The Leader News
BREAKING
Top Ad
Opinion

උතුරේ සැමරුම් බොරු ද ? එල්.ටී.ටී.ඊ. කොඩි තිබ්බේ නැද්ද? තිබ්බත් කමක් නැද්ද ? - ( වීඩියෝ )

T

The Leader Desk

December 3, 2024 • 3:26 AM

 උතුරේ සැමරුම් බොරු ද ? එල්.ටී.ටී.ඊ. කොඩි තිබ්බේ නැද්ද? තිබ්බත් කමක් නැද්ද ? - ( වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයෙන් වූ වීඩියෝව සම්බන්ධයෙන්, නරඹන්නකු විසින් සමබිම පක්ෂය වෙත ප්‍රශ්න 3 ක් වෙත යොමු කර තිබිණ.
  • මතු දැක්වෙන්නේ එම ප්‍රශ්න තුන සහ සමබිම පක්ෂය ඒ සම්බන්ධයෙන් ලබාදී ඇති පිළිතුරුය.
  • යනු උතුරේ දෙමළ අරගලයේ භෞතික සංවිධානය වූ අතර ඔවුන් විසින්ම අවසන් සටන ලෙස අර්ථකතනය කෙරූ 2006/2009 සටනින් ඔවූහූ පරාජයට පත්විය.
  • සංවිධානය මතුවෙතැයි සිතීම "සතුරෙක්" පිළිබඳව ඇති ෆැන්ටසියක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
මැයෙන් වූ වීඩියෝව සම්බන්ධයෙන්, නරඹන්නකු විසින් සමබිම පක්ෂය වෙත ප්‍රශ්න 3 ක් වෙත යොමු කර තිබිණ.

මතු දැක්වෙන්නේ එම ප්‍රශ්න තුන සහ සමබිම පක්ෂය ඒ සම්බන්ධයෙන් ලබාදී ඇති පිළිතුරුය.


1.ප්‍රශ්නය :
උතුරේ සැමරුම් බොරු ද ? එල්.ටී.ටී.ඊ. කොඩි තිබ්බේ නැද්ද ? තිබ්බත් කමක් නැද්ද ?


පිළිතුර :
එල්.ටී.ටී.ඊ. යනු උතුරේ දෙමළ අරගලයේ භෞතික සංවිධානය වූ අතර ඔවුන් විසින්ම අවසන් සටන ලෙස අර්ථකතනය කෙරූ 2006/2009 සටනින් ඔවූහූ පරාජයට පත්විය. භෞතික සංවිධානය අභාවයට ගිය පසු ඊට ආදේශ වන්නෝ තක්කඩියන් ය. ඥාතීන් සැමරීමෙන් එපිට එල්.ටී.ටී.ඊ. ලාංජන, ජායාරූප, කොඩි ප්‍රදර්ශනය කිරීම යනු මාධ්‍ය සංදර්ශන වලට එහා ගිය භෞතික දේශපාලන ක්‍රියාවලියක් නොවේ.

නැවත මේ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය මතුවෙතැයි සිතීම "සතුරෙක්" පිළිබඳව ඇති ෆැන්ටසියක් පමණි. ඒවා මාධ්‍ය මතම නොවැම්බර් මසදී විකසිතව ඉතිරි කාලය පුරා වියැකී යන හප, හපා සිටිය හැකි චුවින්ගම් ය. දෙමළ ඩයස්පෝරාවද මේ හරහා සිය විදේශගත සුමට ජීවිතය ආරක්ෂා කරගනිමින්, තමන් වෙනුවෙන් සටන් කල සංවිධානයක මලගම පිළිබඳ පෙලෙන වරදකාරීත්වය උද්ඝෝෂන ආකෘතියක දියකර හරින්නන් ය.



2.ප්‍රශ්නය :
ඔයාලගේ 'සිරිමල්' කියන කෙනා දොලවත්ත සමග උසාවි ගියේ ඇයි ?

පිළිතුර :
සිරිමල්, සමබිම පක්ෂයේ සාමාජිකයෙකු නොවන නමුත් දීප්ති හා සිරිමල් අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ ඔබ දන්නවා ඇතැයි සිතමු. පසුගිය කාලය පුරා සිරිමල්ට තිබූ අතිශය පුද්ගලික ආර්ථික ගැටලු පිළිබඳව අපි දනිමු. එසේම ඒ පිළිබඳ දීප්තිගේ මිත්‍රත්වය හරහා අපි සංවේදී ය. අපේ දේශපාලනික අදහසේ සිරිමල් සිටිනවා යන්න මින් අදහස් නොවන අතර තමන් කැමති දේශපාලනයක හෝ වෙනත් කාර්‍යයක නිරත වීමට සිරිමල්ට ඇති අයිතියට මෙන්ම නිදහසටද අපි ගරුකරමු. නමුත් අපි මෙන්ම සිරිමල්ද කිසිවිටෙකත් ජාතිවාදීන් නොවූ බවද මෙහිදී දැඩිව අවධාරනය කල යුතුය.


3- ප්‍රශ්නය :
අර්චුනාගේ, පාර්ලිමේන්තු හැසිරීම දකින්නේ කෙසේද ?


පිළිතුර :
භෞතික දේශපාලන ව්‍යාපාර තිබියදී ඊට වඩා එහාට ගොස් සමාජමාධ්‍ය මත නලුවන් වශයෙන් පෙනී සිටීමට උත්සාහ කිරීම මේ යුගයේදී රෝගලක්ෂනාත්මක ය. ජා.ජ.බලවේගයේ නලුවා මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි වන විට එහි උතුරේ වර්ෂන් එක වන්නේ වෛද්‍ය අර්චුනාය. මේ දෙදෙනාම ලක්ෂ ගණන් පඩි ගන්නා පරපෝෂිතයන්  දෙදෙනෙකි.

එතනදී ඔවුන් අතර සංස්කෘතික හෝ ජාති වෙනසක් නැත.

මේ ප්‍රශ්න වලින් පිට තවත් කරුණක්ද මෙහිදී අප අවධාරනය කල යුතුය. උතුරේ මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් හෝ ඔවුන්ගේ ඥාතීන්, හිතමිතුරන් සේ සලකා හෝ අනුස්මරණය කිරීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැත. තම ආර්ථික සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් දශක 3 ක් පුරා රාජ්‍යය සමග සටන් කල අතීතයක් ඔවුන්ට තිබීමත්, එය සිහිකිරීමත් ඔවුන්ගේ පරම අයිතියකි. එය jvp ට සේම ඔවුන් ටද ඇත. අපි අතීතයේදී ජාතිවාදයට විරුද්ධ වූවා සේම අනාගතයේද එය නොවෙනස්‍ ය.

දකුනෙන් බිහිවී උතුරේ ජනතා අරගලය මර්ධනය කිරීමට මතවාදී බලය රාජපක්ෂලා වෙත ලබාදුන් ජ.වි.පෙ. අද රාජ්‍ය බලය උසුලන පක්ෂයයි. එහි කප්පිත්තා කුමාර් ගුණරත්නම් පොහොට්ටු මතයට එනම් මාධ්‍ය නිදහසට ඒම ගඳ ගසන උපයෝගීතාවයක් පමණි. රාජපක්ෂලා විසින් සිදුකරේ දෙමළ ජාතික අරගලය කුඩුපට්ටම් කර පවුලේ දියුණුව පිණිස වැඩ කිරීමයි. උතුර සිය සටන නිහඩව සමරද්දී දකුණට රාජපක්ෂවරු සතුරන් බවට විපරිනාමය වී ඇත. එයට කඩේ ගොස් අනාත වු පිරිස අද මාධ්‍ය නිදහස වෙනුවෙන් කෑ ගැසීම තට්ටු මාරු දේශපාලනයේ රෝග ලක්ෂණයකි.

උතුරේ අරගලයේදී මියගිය දකුණේ වැසියන් කිසිවෙකු හෝ දකුණු දිග මිය ගිය දහස් ගණන් හමුදා පවුල්වල අයද ඒ දුක වවාගෙන කෑවේ නැත. එය පොදුවේ අනුස්මරණය කිරීමක් අපි දැක නැත. නමුත් ඊට කිසිම බාධාවක් ඇතැයිද අපි නොසිතමු. උතුරේ අරගලය භෞතිකවම එහි ජනතාවට සම්බන්ධ වෙද්දී එය දකුණේදී ඇති කල පාරභෞතික තලයේ සිදුවීමක් පමණක් වීම පිළිබඳව අපිට කරන්නට දෙයක්ද නැත. එහි ආදායම එකතු කර ගත්තේ රාජපක්ෂ පවුල් සමාගමයි. ඔවුන්ගේ කරේ ගොස් පාර්ලිමේන්තු ගියේ අප නොව දිලිත් ජයවීරලාය. ජාතික දුක විකුණන්නෙ දෙරණ නාළිකාවෙ  සංඛ අමරජිත් වැනි පශ්චාත් -නුතන ජාතිවාදීන්ය.

දෙපාර්ශවයටම වූ හානීන් වල සිත් දෙකඩ වීම් සුව කරගත හැක්කේ එකිනෙකාගේ දුක බෙදාගැනීමෙන් හා ඊට ගරුකිරීමෙන් ය. ඊට දේශපාලනය සම්බන්ධ වෙන්නේ දේශපාලනේ මූලික අදහසනම් "මනුෂ්‍ය සම්බන්ධතා අලුත් ආකාරයකින් ව්‍යුහගත කිරීම" වන බැවිනි.

(උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..)


‘විනෝද සන්නිය’ නමැති රෝගය වැලඳුණු සංඛ අමරජිත් පිළිබඳ දීප්තිගේ අදහස

සංඛ අමරජිත් හට ‘විනෝද සන්නිය’ නමැති රෝගය වැලඳී ඇතැයි සම බිම පක්ෂයේ නායක දිප්ති කුමාර ගුණරත්න පැවසී ය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ CARBON TVනමැති you tube නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී දිප්ති කුමාර වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ සංඛ අමරජිත් බඳු රෝගින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි බවයි.

උක්ත කරුණ සම්බන්ධයෙන් දීප්ති දැක්වූ සම්පුර්ණ අදහස් දැනගැනීමට අවශ්‍ය ප්‍රේක්ෂකයකු හෝ ප්‍රේක්ෂක පිරිසක් සිටී නම් මතු පළවන විඩියෝව නරඹන්නැයි අපි ආරාධනා කරමු. 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...