The Leader News
BREAKING
Top Ad
Opinion

ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියේ මෙහෙයුම උපන්ගෙයිම නියපොත්තෙන් කඩා දැමීම යුතුයි - (විදර්ශන කන්නන්ගරගේ වීඩියෝවක්)

T

The Leader Desk

December 1, 2024 • 4:10 PM

ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියේ මෙහෙයුම උපන්ගෙයිම නියපොත්තෙන් කඩා දැමීම යුතුයි - (විදර්ශන කන්නන්ගරගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියමිතව ඇත්තේ ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියක් විසිනි.
  • ඒ වෙනුවට සිදුවී ඇත්තේ එකී ව්‍යවසායක-ජාතිවාදී නඩයේ උගුලකට ජාජබ ආණ්ඩුව උපන්ගෙයිම හසුවීමකි.
  • දැවැන්ත මතවාදී-මාධ්‍ය මෙහෙයුමකින් මෙම විසකුරු සිරස් චප්ප කර දමනු වෙනුවට ආණ්ඩුවේ අවසිහිය විසින් කර ඇත්තේ සර්පයන් රෙද්ද අස්සේ දමා ගැනීමකි.
  • සිදුවී ඇති මුග්ධ පියවර ආපස්සට හැරවීමට ඇත්තේ එකම එක තෝරාගැනීමක් පමණී.
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිතව ඇත්තේ ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියක් විසිනි.

එකී මෙහෙයුම උපන්ගෙයිම නියපොත්තෙන් කඩා දැමීම ආණ්ඩුවේ හා ප්‍රගතිශීලී ජන සමාජයේ අතිමූලිකම කාර්‍යයකි.

ඒ වෙනුවට සිදුවී ඇත්තේ එකී ව්‍යවසායක-ජාතිවාදී නඩයේ උගුලකට ජාජබ ආණ්ඩුව උපන්ගෙයිම හසුවීමකි.

දැවැන්ත මතවාදී-මාධ්‍ය මෙහෙයුමකින් මෙම විසකුරු සිරස් චප්ප කර දමනු වෙනුවට ආණ්ඩුවේ අවසිහිය විසින් කර ඇත්තේ සර්පයන් රෙද්ද අස්සේ දමා ගැනීමකි.
සිදුවී ඇති මුග්ධ පියවර ආපස්සට හැරවීමට ඇත්තේ එකම එක තෝරාගැනීමක් පමණී.

එනම් ප්‍රති-ත්‍රස්ත පනත ඉතාම ඉක්මනින් අහෝසිකර දැමීමයි. සහ එය සිදුකරන බවට අද හෙටම සහතික වීමයි.

ඒ සදහා ඇත්ත උවමනාවක් ආණ්ඩුවේ බලධරයට ඇත්නම් මේ සිදුවී ඇති වරද විසින් ඊට වාසිදායක පසුබිමක් ද නිර්මාණය කර දී ඇත.

ආණ්ඩුවට එරෙහිව ජනතා හැගීම් හා ආවේදනයන් සංවිධානය කිරීමට ජාතිවාදය-ආගම්වාදය සතු 'ප්‍රමෝද සාධකය' (Enjoyment Factor) ඉතාම තීරණාත්මක. එය මානසික-ලුබ්ධිමය තර්කණයක් ලෙස ප්‍රබලය.

ඊට එරෙහිව මතවාදී-මානසික න්‍යායපත්‍රයක් පෙරට ගැනීමට මේ සිදුවීමෙන් ප්‍රකට කළ අවස්ථාව හැර තවත් අමුතු හරි බර මොහොතක් හෙට උදාවන්නේ නැත.

ආරම්භයක් ලෙස PTA වහාම අහෝසි කර, පොදු ජන සමාජයට මහ දවාලක් ලෙස පෙනෙන පරිදි විමසිල්ලේ දැඩි ආලෝක කිරණ දිලිත්-විමල්-රෙනෝ කල්ලියේ වේදිකාව මතට එල්ල කළ යුතුව ඇත.

(ඉහත කල්ලියේ ඉදිරි සැලසුම් ගැන සිහිපත් කිරීමක් පහත වීඩියෝව බලන්න)

(විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික

උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්

 
සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...