DECEMBER 9, 2024 සංස්කාරක COMMENTS OFF ON ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ස්වෛරී බැඳුම්කර ගිවිසුම් විමසුමකින් තොරව අත්සන් කිරීමෙන් වළකින ලෙස ද එම ලිපිය මගින් අවධාරණය කරනු ලැබ ඇත.
මෙම කරුණුවලට අමතරව අදාළ ගිවිසුම්වලට එළඹීමට පෙර සලකා බැලිය යුතු කරුණු 12ක් ද එම ලිපියෙහි අන්තර්ගත ය.
මතු දැක්වෙන්නේ අදාළ සම්පූර්ණ ලිපිය යි.
ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
ගරු ජනාධිපතිතුමනි.
මෙම ලිපිය ලියනු ලබන්නේ, ණය යුක්තිය සහ ආර්ථික ස්වාධිපත්‍යය පිහිටුවීම සඳහා මෙරට ජනතාව විසින් දෙන ලද ජනවරමක් අනුව පිහිටුවන ලද ඔබගේ ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය දෙන්නන්ගේ නිල කමිටුව සහ බැඳුම්කර හිමියන්ගේ විශේෂ උපදේශක කණ්ඩායම් සමග, ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම කිසිදු ආකාරයේ පූර්ණ සමාලෝචනයකින් තොරව සහ විධිමත් ඇගැයීමේ පරිපාටියකින් (DUE DILIGENCE) තොරව අත්සන් තැබීම මගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ බරපතළ අවධානයකින් යුතුව ය.

දූෂිත ණය උගුලේ ශ්‍රී ලංකාව පැටැලවීම සහ 2022 දී පළමු වතාවට ස්වෛරී ණය ගෙවාගත නොහැකි යැයි පවසමින් රට බංකොළොත් බව ප්‍රකාශය කිරීම සම්බන්ධව ප්‍රධාන වගකිවයුත්තකු වන කලින් පැවැති දූෂිත රනිල් වික්‍රමසිංහ රජය/රාජපක්ෂ විසින් කෙටුම්පත් කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් කෙටුම්පතට කඩිමුඩියේ අත්සන් තැබීම සඳහා යොමුවනු වෙනුවට එම ගිවිසුම් කෙටුම්පත සමාලෝචනයට ලක් කිරීමට කල් ලබා ගැනීම සඳහා කෙටි උපායමාර්ගයක් මෙම ලිපිය මගින් ජාතික ජන බලවේගය ආණ්ඩුව වෙත යෝජනා කරනු ලබයි.

තමන් කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකාවේ මහජනතාව වෙත වගකීමට ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳී සිටින අතර, තමන් ලද අති විශාල ජනවරම අනුව දේශීය විශේෂඥයන්ගේ සහාය ඇතිව අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම පාරදෘෂ්‍ය ලෙස, විධිමත් ඇගයිමේ පරිපාටියක් මගින් නිවැරදි සමාලෝචනයකට ලක් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කල් ඉල්ලා සීටීම ආණ්ඩුව ඉටු කළ යුතු අනිවාර්ය කාර්ය භාරයක් ලෙස සැලකිල්ලට ගත යුතුව ඇත. ව්‍යාපාරික කටයුතුවල දී, ගිවිසුම් අත්සන් තැබීමේ දී සාමාන්‍යයෙන් අනුගමනය කරන විධිමත් පරිපාටියක් (DUE DILIGENCE) ක්‍රියාවට නැංවීමෙන් මෙම ගිවිසුම් මගින් රටට හානියක් නොවන බවට සහතික කරගත හැකි ය.
විශේෂයෙන් ම: යහපාලනය, විනිවිද පෙනෙන ලෙස කටයුතු කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම ආදිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධාරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙනත් රජයක් විසින් කෙටුම්පත් කරන ලද ගිවිසුමක් අත්සන් තැබීමට තවත් රජයකට බල කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බැවින් ජනතාව වෙනුවෙන් එසේ ඉල්ලා සිටීමට ඔබගේ ආණ්ඩුවට අයිතියක් තිබේ. මේ රටේ ජනතාව වෙනුවෙන් විනිවිද පෙනෙනසුලු බව සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කර දීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් සඳහා වසර දෙකක් තිස්සේ බලා සිටි බැඳුම්කර හිමියන්ට තවත් මාස කීපයක් ඉවසීමට හැකිවිය යුතු ය.
එමෙන්ම, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිලාභ ලැබීමට නියමිත බැඳුම්කර හිමියන්ගේ නම් සහ ණය පිළිබඳ තොරතුරු මහජනතාව වෙත මුදා හැරීමට කටයුතු කිරීම දූෂණට එරෙහිව සටන්වැදීමටත් වගවීමේ මූලධර්මය ආරක්ෂාකිරීමටත් ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක වගකීම වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් නායක පීටර් බ්‍රයර් විසින්ද රටේ ආර්ථිකයේ “ප්‍රත්‍යාස්ථතාව” පිළිබඳ සඳහන් කර ඇත.
රටේ පුරවැසියන්ගේ යහපත සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම විගණන කටයුතු ඇතුළු වෙනත් සමාලෝචන විධිමත් ක්‍රියා පරිපාටියක් යටතට ලක් කිරීම හේතුවෙන් නව ආණ්ඩුව විසින් අදාළ ගිවිසුම අත්සන් තැබීම තව මාස දෙකතුනකින් ප්‍රමාද වුව ද ප්‍රත්‍යස්ථතාවකින් යුතු, ස්ථාවර ආර්ථිකයක් ශ්‍රී ලංකාව සතු බැවින් රටේ ආර්ථිකය බිඳ වැටීමට එය හේතුවක් නොවනු ඇත. මෙම කරුණ සමග එකඟ නොවන්නවුන් සිදු කරන්නේ බොරුවක් සහ ආර්ථික වංචාවකි. සත්තකින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් නායක පීටර් බ්‍රයර් විසින්ද රටේ ආර්ථිකයේ “ප්‍රත්‍යාස්ථතාව” පිළිබඳ සඳහන් කර ඇත. ඒක පුද්ගල මිලදීගැනීමේ ශක්තිය (purchasing power parity per capita-PPP) පිළිබඳ සැලකීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ධනවත්ම රට ලෙස සැලකිය හැකි ය. රටේ ආර්ථිකයේ ශක්තිය මැනීමේ වඩාත් නිවැරදිම මිණුම් දණ්ඩ එය යි.
එහෙයින් ණය යුක්තිය ඉටුකරගැනීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම යන අවශ්‍යතා ඉටුකරගැනීම පිණිස අදාළ ගිවිසුමට අත්සන් තැබීමට පෙර විධිමත් ක්‍රියාපරිපාටියක් (DUE DILIGENCE) අනුගමනය කරමින් පූර්ණ ලෙස සමාලෝචනය කිරීම සඳහා තමන්ට මාස 3ක් අවශ්‍ය වන බව ජාතික ජනබලවේගය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන් සහ ණය දෙන්නන්ගේ නිල කමිටුව සහ අනෙකුත් පාර්ශ්වයන්ට දැනුම් දිය යුතු ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් ගිවිසුම් අනුගමනය කිරීමට තමන්ට බල කෙරී ඇති බව
මෙම ගිවිසුම් නීතිමය වශයෙන් බැඳී සිටින ගිවිසුම් වන අතර පහසුවෙන් ආපසු හැරවිය නොහැකි ය. එමෙන්ම එය රටට දිගුකාලීන ලෙස බලපායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් ගිවිසුම් අනුගමනය කිරීමට තමන්ට බල කෙරී ඇති බව දැනටමත් ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර ඇති බැවින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කෙටුම්පත් කර ඇති තවත් ගිවිසුම් විධිමත් සමාලෝචනයකින් තොරව අත්සන් තැබීමෙන් එම සංවිධාන නියෝජනය කරන ආණ්ඩුව වැළකිය යුතුව තිබේ.
මෙම ගිවිසුම් නිසි ඇගයීමකින් හෝ සමාලෝචනයකින් තොරව අත්සන් තැබීම මගින් සිදුවිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් බඳු උපදේශක සමාගම් විසින් ශ්‍රී ලංකාව මත අටවන ලද ණය උගුල වඩාත් ගැඹුරු වීමත්, එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග උත්සන්නවීමත් පමණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ භාවිතාවන මෙවලමක් වන සාර්ව ආර්ථික සම්බන්ධිත බැඳුම්කර ද (Macro-economy linked bonds) මෙයට නිශ්චිතවම ඇතුළත්වන අතර ඒවා ඉවත දැමිය යුතුව ඇති මෙවලම් ය. තමන් වෙත විශාල ජනවරමක් ලබාදෙමින් බලයට පත් කළ මහජනතාව වෙනුවෙන් ජාතික ජනබලවේග ආණ්ඩුව මෙය කිරීමට බැඳී සිටියි. එමෙන්ම BRICS ආර්ථික හවුලෙන් සහ එහි නව සංවර්ධන බැංකුවෙන් (NDB) සහ ඉන්දියාවෙන් සහ චීනයෙන් අවශ්‍ය පරිදි ආධාර සහ සහයෝගය ලබාගැනීමට කටයුතු කළ යුතුව ඇත.
ගරු ජනාධිපතිතුමනි, පහත සඳහන් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ද, ජනාධිපතිවරයා වශයෙන් ද මෙරට ජනතාව විසින් ඔබ වෙත පවරා දී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමු.
1. ජනතාව විශාල ලෙස විශ්වාසය තබා ඇති ජාතික ජනබලවේගය ආණ්ඩුව කලින් පැවැති දූෂිත ආණ්ඩුව කෙටුම්පත් කර ඇති ගිවිසුම් විධිමත් ඇගයීම් පරිපාටියක් අනුව සිදු කෙරෙන පූර්ණ සමාලෝචනයකින් තොරව කඩිමුඩියේ අත්සන් කිරීමෙන් වැළකිය යුතුව තිබේ. විධිමත් ඇගැයීම් පරිපාටියක් (DUE DILIGENCE) අනුගමනය කිරීමේ නීත්‍යානුකූල අවශ්‍යතාව පිළිපැදීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට ශ්‍රී ලංකා රජය මත බලපෑමක් ඇති කළ නොහැකිය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිඥා දෙන ලද නව ආණ්ඩුවක් වශයෙන් තමන්ගේ වගකීම් අවධාරණය කරමින්
2. එහෙයින් ජාතික ජන බලවේගය ආණ්ඩුව, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිඥා දෙන ලද නව ආණ්ඩුවක් වශයෙන් තමන්ගේ වගකීම් අවධාරණය කරමින්, නව කැබිනට් මණ්ඩලයට මෙම ගිවිසුම් අධ්‍යයනය කිරීම සහ අවශ්‍ය තැන්හිදී ගිවිසුමේ සඳහන් කොන්දේසිවලට විකල්පයන් ඉදිරිපත් කිරීම සඳහා අවම තරමින් මාස තුනක කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් වෙත දැනුම් දිය යුතුව තිබේ.
3. බැඳුම්කර හිමියන් තමන් වසර 2ක කාලයක් තිස්සේ බලා සිටි බව ප්‍රකාශකර ඇති හෙයින් ඔවුන්ට තවත් මාස 2-3ක කාලයක් බලා සිටීමට හැකිවිය යුතුය! විධිමත් ඇගයීම් ක්‍රියාපරිපාටියක් (DUE DILIGENCE) අනුගමනය කිරීම සෑම වගකිවයුතු ආණ්ඩුවක් වෙතින්ම අපේක්ෂා කරනු ලබන මූලධර්මයක් වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ම දූෂණයට එරෙහිව සටන් කිරීමේ මූලධර්මය අවධාරණය කරන බැවින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද මෙම ගිවිසුම අත්සන් තැබීම සඳහා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් ලබාදීම සඳහා පළමුව කටයුතු කළ යුතුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ම ය. ණය යුක්තිය ඉටු කර ගැනීම සඳහා ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පත් කරන ලද ශ්‍රී ලංකාවේ ජනතාව වෙත වගවීම ශ්‍රී ලංකාවේ ඔවුන් වෙත සඳහා යහපාලනය සහතික කිරීමේ කොටසක් ලෙස එලෙස කාලය ලබාදීම කළ යුතුව තිබේ.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් වන ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම එය එලෙස මවා පෑමට උත්සාහ දරයි.4. ණය ප්‍රතිව්‍යුහගතකරණය රොකට් විද්‍යාවට අයත් විෂයයක් නොවේ. නමුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් වන ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම එය එලෙස මවා පෑමට උත්සාහ දරයි.

5. ලාසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආර්ථික ඝාතකයන් ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම වඩාත් සංකීර්ණ එකක් බවට පත්කිරීමට සැලසුම් කර ඇත්තේ එම සංකීර්ණ බව තුළ එහි සදාචාර විරෝධී, දූෂිත, ස්වභාවය සැඟවීම සඳහා ය. ඔවුන් සැලසුම් කර ඇති මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව දැඩි ලෙස සූරාකෑමට ලක් කරනවා පමණක් නොව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ සේවක අර්ථසාථක අරමුදල් වලින් විශාල ප්‍රතිශතයක් ලෝකයේ ධනවත්ම අතළොස්සක් වෙත ගෙවීම සඳහා කප්පාදු කරනු ඇත.
6. දූෂණය පැරදවීම සඳහාත් ණය යුක්තිය ඉටුකිරීම සඳහාත් දෙන ලද ප්‍රතිඥා අනුව මෑතක දී පැවැත්වූ මැතිවරණවලින් දැවැන්ත ජනවරමක් හිමිකරගත් නව ජාතික ජනබලවේගය ආණ්ඩුව,තමන් ඡන්දදායකයන් වෙත වගකීමට බැඳී සිටින ආණ්ඩුවක් ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් කෙටුම්පත අත්සන් තැබීමට පෙර එය විධිමත් ඇගැයීම් පරිපාටියකට යටත්ව පූර්ණ සමාලෝචනයකට ලක්කළ යුතු බැවින් තමන්ට ඒ සඳහා මාස 3ක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් වෙත දැනුම් දිය යුතු ය. මක්නිසාද යත් මෙම ගිවිසුම් කෙටුම්පත් කර ඇත්තේ රට බංකොළොත් කරමින් එය ජාත්‍යන්තර ස්වෛරී ණය උගුලේ පැටලවීමට වගකිව යුතු කලින් පැවැති දූෂිත රාජපක්ෂ/ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බැවිනි.
7. මේ මොහොතේදී ස්වෛරී ණය ගෙවීමට නොහැකි යැයි ප්‍රකාශයට පත්කළ තත්ත්වයෙන් ක්ෂණිකව ඉවත්වීම සඳහා කොල්ලකාරි ණය හිමියන්ට කප්පම් ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකළ යුතුය. මක්නිසාද යත් ශ්‍රී ලංකාව “බංකොලොත්” නැතහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක පසුවන බව ප්‍රකාශ කර ඇති බැවින් බැඳුම්කර හිමියන්ගේ දූෂිත ණය ගෙවීම සඳහා රටට බල කිරීමට ඔවුන්ට නොහැකි ය. එමෙන්ම ණය ගෙවීමට නොහැකි තත්ත්වයක පසුවන බැවින් එම කොල්ලකාරි ණය හිමියන්ගෙන් ම ණය ගැනීමට ද බල කළ නොහැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යව ඇති පරිදි බ්ලැක්රොක් බඳු සමාගම්වලට ගෙවිය යුතු දූෂිත ණය ගෙවීම සඳහා නැවතත් ඔවුන්ගෙන් ම ණය ගැනීමේ අවශ්‍යතාවක් ද නැත. රටේ ආර්ථිකය සාපේක්ෂව යහපත් තත්ත්වයක පවතී.
8. ශ්‍රී ලංකාවේ ද්‍රවශීලතාව සහ ආර්ථික ප්‍රත්‍යස්ථතාව යහපත් මට්ටමක පවතී. එහි වාර්ෂික ආදායම මගින් වියදම් පියවාගැනීම සහ තුලනය කරගැනීම මේ අවස්ථාවේ දී සිදු කළ හැකිය. මාල දිවයින හැරුණුවිට දකුණු ආසියාවේ ධනවත්ම රට වන්නේ ශ්‍රී ලංකාව ය. මේ රටට අවශ්‍යව ඇත්තේ ප්‍රමාණවත් පරිදි හෙයාර්කට් මගින් සහ පොලී කපාහැරීම මගින් එහි දූෂිත ණයවලින් විශාල ප්‍රතිශතයක් අවලංගු කරවා ගැනීම මිසෙක කොල්ලකාරි ස්වෛරී ණය හිමියන්ට ගෙවීම පිණිස සාර්ව ආර්ථික සම්බන්ධිත බැඳුම්කර ජාවාරම හරහා පවත්නා ණය උගුල තුළට තවතවත් ගමන්කිරීම නොවේ.
9. ණය යුක්තිය පිළිබඳ සියලු මූලධර්ම උල්ලංඝණය කරමින් සාර්ව-සම්බන්ධිත බැඳුම්කර සැලසුම්කර ඇත්තේ රටේ ආර්ථික ස්වාධිපත්‍ය තවදුරටත් විනාශකරමින් ණය උගුල තවදුරටත් ගැඹුරු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල-ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇ පදීමේ ජාවාරම තවදුරටත් දිග්ගැස්සවීම සඳහා ය. මේ සියලු ගිවිසුම් දැඩි විමර්ශනයකට යටත් කළ යුතුය.
අවශ්‍ය වන්නේ නම් ඉන්දියාව, චීනය සහ ආර්ථික හවුලේ රටවලින් ආධාර පැතීම සිදු කළ යුතුව ඇත.10. කෙසේ වුවද වර්තමාන දූෂිත ණය ගිවිසුම් යටතේ තවදුරටත් කටයුතු කළ හොත් ජනතාව දැඩි පීඩනයකට ලක් කෙරෙමින් ඔවුන්ව දරුණු ලෙස සූරාකෑමට ලක්වනු ඇති අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල්ද කොල්ලකෑමට ලක් වනු ඇත. වර්තමාන ගිවිසුම් කොන්දේසිවල අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති පරිදි තවත් බංකොලොත් වීමක් කරා රට තල්ලු කිරීම ය. එහෙයින් ජාතික ජනබලවේගය ආණ්ඩුව පියවර ඉදිරියට තැබිය යුත්තේ ඉතා ප්‍රවේසම් සහගත වය. මෙම ගිවිසුම් මගින් රටට හානියක් නොවන බවට තහවුරු කරගැනීම සඳහා විධිමත් ඇගයීමේ ක්‍රියාපරිපාටියක් මගින් ඒවා පූර්ණ සමාලෝචනයකට ලක් යුතු ය. එමෙන්ම අවශ්‍ය වන්නේ නම් ඉන්දියාව, චීනය සහ ආර්ථික හවුලේ රටවලින් ආධාර පැතීම සිදු කළ යුතුව ඇත.

11. ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ, කාර්මික නිෂ්පාදනය හෝ සංචාරක කර්මාන්තය මගින් ලැබෙන කවර හෝ ආදායම්වල ප්‍රතිලාභ ණය හිමියන් වෙත අතිවිශාල මූල්‍ය සම්පත් සම්භාරයක් ගෙවීමට සිදුවන රාජපක්ෂ/රනිල් වික්‍රමසිංහ ආණ්ඩු විසින් සිදු කරන ලද වර්තමාන අසමතුලිත සහ අසාධාරණ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගනුදෙනු තුළ නාස්තිවීමක් සිදුවනු ඇත.
නිශාන් දි මැල්එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සමග වන ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුව: ආචාර්ය හොවාර්ඩ් නිකොලාස්, නිශාන් දි මැල් බඳු අය සමග දේශීය විශේෂඥයන් කණ්ඩායමක් පිහිටුවීමට ද කටයුතු කළ යුතුව තිබේ.
එමෙන්ම, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ණය තිරසාරත්වය පිළිබඳ විකල්ප විශ්ලේෂණය ද සලකා බැලීම ප්‍රයෝජනවත් වනු ඇත.
එමෙන්ම හැමිල්ටන් රිසර්ව් බැංකුව සමග ඇති නඩුව පිළිබඳව කටයුතු කිරීමට යෝග්‍ය දේශීය නීති විශාරද කණ්ඩායමක්ද ස්ථාපනය කළ යුතුව තිබේ.
හැමිල්ටන් රිසර්ව් බැංකුවගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ මුහුණ දී ඇති මෙම බැරෑරුම් අවස්ථාවේ දී නිවැරදි සහ ජනහිතකාමී තීරණයක් ගැනීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමු.
මීට
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ණය යුක්තිය වෙනුවෙන් කටයුතු කරන පුරවැසියන් පිරිසක්



