The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවට සහාය පිණිස දවල්ට නොකා ලියමි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 6, 2024 • 4:25 PM

ආණ්ඩුවට සහාය පිණිස දවල්ට නොකා ලියමි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොහොමත් මං බත් මුලේ තියෙන තරම් ගොඩක් බත් කන්නෙත් නැහැ.
  • දැන් කියන්නෙ ආනයනය කරලා 220ට දෙනවාය කියලා.
  • දෙසැම්බර් 20 වෙනකල් බලපත්‍ර නැතුවත් ආනයනය කරන්නට දෙනවලු.
  • ක් වන බද්ද නම් අඩු කරන්න ආණ්ඩුව කැමති නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොහොමත් මං බත් මුලේ තියෙන තරම් ගොඩක් බත් කන්නෙත් නැහැ. කන ටිකටත් කඩෙන් ගේන බත්වල වෑංජන මදි. කොහොම වුණත්, ඒ කාපු ටික නිසා දවල්ට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා දවල්ට බත් කන්නෙ නැහැ.

මේ දුෂ්කර වෙලාවෙ අපි ආණ්ඩුවට උදව් කරන්න ඕනැ. අත්‍යවශ්‍ය නම් විතරක් බත් කමු.

හංගපු හාල් හොයාගන්න ආණ්ඩුව අසමත් වුණා. සතොසෙන් ස්වර්ණ නාඩු ගෙනත් රුපියල් සීයට දෙන කතාවක් කිව්වට එහෙම එකක් වුණෙ නැහැනෙ. දැන් කියන්නෙ ආනයනය කරලා 220ට දෙනවාය කියලා. දෙසැම්බර් 20 වෙනකල් බලපත්‍ර නැතුවත් ආනයනය කරන්නට දෙනවලු.

මිනිස්සු බත් නොකා මැරුණත් හැබැයි ආනයනික හාල් කිලෝ එකකට රු. 65ක් වන බද්ද නම් අඩු කරන්න ආණ්ඩුව කැමති නැහැ. ඒ වගේ බදු ආදායම් නැතුව කොහොමද මෙච්චර දැවැන්ත රජයක් නඩත්තු කරන්නෙ.

මේ අතර, මහ කන්නයේ ඇදවැටුණු මහ වැසිවලින් කුඹුරු අක්කර ලක්ෂ දෙකක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. තව අක්කර 130,000කට විතර හානි වෙලා. මෙමගින් විශාල අස්වනු හානියක් සිදු වෙනවා.

ඒ විතරක් නෙමෙයි, සහල් මෝල් හිමියන් සමග රණ්ඩු වෙලා ගත්ත මෙම තීරණය හේතුවෙන් අවසානයේදී ගොවීන්ට තමන්ගෙ නිෂ්පාදන අලෙවි කරගැනීම සම්බන්ධයෙනුත් ගැටලු ඇතිවෙන්නට පුළුවන්.

මේ ආණ්ඩුව බලයට එනකොට හාල් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මේ අය නැති ප්‍රශ්නයක් මේ නිර්මාණය කළේ. වැරදි කළමනාකරණය ගැන උදාහරණයක්.

ප.ලි: අද මං බස්සෙකේ එද්දි මා ළඟ වාඩි වෙලා ආව තරුණ ගැහැණු ළමයා ළඟ බිම කිලෝ පහේ හාල් බෑග් එකක් තිබුණා. විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්න, බෝඩිමක නතර වෙලා ඉන්න ළමයකු වගේ තමයි පෙනුණෙ.

Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...