The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් පොතක්: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාව ද?

T

The Leader Desk

December 10, 2024 • 10:54 AM

අලුත් පොතක්: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාව ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කෘතිය ඔස්සේ සිරියාව විනාශයේ රඟහලක් බවට පත් කර ඇති විදේශීය මැදිහත්වීම්, කලාපීය අභිලාෂයන් සහ අභ්‍යන්තර දිරායෑම ගැන පැහැදිළි කර තිබේ.
  • "ඔබ රාත්‍රියේ ටෙහෙරානයේ සිට දෝහා දක්වා පහත් උන්නතාංශවල ගමන් කළහොත් කාලාපයේ සමාජ ප්‍රතිවිරෝධය කුරිරු ලෙස පැහැදිලිව දැකගත හැකියි.
  • එක් පැත්තක් අහස ගොඩනැගිලි සහ විදුලි පහන් වලින් බබළයි, අනෙක් පැත්ත නොසලකා හැරීමේ සහ ගැටුම්වල නිමක් නැති බරෙහි තියුණු සංකේතයක් ලෙස අඳුරෙන් වැසී තිබේ.
  • ගඩාෆිගේ බිඳවැටීමෙන් පසු ලිබියාව සහ පශ්චාත්-අසාද් සිරියාව අතර ඇති තියුණු සමානකම් මෙම පොත ඔස්සේ විස්තර කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම කෘතිය ඔස්සේ සිරියාව විනාශයේ රඟහලක් බවට පත් කර ඇති විදේශීය මැදිහත්වීම්, කලාපීය අභිලාෂයන් සහ අභ්‍යන්තර දිරායෑම ගැන පැහැදිළි කර තිබේ.

“මම සිරියාව ගැන මෙම කෙටි විශේලේෂණය ලිව්වේ, කුතුහලය සහ පුද්ගලික අත්දැකීම් නිසාය. බීජිං, ටෙහෙරාන්, කයිරෝ, දෝහා සහ ෆ්ලෝරන්ස් වැනි නගරවල වැඩමුළු සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ අතරතුර සිරියානු මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් රාශියක් සමඟ සිදුවූ හමුවීම් වලදී යුද්ධයෙන් හා කෑදරකමෙන් බිඳී ගිය ජාතියක් පිළිබඳ වටිනා අදහස් රාශියක් ලබා ගැනීමට හැකි විය,” කතුවරයා සඳහන් කර ඇත.

"ඔබ රාත්‍රියේ ටෙහෙරානයේ සිට දෝහා දක්වා පහත් උන්නතාංශවල ගමන් කළහොත්  කාලාපයේ සමාජ ප්‍රතිවිරෝධය කුරිරු ලෙස පැහැදිලිව දැකගත හැකියි. එක් පැත්තක් අහස ගොඩනැගිලි සහ විදුලි පහන් වලින් බබළයි, අනෙක් පැත්ත නොසලකා හැරීමේ සහ ගැටුම්වල නිමක් නැති බරෙහි තියුණු සංකේතයක් ලෙස අඳුරෙන් වැසී තිබේ. මෙම බිහිසුණු දර්ශනය, වරක් විචිත්‍රවත් කලාපයක් විෂමතා සහ අභිලාෂයන් විසින් ඉරා දැමූ ආකාරය මතක් කර දෙයි".

 

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස
ගඩාෆිගේ බිඳවැටීමෙන් පසු ලිබියාව සහ පශ්චාත්-අසාද් සිරියාව අතර ඇති තියුණු සමානකම් මෙම පොත ඔස්සේ විස්තර කර ඇත. “කොල්ලකෑම, භෞමික ජයග්‍රහණ සහ තරඟකාරී මිලිටරි මැදිහත්වීම් සිරියාවේ අස්ථිර අනාගතය පිළිබඳ දරුණු චිත්‍රයක් පින්තාරු කරයි. සිරියාවේ ආයතන විනාශ කිරීම, ගඩාෆිගෙන් පසු ලිබියාවේ සිදුවූ අවුල් සහගත තත්වය හා සමානයි."

එසේම සිරියාවේ ඛේදවාචකය ගෝලීය බල අරගල සමඟ සම්බන්ධ වී ඇති ආකාරය විමසා බලමින් කතුවරයා විදේශ රටවල භූමිකාව විවේචනය කරයි. කුර්දි ස්වාධීනත්වය දුර්වල කිරීමට තුර්කිය දරන උත්සාහය සහ සිරියානු සරණාගත අර්බුදය තුළ එහි මැදිහත්වීම, මානුෂීය උත්සුකයන්ට වඩා උපායමාර්ගික අරමුණු මගින් මෙහෙයවනු ලබන බව පෙන්වා දී ඇත. ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායලයේ ක්‍රියා සහ එක්සත් ජනපදයේ වෙනස්වන සන්ධාන පුළුල් සූරාකෑමේ රටාවක කොටසක් බව පැහැදිලි කර ඇත.

සිරියාව දැන් සන්සුන් - ඉදිරිය තවමත් අනපේක්ෂිතයි

 

සිරියාවේ දුක්ඛිත තත්වය උග්‍ර කරන අභ්‍යන්තර අරගල ද එහිදී විමර්ශනය කර ඇත. Hayat Tahrir al-Sham වැනි අන්තවාදී කල්ලිවල නැගීම, එකිනෙකට විරුද්ධ බලවේග සහ බාහිර ක්‍රියාකාරීන් විසින් දේශීය ගැටුම් හැසිරවීම ගැඹුරු ව්‍යාකූලත්වයක ලක්ෂණ ලෙස නිරූපණය කෙරේ. ගෞරවය සහ යුක්තිය සඳහා කෑගැසීමක් ලෙස ආරම්භ වූ ආණ්ඩු විරෝධය මේ වනවිට ආධිපත්‍යය සඳහා සටන් බිමක් බවට පත් වී ඇති ආකාරය කතුවරයා නිරීක්ෂණය කරයි.

කෘතිය ගැන වැඩිදුර තොරතුරු

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...