The Leader News
BREAKING
Top Ad
Opinion

'ආරුගම්බේ ඇත්ත සහ නැත්ත' - (සේනක ද සිල්වා)

T

The Leader Desk

December 2, 2024 • 9:52 AM

'ආරුගම්බේ ඇත්ත සහ නැත්ත' - (සේනක ද සිල්වා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට වසර 5000කට පෙර මෝසස් ඇතුළු යුදෙව්වන් ඊජිප්තුවේ පිරමීඩ ඉදිකිරීමට රැගෙන ගියේ වහල්ලු ලෙසිනි .අදටත් මුළු ලෝකයම මවිත කරවන මේ පිරමීඩ ඉදි කරනු ලැබුවේ මෝසස් ඇතුළු යුදෙව්වන්‍ ය.
  • ඊජිප්තුවේ සිට එමින් සිටි 'මෝසස්' ඇතුළු යුදෙව්වන්ට සිනායි කන්ද අසලදී දෙවියන් වහන්සේ විසින් 'මෝසස්'ගේ අතට දස පනත ලබාදුන් බව බයිබලයේ සදහන්‍ ය.
  • දෙවියන් වහන්සේ තරුවක් මවා මෝසස් සමඟ ආ ඔහුගේ කණ්ඩායමට දෙවියන්ගේ බිම්කඩ පෙන්වනු ලැබූ බවද සදහන්‍ ය.
  • ඔහු සමග සිටි යුදෙව්වන් දෙවියන් වහන්සේ පෙන්වූ දේව අඩවිය වන ඊශ්‍රායලයට ඇතුළු වුවත් දෙවියන්ගේ බිම්කඩට යන්නට පෙර මෝසස් මිය යන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට වසර 5000කට පෙර මෝසස් ඇතුළු යුදෙව්වන් ඊජිප්තුවේ පිරමීඩ ඉදිකිරීමට රැගෙන ගියේ වහල්ලු ලෙසිනි .අදටත් මුළු ලෝකයම මවිත කරවන මේ පිරමීඩ ඉදි කරනු ලැබුවේ මෝසස් ඇතුළු යුදෙව්වන්‍ ය. ඊජිප්තුවේ සිට එමින් සිටි 'මෝසස්' ඇතුළු යුදෙව්වන්ට සිනායි කන්ද අසලදී දෙවියන් වහන්සේ විසින් 'මෝසස්'ගේ අතට දස පනත ලබාදුන් බව බයිබලයේ සදහන්‍ ය.
 
දෙවියන් වහන්සේ තරුවක් මවා මෝසස් සමඟ ආ ඔහුගේ කණ්ඩායමට දෙවියන්ගේ බිම්කඩ පෙන්වනු ලැබූ බවද සදහන්‍ ය. එහෙත් නායක 'මෝසස්' දෙවියන් වහන්සේව විශ්වාසයට ගත්තේ නැත. දස පනත පිළිගත්තද දෙවියන් වහන්සේව අවිශ්වාස කළ මෝසස්ට දෙවියන් වහන්සේ පෙන්වූ දෙවියන්ගේ බිම් කඩට යන්නට වරම් ලැබුණේ නැත. ඔහු සමග සිටි යුදෙව්වන් දෙවියන් වහන්සේ පෙන්වූ දේව අඩවිය වන ඊශ්‍රායලයට ඇතුළු වුවත් දෙවියන්ගේ බිම්කඩට යන්නට පෙර මෝසස් මිය යන්නේය. මෝසස් මිය ගියේ දේව අවිශ්වාසය ඔහුගේ සිත තුළ පැලපදියම් වී තිබූ නිසාය.

 

ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි

ඊශ්‍රායලය කෙරෙහි මුළු ලෝකයම අවධානය යොමුව තිබේ. හේතුව ඊශ්‍රාලය ගාසා තීරයේ නිරත යුද්ධය ය. අනෙක් පැත්තෙන් ලෙබනනයද මේ ගැටුම් වලට මැදිහත්ව ඇත. ඒ අතර ඉරානයද ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත. මේ තත්ත්වය හමුවේ යුදෙව් ජාතිකයන් වෙසෙන ඊශ්‍රායලය කේන්ද්‍ර කරගෙන මුස්ලිම් රටවල් යුධ වදින තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.

ඊශ්‍රායලයට ‍ලෝකයම පලස්තීනයක් - ඇන්ටනි ලොවෙන්ස්ටයින්

ඊශ්‍රාලය පිළිබද ඇතැමුන් අමු මුසා බස් ඇද බාන බව පෙනෙන්නට ඇත. ඊශ්‍රායලය යනු වසර 5000 කට වඩා ඉතිහාසයක් ඇති රටකි. ලෝකයේ නවීන සොයාගැනීම් කළ විද්‍යාඥයින් ගැන කල්පනා කිරීමේදී ඊශ්‍රාලය සිටින්නේ පළමු ස්ථානයේය. "මෝසස් " දසපනතක් ගෙනැවිත් ඊශ්‍රායල රාජ්‍යය බිහිකළ බව ඉතිහාසයේ ලියවී ඇත. පලස්තීනයක් කියා රටක් ඒ වනවිට තිබුණේද ඇත. අඩුම තරමේ එහෙව් ආගමක්වත් ඒ වනවිට තිබුණේ නැත. කොටින්ම කියන්නේනම් බුදුදහමද ඒ වනවිට නොතිබූ බව කිව යුතුය. බුදුදහම ලොවට පහළ වූයේ වසර 2500කට පමණ පෙරාතුවය. කතෝලික(කිතුනු) ආගම ලොවට පහළ වී වසර 2024කි. මුස්ලිම් ආගම බිහිවී වසර 1500කි. ඉතිහාසය ගත් කළ එයාකාරයෙනි.
 
ජේසු(jesus) උපතින්ම යුදෙව් ජාතිකයෙකි. ජේසුට මීට වසර 2024කට පෙර ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගසන විට ඊශ්‍රායලය පාලනය කළේ සීසර් ය. රෝම අධිරාජ්‍ය පැවති එකල ඊශ්‍රායලයේ ජීවත් වූ යුදෙව්වන් තම නිජබිම අතහැර වෙනත් වෙනත් රටවලට සංක්‍රමණය වන්නට පටන් ගත්තේය. යුදෙව්වන් සී සී කඩ යමින් වෙනත් වෙනත් රටවල පදිංචි වෙන්නට පටන් ගැනිණි. ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරා දැමූ පසු යුදෙව්වන්ට වසර 1948 වන තුරු  රටක් තිබුණේ නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුදෙව් ජාතිකයින්ට ඊශ්‍රායල නිජබිම වෙත නැවත පැමිණීම හැර වෙනත් විකල්පයක් තිබුනේ නැත..දෙවන ලෝක යුද සංග්‍රාමයේදී යුදෙව් ළමුන් සහ කාන්තාවන් මිලියන ගණනක් හිට්ලර්වාදී නරුමයන් විසින් මිලේච්ජ ලෙස ඝාතනය කරන ලදී.

 

senaka silva


වසර 5000 කට වඩා ඉතිහාසයකට හිමිකම් කියන යුදෙව් ජාතිකයින් පිළිබදව ඇතැමුන් වැරදි අර්ථකථන සපයන්නේ සත්‍ය අසත්‍ය නොදැනය. එය ඉතා පැහැදිය. යුදෙව්වන් අතර තිබෙන මිනිසත්කම ලොව අන් කිසිදු රටවල මිනිසුන්ගෙන් නොලැබෙන තරම්ය. ඉරානය, ඉරාකය ඇතුලු පර්සියන් ජාතිකයින් ඊශ්‍රායලයට යාබදව ඇති  පලස්තීනය ලෙස සැලකෙන ප්‍රදේශයට සංක්‍රමණය වූයේ පසු කාලයේය. එහෙමත් නැත්නම් පර්සියන්වරු පලස්තීනය නමින් වර්තමානයේ හදුන්වන ප්‍රදේශයට පැමිණ පදිංචි වූහ.

තවත් පැහැදිලි කළයුතු කරුණක් ඇත. මීට වසර 5000 කට පමණ පෙර ඊශ්‍රාලයේ ජීවත් වූ යුදෙව්වන්ගෙන් පිරිසක් මේ නිජබිමේ රැදී සිටිය බවද ඉතිහාසයේ සදහන් ය. මේ සම්බන්ධයෙන් එක්තරා ලියුම් කරුවෙකු වැරදි තොරතුරු සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි. ඊශ්‍රායලය තුළ මේ වනවිටත් මුස්ලිම්වරු මිලියන 3.5ක් ජීවත් වෙති. ජෙරුසෙලමේ පවා මුස්ලිම් ආගම අදහන පිරිස් සිටින බව කිව යුතුමය. ජෙරුසෙලමේ මුස්ලිම් පල්ලි පවා අදටත් සක්‍රීයව ඇත. ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලි සියයකට වඩා ඇත .ඊශ්‍රායලයේ යුදෙව්වන් කිසිම මොහොතක ඔවුනගේ රටේ සිටින මුස්ලිම් වරුන්ට හිරිහැර කරන්නේ නැත. යුදෙව්වන් අතර ජාතිවාදය හෝ ආගම් වාදයද නැත.

ලෝකයේ බොහෝ රටවල විවිධ ජාතීන් විවිධ ආගම් අදහන අය ඊශ්‍රායලයේ රැකි රක්ෂා කරමින් වාසය කරති. උදාහරණයක් ලෙස ගතහොත් ශ්‍රී ලාංකිකයින් 80,000කට අධික පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ රැකියා කරති. ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගත්තත් ඇතැම් අය බෞද්ධයන් ය. නොමැති නම් ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරුය. නැතිනම් කතෝලිකයින් ය. ත්‍රස්තවාදී සංවිධාන යුද්ධයට මුවා වී සැප විදින බව අමුතුවෙන් කිව යුතු නැත. අපේ රටේ පවා යුද්ධයට මුවා වූ එල්ටීටීඊ සංවිධානයේ ඇතැම් නායකයින් සුඛෝපභෝගි ජීවිත ගත කළ අයුරු අපි දුටුවෙමු. අනෙක් රට වල්වල ත්‍රස්තවාදී සංවිධාන කරන්නෙත් අන්න ඒ ටිකමය. 

 

ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය ගැන 'ඊජිප්තුව අනතුරු අඟවා තිබුණා'
ගාසාහි සිටින හමාස් කැරලිකරුවන් ඊශ්‍රායලය ට කඩා වැදී පහර දී පිරිසක් මරා දමනු ලැබීය. තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ. 2001 සැප්තැම්බර් 11 ඇමරිකානු වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය අපට මතකය. ඔක්තෝබර් 17 හමාස් සංවිධානයද ඊශ්‍රාලයට කඩා වැදී එල්ල කර ප්‍රහාරය දෙකක් වුවත් ඒ දෙකම ත්‍රස්තවාදී ප්‍රහාරයන්‍ ය. අරමුණු එක සමානය. 

ඊශ්‍රායලය කිසිම මොහොතක ගාසා තීරයට හෝ පලස්තීනයට ප්‍රහාර එල්ල කරන්නට ගියේ නැත. ඔක්තෝබර් 17 ඊශ්‍රාලයේ පැවති සංගීත සංදර්ශනය සදහා විවිධ රටවල ජාතිකයන් සහභාගී වී සිටියහ. එම මිලේච්ජ ප්‍රහාරය එල්ල කොට 2000ක් පමණ පිරිසක් ඝාතනය කරනු ලැබීය. තවත් 300කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබීය. හමාස් යනු ත්‍රස්තවාදී සංව්ධානයකි. එම මිලේච්ච ප්‍රහාරයෙන් පසු ඊශ්‍රාලය යුද ගැටමුක පැටලිනි. සාමකාමීව සිටි යුදෙව්වන්ට අන්තවාදී ත්‍රස්තවාදීන් නිදහසේ සිටින්න ඉඩ දුන්නේ නම් මේ යුදමය තත්ත්වය ඇති වන්නේ නැත..
 
ඊශ්‍රායලය යනු ඉතාමත්ම වැදගත්, බුද්ධිමත් ජන කොට්ටාසයකි. ඔවුන් කිසිවෙකුට වෛර කරන්නේ නැත. රිදවන්නට යන්නේ ද නැත. එහෙත් ඊශ්‍රාල් ජාතිකයෙකුට හෝ ඊශ්‍රායලයට යම්කිසි පාර්ශවයක් අඩන්තේට්ටම් කළහොත් ඔවුන් නිකම් බලා සිටින්නේද නැත. යුදෙව්වන්ගේ හැටි එහෙමය. ඊශ්‍රායලය තුළ ජීවත් වන ඊශ්‍රායල ජාතිකයින් එකාවන්ව එකට එකතු වී ඔවුනට කෙනෙහිළිකම් කරන කවර පාර්ශවයකට වුවද ප්‍රතිචාර දක්වන්නේ ඒ අය එකමුතු ජාතියක් නිසාය.. යුදෙව්වන්ගේ හැටි එහෙමය.

ඊශ්‍රායලයට එරෙහිව කුමන හෝ රටක් යුද ප්‍රකාශ කරන්නේ නම් පෙරළා එයට ප්‍රතිචාර දක්වන බව මුළු ලෝකයම දන්නා දෙයකි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇති යුදෙව් ජාතිකයින්ට දේව රැකවරණය ඇත. ලෝකයේ වැඩිම වාර ගණනක් නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇති රට ඊශ්‍රායලය ය. වැඩිම නව සොයාගැනීම් කර ඇති රටත් ඊශ්‍රාලය ය.. ඊශ්‍රායල ජාතිකයින්ට ඊර්ෂ්‍යා කර පලක් නැත. ඔවුන් දක්ෂය. ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුට ගෞරවාන්විතව සැලකිලි දක්වන ඊශ්‍රාල ජාතිකයින් පිළිබඳව අමුතුවෙන් කියා දියයුතු නැත.

 

PHOTO 2024 12 02 14 25 27
රුසියාව කුමන හේතුවක් මත හෝ ඊශ්‍රාලයට අත තියන්නට එන්නේ නැත. රුසියාවේ පරම්පරා ගණනක් ජීවත් වූ යුදෙව්වන් ලක්ෂ 30ක් පමණ ආපසු සිය නිජබිම වන ඊශ්‍රායලයට ආපසු පැමිණ සිටිති.. රුසියාවේ කලක් සිටි එකී යුදෙව්වන් දැන් පදිංචිව සිටින්නෙ ඒ අයගේ නිජබිමේය. ඔවුන් අතර වෛද්‍යවරු, ආචාර්යවරු, මහාචාර්යවරුන්, ව්‍යාපාරිකයින් ආදී විවිධ ක්ෂේත්‍රවල අය ඒ අතර වෙති.

මොරොක්කෝව, උගන්ඩාව, ඉතියෝපියාව, ඉන්දියාව ආදී කී නොකී ලෝකයේ විවිධ රටවල වාසය කළ යුදෙව්වන් ආපසු ඊශ්‍රාලයට පැමිණ රට ගොඩනගමින් සිටිති..ඊශ්‍රායලයට එන විදේශිකයින්ට ඊශ්‍රායල ජාතිකයින් සලකන්නේ ඔවුනගේම පවුලේ අයට සලකන ආකාරයට ය. ඊශ්‍රායලයේ සේවකය කරන සාමාන්‍ය සේවකයකුගේ අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 10 කට වඩා වැඩිය. ඊශ්‍රායලයේ මුදල් ඒකකය වසර 25ක් තිස්සේ ඩොලරයට සාපේක්ෂව උච්චාවචනය වී නැත. ඊශ්‍රායලයේ මුදල් ඒකකය භාවිතයට ගන්නා පරිදිම අමෙරිකානු ඩොලරයද භාවිතයට ගත හැකිය.

බොහෝදෙනා මේ දේවල් දන්නේ නැත. එරට වාසය කරන එරටට යන එන අයට අමුතුවෙන් මේ දේවල් පැහැදිලි කළ යුතුද නැත. ඊශ්‍රායලය කොයිම මොහොතකවත් ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කරන්නේ නැත. සෞදි අරාබිය ජෝර්දානය ආදී මුස්ලිම් රටවල් සමග වෙළද ගිවිසුම් ගසමින් ඉතාමත්ම සාමකාමීව අන්තර්ජාතික සබදතා පවත්වති.

 

PHOTO 2024 12 02 14 25 28
එක්සත් අරාබි එමීර්(UAE), ඉරාකය, ඊජිප්තුව ආදී රටවල් සමගද සුහදශීලිව කටයුතු කරයි. ඊශ්‍රායලය පිළිබදව නොදන්නා ලියුම් කරුවෝ බොරු මුසාවාද ඇද බාති. ඉරානය පමණයි ඊශ්‍රාලයට එරෙහිව මෙයාකාරයට කටයුතු කරන්නේ. මුළු ලෝකයේම සිටින ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්නේ ඉරානය ය. 

ලෙබනන් වල වෙසෙන මිනිසුන් මේ වනවිට දුර්භික්ෂයකට මුහුණදී සිට්ති. බෙහෙත් හේත් කෑම බීම නොමැතිව ලත වෙති. පලස්තීනය එතැනට ඇද වැටුණේ හමාස් ත්‍රස්තවාදීන්ට උපකාර කළ නිසාවෙනි. පලස්තීනය ඩොලර් මිලියන ගණන් හා රත්තරන් තොග ගණනින් එක්‍ රැස් කරමින් හමාස් සංවිධානයට ඒවා ලබා දී ඇත. පලස්තීන අහිංසක ජනතාවට කන්නට බොන්නට තිබූ මුදල් ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන ඇත. පලස්තීනුවන් හාමතේ සිටින්නේ හමාස් සංවිධානයේ කෙරුවාවල් වලට වන්දි ගෙවමිනි.. කරුණු කාරණා සියල්ල ඊශ්‍රාලය විසින් ඉතා පැහැදිලිව සොයාගෙන ඇත. ඊශ්‍රායලය දියුණු වූයේ ස්ව උත්සහායෙනි. කිසි කෙනෙක් නිකන් කන්න ලැබෙන තුරු බලාසිටින්නේ නැත. හැම අයෙක්ම උදේ සිට රෑ වෙනතුරු ත් රෑ සිට එළිවෙන තුරුත් වැඩ රාජකාරී වලය.
 
ශ්‍රී ලංකාවේ අපිත් ඊශ්‍රායල ජාතිකයින් ආදර්ශයට ගත යුතුය. ජීවත් වන්නේ කෙලෙසද? අධ්‍යාපනය ලබන්නේ කෙලෙසද ? ව්‍යාපාර, කර්මාන්ත, කෘෂිකර්මාන්ත ආදියේ නියැලෙන්නේ කෙලෙසදැයි අප ඉගෙනගත යුත්තේ ඊශ්‍රායලයෙනි. තාක්ෂණයෙන් ඉහළට යන්නේ කෙසේද කියා අප තේරුම්ගත යුතුය. ඒ කාරණා වලදී අප රටක් හැටියට ඊශ්‍රායලයෙන් උදව් ලබාගත යුතුය.අ පේ රට දියුණු කරන්න නම් ඊශ්‍රායලය සමග රාජතාන්ත්‍රික සබදතා සියයට සියයකින් ශක්තිමත් කරගත යුතුය. ඊශ්‍රායලයේ තිබෙන තාක්ෂණය අපේ රටට ගෙන ආ යුතුය. ඔවුන් සිතන පතන ආකාරය පිළිබදව අප උගත යුතුය. ඔවුනගේ දැනුම අප උකහා ගත යුතුය. අපට ගොඩ ආ හැක්කේ එවිටය.

මුළු ලෝකයටම ඉගෙන ගන්නට බොහෝ දේ ඊශ්‍රායල ජාතිකයින් සතුව ඇත. එය මුළු ලෝකයම පිළිගෙන අවසන් ය. වෛද්‍ය ක්ෂේත්‍රයේ හිනිපෙත්තේ සිටින ඊශ්‍රායලය ප්‍රමිතියෙන් ඉහළම ඖෂධ නිෂ්පාදනය කරන රටකි. වෛද්‍ය උපකරණ ගත්තත් ඉහළම පෙළේ උපකරණ නිෂ්පාදනය සිදුවන්නේත් ඊශ්‍රායලයේය. වෙනෙකක් තබා කාන්තාර මැද වගා බිම් ඇති කරන තාක්ෂණය හදුන්වා දුන්නේත් ඊශ්‍රායලයේ ය. අද මුළු මැද පෙරදිග කලාපයේම ඇති මුස්ලිම් රටවල් වල කාන්තාර එළවළු පලතුරු වගාකරන තැනට පත්ව ඇත්තේ ඊශ්‍රාලය සොයාදුන් ඒ තාක්ෂණයට පින්සිදු වන්නටය.

සංචාරකයින් රට සංවර්ධනය කරයි ද? - (කුසල් පෙරේරා)

 

ආරුගම්බේ සිද්ධියක් අල්ලාගෙන ඇතැම්හු විකාර කතා කරති. සමහරු චෝදනා එල්ල කරන්නේ ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් වල සිටින සෙබළුන් ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ඇතුළු ප්‍රදේශවල සංචාරය කරන බවකි. එය පට්ටපල් බොරුවකි. පදනමක් නැති කතාවකි. ඊශ්‍රායලයේ ගැහැණු පිරිමි සියලුදෙනා යුද පුහුණුව ලැබූ සෙබළ සෙබළියන්‍ ය. වයස අවුරුදු 18දී මේ සියලුදෙනා එරට යුද හමුදාවට බදවා ගනිති. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට නොව වෙන කුමන රටක් ගත්තත් ඒ රටවල සංචාරකය කරන සියලු දෙනා එසේ නම් යුද සෙබළුන් ය. ඊශ්‍රායල ජාතිකයෙක් යනු හමුදා සෙබළෙකි. සෙබළියකි. ඒ බව නොදත් ඇතැම් ලියුම් කරුවන් war tourism යැයි කියමින් බොරු බේගල් ඇදබාති.
     
ඊශ්‍රායල ජාතිකයින් හිරු රශ්මියට කැමති ජාතිකයෙකි. මුහුදට ඊට වඩා කැමතිය. ආරුගම්බේ යනු ලෝකයේ තිබෙන මුහුදේ ලිස්සා යාමේ ක්‍රීඩාව(surfing) තිබෙන ස්ථානයකි. ලෝකයේ සංචාරකයින් ආරුගම්බේ සංචාරය කරන්නේ එනිසාය. ඊශ්‍රායල ජාතිකයින් අපේ රටේ සංචාරයට ඒමම අපට ආඩම්බර විය හැකි කාරණයකි. එය  අභිමානයට හේතුවකි. ශ්‍රී ලංකාව ගැන ඊශ්‍රායල ජාතිකයින් කතා කරන්නේ මහත ගෞරවයෙනි. මෙරට මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ගැන ඔවුන් තුළ ඇත්තේ විශාල පැහැදීමකි. ඒ නිසා ඊශ්‍රායල සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන ඒමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයේ අවධානය යොමුකර යුතු දෙයකි. 

ඊශ්‍රායලය ගැන මෙලෝ හසරක් නොදන්නා ඇතැම් ලියුම් කරුවන් එල්ල කරන මුසාබස් වලට පිළිතුරු දෙන්නට කල්පනා කළේ එනිසාය.
   
සෙස්ස පස්සට,
 
PHOTO 2024 12 02 14 25 29(ආචාර්ය සේනක ද සිල්වා)
PhD Israel, MBA UK, MSc UK, BSc UK, Dip IBM UK, Dip MBD
sha@ryderholdings.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ආරුගම්බේ ඇත්ත සහ නැත්ත' - (සේනක ද සිල්වා) | The Leader