විස්සක්වත් වෙනවා. ඒ විස්සට හෝ ඊට වැඩි කාලයකට මේ සම්බන්දයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම දැනෙන පියවරක් අරන් නැහැ.
ඊයේ පාර්ලිමේන්තුවේ කතාකරපු කෑගල්ලෙන් පත්වෙච්චි කබීර් හෂීම් උනත් මේ ආණ්ඩුවට කෙළින්න හදිස්සි උනා මිසක් මේ පළාතට ආවේනික ප්‍රශ්න මොනවද කියල තෝරා බේරගෙන කතාකළේ නැහැ. අනික ඌට කෑගල්ලට හෙණගැහුවත් කමක් නැහැ.
මේ ප්‍රශ්නේ ගැන කාලය අරන් සීරියස් විදියට කතා කළේ ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත විතරයි.
මම කවදත් හිතුව දෙයක් තමයි ලංකාවේ සංවර්ධනය පැත්තෙන් ගත්තම අපේ පළාතේ නිර්ණායකයක් (index) වෙන්නේ කවදාහරි මේ රිලා ප්‍රශ්නය අවසන් කිරීම කියන එක. සහ ඒක කරන්න කවදාහරි පුළුවන් වෙන්නේ චීනයේ වගේ රාජ්‍ය ආකෘතියකට කියන එක.
චන්ද්‍රිකාගේ කාලෙත් මේක තිබ්බ. මහින්දගේ කාලෙත් මේක තිබ්බ. මෛත්‍රී රනිල් කාලෙත් තිබ්බ, ගෝථා කාලෙත් තිබ්බ. අටවපු රනිල් කාලෙත් තිබ්බ. මුකුත් උනේ නැහැ.
දැන් මේ පොල් ප්‍රශ්නයක් ගැන කියවනවා. හැබැයි කෑගල්ලේ හැම ලොකු පොඩි ඉඩමකම පොල් තිබ්බ. පුංචිම ඉඩමකත් පොල් ගහක් දෙකක් තිබ්බ. තවත් තියනවා. ගහක් දෙකක් තිබ්බත් පොල් ගන්න කඩේට ගියේ නැහැ. පොල් ගස් දෙකක් හරියට පලදාව දුන්නොත් ඇති ෂේප් වෙන්න.
නමුත් රිලා වසංගතය නිසා මේ කිසිම පොල් ගහක කුරුම්බා ඇට්ටියක්වත් දැන් නැහැ. අනික් පලතුරු සහ එළවලුත් එහෙමයි.
රිළව් චීනෙට දෙනවා කිව්වා. වන්ද්යාකරණය කරනවා කිව්වා. ගොවියන්ට තුවක්කු දෙනවා කිව්වා. තව තව ඒවා කිව්වා. තාම ප්‍රශ්නේ එහෙමමයි.
කෑගල්ලේ දරිද්‍රතාව සහ රිලා ප්‍රශ්නය අතර සම්බන්දයක් තියනවා. සමීක්ෂණයක් කරලා බලන්න. මිනිස්සු දුප්පත්කමින් ගොඩ එයි. හැබැයි එයාලට විසඳාගන්න බැරි මූලික ප්‍රශ්න විසඳලා දෙන්න.
කෑගල්ල රත්නපුර සහ මහනුවර මේ වසංගතයෙන් පීඩා විඳින මුලික පළාත් වෙන්න ඇති.
කිසිම පාලකයෙක් පැත්ත හැරිලා බැලුවේ නැති මේ ප්‍රශ්නය දිහා සීරියස් විදියට ලාල් බලයි කියල හිතෙනවා. වෙන මුකුත් නැතත් මේ ප්‍රශ්නේ ඉවර කලොත් ඒ ඇති මේ ආණ්ඩුව ගැන ධනාත්මක වෙන්න.
මේ ආණ්ඩුව එලෙව්වා කියල වෙන එන්න එකකුත් නැති කොට...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
රිළව් සහ ලාල්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
T
The Leader Desk
December 6, 2024 • 4:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ විස්සට හෝ ඊට වැඩි කාලයකට මේ සම්බන්දයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම දැනෙන පියවරක් අරන් නැහැ.
- ගහක් දෙකක් තිබ්බත් පොල් ගන්න කඩේට ගියේ නැහැ.
- පොල් ගස් දෙකක් හරියට පලදාව දුන්නොත් ඇති ෂේප් වෙන්න.
- කෑගල්ල රත්නපුර සහ මහනුවර මේ වසංගතයෙන් පීඩා විඳින මුලික පළාත් වෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


