The Leader News
BREAKING
Top Ad
Opinion

රිලවුන් මරන හැටි දේශපාලනිකව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 8, 2024 • 11:19 AM

රිලවුන් මරන හැටි දේශපාලනිකව - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.
  • අනෙක් පැත්තෙන් වනජීවී එකෙන් ඇවිත් ඔබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට ලාල් කාන්ත ඔබව බේරාගැනීමට එන්නේ නැති බවත් මතක තබාගන්න.
  • උදාහරණයක් ලෙස, එක රිලවියක් වන්ධ්‍යාකරණය කරන්නට ගස් බඩගෑමේ සිට විවිධ කාර්යයන්ට නිලධාරීන් කීදෙනෙකු ඕනැ වේවිද?
  • රජය කරන්නෙ නැති බව දැනගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.

ඔය කිව්වාට ඔබ සතුන් මරන්නට යන්නට එපා. එය ඔබේ බෞද්ධ පරමාදර්ශවලට අනුකූල නොවෙන්නටත් පුළුවන්. ඒ වගේම, එය ඔබේ සමාජ පිළිගැනීමට බලපානවා. ඔබේ මානසිකත්වයටත් බලපානවා. අනෙක් පැත්තෙන් වනජීවී එකෙන් ඇවිත් ඔබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට ලාල් කාන්ත ඔබව බේරාගැනීමට එන්නේ නැති බවත් මතක තබාගන්න.

 

මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට කලින් ප්‍රශ්නය ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුයි. ඔය දැන් කියන සංඛ්‍යා විශ්වාස කළ නොහැකියි. ඒවා එකිනෙකාගේ හිතලු මත කියන ඒවා මිස විද්‍යාත්මක ගණන් බැලීම් නෙමෙයි. 

විද්‍යාත්මක අධ්‍යයනයකින් ඉන්න සතුන් ගණන තක්සේරු කළ යුතුයි. මතකද මාස කීපයකට කලින් අලි සංගණනයක් කළා. තාම ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. මේකත් එහෙමයි. ලේසි නැහැ. ඒකටත් මුදල් අවශ්‍යයි. නිලධාරීන් අවශ්‍යයි. පුහුණුව අවශ්‍යයි. ගණන් ගැනීම, දත්ත විශ්ලේෂණය ආදියත් අවශ්‍යයි.

එහෙම තක්සේරුවක් කරගත්තාය කියන්නකො. ඊට පස්සෙ, ගහණයන් පාලනයට අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රම මොනවද කියා සොයා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර උපදෙස් ලබාගන්නට සිදු වේවි. තාක්ෂණයන් ආනයනය කරන්නට වේවි. සියල්ල සල්ලි තමයි. උදාහරණයක් ලෙස, එක රිලවියක් වන්ධ්‍යාකරණය කරන්නට ගස් බඩගෑමේ සිට විවිධ කාර්යයන්ට නිලධාරීන් කීදෙනෙකු ඕනැ වේවිද?  කොච්චර කාලයක් ගත වේවිද? ඒ වගේ රිලවියන් කීදෙනෙකු කරන්නද? රාජ්‍ය නිලධාරීන් වැඩ කරන හැටිත් දන්නවනෙ. සල්ලි තමයි ඉතින්.

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ

 

මතක තියාගන්න, මේ රට වීදි සුනඛයන් ගහණය පාලනය කරන්නටවත් වන්ධ්‍යාකරණය පාවිච්චි කිරීමට අසමත් වූ රටක්. 

සරලවම කිව්වොත්, රජයට ඕවා කරන්න බැහැ. කිව්වට තරහ වෙන්න එපා. බැරි දේ බෑ තමයි. ලොරි ටෝක් දුන්නට සරලවම බැහැ.

ඒ කියන්නෙ විසඳුමක් නැද්ද? තියෙනවා. ගොවීන් එකතු වෙලා සමුපකාර හරි සමාගම් හරි පිහිටුවාගන්න. වානිජ කෘෂිකර්මාන්තය කරන්න. සමාගම් එක්ක හවුල්කාරීත්වයන් ගොඩනගාගන්න. වන සතුන් පාලනය සඳහා ආයෝජනය කරන්නට පුළුවන් වෙන්නෙ එහෙමයි. ඒවා තම තමන් කරගන්නට ඕනැ. රජය කරන්නෙ නැති බව දැනගන්න. රජයට බැහැ.

කෘෂිකර්මාන්තය කියන්නෙ තවදුරටත් යැපුම් මට්ටමෙන් කරන්නට පුළුවන් එකක් නෙමෙයි. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බවට පත්කරන්නට ඕනැ. එහෙම ව්‍යවසායන්ට තමන්ගෙ ඉඩම් බදු දෙන්න. යැපුම් ගොවිතැනෙන් අයින් වෙලා රස්සාවල්, ව්‍යාපාර කරන්න.

ආණ්ඩුවේ උරුමය බෙදන්න විපක්ෂයේ ගයන්තත් එක්වෙයි!

 

රජයට කරන්නට පුළුවන් දේවල් තියෙනවා. ඉඩම් වෙළඳපොළ නිදහස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරම්භ කළ උරුමය ඔප්පු දීමේ වැඩසටහන අඛණ්ඩව, වේගයෙන් කරගෙන යන්න. එතකොට කෘෂිකර්මාන්තයේ විභවයෙන් ප්‍රතිඵල නෙළාගන්නට පුළුවන් ව්‍යවසායකයන්ට අවශ්‍ය මූලික දෙය වන ඉඩම් ලබාගැනීම පහසු වේවි.

ඊළඟට රජයට පුළුවන් කෘෂි රක්ෂණ, විශේෂඥ සේවා ආදිය ආදිය දිරිගන්වන්න. ඒ කියන්නෙ රජය ඕවා කරන්නය කියන එක නෙමෙයි. දැනටත් කරනවනෙ. අකාර්යක්ෂමයි. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය දිරිගන්වන්න. කෘෂිකාර්මික අධ්‍යාපනය හා පුහුණුව ශක්තිමත් කරන්නට රජයට පුළුවන්. තමන්ට කරන්නට බැරි වුණාට උගන්නන්නට නම් ඔය නිලධාරීන්ට පුළුවන් ඇති.

අවශ්‍ය නීති සංශෝධන කරන්න. ඒ සඳහා ක්ෂේත්‍රයෙන් අදහස් විමසන්න. විශේෂයෙන්ම නීති සංශෝධන කරනකොට කෘෂි ව්‍යවසායන් ගැන අවධානය යොමු කරන්න. ඔය පොහොර සහනාධාර වගේ නාස්තිකාරී සහනාධාරවලින් ක්‍රමානුකූලව ඉවත් වෙන්න. සහනාධාර නිසි ලෙස ඉලක්ක කර අවශ්‍ය තැනට දෙන්න. අස්වැසුම දෙන්නට අවශ්‍ය අයට ඒක දෙන්න. පොහොර සහනාධාර දෙන්න එපා.

මේ නිකම් දේශපාලනික අදහස් ටිකක් විතරයි. විශේෂඥයන්ගෙන් අදහස් විමසන්න. හැබැයි, ඊට කලින් තමන්ගෙ දේශපාලනික ස්ථාවරය පැහැදිලි කරගන්න. ඒක ඉතාම වැදගත් නිසායි මේ අදහස් ටික ලිව්වෙ. 

ලිපියක්වත් කියවන්නෙ නැතුව ලියපු එකාට බනින එක කරගෙන යන ගොන් බූරු මාලිමා බයියන් දාලා අපට බනින එක නවත්තන්න. උන් එක්ක කරන්න පුළුවන් මගුලක් නැහැ. අපට ආණ්ඩු පෙරළන්නට අවශ්‍ය නැහැ.

ආණ්ඩුවට සහාය පිණිස දවල්ට නොකා ලියමි - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk
ajithperakum@gmail.com

(උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...