The Leader News
BREAKING
Top Ad
Opinion

හේෂා ගහන්නේ ගේම් එකක් කියල හිතෙන්නේ මට විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 2, 2024 • 6:55 AM

හේෂා ගහන්නේ ගේම් එකක් කියල හිතෙන්නේ මට විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක තරමක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමේ දේශපාලන පොරොන්දුව එක්ක යනවා.
  • ඇත්තටම දේශපාලන ව්‍යපාරයකට ඒ කාලය අවශ්‍යයි.
  • මොකද කොළඹ නොවන මන්ත්‍රීවරු ගොඩක් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නවා.
  • එතකොට දේශපාලන ව්‍යාපාරයක් හැටියට දුන්න පොරොන්දු ප්‍රයෝගිකකරණයේදී යම් යම් පරස්පරතා ඇතිවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේක තරමක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමේ දේශපාලන පොරොන්දුව එක්ක යනවා. ඒ නිසා ජාතික ජන බලවේගයට උනත් මේකට බැහැ කියන්න බැහැ. කාලය අතින් හේෂා ඉස්සර වෙලා තියනවා ජාතික ජන බලවේගයට වඩා.

හැබැයි දැන් අවුරුදු දහයක් විතර පාර්ලිමේන්තුවේ ඉන්න හේෂා මෙහෙම යෝජනාවක් කවදාවත් ගෙනල්ල නැහැ. මේක පොඩි කාලය හයිජැක් කිරීමක්.

The Leader | We Lead the Nation - Results from #3195

 

මිනිස්සු චන්දෙ දුන්නේ උනත් මේ වරප්‍රසාද ඕනි නැහැ වගේ හැඟීමකින් තමයි. ඒත් හේෂා මෙච්චර හදිස්සි වෙන්නේ ඇයි?

එකක් ඒක පුද්ගලික යෝජනාවක්. පුද්ගලිකව මිනිස්සුන්ට ඕනි දෙයක් කරන්න පුළුවන්.

හැබැයි ජේවීපී එක මේ වරප්‍රසාද ප්‍රශ්නේ අරන් ආවේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට. ඒ නිසාම ඒ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කළා. දැන් එයාල ඒ දේශපාලන ව්‍යාපාරය කියපු දේ ප්‍රයෝගිකව කරන්න උත්සාහ කරද්දී යම් කාලය ගැනීමක් කරනවා. ඇත්තටම දේශපාලන ව්‍යපාරයකට ඒ කාලය අවශ්‍යයි.

මොකද කොළඹ නොවන මන්ත්‍රීවරු ගොඩක් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නවා. වෘත්තීය පසුබිමක් තියන අය මේ වනවිටත් යම් කැපකිරීමක් කරලා ඉන්නේ. ඒ නිසා යම් පහසුකම් ප්‍රමාණයක් ඒ අයට දෙන්න අවශ්‍යයි. එතකොට දේශපාලන ව්‍යාපාරයක් හැටියට දුන්න පොරොන්දු ප්‍රයෝගිකකරණයේදී යම් යම් පරස්පරතා ඇතිවෙනවා. ඒක තමයි දැන් ජාතික ජන බලවේගය මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්නය. ඒක මෙතැන නෙවෙයි ගොඩක් තැන්වල පේන්න තියනවා.

 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන මෙතෙක් අවසන් තීරණයක් නෑ
සමාජවාදය ඇත්තටම නොමැති තැනක සමාජවාදී අභිලාෂ එක්ක වැඩකරන්න ඔවුන්ට වෙලා තියනවා. ඒ එක්කම පුද්ගල අභිලාෂ තියනවා. එතන පරස්පරයක් මතුවෙමින් තියනවා. ඒක විසඳා ගැනීම ඒ දේශපාලන ව්‍යාපාරයට විතරක් නෙවෙයි රටටත් වැදගත්.

මොකද ඒක යහපත් පරමාර්ථයක් නිසා. 

හේෂා මේ ගේම ගහන්නේ මේ සංකීරණ බව ගැන දැනුවත්ව. මේ සංකීරණ බව ඇතුලේ මාලිමාව හිරකිරීම වෙනුවෙන්.

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි පුවත :
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කිරීමට හේෂාගෙන් යෝජනාවක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...