The Leader News
BREAKING
Top Ad
Opinion

ගරු කථානායක ආචාර්‍ය අශෝක රංවලට අත නොතබනු......! - සමබිම පක්ෂය

T

The Leader Desk

December 7, 2024 • 12:16 PM

ගරු කථානායක ආචාර්‍ය අශෝක රංවලට අත නොතබනු......! - සමබිම පක්ෂය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමකාලීන ලංකාව තුළ අධිනිශ්චය වී ඇති "උගතුන්" පිළිබඳව වන දෘෂ්ටිවාදයට අශෝක රංවල විසින්ම බැරෑරැම් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
  • මේ සිදුවීම බොහෝ අය දකින්නේ සමකාලීන ලංකාවේ "උගතුන්" ට කරන ලද අවමානයක් ලෙසිනි.
  • මේ පිළිබඳව කලබල වී ඇති බොහෝ උගතුන් යැයි කියාගන්නා පුද්ගලයන්ද ඇතුලුව බොහෝ අය කල්පනා කරන්නේ අචාර්‍ය උපාධියක් යනු සමාජය මත "සිවිල්" වීමටත්, පොරක් වීමටත්, ඒ මත සිය ආධිපත්‍ය පැටවීමටත් ඇති "බලයක්" ලෙසය.
  • ලංකාව තුළදී නම් ආචාර්‍ය දර්ශන අශෝක කුමාර මෙන් යහලුවෙකු සිය මහාචාර්‍යවරයා ලෙස තෝරාගෙනද ආචාර්‍ය උපාධි ලබාගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


සමකාලීන ලංකාව තුළ අධිනිශ්චය වී ඇති "උගතුන්" පිළිබඳව වන දෘෂ්ටිවාදයට අශෝක රංවල විසින්ම බැරෑරැම් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ සිදුවීම බොහෝ අය දකින්නේ සමකාලීන ලංකාවේ "උගතුන්" ට කරන ලද අවමානයක් ලෙසිනි.

මේ පිළිබඳව කලබල වී ඇති බොහෝ උගතුන් යැයි කියාගන්නා පුද්ගලයන්ද ඇතුලුව බොහෝ අය කල්පනා කරන්නේ අචාර්‍ය උපාධියක් යනු සමාජය මත "සිවිල්" වීමටත්, පොරක් වීමටත්, ඒ මත සිය ආධිපත්‍ය පැටවීමටත් ඇති "බලයක්" ලෙසය.

unnamed 20

නමුත් ආචාර්‍ය උපාධියක් යනු සිය හදාරන විෂයෙහි එක් ගැටලුවක් පමණක් තෝරාගෙන එය නව අර්ථයකට රැගෙන යාමක් පමණි. ඒ සදහා අදාල විෂය පිළිබඳව ප්‍රමාණවත් කියවීමක්, හැදෑරීමක් තිබීම අනිවාර්‍යය.


ලංකාව තුළදී නම් ආචාර්‍ය දර්ශන අශෝක කුමාර මෙන් යහලුවෙකු සිය මහාචාර්‍යවරයා ලෙස තෝරාගෙනද ආචාර්‍ය උපාධි ලබාගත හැකිය. එසේ නොවේනම් සුමිත් චාමින්ද සේ ප්‍රදීප් පීරිස් වැන්නෙකු තෝරාගෙන කිසිදා නිමා නොවෙන ආචාර්‍ය උපාධියකටද පිවිසිය හැකිය.

ලංකාවේ ආචාර්‍ය උපාධි පිළිබඳව ජනප්‍රිය උදාහරණ ඕනෑ තරම් තිබේ. මහාචාර්‍ය අර්ජුන පරාක්‍රමගේ ආචාර්‍ය උපාධිය භාෂාව පිළිබඳව පශ්චාත් ව්‍යුහවාදී විශ්ලේෂණයක් වන විට ඔහු නොකරන්නේද එයයි. ලියනගේ අමරකීර්තිගේ ආචාර්‍ය උපාධිය භාෂාව පිළිබඳව වන විට ඔහු කර ඇත්තේ ජනශ්‍රැතිය සම්බන්ධ අදහසක් ඉදිරිපත් කිරීම පමණි.

 

profecer ලියනගේ අමරකීර්ති හා අර්ජුන පරාක්‍රම

 මේ සිදුවීමේදී හොටු පෙරාගෙන අඬන මහාචාර්‍ය නිර්මාල් රංජිත්ගේ ආචාර්‍ය උපාධි නිබන්ධනයේ ලන්දේසි යුගයේ ඉඩම් අයිතිය පිළිබඳව කතාකිරීමේදී එහි "හෙජමොනිය" පිළිබඳව අලුත් අර්ථයකට රැගෙන යාමට අමතක වී ඇත.

ඊටත් අමතරව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්‍ය ප්‍රභා මනුරත්නගේද, රුහුණු විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ආචාර්‍ය දර්ශන ලියනගේ ගේද ආචාර්‍ය නිබන්ධනය(තිසීස් එක) අන්තර්ජාලයේ නැත. ඔවුන්ගේ පමණක් නොව ලංකාවේ බොහෝ ආචාර්‍යවරුන්ගේ තිසීස් එක අන්තර්ජාලය තුළ නැත. ලාංකිකයන් වශයෙන් එය අපි ආඩම්බර විය යුතු කරුණකි.

ලංකාවෙන් විදේශ ගතවී ලබාගන්නා බොහෝ ආචාර්‍ය උපාධි යනු VISA උපාධිය. ඒවා විදේශ රටක වසර 3ක් 4ක් සුවසේ ඉදීමට දෙවියන් විසින් දෙන වරම් ය. මේ බොහෝ විදේශීය විශ්ව විද්‍යාල ලාංකිකයන්ට ආචාර්‍ය උපාධි දෙන්නේ "අනුකම්පාව" නිසාය. මේ දුක කියා හඬාවැටී ගන්නා ආචාර්‍ය පට්ටම් භාවිතා කර ලංකාව තුළ සාමාන්‍ය ජනතාව අතර පොරක් වෙන බව මේ විදේශීය විශ්ව විද්‍යාල වල මහාචාර්‍යවරුන් දන්නේ නැති බවට සැක නැත. මේවා උත්කර්ෂයට නංවා සාමාන්‍ය ජනතාව පාලනය කිරීමේ මතවාදය නිර්මාණය කල ජා.ජ.බලවේගයට, එයම පාරාවලල්ලක් වීම පිළිබඳව අපිට කරන්නට දෙයක්ද නැත.

 

Ashoke R 2024.11.21කථානායක අශෝක රංවල

අශෝක රංවල විසින් දරා ඇති උත්සාහය අහිංසකය. එය පොඩි එකෙකුගේ ක්‍රියාවක් වන්නේ ඒ මත සිටිමින් ඔහු විසින් සමාජය වෙත ආධිපත්‍ය බලයක් අතීතයේදී යොදා නොමැති නිසාය. නමුත් තමන් ආචාර්‍ය, මහාචාර්‍ය්ය බව කියාගන්නා බොහෝ අය අමු තක්කඩියන් ය. ඔවූහූ සිය ආධිපත්‍ය බලය නිර්ලජ්ජිතව සමාජය මත මුදාහැර එය හීලෑකරගන්නා මහත්වරු හා නෝනලාය.

ජාතික ජන බලවේගය ඇතුලු සියලුම දේශපාලන පක්ෂ මේ පට්ටම් ඉදිරියේ දනින් වැටී යාඥා කරද්දී අපි එසේ වන්නේ නැත. අපි මහපාරෙන් ඉගෙනගත් සාමාන්‍ය මිනිසුන් ය. අපේ අවිය දැනුම නොවේ, න්‍යායයි. සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන් වෙත බලය විතැන් කිරීම යනු මේ ආචාර්‍ය, මහාචර්‍ය, ඉංජිනේරු, දොස්තර පට්ටම් වල ඇති අධිපතිවාදී වාර්ගික දෘෂ්ටිවාදයට පහර දීමයි. එහිදී සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන්ගේ පැත්තේ හිටගන්නේ අපි පමණකි.



(සමබිම පක්ෂය)

@ උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...