The Leader News
BREAKING
Top Ad
Opinion

රංවලට අත නොතබනු ! - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 6, 2024 • 4:33 PM

රංවලට අත නොතබනු ! - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වහාම විමර්ශනය කර දැඩි පියවර ගන්නා ලෙස නිර්මාල් දේවසිරි ගුරු දේවයන් මාලිමා ආණ්ඩුවට ටෝක් එකක් දී තිබේ.
  • රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි නම් වහාම ඉල්ලා අස්වන ලෙස මහින්ද දේශප්‍රියද ටෝක් එකක් දී තිබේ.
  • මම නම් අතිගරු අනුර කුමාර ජනපතිඳුට කියන්නේ මේ අයගේ ඔය සුචරිත සූචක ටෝක්ස් පයිසෙකට මායිම් නොකරන ලෙසය.
  • ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසුව මමත් ඔය වගේ ප්‍රකාශ කළෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

වහාම විමර්ශනය කර දැඩි පියවර ගන්නා ලෙස නිර්මාල් දේවසිරි ගුරු දේවයන් මාලිමා ආණ්ඩුවට ටෝක් එකක් දී තිබේ. රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි නම් වහාම ඉල්ලා අස්වන ලෙස මහින්ද දේශප්‍රියද ටෝක් එකක් දී තිබේ. මම නම් අතිගරු අනුර කුමාර ජනපතිඳුට කියන්නේ මේ අයගේ ඔය සුචරිත සූචක ටෝක්ස් පයිසෙකට මායිම් නොකරන ලෙසය. රංවලගේ මයිල් ගසකට හෝ අත නොතැබිය යුතුය. එයට හේතුවක් තිබේ.

2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසුව මමත් ඔය වගේ ප්‍රකාශ කළෙමි. පොහොට්ටු ආණ්ඩුවේ වැරදි පෙන්වමින් ඒවා නිවැරදි කර ගත යුතු ආකාරය පිළිබඳව උපදෙස් දුන්නෙමි. මා හිතුවේ ගෝඨාභය ජනපති වුණේ මේ රටේ ජනතාව තුළ සිදු වූ කිසියම් බුද්ධිමය පරිවර්තනයක් නිසා කියාය. මා එකල එය හැඳින්වූයේ “සහශ්‍රයේ පරම්පරාවේ නැගීම” (Rise of the Millennials) කියාය. නමුත් පසුව මා තේරුම් ගත්තේ ලකේ ජනතාව තුළ එවැනි කිසිදු බුද්ධිමය පරිවර්තනයක් සිදු වී නොමැති බවයි. ලංකාවේ සහශ්‍රයේ පරම්පරාව යනු අන්තිම නූගත් ගොඩේ ගොබ්බ හැත්තක් බව අරගලය තුළින් ඔප්පු විය. එවැනි තත්ත්වයක් තුළ සුචරිත දේශපාලන සංස්කෘතියක් හදන්නට කියා තමන්ම හදපු ආණ්ඩුවේ වැරදි පෙන්වමින් විවේචනය කිරීම යනු අන්තිම අදේශපාලනික ක්‍රියාවක් බව මා හට පසක් විය.

එබැවින් කතානායක රංවලගේ උපාධි පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොකළ යුතුය. රංවල කියූ පරිදි ඔහුට මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳව උපාධියක් නැත්නම් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ලවා වහාම ඔහුට උපාධියක් දිය හැකිය. ජපානයේ අහවල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය නැත්නම් ජපානයේ තානාපති හරහා එය හදා දිය හැකිය. ප්‍රකාශයට පත් කළ පර්යේෂණ පත්‍රිකා නැත්නම් වහාම ආණ්ඩුවේ වියදමින් ඒවා සකස් කර ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ තරම් වද වීමටද අවශ්‍ය නොවේ. රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරන අයට ගත යුතු නිසි පියවර ගත යුතුය. ලංකාවේ සුවහසක් මෝඩ ජනතාව සමග දේශපාලනය කළ යුත්තේ එලෙසය.

drte46rt345
දේවසිරි සහ දේශප්‍රිය වැන්නවුන් ඔය විවේචනය කරන්නේ මා මෙන් සද්භාවයෙන් නොවේ. ඔවුන් එය කරන්නේ පැහැදිලිවම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පමණී. අනුර කුමාරගේ පටන් ඔය 159 යේ අන්තිමයා දක්වා කියන තරමක් කිව්වේ ගල් පැලෙන බොරු බව නොදන්නා බබ්බු නොවේ, දේවසිරි සහ දේශප්‍රිය. මාලිමාව යනු තනිකරම ප්‍රෝඩාව මත නිර්මිත ප්‍රපංචයක් බව අපටත් වඩා හොඳට ඔවුන් දනී. පොර්ට් සිටිය හදන්න යන කළු ගල් පරිමාවේ සිට උගන්ඩාවේ හංගපු ඩොලර් දක්වා ජනතාවට කියූ අප්‍රමාණ බොරු කන්දරාව සමග සසඳන විට රංවලගේ උපාධිය කෙහෙල් ලෙල්ලකි. ඉදින් රංවලගේ බොරුව ගැන පමණක් පරීක්ෂණ කරන්නට කීම දේවසිරි සහ දේශප්‍රියගේ ඊර්ෂ්‍යාව සහ ද්වේශය පමණක් ප්‍රකට කරවයි.

ගෝඨාභයගේ කතාව මෙයට වෙනස්ය. ඔහු කිසි දවසක බොරුවක් කීවේ නැත. එබැවින් ඔහු විසින් දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔහුට සදාචාරමය බැඳීමක් තිබිණි. මාගේ විවේචන පදනම් වූයේ ඒ මතය. නමුත් රංවල අරබයා කිසිදු පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවෙන් NPP යට කිසිදු සදාචාරමය බැඳීමක් නැත. නූගත් මෝඩ සාහසික ජනතාවට බොරුම පමණක් කියා ඔවුන්ගේ නීච බලය ලබා ගත් පසු හදිසියේ මතක් වී මහා සත්‍යවාදී සාරධාර්මික සත්ගුණවත් සාන්තුවරයන් වීමට හේතුවක් නොමැත. දේවසිරි සහ දේශප්‍රිය එලෙස වෙස් මාරු කළාට අනුර කුමාර හෝ ඔහුගේ තුනෙන් දෙකේ ආණ්ඩුවට එහෙම කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ලංකාවේ ජනතාව පාලනය කළ හැක්කේ සහ යුත්තේ බොරුවෙන්ම පමණී. හරි නම් මේ වෙලාවේ රංවලගේ නමට තවත් ආචාර්ය උපාධියක් සෙට් කර දිය යුතුය.

දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 දෙසැම්බර් 6

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...