The Leader News
BREAKING
Top Ad
Opinion

පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන උපාය සහ දේශපාලන උපක්‍රම ? - (ජයන්ත විජේසිංහ)

T

The Leader Desk

December 8, 2024 • 2:28 PM

පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන උපාය සහ දේශපාලන උපක්‍රම ? - (ජයන්ත විජේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාගේ පවුල බෝංචි වගාව මුලික කරගත් එළවලු වගා කළ අතර, බිරිඳගේ පැත්තේ කුඹුරු සහ පොල් වගාව ඇත.
  • අලියෙකු ජීවිතයට නොදුටු පලාතක් වන මගේ ගම්පලාතේ අලි ගැටලුව අප දැන් වසර 10ක පමණ සිට දිනපතා අත්විඳින්නෙමු.
  • අපේ දෙපලාතේම ගොවීන්ගෙන් තුවක්කු, වායු රයිෆල් හා වෙනත් වනසතුන් පලවාහරින ආයුධ ඇති අය ඔනෑ තරම් ඇත.
  • තුවක්කු ඇත්තෝ ප්‍රමාණය නම් එකෙක් දෙන්නෙක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාගේ බිරිඳද එසේය. මාගේ පවුල බෝංචි වගාව මුලික කරගත් එළවලු වගා කළ අතර, බිරිඳගේ පැත්තේ කුඹුරු සහ පොල් වගාව ඇත.

අලින්ගෙන් වගාවට සිදුවන හානිවල පරිනාමය සහ එය ඔඩුදුවපු ආකාරය බිරිඳගේ ගමේ පැරන්නන්ගෙන් අසා දැක (වර්තමානයේ) අප හොඳින් දනී. අලියෙකු ජීවිතයට නොදුටු පලාතක් වන මගේ ගම්පලාතේ අලි ගැටලුව අප දැන් වසර 10ක පමණ සිට දිනපතා අත්විඳින්නෙමු. අපේ මහගෙදරද අලින් කැඩීය.

මා පරිසර ලෝලියෙකි. සමහරුන් සංරක්ෂනවේදියෙකුද තවත් අය පරිසරවෙදියකුද කියයි. මා සිතන්නේ පරිසරයට ආදරය කරන සැවොම පරිසර ලෝලීන් මෙන්ම පරිසරවේදීන් වෙති. අපි යන හැමතැනම ගම්වල එවැනි පරිසරවේදීන් අපට මුණගැසේ. ඔවුන්ගේද පොල් වල සිට වගාවට මෙම හානි නැතුවා නොවේ.

අපේ දෙපලාතේම ගොවීන්ගෙන් තුවක්කු, වායු රයිෆල් හා වෙනත් වනසතුන් පලවාහරින ආයුධ ඇති අය ඔනෑ තරම් ඇත. තුවක්කු ඇත්තෝ ප්‍රමාණය නම් එකෙක් දෙන්නෙක් පමණි. මේ කිසිවෙක් මා දන්නා තරමින් ඒවා අනවශ්‍ය ලෙස පාවිච්චි නොකරති. අති බහුතරය ඒ කිසිවක් තබාගෙන නැත. වගාව බේරාගන්නේ වගාව රැකීමෙනි. මෙය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගොවීන්ගේ පුරුද්දයි.

හේන් වගාව කරත්දී එදාද වගාව රැක්කා මිස එදා වන සතුන්ගේ උවදුරු නොතිබුනා නොවේ. බොහෝ දුරට මෙසේ අලින් වැනි වනසතුන්ගේ හානි උග්‍රව ඇත්තේ අලින්ගේ නිජභූමි එළිකර කරන ලද වගාවන්ට සහ අවට පිහිටි අලි නිජබිම් සියල්ල එළිකිරීම නිසා අලින්ට ආහාර අඩුවීම නිසාවෙනි. උදාහරණයක් ලෙස බලංගොඩට අලි එන්නේ හල්දුම්මුල්ල බෝගහපට්ටිය මෙන්ම දහයියාගල හම්බෙගමුව තණමල්විල මෙන්ම උඩවලව අවට ප්‍රදේශවල වනභුමි සහ කැලෑ දිගින් දිගටම වැනසීම නිසාවෙනි.

dry636
කවුරුන් හෝ අලි වැඩිවී ඇති කියන්නේ නම් එය විහිළුවකි. බේකර්ලා කඳුකර අලි 3000-4000 ක් අතර මරාදමුවාගේ සිට සිංහරාජයේ අලි 17 අලි 2 කට සීමා වූවාසේම රටේම අලි ගහනය සැලකිය යුතු අඩුවී ඇත. සිදුව ඇත්තේ අලින්ට භුමිය අහිමිවීම නිසා ආහාර හා ජලය හිඟවීමය. ජලගැලුම රක්ෂිතයේ පමණක් අලින්ගේ විල්ලු 5ක් පමණ විදුලි වැටවල් ගසා අලින්ට වසා ඇති ආකාරය මා දැක්කෙමි.

රිලා ප්‍රශ්නය වෙනම එකකි. ඊට අවශේෂ හේතුද, පන්සල් වල ක්‍රියාකාරකම්ද, තවත් බොහෝ හෙතුන්ද ඇත. එය වෙනම ගත යුත්තකි. ඊට විසඳුම්ද (මැරීමට විකල්ප ලෙස) විශාල ප්‍රමාණයක් කාලයක් තිස්සේ කතාකරනවා විනා දේශපාලුවන් (සහ අදාළ නිලධාරීන්) ක්‍රියාත්මක කරේ නැත.

දඬු ලේනා ප්‍රශනය නම් ඔය කියන තරම් එකක් නොවේ. එය පට්ට කෙබරයකි. ලංකාවේම දඬු ලේනුන් දහසකට දෙකකට වඩා නැත. කෙසේ නමුත් දැන් අලුතින් මොනර ගැටලුවක්ද ඇතිව ඇත. එය පරිසර සමතුලිතතාවටද දැඩි ලෙස බලපායි. කෙසේ නමුත් මොනරා ගැන බොහෝ දෙනෙක් කතාකරන්නේ නැත.

xfgte4
ලංකාවේ මා දන්නා තරමින් ඇති ප්‍රධාන ගැටලුව පසු අස්වනු හානියයි. එය 40% ඉක්මවා යන්නකි. පෙර අස්වනු හානිය නම් කිසිසේත් 10% ඉක්මවා නැත. එසේනම් මුලින්ම පිළිතුරු දිය යුතු ප්‍රශනය කුමක්ද?

මට පෙනෙන්නේ පොල් හිඟය සහ වෙනත් අසමත්කම් වෙනස් දිසාවකට හරවන්නට වන සතුන්ගේ හානි උලුප්පා දක්වන බවකි. නලින් හේවගේ ලංකාවේ පොල් නිශාපාදනය ගැන ගැටලුව ගැන හොඳ කතාවක් පාර්ලිමේන්තුවේ දී කරනු ඇසිනි. ඔහු අස්වනු අඩුකමට ප්‍රධාන හේතු තේරුම් ගෙන ඇති බවක් පෙනේ. රිලවුන් හෝ දඬු ලේනුන් ප්‍රධාන ප්‍රශ්නය නොවන වග ඔහුගේ කතාවෙන් පැහැදිලිව ගම්‍ය වේ.

බෝගොල්ලගමලාගේ සිට අක්කර සිය දහස් ගණන් පොල් ඉඩම් කට්ටිකර විකුණා පොල් ගස් කපා අද ඉතිරිව ඇත්තේ පොල් ඉඩම් ඉතා අවම ප්‍රමාණයකි. පසුගිය මාසයේ හලාවත පමණක් පොල් ගස් සියගණනක් එක ඉඩමක කපාදමුනේ පසුගිය රජය යටතේ පොල් ගස් කැපීම තහනම් කර ගැසට් ගසා තිබියදීය. මේ සම්බන්ධව රජය සහ අදාළ නිලධාරීන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරවන අය කලේ කුමක්ද?

345rr
එමෙන්ම ලංකාවේ කෘෂිකර්මයේ පලදායිතාවය (පොල් පමණක් නොව වෙනත් අස්වනුද) මදකම විසඳීම තුලින් පොල් හිඟය වලක්වාගත හැකිය. රිලවුන් හෝ දඬුලේනන් මැරීමෙන් එය කළ නොහැකිය. මෙකී සතුන් පාලනය අත්‍යාවශ්‍ය බව පිළිගත යුතුය. නමුත් එය ඔහේ මරාදැමීමෙන් කල නොහැකිය. නිසි අධ්‍යනයකින් සහ මානුෂික ක්‍රමවේද මගින් කලයුතුය. නැතිනම් විමලවීරලාගේ අමරවීරලාගේ සිස්ටම් එකම ගෙනයා හැකිය. සිස්ටම් චේන්ජ් කිරීම අවශය නොවේ.

ලංකාවේ පොල් පරිභෝජනයට හා සමාන ප්‍රමාණයක්ම අපනයනය කරන බව අලුතින්ම අසන්නට ලැබෙන ප්‍රවෘත්තියකි. මෙයද පොල් හිඟයට සහ ඒ හා සාපේක්ෂව පොල්  ඉහළයාමද සිදුවන බව තේරුම්ගත යුතුය.

දැන් මාතෘකාවට එමු. ගෝඨාභය රජය පරිසරයට වින කටින්න්ට ගත්තේ පළමු කැබිනෙට්ටු රැස්වීමෙදීමය. ඉන් එලියට ආ එවක පරිසර ඇමති චන්ද්‍රසේන උජාරුවෙන් කීවේ අපි ගල් වැලි පස් ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය ඉවත්කළ බවය. දෙවනුව මෝඩ ගෝඨාව නෙළුවට ගෙන්වාගත් අප්පච්චිගේ ගාලු පුතා සිංහරාජය හරහා හමුදාව දම්මවා ලංකාගමට කිසිඳු සොයා බැලීමකින් තොරව පාරක් කැපීය. ඔබට මතකනම් මෙකී දෙකාරනාවටම අපි නොබියව එලියට බැස්සේය.

වරක් චන්ද්‍රසේන විසින් පිදුරුතලාගල ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව මා මාධ්‍යකට කළ ප්‍රකාශයකට ඔහු රාත්‍රී 11 ට පමණ මා අමතා තර්ජනයක් කළ අතර මා කීවේ මා කරන චෝදනා වැරදිනම් මාධ්‍ය හරහා එසේ නොවන බව කියන ලෙසයි. ගෝඨා ලංකාගමට පාර කපන්නට කිලෝමීටර 1.2ක් සිහරාජය හරහා අඩි 5 බැගින් දෙපසට පුළුල් කරන්නට හදද්දී අපි එය නැවැත්වූ අතර අවසානයේ සිංහරාජ තුලින් යන කොටස එලෙසම කාපට් කළ අතර පුළුල් කිරීම කලේ නැත. නමුත් කිසිඳු පරිසර අවසරකින් තොරව ඉතිරිය බලෙන්ම සෑදුවේ අනෙක් පස දෙනියාය පැත්තේ මහින්දලාගේ පුතුන්ට අයත් දේපලවලට යන්නට එය පහසුවක් වන නිසාත්ය.

කෙසේ නමුත් ගෝඨා සහ ඔහුගේ සහචරන් මෙතනදී අමුතු වැඩක් කළේය. ඒ ලංකාගම ගමේ ගම සමග පිලිසන්දරක් කරමින් ගමේ බයියකු යොදාගෙන පරිසරවේදීන් සමහ රට දියුනුකරන්නට බැරි යයි පවසමින් රට තුල පරිසරලෝලීන් ගැන තරහක් වපුරවමිනි. අද ලාල් කාන්තගේ ප්‍රකාශයත් ඊට එරෙහි පාරිසර ලෝලීන්ගේ මතවාදත් එදා ඒ අලුත් ආණ්ඩුව පරිසරය පිලිබඳ ගත් මුලික තීන්දු කිහිපයක් හා පවතී තත්වයම වේ.

එදා @Iraj ලා ද ලංකාගම මෙන්ම සිංහරාජයේ හෝටල්වලට ගොස් පරිසරවේදීන්ට එරෙහිව මෙන්ම පරිසර විනාශයක් සාධාරනීකරණය කල අකාරය ඔබට අමතක නැතැයි සිතමි.

xfrter46t4
අද කෑගල්ලේදී උද්ඝෝෂණයක් සිදුව ඇත. එහිදීම එක් ගම්වැසියකු කියාගන්නා අයෙක් පරිසරවේදීන්ට මෙවැනිම චෝදනාවක් කරයි. ප්‍රධානව චෝදනාවට ලක්වන එක් දේශපාලන පක්ෂයකින් චන්දය ඉල්ලන ලද පරිසරවේදියෙකු වේ. එසේම එකී පුද්ගලයා NGO ගැනද යමක් කියයි. රිලවුන් සහ පරිසරවේදීන්ට රට පැටවීමට හෝ දුපතකට දැමීමට යෝජනා කරයි. අපේ සංවිධානය NGO නොවන නිසාත් මා පක්ෂ දේශපාලනය නොකරන නිසාත් එය මට අදාළ නුවුවත්, එහි සමහර කොටස් පරිසර ලෝලියෙකු ලෙස අපට අදාළ වේ. මාගේ බය මෙය රජයේ යම් ආමත්යවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු මීට සම්බන්ධද යන්නය. මන්ද එය එසේනම් ඒ ගෝඨාගේ සහ එවක ආණ්ඩුවට කඩේ ගිය අයගේ ක්‍රමවේදයමය.

ඊටත් වඩා වැදගත් කාරණය නම් මේවා වාර්තාකරණ ආකාරයයි. මේ දිනවල ප්‍රධාන නාලිකා කිහිපයක් සහ යුටියුබ් චැනල කිහිපයක් පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන්නට, ජනතාව සහ පරිසර ලෝලීන් දෙකොටසක් කියන්නට මෙන්ම ගොවියන් සහ පරිසර සංරක්ෂකයින් කොටවන්නට දැඩි ලෙස උත්සාහ දරන බව පෙනේ. ඔවුන්ගේ හෙඩ්ලයින්, කැප්ශන් බැලු බැල්මට වයිරය දනවන ලෙස ලියවේ. ගොවියන් සහ පරිසරලෝලීන් කොටවන මෙන්ම පොදුවේ ආණ්ඩුව සහ පරිසරලෝලීන් කොටවන ආකාරයෙන් ලියවේ. පසුගිය රජයට අප්‍රසාදය මුලින්ම පටන්ගත්තේ ගම සමග පිළිසඳර ඇතුළු බොහෝ අවස්ථාවල ගත් පරිසර විනාශකාරී තීන්දුය. ඒ ට්‍රෙන්ඩ් එකම අලුත් ආණ්ඩුවට හදන්නට යන්නේ මෙතෙක් ලාල් කාන්ත කළ ප්‍රකාශය පමණක්ම පදනම් කරගෙනය. ඊට මාද එකහෙලා විරුද්ධ වන නමුත්, මේනම් එන්නේ වෙනම පොටකටය.

ලංකාවේ ගොවියන් බහුතරය වනජීවී හානිවලට විරුද්ද නමුත් සතුන් මරන්නට අකමැතිය. ඔවුන්ට අවශ්‍ය විසඳුමක් විනා සතුන් නිකරුනේ මරාදැමීම නොවේ. එනිසා ගොවියා සහ පරිසරලොලියා දෙදෙනෙකු යයි යමෙකු සිතන්නේ නම් හෝ එසේ දෙකඩ කරන්නට උත්සාහ දරන්නේ නම් එය අපහසු වනු ඇත. වගාව පාළුකරන අලි දහස් ගානක් ඇතත්, අලියෙකුට ප්‍රධාන ධාරාවේ කරන්ට් එක හෝ හක්ක පටස් එකක් තබන්නේ දස දහසකට එකෙකි. වෙඩි තබන්නේ ඊටත් අඩු එකෙකි. එනිසා ගොවියාද පරිසර ලෝලියෙකි. නමුත් ඔවුන්ට විසඳුමක් අවශ්‍යය.

ආණ්ඩුවට කුමන්ත්‍රණ කිහිපයකට මුහුණ දීමට ඇත. මේවා සියල්ල එන්නේ එකටය. නිසා පරිස්සමින් මොලෙන් ගේම ගැසිය යුතුය. එක පැත්තකින් හාල් හිඟයද, තවත් පැත්තකින් ක්‍රමිකව ඇතිකරමින් ඇතැයි මා සිතන ගෑස් හිඟයක්ද, තවත් පසෙකින් පොල් මිල හා හිඟයද තවත් අතකින් ඉන්දියානු බලපෑම්ද, තවත් පසෙකින් පරිසර ගැටළුද වේ. මේවාට අවධානය වෙනස් කරවන සහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වන ආකාරයේ උපක්‍රම මගින් මුහුණදීම නොකළ යුතුය.

පරිසරවේදියෙක් වේවා NGO කාරයෙක් වේවා ඕනෑම දේශපාලන මතයක් දැරීමට මෙන්ම ප්‍රකාශනයට භාෂණයට ඔවුන්ට නිදහස තිබිය යුතුය. දේශපාලන අවශ්‍යතා සහ සැබෑ පරිසර අවශ්‍යතා වෙන් වෙන්ව තෝරාගෙන නිසි පිළිතුරු සෙවිය යුතු ඒවාට පිළිතුරු සෙවීම විනා ගැලරිය පිනවීමට ප්‍රකාශ නොදිය යුතුය. එසේම නොයෙක් කෙටවීම් වලට අසුවිය නොයුතුය. එවැනි කෙටවීම් කරවන ආකාරයේ මැදිහත්වීම් ආණ්ඩුවේ යම් යම් පාර්ශව කරන්නේනම් ඒවාද වහාම නැවැත්විය යුතුය.

(ජයන්ත විජේසිංහ)
'වැසි වනාන්තර සුරකින්නෝ'
sajwijesingha@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන උපාය සහ දේශපාලන උපක්‍රම ? - (ජයන්ත විජේසිංහ) | The Leader