් නියෝජ්‍ය කතානායකවරයෙකු සහ එක් මුස්ලිම් නියෝජ්‍ය ඇමතිවරයකු ද පත්කර ඇති බවත් නැගෙනහිර පළාතේ මුස්ලිම් නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටින බවයි.

 
muslim 3 නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වී සාලි හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට සම්බන්ධ සියලු සුබවාදී බලාපොරොත්තු සැලකිල්ලට ගෙන මුස්ලිම් කැබිනට් ඇමැතිවරයෙකු ද පත් කළේ නම් එය මුස්ලිම් ප්‍රජාවගේ සතුටට අභිලාෂ නියෝජනයට වැදගත් පියවරක් වනු ඇති බව මුස්ලිම් දේශපාලන සමාජයේ විශ්වාසය බව පෙනේ. එහෙත්  ඔවුන් අපේක්ෂා කළ පරිදි එය සිදු නොවී බැහැර කිරීමත් මුස්ලිම්වරුන්ගේ හැඟීම් විසඳීමට ජාතික ජන බලවේගය රජය සංවේදී ද යන්න පිළිබඳවත් එය විසඳීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් වුන්ට ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ.

ඒ සඳහා දොරක් ඇරේවි යැයි ඔවුන් තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින බවක් පෙනේ.

1732379071 vijitha L

කෙසේ වෙතත් පසුගියදා දළදා වහන්සේ වැඳ පුදාගෙන මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසු අකුරණ නගරයේ මුස්ලිම් ආගමික ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන විජිත හෙරත් ඇමතිතුමා මුස්ලිම් සිවිල් නියෝජිතයන් සමග ඇතිවූ සංවාදය කාගේත් අවධානයට ලක් විය. එහිදී ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සහ ඇතැම් තර්ක විතර්ක විජිත හේරත් ඇමතිවරයා ප්‍රතික්ෂේප කළ අතර එය ඔහු හැඳින්වූයේ අසාධාරණ විවේචනයක් වැරදි මතවාදයක් සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට නොගැලපෙන වාර්ගික ජාතිවාදී සිතුවිල්ලක් ලෙසයි.


 මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු හා සභානායකවරයා වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියකු වන බිමල් රත්නායක ද මුස්ලිම් නියෝජනයක් කැබිනට් මණ්ඩලයේ නොමැතිකම සම්බන්ධයෙන් ඇතැයි කියන මුස්ලිම් කනස්සල්ල එක හෙළා  ප්‍රතික්ෂේප කර ඇත.

 

WhatsApp Image 2024 11 30 at 1.21.24 PM 1මුස්ලිම් නියෝජිතයෙකුට වඩා මුස්ලිම් ප්‍රජාව ගේ අභිප්‍රායන් හා දුක් ගැනවිලි විසින් මතු කරන ගැටලු විසඳීමට ජාතික ජන බලවේගය මුළුමනින්ම වාගේ සිංහල අමාත්‍ය මණ්ඩලය තුළ සංවේදී වීම වඩා හොඳ බවයි.

මෙය පැහැදිලිවම මුස්ලිම්වරුන්ගේ අභිලාෂයන් පිළිගැනීමට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම අවංකවම කැබිනට් නියෝජනය නොමැතිකමට වඩා ව්‍යාකූල එකක් විය. මුස්ලිම් නියෝජිතයෙකුට වඩා මුස්ලිම් ප්‍රජාව ගේ අභිප්‍රායන් හා දුක් ගැනවිලි විසින් මතු කරන ගැටලු විසඳීමට ජාතික ජන බලවේගය මුළුමනින්ම වාගේ සිංහල අමාත්‍ය මණ්ඩලය තුළ සංවේදී වීම වඩා හොඳ බවයි.

මෙම ප්‍රබල ඇමතිවරුන් දෙදෙනා ම හරහා ආණ්ඩුවේ මතය ලෙස ප්‍රකාශ වීමක් යැයි සිතිය හැක. මේ හරහා තමන් බැහැර කිරීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට ඇති කනස්සල්ල මෙම අමාත්‍යවරුන් දෙදෙනාම දුරු කළේ යැයි සිතිය නොහැක.

 

ministerඅමාත්‍යවරුන් දෙදෙනාම මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම හා ඔවුන් තුළ ඇති ප්‍රකාශිත බිය ඇසීමට තරම් සංයමයක් පෙන්නුම් නොකළ අතර මුස්ලිම් සිවිල් නියෝජිතයින්  තුළ තිබූ බිය තුරන් කිරීමට කිසිවක් කළ බවක් පෙනෙන්නට නම් නොවිය.

අමාත්‍යවරුන් දෙදෙනාම මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම හා ඔවුන් තුළ ඇති ප්‍රකාශිත බිය ඇසීමට තරම් සංයමයක් පෙන්නුම් නොකළ අතර මුස්ලිම් සිවිල් නියෝජිතයින්  තුළ තිබූ බිය තුරන් කිරීමට කිසිවක් කළ බවක් පෙනෙන්නට නම් නොවිය. මෙම ප්‍රශ්නය මතු වූ අවස්ථා දෙකේදීම ඇමතිවරුන් දෙදෙනාගේ නොඉවිසිලිමත්භාවය හා ඔවුන්ගේ කෝපය පැහැදිලි විය. අකුරණ දී විජිත හෙරත් මතිවරයා තුළින් එය වඩාත් විද්‍යාමාන විය.

එය දීර්ඝ කාලයක් ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ අභ්‍යන්තර කවයන් විසින් සකස් කරන ලද මධ්‍යගත දේශපාලන චින්තනයට පරිබාහිර ඕනෑම චින්තනයක් හෝ ස්ථාවරයක් නොසලකා හැරීමක් පෙන්නුම් කළේය.

අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීමත් සමග මුස්ලිම්වරයෙකුගේ පත්වීමක් නොමැතිකම පිළිබඳ ව මුස්ලිම් සමාජය තුළ කැලඹීමක් ඇති විය. මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක් මුස්ලිම් නියෝජ්‍ය කතානායක සහ ජාතික ඒකාබද්ධ තා නියෝජ්‍ය ඇමැති පත්වීම් ලබාදීමෙන් පසුව ද එම කතිකාව නිමා වූයේ නැත. එම කැළඹීම එලෙසම දැකගත හැකි වූ අතර අද ද පවතී.

WhatsApp Image 2024 11 30 at 1.21.24 PM

 ජාතික ජන බලවේගයේ ආණ්ඩූවක් තුළ අවම වශයෙන් බහුතර මුස්ලිම් ප්‍රජාව පවසන දේට ඇහුම්කන් දීම සඳහා මෙම අසහනයට සැලකිය යුතු ලෙස ආමන්ත්‍රණය කිරීමට එහි ප්‍රධානීන් සමත් වූයේ නැත. ආණ්ඩුකරණයේදී ආණ්ඩුවේ තීන්දු ගන්නා ඉහළම මුස්ලිම් ජාතිකයන් අතුරුදහන්වීම විසින් සංඥා කරන ලද සංකේතාත්මක බැහැර කිරීම ජාතික ජන බලවේගයෙහි සුවිශේෂි ජයග්‍රහණයට මුස්ලිම් ප්‍රජාව දැක්වූ දායකත්වයට තරම් කෘතවේදී නොවීමක් බව නිරීක්ෂණය කළ හැක.


සාමූහික ශ්‍රී ලාංකිකත්වය පිළිබඳ ජාතික ජන බලවේගයේ මධ්‍යගත සංකල්පයකින් මුස්ලිම් ප්‍රජාවගේ අනන්‍යතාවය හා අභිලාෂය හැඟීම් සිතුම් පැතුම් යටපත් කිරීම හෝ බැහැර කිරීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී බහු විවිධත්ව නියෝජනය නොතකා හැරීමක් වන අතර බැහැර කිරීමක් හෝ යටපත් කිරීමක් ලෙසද හඳුනාගත හැක. මේ පිළිබඳ මුස්ලිම්වරුන්ගේ කනස්සල්ල ට සංවේදී නොවීම එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය තුළින් මුස්ලිම් නියෝජනය පිළිබඳ උද්වේගය තවත් තීව්‍ර කිරීමට හේතු වූ අතර නියෝජනයක් නොතිබීමේ බිය දුරු කිරීමට ප්‍රමාණවත් පිළිගත හැකි ප්‍රශස්ත ප්‍රකාශයක් ඉදිරිපත් වූයේද නැත.

කෙසේ වෙතත් කැබිනට් නියෝජනය පිළිබඳ ප්‍රශ්නයට ජාතික ජන බලවේගයේ නායකත්වයේ ඉහළම මට්ටමේ පිළිගත හැකි මුස්ලිම්වරුන් නොසිටීම හා තම නියෝජන ගැටලුව මුස්ලිම් ප්‍රජාවට පැහැදිලි කර දීමට හැකි නායකයෙක්ද ඔවුන් සතු නොවීය.

 

unnamed 1 1 පුරවැසියන්ගේ අනන්‍යතා ගැටළු වලට හා අභිලාෂයන්ට සවන් දීමට අකමැති බවක් ජයග්‍රහණයට දායක වූ විවිධ ප්‍රජාවන් තුළ හැඟීමක් ඇති වුවහොත් එම ප්‍රජාවන් තුළ ඉච්ඡාභංගත්වයක් බලාපොරොත්තු බිඳ වැටීමක් ඇතිවීම

 මෙම ප්‍රශ්නය ජාතික ජන බලවේගය ආවර්ජනය කර සමාලෝචනය කර  විසඳා ගත යුතු අතර ජාතික ජනබලවේගයේ රට පිළිබඳ යහපත් චේතනා ඉදිරිපත් කර එය ප්‍රශංසා කිරීමෙන් පමණක් මෙය ජයගත නොහැකිය. මුස්ලිම් ප්‍රජාවගේ ස්ථාවරයන් පිළිබඳව මුළුමනින් සිතා බැලීමක් කර ඇති බවක් පෙනෙන්නට නැති අතර තම නියෝජනය කෙබඳු විය යුතු ද යන්න  විවිධ මුස්ලිම් සමාජ කණ්ඩායම් තේරුම් ගන්නේ කෙසේද යන්නද තවම පැහැදිලි නැත.

 පුරවැසියන්ගේ අනන්‍යතා ගැටළු වලට හා අභිලාෂයන්ට සවන් දීමට අකමැති බවක් ජයග්‍රහණයට දායක වූ විවිධ ප්‍රජාවන් තුළ හැඟීමක් ඇති වුවහොත් එම ප්‍රජාවන් තුළ ඉච්ඡාභංගත්වයක් බලාපොරොත්තු බිඳ වැටීමක් ඇතිවීම හා ඔවුන් ආණ්ඩුවෙන් බැහැරවීම හදිසියේ නොවුවත් ක්‍රමානුකූලව ඉදිරියට සිදුවනු ඇත.


කෙසේ වෙතත් දුර්වල විපක්ෂය තුළ සම්ප්‍රදායික ගතානුගතික මුස්ලිම් නියෝජනයක් ශක්තිමත්ව තිබෙන බවද ඔවුන් තම ප්‍රජාවගේ මෙම මෙම හැඟීමට අනන්‍යතාවයට අභිලාෂයට සංවේදී වන බවද අමතක නොකළ යුතුය. විපක්ෂයේ අසුන්ගෙන සිටින වාර්ගික එමෙන්ම ආගමික ජාතිකවාදය නියෝජනය කරන නියෝජිතයින් පෙළ දෙස බැලූ කල අනාගතයේදී ඔවුන් තම භූමිකාවට අනන්‍යතා දේශපාලනය තුළින් නැවත තම ප්‍රජාවන්ට  අවතීර්ණ වනු ඇත.


Nishantha sri
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය

nishanthasriws@gmail.com

Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...