The Leader News
BREAKING
Top Ad
Opinion

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ !

T

The Leader Desk

December 10, 2024 • 3:55 PM

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්ත දුප්පත්, පසුගාමී සමාජයක් හැටියට තිබූ චීනය අවුරුදු පහලොවක් ඇතුලත තමන්ගේ යටත්විජිත ස්වාමියා වූ මහා බ්‍රිතාන්‍යය ඉක්මවා යන්න මුළින් හැදූ සැලසුම අවුරුදු දෙකකින් පන්නන්න පුළුවන් කියල ඒ අනූව විශ්වාස කළා.
  • මේකේ පටන්ගැනීමක් හැටියට කොමියුනිස්ට් රෙජීමයෙන් 1955 දෙසැම්බර් වෙද්දී 'කෘෂිකර්මය පිළිබඳ රෙගුලාසි 17 උපදෙස් පත්‍රිකාව' නිකුත් කළා.
  • ඒ සඳහා හමුදාවන්ට, ගොවියන්ට, ළමුන් ඇතුළු ඕනෑ ම අයෙකුට මේ සතුන් දුටු තැන මෙන් ම හඹා ගොස් විනාශ කිරිමේ බලය පැවරුනා.
  • 'මහා ඉදිරිපිම්ම' පන්නවන්න ගිය මේ මාඕ සැලසුමේ දී විශාල සාගතයක් දිනාගන්නට චීන සමාජයට පුළුවන්කම ලැබුණ අතර මිලියන 20-70ත් අතැර මිනිස්සු ප්‍රමාණයක් ජීවිතයෙන් මුළුමනින් ම නිදහස් කෙරුන බව කියවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අන්ත දුප්පත්, පසුගාමී සමාජයක් හැටියට තිබූ චීනය අවුරුදු පහලොවක් ඇතුලත තමන්ගේ යටත්විජිත ස්වාමියා වූ මහා බ්‍රිතාන්‍යය ඉක්මවා යන්න මුළින් හැදූ සැලසුම අවුරුදු දෙකකින් පන්නන්න පුළුවන් කියල ඒ අනූව විශ්වාස කළා.

මේකේ පටන්ගැනීමක් හැටියට කොමියුනිස්ට් රෙජීමයෙන් 1955 දෙසැම්බර් වෙද්දී 'කෘෂිකර්මය පිළිබඳ රෙගුලාසි 17 උපදෙස් පත්‍රිකාව' නිකුත් කළා. පලිබෝධකයන් හතරක් සමූහ සංහාරය කරන්නට එමගින් නියෝග කෙරුනා.

මීයන්, මැස්සන්, මදුරුවන් වගේ ම වටු කුරුල්ලන් මේ විදියට මරණයට කැපකරන්නට තීන්දු කෙරුනා.

twe345
ඒ සඳහා හමුදාවන්ට, ගොවියන්ට, ළමුන් ඇතුළු ඕනෑ ම අයෙකුට මේ සතුන් දුටු තැන මෙන් ම හඹා ගොස් විනාශ කිරිමේ බලය පැවරුනා.


1958-62 'මහා ඉදිරිපිම්ම' පන්නවන්න ගිය මේ මාඕ සැලසුමේ දී විශාල සාගතයක් දිනාගන්නට චීන සමාජයට පුළුවන්කම ලැබුණ අතර මිලියන 20-70ත් අතැර මිනිස්සු ප්‍රමාණයක් ජීවිතයෙන් මුළුමනින් ම නිදහස් කෙරුන බව කියවෙනවා.

සාගතය අතරත් ජනතාව හොඳින් කා-බී ප්‍රීතියෙන් වාසය කරන බවට පක්ෂයේ/රාජ්‍යයේ (දෙකම එකක්) නිලධාරීන් වාර්තා කරපු විදි සැළකීමේ දි මේ ඉලක්කම් කීයෙන් කීය බෙදල, අඩු වැඩි කරල ගන්න ඕන ද කියල අදහසක් නෑ.

කොහොම නමුත් සත්ව දඩයම අතිසාර්ථක වුණා.

ඒ අනූව චීනය ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්න ඕන. මොකද, එතෙක් ආහාර නිෂ්පාදනයෙන් වැඩි ම කොටස කාපු ඔක්කොම 'ප්‍රතිවිප්ලවීය සතුරන්' ඉවර කළා.

ඒත් තත්වය තවත් දරුණු අර්බුදයකට හැරිලා.

srtweert

සභාපති මාඕ දත්මිටි කකා අහනවා, "මොකක්ද මෙතැන වෙමින් තියෙන්නේ?" කියලා.

වටු කුරුල්ලන් තමයි පක්ෂයට අනූව වැඩි ම හානිය කළේ. කුරුළු කූඩු පිටින් විනාශ කරලා, බිත්තර කඩලා, පැටව මරලා විතරක් නෙවෙයි, මහා ජන බලමුළු පාරට බැහැලා මහාඝෝෂාවකින් වටුකුරුල්ලන්ව වැඩි ම කාලයක් අහසේ රැ⁣ඳෙන්නට සලස්වා වෙහෙසට පත්කරවා මැරෙන්න සැලස්වීමෙන් පවා වටුකුරුලු ගහනය නැත්තට ම නැති වෙන තරමට ප්‍රගතියක් අත් කර ගත්තා.

ප්‍රථිපලය වුණේ අවුරුදු දෙකක් ඇතුලත පළගැටියන් ඇතුළු කෘමිගහනය වටුකුරුළු බාධකවලින් නිදහස් ව මහා පරිමාණයෙන් වැඩීමයි. ඒ විසින් ඊට වඩා ආහාර ප්‍රමාණයක් භක්ෂණය කරල තිබුණා. උන්ව මර්දනය කරන්න අධික විෂ රසායන, පමන ඉක්මවා පාවිච්චි කිරීමෙන් තවත් පාරිසරික උපද්‍රව මතු වෙලා තිබුණා.

මනුෂ්‍ය ලෝකයක තිරසාරත්වය රඳා පවතින්නේ මුළු පාරිසරික සමතුලිතය මතින් කියන අමාරු පාඩමෙන් අරික්කාලක් හරි ඉගෙනගන්න කොට චීනය විශාල විනාශයකට ගිහින් ඉවරයි.

dtwe4
හැමදේකට ම උත්තරය මරණය නොවෙන බව දැනගන්න කොට මිනිස් ජීවිත ම විතරක් මිලියන ගානක් ඉවරයි.

එහෙම ඉවර වුණ ගොඩක් දේවල් ආයේ කවදාවත් ආපස්සට ගන්න බෑ.

1960 වෙද්දී මාඕ නියෝගය රිවර්ස් කරනවා.

"වටුකුරුල්ලන්ට අත නොතබනු ! ඇඳ මකුණන් මරා දමනු !"

නීතියෙන් ආරක්ෂිත සතෙක් බවට වටු කුරුල්ලා පත් කෙ⁣⁣රෙනවා. තමන්ට ඒ වගේ සමාජවාදී පාරකට පාර පෙන්නපු සෝවියට් දේශයෙන් ම 2,50,000 ආනයනය කරනවා.

මහා පරිමාණ සාමුහිකකරණය ඇතුළේ මිනිස්සුන්ගේ නිෂ්පාදන උද්‍යෝගය බිඳවැටීම වගේ ඇත්ත සාධක මහා පිම්මට අහුවෙන්නේ නෑ. හේතුව, ඒ ප්‍රශ්නය ඇති කළේ ම එතැනින් නිසා වෙන්නැති.

කව්දෝ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා තිබුණා ලංකාවේ නිෂ්පාදන වලින් 40%ක් සතුන් විසින් විනාශ කරනවා කියලා. මාලිමාණ්ඩුවේ කෘෂි, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ලාල්කාන්ත මේ ගැන අතිජනකාන්ත වරපතක් 'ජනතාවට' දුන්නා.

drtwet4
 'තමන්ගේ දේපලට ඇතුළුවෙන ඕනෑ ම සතෙකුට ත්‍රස්තවාදියෙක් හැටියට සලකල කැමති දෙයක් කරන්න"  මරු උපදේශය ! නොවැම්බර් 20 අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබ්බා වගාවන්ට සිදු වෙන සත්ව හානි වලක්වන තිරසර විසඳුමක් හදන්න. දැන් දවස් තුනකට විතර කලින් ඇමතිවරයා මේ නීතිවිරොධී, පරිසර විරෝදී, සදාචාර විරෝධි වරපත ප්‍රකාශයට පත් කරනවා.

රිලවුන්, වඳුරන්, වල් ඌරන්, මොනරුන්, අලි-ඇතුන්, ගෝනුන්, කුරුල්ලන් ආදි ඕනෑ ම සතෙකුට මේ අනූව 'ත්‍රස්තවාදී' ආකාරයෙන් සැලකීමට පුළුවන්.

මාඕ පනස්ගණන්වල අගින් පටන් අරන් 60න් කෙලෝගත්ත පාරේ අපටත් දැන් ගිහින් ඕනනම් අත්හදා බලතෑකි.

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ !

චීන නිදසුනේ වටුවන් ගැන විතරයි නේ ප්‍රශ්නය කියල කෙනෙක් කියන්න පුළුවන්. නිදසුනකට ලංකාවේ වඳුරන් ගැන විතරක් සළකා බැලුවොත් තෙත් කළාපීය වණාන්තර පැවැත්මට වඳුරා අත්‍යවශ්‍ය මෙහෙයක් කරනවා.

අපට මිස් වෙන ගණන් හැදීම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් මේ මොහොතේත් අපේ 'ජීවිතය' කියන්නේ අපට පේන මට්ටමේ දේවල් ටිකක විතරක් ප්‍රතිපලයක් නොවෙන බව මතක තියාගනිමු.

(Dharshana Kahingala)
උපුටා ගැනීම : Dharshana Kahingala ගේ ෆේස්බුක් පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ ! | The Leader