The Leader News
BREAKING
Top Ad
Opinion

පාලක පංතිය ඇත්තටම වෙනස් වුනා ද? - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

T

The Leader Desk

December 10, 2024 • 6:19 AM

පාලක පංතිය ඇත්තටම වෙනස් වුනා ද? - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිං දැන් ජවිපෙ මුල්වෙලා හදපු බලවේගයක් බලයට ඇවිල්ල තියෙනව‌.
  • සමස්ථ රාජ්‍ය වියදම විශාල ප්‍රතිශතයකින් අඩුකරල ආර්ථික සම්පත් උපයෝජනය සමස්ථයක් ලෙසම ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ දිශාවට හරවන එක තමා අයිඑම්ෆ් කියන්නෙ‌.
  • ඒ කියන්නෙ ජාත්‍යන්තර ප්‍රාග්ධන සමුච්ඡනයෙ තවත් එක දුර්වල මධ්‍යස්ථානයක් විදිහට සමස්ථයක් ලෙසම මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රාග්ධනයේ ඒකායන භාරයට පත්කිරිමේ නියමුවා බවට අනුර සහෝදරය පත්වෙලා තියෙනව. ඉතිං මේක වමේ අයට අවුලක්.
  • ඒකයි ජවිපෙ ටිල්වින් ෆුල් ට්‍රයි එකක් දෙන්නෙ හැම අමාත්‍යංශයකම ‌‌‌අවසන් තීරණය ගැනීමේ බලය පක්ෂයට ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිං දැන් ජවිපෙ මුල්වෙලා හදපු බලවේගයක් බලයට ඇවිල්ල තියෙනව‌. අපි මේ බලවේගය පිළිබදව දෛනිකව අලුත් දේවල් ඉගෙන ගන්නව‌.

බොහෝ වෙලාවට මෙයාලට තියෙන ප්‍රධාන විවේචනය තමයි ඔය කතා කරපු දේවල්, ඒ කියන්නෙ පොරොන්දු, ප්‍රතිපත්ති වගේ ඒව ඒ විදිහටම කරගන්න බෑ කියන එක. ඒක තර්කයක් විදිහට හරි වෙන්න පුළුවන් වුනත් කව්රු බලයට ආවත් පවතින ආර්ථිකමය තත්වය තමා ප්‍රධාන තීරකයා වෙන්නෙ.

IMF: 'ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම වැදගත්'

 

ඒ වගේම ජාමූඅ සමග තියෙන ප්‍රතිපත්තිමය එකතගතාවය සහ ජවිපෙ ගැළරියට කරපු කතා අතර විශාල පරතරයක් තියෙනව‌. සමස්ථ රාජ්‍ය වියදම විශාල ප්‍රතිශතයකින් අඩුකරල ආර්ථික සම්පත් උපයෝජනය සමස්ථයක් ලෙසම ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ දිශාවට හරවන එක තමා අයිඑම්ෆ් කියන්නෙ‌. ඒකට රනිල් එකගවුනේ ඔහුගේ දැක්මත් ඒකම නිසයි.

රනිල් ජේආර්ගෙ වැඩසටහන හරියටම ඉදිරියට ගෙන යන්න ආව නායකය‌. එයා කරකර හිටපු වැඩේ තමා අනුර භාරගත්තෙ. අනුරලගෙ සමාජවාදයට අයි එම් එෆ් වහකදුරු වුනාට මම හිතන්නෙ අද අනුරල යටින්වත් ඒකට විරුද්ධ නැහ. ඒ කියන්නෙ ජාත්‍යන්තර ප්‍රාග්ධන සමුච්ඡනයෙ තවත් එක දුර්වල මධ්‍යස්ථානයක් විදිහට සමස්ථයක් ලෙසම මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රාග්ධනයේ ඒකායන භාරයට පත්කිරිමේ නියමුවා බවට අනුර සහෝදරය පත්වෙලා තියෙනව. 

 

ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF සතුට පළ කරයි
ඉතිං මේක වමේ අයට අවුලක්. ඒකයි ජවිපෙ ටිල්වින් ෆුල් ට්‍රයි එකක් දෙන්නෙ හැම අමාත්‍යංශයකම ‌‌‌අවසන් තීරණය ගැනීමේ බලය පක්ෂයට ගන්න. ඒක ඔය කියන තරම්ම ලේසි නෑ...

අද වන විට උද්ධමනය ආයෙත් වැඩිවෙනව. විදේශ ශ්‍රමිකයො කියපු තරම් ඩොලර් එවන්නෙ නෑ... ඉතිං මුදල් ඇමතිට ඉදිරියට රනිල්ට වගේම විකුණන්න වෙනවමයි...මෙහෙම ගියොත්....

අපි මේ තත්වය තේරුම් ගන්නෙ කොහොමද? ජවිපෙ කීවෙ මේක මේ ප්‍රභූ පංතිය සහ දූෂණය නිසා වෙන දෙයක් අපි ආවම එකරැයින් වැඩේ හරි වගේ කතාවක්. නමුත් අද අපට පේනව ගෝලීය ප්‍රාග්ධන පංතිය මිසක් ප්‍රශ්නය වෙන එකක් නෙමෙයි කියල. 

ගෝලීය ප්‍රාග්ධන කලමණාකාරීත්වයේ සහ ජාත්‍යන්තර බල දේශපාලනයේ තේරීම බවට ‌‌‌අනුර පත්වෙලා. එයාල ‌‌‌අනුරගෙ පංතිය පාසල බැලුවෙ නෑ...මිනිහ රනිල්ගෙන් හොදටම ඉගෙනගෙන තියෙන නිසා වැඩේට හරියටම ගැලපෙන බව එයාල දන්නව...

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)

තට්ටුමාරුව ඉවරවුනත් ආණ්ඩු බලය මෙහෙයවන ප්‍රාග්ධන ‌‌‌අභිලාසයන්ට තර්ජනයක් වෙන්න මාලිමාවට ‌‌‌අමාරුයි. ධනවාදය තවතවත් රාජ්‍යය ආධිපත්‍යයට ලක්කරනවා බලා සිටීම හැර නිර්ප්‍රභූන්ටත් කරන්න දෙයක් නෑ.....

 

athulasiri samarakoon(ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...