The Leader News
BREAKING
Top Ad
Opinion

ජාජබ සහ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල : මිථ්‍යාව සහ යථාර්ථය - (සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

December 6, 2024 • 9:45 AM

ජාජබ සහ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල : මිථ්‍යාව සහ යථාර්ථය - (සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ජාතික පක්ෂයකට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.
  • හැඟුම්බර ප්‍රතිචාර උතුරු නැගෙනහිර ජනයා ජාතික ජන බලවේගයට සහය දී ඇති බව මහා මැතිවරණ රැයෙහි යාපනයේ ජාජබ ජය දුටු මුහුණු පොත් වාසීහු සිය සතුටු ඇස් කඳුළෙන් තෙමෙන බවට ලියූහ.
  • එම අදහස් දැක්වීම ඇතුළත් ලිපිය ජනතා විමුක්ති පෙරමුණෙහි වෙබ් අඩවිය වන 'ලංකා ට්රුත්' හි ද පල කර තිබුණේ එම අදහස අනුමත කිරීමට මෙන්ය.
  • ජයදේව උයන්ගොඩ වැනි ප්‍රමුඛ දේශපාලන විචාරකයකු පවා කියන්නේ උතුරු නැගෙනහිර ජනයා ජාතික ජන බලවේගයට සහය දී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ජාතික පක්ෂයකට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.


උඩරට දෙමළ බහුතරයක් වෙසෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ද ජාජබ ජය ගත්තේය.

මෙම ප්‍රතිඵලය දෙමළ ජාතිකවාදී දේශපාලනයේ අවසානයෙහි ආරම්භය සනිටුහන් කරන්නේ යැයි අයෙක් විග්‍රහ කර තිබේ.

හැඟුම්බර ප්‍රතිචාර

 

උතුරු නැගෙනහිර ජනයා ජාතික ජන බලවේගයට සහය දී ඇති බව

මහා මැතිවරණ රැයෙහි යාපනයේ ජාජබ ජය දුටු මුහුණු පොත් වාසීහු සිය සතුටු ඇස් කඳුළෙන් තෙමෙන බවට ලියූහ.

මහින්ද රාජපක්ෂ විසින් මෙරට මානව හිමිකම් කොමිසමට පත් කරන ලද ආචාර්ය ප්‍රතිභා මහානාම, ජාතික ජන බලවේග ආණ්ඩුව උතුරු නැගෙනහිර ජයග්‍රහණය කළ හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් යුද කාලීන වගවීම ගැන ප්‍රශ්න මතු කළ නොහැකි යැයි අවධාරණය කර තිබුණි.

එම අදහස් දැක්වීම ඇතුළත් ලිපිය ජනතා විමුක්ති පෙරමුණෙහි වෙබ් අඩවිය වන 'ලංකා ට්රුත්' හි ද පල කර තිබුණේ එම අදහස අනුමත කිරීමට මෙන්ය.

ජයදේව උයන්ගොඩ වැනි ප්‍රමුඛ දේශපාලන විචාරකයකු පවා කියන්නේ උතුරු නැගෙනහිර ජනයා ජාතික ජන බලවේගයට සහය දී ඇති බවයි.

මැතිවරණ දත්ත හිතළුවක් නොවේ

 

මාස හතකට පෙර එල්.ටී.ටී.ඊ විනාශ කිරීමේ ඉහළ ගෞරවය ලබාගත් යුද ජයග්‍රාහී හමුදාපති සරත් ෆොන්සේකාට සහයෝගය දැක්වූහ

නමුත් මැතිවරණ දත්ත පෙන්වන්නේ වෙනත් චිත්‍රයකි.

එනමුත් මෙම නැඹුරුව තවදුරටත් විග්‍රහ කර ගැනීම අවශ්‍ය වන්නේ, දෙමළ සමාජයේ අපේක්ෂා පිළිබඳ වැරදි අවබෝධයක් ඇති නොවනු පිනිසය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මාලිමාවේ කටු මෙරට දෙමළ ජනයා සම්බන්ධයෙන් නිවැරදි දිශාවට යොමු වන බව සහතික කිරීමට ද එවැනි විග්‍රහයක් අත්‍යවශ්‍යය.

දෙමළ ජනතාව සිංහල පක්ෂවලට විශාල වශයෙන් ඡන්දය දුන් පළමු අවස්ථාව මෙය නොවේ. 1982 දී ශ්‍රීලනිපයට සහය දැක්වීම, එල්ටීටීඊයට බලයක් තිබූ කාලයක 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගට සහය දැක්වීම එවැනි අවස්ථාවන්ය.  


2010 දී ඔවුහු, මාස හතකට පෙර එල්.ටී.ටී.ඊ විනාශ කිරීමේ ඉහළ ගෞරවය ලබාගත් යුද ජයග්‍රාහී හමුදාපති සරත් ෆොන්සේකාට සහයෝගය දැක්වූහ. ඔවුන් 2015 දී මෛත්‍රීපාල සිරිසේන සහ 2019 දී සජිත් ප්‍රේමදාසට සහ 2024 ජනාධිපතිවරණයේදී ද සහාය පළ කළහ.

බෙදී ගිය දෙමළ ජන්ද

මහ මැතිවරණයට පෙර යුරෝපා සංගමයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් කරන ලද සමීක්ෂණයක් මගින්  පෙන්වා දී තිබුණේ, දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති වී තිබෙන බෙදීම් විසින් එම පක්ෂයන්හි මැතිවරණ පදනම දුර්වල කර ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද එම නිගමනය බොහෝ දුරට තහවුරු කර තිබේ.




උතුරු පළාත දෙස බලමු

* යාපනය:

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 325,312 න් ජාතික ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 80,830 (24.85%) පමණි.

අනෙක් අතට, දෙමළ ජාතිකවාදී පක්ෂ එනම් අයිටීඒකේ (ටීඑන්ඒ), දෙමළ කොන්ග්‍රසය, දෙමළ පක්ෂ එකතුවක් වූ ඩීටීඑන්ඒ සහ ටීඑම්කේ (විග්නේශවරන් නායකත්වය දුන් පක්ෂය) ඡන්ද 127,121 ක් ලබා ගත්තේය.

දෙමළ ජාතිකවාදී ස්වාධීන අපේක්ෂකයෝ ඡන්ද 56,893 ක් ලබා ගත්හ.

ඊට අමතරව ස්වාධීන අපෙක්ෂකයින් 21 දෙනෙකු ඡන්ද 41,993 ලබා ගත්හ. මෙම අපේක්ෂකයින් අතර කැපී පෙනෙන සිවිල් නායකයින් ද විය.

මෙයින් පැහැදිළිව පෙන්නුම් කැරෙන්නේ කරන්නේ දෙමළ ජාතිකවාදී පක්ෂ ජාතික ජන බලවේගයට වඩා ඡන්ද ලක්ෂයකටත් වැඩියෙන් ලබා ගත් බවයි.


හිටපු මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරන් දේශපාලනයෙන් විශ්‍රාම ගියේය.
ජනාධිපතිවරණයට පෙරම මතභේද නිසා දෙමළ සන්ධානය විසුරුවා හැරුණි. හිටපු මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරන් දේශපාලනයෙන් විශ්‍රාම ගියේය.

දකුණ පදනම් කරගත් දේශපාලන පක්ෂ සහ ඊපීඩීපී වැනි එම පක්ෂයන්හි ආධාරක පක්ෂ මෙම මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද 2020ට වඩා 78,712කින් අඩු විය.

සති හතකදී වූ වෙනස




තවද මහ මැතිවරණයට සති 7කට පෙර පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 27,086 (7.29%) පමණි.

සති 7 ක් ඇතුළත එහි ජන්ද ප්‍රමාණය 53,000 කින් වැඩි විය.

එය දෘෂ්ටිවාදී හේතූන් නිසා එනම් දෙමළ ජාතික වාදය අත්හැරීම නිසා සිදු වී යැයි විශ්වාස කළ නොහැක.

දකුණූ පලාත්වල දී ද එයම සිදු විය. ජාජබ ඡන්ද ප්‍රතිශතය බොහෝ ඉහළ ගියේය. එම වැඩිපුර ඡන්ද පැමිණියේ ගෑස් සිලින්ඩරයෙන් සහ දුරකතනයෙනි. උතුරෙහි සිදු වන්නට ඇත්තේ ද එයමය.

Sri Lanka Podujana Peramuna (SLPP) party presidential candidate Gotabhaya Rajapaksa (2L) and his brother, former Sri Lanka's president Mahinda Rajapaksa (2R) wave at supporters during a campaign rally in Homagama on November 13, 2019, ahead of the November 16 presidential election. Police stepped up security across Sri Lanka on November 13 over fears of violence on the final day of campaigning for the fiercely contested presidential election, officials said. (Photo by Jewel SAMAD / AFP) (Photo by JEWEL SAMAD/AFP via Getty Images)

හරියටම දකුණුබද පලාත්වල දී ජාතික ජන බලවේගය, කලින් රාජපක්ෂ නායකත්වයෙන් යුතු පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම එහෙම පිටින්ම වාගේ ලබා ගත් පරිදිය.


2020 දී ජාතික ජන බලවේගයට යාපනයෙන් ලැබුණේ ඡන්ද 853 ක් පමණි. එජාප , ශ්‍රීලනිප, ඊපීඩීපී  සහ ස්වාධීනව ඉදිරිපත් වූ ඊපීඩීපීයෙන් කැඩී ගිය කණ්ඩායමක් 2020 මහා මැතිවරණයේ දී යාපනයේ ඡන්ද 139,180 ක් ලබා ගත්හ.

නමුත් වසර හතරකට එනම් 2024 මහා මැතිවරණයේ දී එම පක්ෂවලට ලැබුණේ ඡන්ද 60,468 ක් පමණි. සමස්තයක් ලෙස ඔවුන්ට අහිමි වූ ඡන්ද සංඛ්‍යාව 77,076 කි. ජාජබයට 2024 මහා මැතිවරණයෙහි දී යාපන දිස්ත්‍රික්කයෙහි වැඩි වූ ඡන්ද බහුතරය පැමිණෙන්නට ඇත්තේ එම පිරිස්වලින් යැයි සැලකිය හැකිය.

දෙමළ ජාතිකවාදී දෙමළ දේශපාලන පක්ෂ කෙරෙහි කළකිරුණු විශේෂයෙන්ම තරුණ පිරිස් ද ජාජබ කෙරෙහි ඇදී එන්නට ද ඇත.

* වන්නි

vanni district

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 195,886කින් ජාතික ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 39,894ක් (20.37%) පමණකි.

නමුත් එය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

අනෙක් අතට දෙමළ ජාතිකවාදී අයිටීඑකේ ඡන්ද 29,711 (15.17%) ද ඩීටීඑන්ඒ ඡන්ද 21,102 (10.77%) ලබා ගත්තේය.

ඉන් පෙන්වන්නේ ඔවුන් එක්ව ජාතික ජන බලවේගයට වඩා ඡන්ද 10,000 කට වඩා ලබා ගත් බවයි.

විශාල මුස්ලිම් සහයෝගයක් තිබූ SJB ඡන්ද 32,232 (16.45%) ලබා ගත්තේය.

AFP 36EW7H7

එනයින් පෙනෙන්නේ ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙහි ජාතික ජන බලවේගයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දෙමළ සහ මුස්ලිම් ජනයා නියෝජනය කළ අනෙක් පක්ෂ ලබා ගත් බවයි.


නැගෙනහිර පළාත දෙස බලමු...

මහ මැතිවරණයේ දී ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික්කයේ  වලංගු ඡන්ද 204,8886 අතුරින් ජාතික ජන බලවේගය ඡන්ද 87,031ක් (42.48%) ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

 සති හතකට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී ජාජබ එහිදී ලබාගත්තේ ඡන්ද 49,886ක් (20.83%) පමණි.

සති හතක් තුල ජාජබ ජන්ද ප්‍රමාණය 40,000කින් තරම් ඉහළ ගියේ යාපනයේ දී මෙන්ම මතවාදී වෙනසක් නිසා විය නොහැකිය.

මහ මැතිවරණයේ දී සජබ  ලබා ගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේ ලබා ගත් ප්‍රමාණයට වඩා  33,000 ට අඩු විය.  

 

464286190 1131931494969745 7668697194076846360 nත්‍රිකුණාමලයේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ප්‍රධාන වශයෙන් සිංහල බව

අනෙක් දකුණේ පක්ෂ ලද ඡන්ද මහ මැතිවරණයේ දී ජාජබයට ලැබූණු බවට සැකයක් නැත.

තවද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයෙන් පත්වූයේ සිංහල අපේක්ෂකයින් දෙදෙනෙකි.

 සජබ වෙතින් මුස්ලිම් අපේක්ෂකයකු සහ අයිටීඒකේ වෙතින් දෙමළ අපේක්ෂකයකු තේරී පත් විය.


ත්‍රිකුණාමලයේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ප්‍රධාන වශයෙන් සිංහල බව මෙයින් ද පෙනේ.


* මඩකළපුව

මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද 287,053 න් ජාතික ජන බලවේගය ඡන්ද 55,498 (19.33%) ලබා දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය.

rasaputham

එහි ජාජබ ජයග්‍රහණය නොකලේ අයිටීකේඒ හි ජනප්‍රිය දේශපාලනඥයකු වන ෂානක්කියම් රාසපුත්‍රම් ලබා ගත් ඡන්ද 65,000 නිසාය. ඔහුට නොබෙදුන දෙමළ ඡන්ද ලැබුණි.


*දිගාමඬුල්ල

දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ මුළු වලංගු ඡන්ද 362,924 න් 146,313 (40.32%) ක් ජාතික ජන බලවේගය ලබා ගත්තේය.

මෙහි දී ද සිංහල ජනතාව බහුලව සිටින අම්පාර ඡන්ද කොට්ඨාසයේ ජාජබ 63%ක් ඡන්ද ලබා ගත්තේය.

සිංහලයන් සුළුතරයක් වෙසෙන පොතුවිල් ඡන්ද කොට්ඨාශ‍යෙහි ජාජබය පැරදුණි.

 

digamadulla district

දිගාමඩුල්ල දිස්ත්‍රික් ප්‍රතිඵලයෙන් පෙන්වන කරුණක් නම් මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ලෙස ජාජබය දෙසට මාරු වූ බවයි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හතර දෙනාම සිංහල ජාතිකයින් වේ. එය ද එහි ජන පදනම පෙන්වීමකි.

මේ අතර බදුර්දීන් නායකත්වය දරණ ACMC, රවුෆ් හකීම් නායකත්වය දරන SLMC සහ අයිටීකේඒ වෙතින් මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ සහ දෙමළ ජාතිකයකු දිගාමඩුල්ල සඳහා තේරී පත් විය.

 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙහි ජාජබ ජන්ද පදනම බහුතර සිංහල එකක් බව. ඉන් සිංහල ජාතිකයින් හතර දෙනෙකුම තේරී පත්වීමෙන් පෙනේ.


නුවරඑළිය දෙස බලමු....


Elections 2024 Photo 1කඳුරට තේ කම්කරු පිරිස් මැතිවරණයටඡන්දදායකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් – Source: Chrysalis

නුවරඑළිය මැතිවරණ දිස්ත්‍රිකයෙහි වලංගු ඡන්ද 387,656කින් ජාතික ජන බලවේගය 161,167ක් (41.57%) ලබාගෙන පාර්ලිමේන්තු ආසන 5ක් ලබා ගත්තේය. ඒ අතරින් වැඩිම ඡන්ද ලබා ගත්තේ සිංහල අපේක්ෂකයන් හතර දෙනෙකි.

මෙයින් පෙනෙන්නේ දිස්ත්‍රික්කයේ ද ජාජබ අතිමහත් ඡන්ද පදනම සිංහල බවයි. දිස්ත්‍රික් ජනගහනයෙන් දළ වශයෙන් 51%ක් දෙමළ ජාතිකයන් වන අතර 9%ක් මුස්ලිම් ජාතිකයෝ වෙති.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි සජබ 101,589 (26.21%) ලබා ගත් අතර ඉන්  තේරී පත් වූ අපේක්ෂකයින් දෙදෙනාම උඩරට දෙමළ ජාතිකයන්ය. එක්සත් ජාතික පක්ෂය 64,672ක් (16.68%) ලබා ගත් ඉන්  උඩරට දෙමළ අපේක්ෂකයකු වූ කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් තේරී පත් විය.

සජබ සහ එජාප යන දෙකම නුවරඑළිය දිසාවට සිංහල අපේක්ෂකයින් ඉදිරිපත් කළ නමුත් ඔවුන් පරාජය විය.

මෙම සංඛ්‍යාලේඛන සමස්තයක් ලෙස පෙන්වන්නේ 2024 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සුළුතර ජාතික  දේශපාලන කැමැත්තෙහි සුසමාදර්ශී වෙනසක් සිදු වී නැති බවයි. දෙමළ ජනයා අතර තමන්ගේ ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල කැමැත්තක් ඇති බව ඉහත පෙන්වන ලද සංඛ්‍යාලේඛන තහවුරු කරයි. එය බහුතර කැමැත්තය.


AKD with ITKA 1920x836ජනපති අකුදි අයිටීකේඒ මංත්‍රී කණ්ඩායම සමඟ

ශ්‍රී ලංකාවේ දේශපාලන නායක නායිකාවන්ට සහ අනෙක් ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙම තත්වය තෙරුම් ගැනීම වැදගත්ය.

මහා මැතිවරණයේ දී ලංකාවම එක පාටක් ගත්තේ යැයි කියමින් ස්වයං වින්දනයක යෙදෙනවාට වඩා මහා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යතාර්තයට මුහුණ දීම ජාතික ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක මුහුණ දෙන අභියෝගයකි.


ජනාධිපති අනුර කුමාර දිසානායක අයිටීකේඒ ( කලින් දෙමළ සන්ධානය) මන්ත්‍රී කණ්ඩායම සමඟ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට යුහුසුලු වීමෙන් පෙන්වන්නේ පළපුරුදු දේශපාලනඥයකු වන ඔහු මෙම යථාර්ථය තේරුම් ගෙන තිබීම විය හැකිය.

 



sunanda deshapriya
(සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

 



(උපුටා ගැනීම - srilankabrief.org)


සබැඳි පුවත් :
දෙමළ ජනතාව OMP කාර්යාලය ප්‍රතික්ෂේප කරන බව ජනපති දැනගනී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාජබ සහ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල : මිථ්‍යාව සහ යථාර්ථය - (සුනන්ද දේශප්‍රිය) | The Leader