The Leader News
BREAKING
Top Ad
Opinion

ඛේදවාචකයක් ද ? සොහොන් ලකුණක් ද ? - (ඩලස් අලහප්පෙරුම)

T

The Leader Desk

December 3, 2024 • 6:58 AM

ඛේදවාචකයක් ද ? සොහොන් ලකුණක් ද ? - (ඩලස් අලහප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අළුයම් කාලයේ නිල ඇඳුම් සහිතව සහ රහිතව පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රතිත්‍රස්ත පනත, PTA යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
  • විශේෂයෙන්, ප්‍රතිත්‍රස්ත පනත වැනි ගොරෝසු පනත් මතු නොව හදිසි නීතිය පවා දැඩි මර්දනකාරී පනත් ලෙස අර්ථ දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ මුල්කොටගත් වත්මන් රජය, මේ ආකාරයට හැසිරීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ මනා පැවැත්ම ගැන උනන්දුවන ජනතාව අතර ඇත්තේ විමතියකි.
  • එම ජන කණ්ඩායම් අතර බහුතරය, පශ්චාත් මැතිවරණ දෙකේදී ම තම අනාගතයට මගපෙන්වීම "මාලිමාව" හරහා සිදුවන බව තේරුම් ගෙන සිටි පුරවැසියන් වීම ද නොරහසකි.
  • එබැවින්, එය හැඳින්විය යුත්තේ ඛේදවාචකයක් ලෙසද සොහොන් ලකුණක් ලෙසද යන්න තීරණය කිරීමද ප්‍රශ්නකාරීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අළුයම් කාලයේ නිල ඇඳුම් සහිතව සහ රහිතව පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රතිත්‍රස්ත පනත, PTA යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂයෙන්, ප්‍රතිත්‍රස්ත පනත වැනි ගොරෝසු පනත් මතු නොව හදිසි නීතිය පවා දැඩි මර්දනකාරී පනත් ලෙස අර්ථ දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ මුල්කොටගත් වත්මන් රජය, මේ ආකාරයට හැසිරීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ මනා පැවැත්ම ගැන උනන්දුවන ජනතාව අතර ඇත්තේ විමතියකි. කණස්සල්ලකි. එම ජන කණ්ඩායම් අතර බහුතරය, පශ්චාත් මැතිවරණ දෙකේදී ම තම අනාගතයට මගපෙන්වීම "මාලිමාව" හරහා සිදුවන බව තේරුම් ගෙන සිටි පුරවැසියන් වීම ද නොරහසකි.

එබැවින්, එය හැඳින්විය යුත්තේ ඛේදවාචකයක් ලෙසද සොහොන් ලකුණක් ලෙසද යන්න තීරණය කිරීමද ප්‍රශ්නකාරීය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන අර්ථ නිරූපණය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අයගේ පවා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම බව ජාතික ජන බලවේග ආණ්ඩුව නොදන්නවා විය නොහැක.

අසත්‍ය ප්‍රචාර පාලනය කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගත යුතු යැයි විශ්වාස කරන ආණ්ඩුවේ බලධාරීන්ට, අපට කීමට ඇත්තේ,
"විවේචකයාට දිය හැකි හොඳම දඩුවම වගකීම් බාර දීමයි.." වැනි මාර්ගෝපදේශ නම්, පුනරුදය ට ලක්කල නොහැකි බව පමණි.

                               (ඩලස් අලහප්පෙරුම)
නායක, 
නිදහස ජනතා සභාව 


Dullas Alahapperuma ගේ ෆේස්බුක් පිටුවෙන්...
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...